ඔබ දරන ‘මතය’ ඔබේම ද? | Page 3 | සිළුමිණ

ඔබ දරන ‘මතය’ ඔබේම ද?

වෝල්ටර් ලිප්මන් (Walter Lippmann) නමැති සන්නිවේදන විශාරදයා ජනමතය (Public Opinion) යන සංකල්පය ඉගැන්වීමට මුළු ජීවිත කාලයක්ම කැප කළ උගතෙකි. ලිප්මන් ආචාර්යවරයා ලියූ කියූ දෑ තවමත් සන්නිවේදන අවබෝධය සඳහා අධ්‍යයනය කිරීමට සිදු වේ. ඔහුගේ පුරෝගාමිත්වයෙන් ප්‍රාථමික වශයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නය නම් 'ඔබ දරන මතය ඔබගේම මතයක් ද?' (Is your opinion your own?) යන්න යි.

බොහෝ දෙනෙකුට එම ප්‍රශ්නය හමුවේ නිරුත්තර වීමට ද සිදු වූ බව කියැවේ.

ලිප්මන් ආචාර්යවරයා විසින් පවත්වන ලද සමීක්ෂණ අනුව සංකල්ප රැසක් අප හමුවට. එනම් සන්නිවේදන අධ්‍යයනය උදෙසා හෙළිදරව් වී පවතී. ඉන් කීපයක් පළමුව පෙළ ගැස්විය හැක්කේ මෙසේ ය.

මතයක් හට ගන්නේ කෙසේද?

මතයක් ඇති කරවන්නේ කවරෙක් ද?

ඔහුට හෝ ඇයට අප 'මත නායකයා' යන අර්ථය දෙන opinion leader යන්න භාවිතයට ගනිමු.

මත නායකයකුගේ මතයකට අවනත වූ හෝ වසඟ වූ පුද්ගලයා 'මත ග්‍රාහකයා' (opinion holder) යනුවෙන් නම් කරමු.

එපමණක් ද?

මතයක් ගෙන එය පුද්ගලයා හෝ පුද්ගලයාට ව්‍යාප්ත වී අන්තිමට සිදු වන්නේ කුමක් ද?

ඒ 'මතය' හුදු පුද්ගල මතයක් නොව මහජන මතයක් (public opinion) බව පත් වනු ඇත. ඒ නිසා සිදු වන්නේ කුමක් ද? මතයක් පැතිර යාම අනුව මහජන මතයක් ගොඩ නැඟීමක් සිදු වනු ඇතැයි පළ වේ.

එපමණක් ද? ඇතැම් මත සැඟවී පවතී. ඒ මත මණ්ඩප වලට ගෙන එනු ලබන්නේ ජනමාධ්‍ය මඟිනි. ඒවා හඳුන්වනු ලබන්නේ ජනමත මණ්ඩප යන අර්ථය දෙන Public Opinion Forum යනුවෙනි. මතයක් විටෙක ඒකපාක්ෂික වනු පෙනේ. තවත් මතයක් ද්විපාක්ෂික වනු පෙනේ. මේ අතර බහුපාක්ෂික මත ද දිස් වේ. මෙසේ එකම ප්‍රස්තූතයක් අරබයා විවිධ මතවාද (opinion standpoints) දැක ගත හැකි ය.

ඔබ නිතරම කියවීමේ නියැළී සිටින පුවත්තප් මගින් කියවීමට ලැබෙන මත වලට අනුකුලව ඔබගේ සිතුම් පැතුම් සැලසුම් වේ. එවිට ඔබ මත දරන්නකු වශයෙන් ප්‍රකාශ කරන්නේ ඒ පුවත්පත් ඔබට ලබා දුන් මත සම්භාරයකි. මෙයම ශ්‍රව්‍ය මාධ්‍යයකින්ද සිදු වනු වැළැක්විය නොහැකි ය. ඔබ එකම ගුවන්විදුලි නාළිකාවකට යොමු වී සිටින්නේ නම් ඒ නාළිකාවෙන් ඔබ වසඟවන්නේ නම් ඔබ කතිකාවටට ලක් කරන්නේ ඒ නාළිකාවෙන් ඔබ එක්රැස් කර ගත් මතවාද සමුදාය කි.

මේ හේතුවෙන් මාධ්‍ය ජාල (Media Networks) බහුතරයක් මත සකසන නායකයන්ගේ කාර්යය ඉටු කරන බව වටහා ගත යුතු ය. මේ අතරතුර පුද්ගලයකු තුළ හටගන්නා අනිවාර්ය අවශ්‍යතා (compulsory necessities) වලට අනුව ද මත සැකසේ. ඊට ලිප්මන් ආචාර්යවරයා දෙන්නේ මේ නිදර්ශනය යි.

"එක් එක් වර්ගයේ මිනිසුන් හා ගැහැනුන් සිය දෙනෙකු එක් තැනකට රැස් කරන්න. ඔවුන් හැම දෙනෙකුගෙන්ම වරකට එක් ප්‍රශ්නයක් අහන්න.

අපි ගනිමු මේ ප්‍රශ්නය. මෙතැන සිටින කීදෙනෙක් බඩගින්නේද ඉන්නේ? ලැබෙන ප්‍රතිචාරය අනුව පෙනී යන්නේ සියයකින් පනහක්ම බඩගින්නේ සිටින බව යි. ඊළඟට අහන්න මේ ප්‍රශ්නය. කී දෙනෙකුට බඩගිනි දැනෙන්නේ නැද්ද? ලැබෙන උත්තරය ඉතිරි වූ පනස්දෙනාගෙන් විසිපස් දෙනෙකි.

තවත් ප්‍රශ්නයක් අහන්න. බඩගිනි දැනුනත් නොදැනුනත් කෑමට මුකුත් වුවමනා නෑ, යන්න තවත් පිරිසකගේ ප්‍රතිචාරය විය හැකිය. මින් පෙන්නුම් කරන්නේ කුමක්ද ? අපිට සියයකින් අසවල් ගණන අසවල් මතයේ සිටින බවත්, අසවල් ගණන තත් මතයක පිහිටන බවත් ය."

මේ ගණන ප්‍රතිශත වලින් (percentage) දැන්වීම පහසු වුවත් එහි පදනම රැඳි පවතින්නේ 'අවශ්‍යතාව' මත ය.

මේ හේතුවෙන් පොදුවේ ජනයා හමුවේ සැරිසරන මත වලට phantom opinion යනුවෙන් නම් කෙරේ. ඊට හේතුව කෙනෙකුන්ට අවශ්‍යතාව මත ගොඩනැ‌ෙඟන මත වලට වඩා වෙනස් ස්වරූපයක් සාමාජික වශයෙන් ගොඩනඟන මත වල පැවතීම යි. තමන් විසින් දැනුම් මිනුම් වැටහුම් වලට අනුකූලව අත්පත් කරගන්න මත එක් කලෙකදි එක් අයුරකින් පවතින අතර එයම තව කලෙකදි වෙනස් විමට ද හේතු වේ.

"ඉස්සර මම දැරුවේ ඒ මතය.

දැන් මම දරන්නේ මේ මතය."

යනුවෙන් කෙනෙකු කිවහොත් පුදුම නොවිය යුතු ය.

Comments