
කොවිඩ් වසංගතය විසින් එතෙක් මෙතෙක් ලෝකයේ පැවැති න්‍යාය, මූලධර්ම හා ප්‍රතිපත්ති සියල්ල උඩුයටිකුරු කර දැම්මේ ය. තවදුරටත් සඟවා ගත යුතු දෑ හෝ ප්‍රතික්ෂේප කළ යුතු දෑ කියා දෙයක් ඉතිරි වී නැත. ලෝක ආර්ථික ක්‍රමවේදය ද ඒ හා සාපේක්ෂ ව විචල්‍යයන්ට ලක් වූයේය. මෙතෙක් ලෝකය පිළිගත් විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ හැකියාව කොවිඩ් වසංගතය විසින් ප්‍රශ්න කරමින් සිටින්නේ ෙමවැනි පසුබිමක ය. දේශීය ආර්ථිකය, ග්‍රාමීය සංවර්ධන හා යටිතල පහසුකම් වර්ධනය කිරීම ගැන කලකට පසු සාකච්ඡා කරන්නේ ඒ පසුබිමේ සිටිමිනි. ආනයන උපක්‍රම පසෙකලා දේශීය නිෂ්පාදිත ආර්ථිකයකට පසුබිම සැකසීමේ මූලෝපක්‍රම පිළිබඳ කතා කරන්නේ එහි ම දිගුවක් ලෙසය.
කොරෝනා වැනි වසංගතයකින් පසු ආර්ථික අවපාතයක් නිර්මාණය වීම සාමාන්‍ය කරුණකි. 1930 දශකයෙන් පසු ගෝලීය ආර්ථිකය මුහුණ දෙන බිහිසුණුම ගෝලීය ආර්ථික අවපාතය මෙයයි. එනිසා කඩිනමින් සුබසාධක යැපුම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් පණ ගන්වා ගත යුතුව තිබේ. ලෝකයේ බොහෝ රටවල් අප වැනිම මන්දගාමී ආර්ථිකයක් අබියස සිටියද සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ විවිධ අත්හදාබැලීම් කරමින් සිටිති. නිෂ්පාදන ආර්ථිකය ඇණ හිටීම නිසාත් අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වීම නිසාත් දහස් ගණනකගේ රැකියා මේ වනවිට අහිමි වී තිබේ. එනිසා පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මානව සම්පත රැක ගැනීම ගැන අවධානය යොමු කරමින් ආර්ථිකය පණ ගැන්වීම උදෙසා රට ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒම කඩිනම් කළ යුතුව තිබේ.
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති, බැසිල් රාජපක්ෂයන් සඳහන් කළේ; 2021 වනවිට ශ්‍රී ලංකාව සෑම අංශයකින් ම නඟා සිටුවීමට ‘ වැඩ සමඟ යළි ගමට‘ වැඩසටහනට සැමට එක්වන ලෙසයි. ගෝඨාභය රාජපක්ෂයන්ගේ රජයේ මංගල අයවැය වූ අගමැති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂයන් විසින් ඉදිරිපත් කළ 2021 අයවැය ලේඛනයේ ග්‍රාම සංවර්ධන යෝජනා ඔස්සේ ග්‍රාම සංවර්ධනයේ වසන්තය මේ අනුව උදා වෙනු ඇත. මේ යෝජනාවලිය අනුව ග්‍රාමීය මට්ටමින් ළමා හා මාතෘ සායන ඉදිකිරීම, ජාතික පාසල් 1,000 දක්වා වැඩි කිරීම, ග්‍රාමීය වශයෙන් අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වැඩිදියුණු කිරීම, කුඩා තේවතු හිමියන් දිරිගැන්වීම ඇතුළු බොහෝ බිම් මට්ටම් ක්‍රියාවලි ක්‍රියාත්මක වීමට නියමිත ය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ණය ලබා දෙන රටවල් පවා අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටියදී රාජ්‍ය හා පෞද්ගලික අංශවල මැදිහත් වීමෙන් මෙරට අපනයන ආදායමෙහි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීමට හැකි වූ බව බැසිල් රාජපක්ෂයන් එහිදී අවධාරණය කළේය.
එහිදී තවදුරටත් මේ ගැටලුව පිළිබඳ ව අවධාරණය කරමින් ඔහු කියා සිටියේ ලොව මූල්‍ය ශ්‍රේණිගත කිරීම් කරන ආයතන සියල්ලම ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස නම් කිරීමට සියල්ල සූදානම් කර සිටියත්, වත්මන් රජය කිසිදු හිඟයකින් තොරව ණය වාරික ගෙවා දැමූ බවයි. වියත් මඟ වැනි සංස්කෘතික හා දැනුම් මූලික කණ්ඩායම් හි මැදිහත් වීම මේ ක්‍රමවේදය ඔස්සේ ‘වැඩ සමඟ යළි ගමට යෑමට‘ මූලික රුකුලක් වනු ඇති බවද එහිදී සාකච්ඡා විණි.
