
ඉතා අඩු පිරිවැයක් යොදා වි වගාවේදී බිත්තර වී ඉසින යන්ත්‍රයක් නිපදවූ තරුණයකු පිළිබඳ අනුරාධපුර ප්‍රදේශයෙන් අපට හමු විය. ඔහු හිදෝගම කළුවිල තුෂාර මැදමුල්ලය. ඔහු විසින් නිපද වූ යන්ත්‍රයෙන් පේළියට වී ඇට වැටෙන අතර, වී ඉසීමේදි අක්කරයකට යන බිත්තර වී කිලෝ45 ප්‍රමාණය , මෙම යන්ත්‍රෙයන් ඉසිමේදි බිත්තර වී ප්‍රමාණය කිලෝ24 දක්වා අඩු වන බවද තුෂාර මැදමුල්ල මහතා පවසයි. වී ඉසිමට යන කාලයද අඩු වන අතර, කාබනික වගාව සදහා බිම සකස් කළ පසු බිම හොඳින් සකසා ඉතාම පහසුවෙන් මෙම යන්ත්‍රය මඟින් බිත්තර වි ඉසීමට හැකියාව ඇති බව ද තුෂාර වැඩි දුරටක් පෙන්වා දෙයි.
එනේම වල් මර්දනයේදි පේළි අතර වල් මර්දනය කිරීමටද හැකියාව ඇත. මේ යන්ත්‍රයේ භාවිත කිරීම නිසා ගොයම් ගස් ශක්තිමත්ව වැඩි අස්වැන්නක් ලබා ගැනිමට ඉඩ සලස්වන බවද පැවසීය.
“මම කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙන් වෙමැනි යන්ත්‍රයක් ඉල්ලුවා . නමුත් මට ලැබුණේ නැහැ. මගේ තාත්තා බිත්තර වි නිෂ්පාදක ගොවියෙක්. මම අන්තර්ජාලයෙන් තොරතුරු සොයා මේ යන්ත්‍රය පිළිබද අධ්‍යයන කළා.
යන්ත්‍රය සෑදීම සඳහා මට වැය වුණේ රුපියල් පන්දහසක මුදලක්. බයිසිකල් රිම් දෙකයි, පිවීසී බටයයි, රේෂර් දෙකයි තමයි මේ සඳහා මට අවශ්‍ය වුණේ. මේ මගේ තාක්ෂණයෙන් සෑදූ මෙම යන්ත්‍රයෙන් එකවර පේළි අටකට බිත්තර වී දමන්න පුළුවන්. මේ යන්ත්‍රය භාවිතා කරන්නට පෙර අක්කරයට බිත්තර වී කිලෝ 45 ඕනෑ වුණා. නමුත් දැන් අවශ්‍ය වන්නේ වී කිලෝ විසිහතරයි.
අගල් අටෙන් අටට පේළි තිබෙන නිසා බීඩරයක් ආධාරයෙන් වල් මර්දනය කර ගන්න පුළුවන්. පදුරු වැඩෙන ඉඩ කඩ වැඩියි.
අස්වැන්නත් වැඩියි. දිලිර රෝග සහ කීඩා උවදුර අඩු කර ගන්නත් පුළුවන්. කාබනික පොහොර වලට රට යොමු වන විට අස්වැන්න වැඩි කර ගන්න ක්‍රම පිළිබඳව තරුණයන් හැටියට අපි යම් දායකත්වයක් රටට ලබා දෙන්න ඕන. මගේ නිර්මාණය සාර්ථකයි කියා මම විශ්වාස කරනවා.