කොරෝනා වයිරසය අපගේ ජීවිත වල පදනම සලිත කර තිබෙන බව රහසක් නොවේ. ඒ අතිමහත් දුක් ප්‍රමාණයක් ජනිත කිරීමෙන් පමණක් නොවේ; මහා ආර්ථික අවපාතයකට වඩා දරුණු ආර්ථික සංහාරයක් නිර්මාණය කිරීමෙනි. එනිසා නැඟී සිටිය යුත්තේ ද අප ම ය; අපේ ම ශක්තියෙනි. ගම හා සංවාදයත්; ගම හා එක්ව වැඩ කිරීමත් වටින්නේ ඒ නිසා ය. තිස් අවුරුද්දක් තිස්සේ ජනජීවිතය හා ආර්ථිකය බිඳ වැට්ටූ යුද්ධයක් ජයගත් නායකයකුට කොරෝනාවෙන් බිඳ වැටුණු ආර්ථිකය ජයගැන්ම අපහසු කරුණක් නොවන බව පැහැදිලි ය.
රටේ කෘෂිකාර්මික පිිබිඳීමක් ඇති කිරීමට මේ වනවිට ද ආණ්ඩුව පියවර ගෙන තිබේ. මෙවර අයවැය මුළුමනින්ම පාහේ වෙන් වූයේ දේශීය ආර්ථික රටාවක් ගොඩනැංවීම වෙනුවෙනි; නිෂ්පාදන ආර්ථිකයක පැහැබර හෙට වෙනුවෙන් කෙරුණු යෝජනා රාශියකිනි. රාජ්‍ය මට්ටමේ සිට කුටුම්බය දක්වා ම මේ පිබිදීම සිදු වී තිබේ. එය රටක් ලෙස නිෂ්පාදන ආර්ථිකයට පණ පෙවීමට හොඳ උත්තේජකයකි. දේශීය ආර්ථික භෝග නිෂ්පාදනය, දේශීය කුළුබඩු, ඇඟලුම්, ධීවර ආදී කර්මාන්ත වර්ධනය කිරීමේ කඩිනම් අවශ්‍යතාව ගැන බොරුවට නොව පැහැදිලි තිර බවකින් යුතුව සාකච්ඡා වෙමින් තිබේ. ගොවියා, නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන ත්‍රිවිධ කොටස ම මේ වනවිට සුරක්ෂිත කිරීමේ ක්‍රමෝපාය සකස් වීම එහිලා වැදගත් භූමිකාවක් ඉටු කරයි.
හැත්තෑපස්වන අයවැය ඉදිරිපත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂයන් පවසා සිටියේ මේ මොහොත: කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා අංශ සංවර්ධනය සඳහා සම්ප්‍රදායික උපාය මාර්ගවලින් ඔබ්බට ගොස් තාක්ෂණික වශයෙන් ඒකාබද්ධ නිෂ්පාදන හා සැපයුම් ක්‍රියාවලියට යොමු කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු අවස්ථාවක් ලෙසයි.
අපේ රටේ ආර්ථික සංවර්ධනයේදී අප කළ යුත්තේ ජෛව විවිධත්වයෙන් පොහොසත්, සංස්කෘතිකමය වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති ජාතික උරුම දායාදයන්ගෙන් පෝෂණය වූ සුවිශේෂිත අනන්‍යතාවක් ඇති පරිසර සංවේදී, තිරසාර සංවර්ධනයට කැප වූ රටක් හා ජාතියක් ලෙස ඉස්මතු කිරීමයි. සතා, සිව්පාවුන්, ගංගා, ඇළ දොළ හා ස්වභාව සෞන්දර්යයෙන් පෝෂණය වූ, අපේ දිවයින එයටත් වඩා කිහිප ගුණයකින් විශාල වූ සාගර සම්පතකට ද උරුමකම් කියන රටක් ලෙස, ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේ සාපේක්ෂ වාසි මතු කළ යුතු බවයි.
කොරෝනා ඒ වෙනුවෙන් ආ වෙස්වළාගත් ආශීර්වාදයක් යැයි අප කියන්නේ ඒ නිසාය.
‘වැඩ සමඟ යළි ගමට‘ වැඩසටහන වෙනුවෙන් අප එකාවන්ව අත්වැල් බැඳ ගැනීමේ උපයෝගීතාව අද නොව හෙටට යැයි අප අවධාරණය කරන්නේ; සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ තිරසර සංවර්ධනයක් වෙනුවෙන් ඉදිරිපත් වූ අයවැය ද පසුබිමේ තබාගෙන ය. ඒ අනුව එදා කොළඹට කිරි අපට කැකිරි යනුවෙන් ගමෙන් නැඟුණු හඬ වෙනුවට රටටම කිරි ඉතිරීමට නුදුරේ ම හැකිවනු ඇතැයි සැමගේ පැතුම වනු ඇත.