දවල් මිගෙල්ලා සහ රෑ ඩැනි­යෙල්ලා | Page 2 | සිළුමිණ

දවල් මිගෙල්ලා සහ රෑ ඩැනි­යෙල්ලා

ටක පෞඩ­ත්වය හා සංස්කෘ­තිය පිළි­බිඹු කරන හර­ස්කඩ වන්නේ ඒ රටේ ඉති­හා­ස­යීය වටි­නා­ක­මය. ඒ ඉති­හා­ස­යීය පෞඩ­ත්වය විෂ­යා­නු­කූල නම් කිරී­මේ දී පුරා­වි­ද්‍යාව වේ. එනම්, පැරණි දේ පිළි­බඳ ව අධ්‍ය­ය­නය කිරීම හෙවත් ඒ පිළි­බඳ විද්‍යාව යන්නයි. සාම්ප්‍ර­දා­යික අර්ථ­යෙන් සලකා බැලුව ද අපි මුහුණ දෙන මෙම මොහොත හෙවත් වර්ත­මා­නයේ සිට පසු­ගිය කාලය පිළි­බ­ඳව යථා­වාදී විග්‍ර­හ­ය­කට එළැ­ඹී­මට අවශ්‍ය ඥානය උදා­කර ගැනීම පුරා­විද්‍යා විෂ­යයේ කාර්යය වෙයි. එම අව­බෝ­ධය ලබා ගැනී­මට දරන උත්සා­හ­යට මිනිසා හා ඔහු වටා වන පරි­ස­රය පිළි­බඳ සම­ස්ත­යම ඡායා­මාත්‍ර වශ­යෙන් හෝ අන්ත­ර්ග්‍ර­හ­ණය කර ගැනීම පුරා­විද්‍යා අධ්‍ය­ය­න­ය­න්හි දී සිදු­වෙයි. මේ අනුව මනු­ෂ්‍යාගේ අතී­තය සමඟ ගනු­දෙනු කිරීම පුරා­වි­ද්‍යා­වයි. එහි මූලික අර­මුණු වන්නේ ආව­ර­ණය වූ ඉති­හා­සය ප්‍රකෘ­ති­මත් කිරී­මයි. එනම් ප්‍රාග් ඓති­හා­සික හා මූල ඓති­හා­සික කාල­යන්හි සිද්ධ වූ සිදු­වීම් කාල­ක්‍ර­මා­ව­ලි­ය­කට අනුව ප්‍රති­නි­ර්මා­ණය කිරී­මයි.

පුරා­වි­ද්‍යාව ගැන මෙවැනි සට­හ­නක් තබ­න්නට හේතු වූයේ මේ දින­වල දිගින් දිග­ටම ඇසෙන කුරු­ණෑ­ගල රාජ­ස­භාවේ කතාව නිසාය. කුරු­ණෑ­ගල නගර මධ්‍යයේ පිහිටා තිබූ බුව­නෙ­කබා රාජ සභා මණ්ඩ­පය නගර සභාව විසින් ඩෝසර් කිරීම ගැන බොහෝ දෙනා මේ මොහොතේ විශාල කැක්කු­ම­කින් කතා කරන්නේ ඇත්ත­ටම පුරා­වි­ද්‍යාවේ වටි­නා­කම පිළි­බඳ අව­බෝ­ධ­යෙන් දැයි සිතේ.

නාග­රික සංව­ර්ධන අධි­කා­රිය විසින් කුරු­ණෑ­ගල නගර සභාව තුළ පිහිටා ඇති පුරා­විද්‍යා වටි­නා­ක­ම­කින් යුත් ස්ථාන කිහි­ප­යක් මේ වන­වි­ටත් ප්‍රකා­ශ­යට පත්කර ඇති අතර 2009 ජූලි 10 දාතම දරන 1610 අති­වි­ශේෂ ගැසට් පත්‍රය මගින් කුරු­ණෑ­ගල කොළඹ පාරේ, වරි­ප­නම් අංක 1 දරන ස්ථානයේ පිහිටි වසර 100 ඉක්මවූ ගොඩ­නැ­ඟිල්ල පුරා­විද්‍යා ස්මාර­ක­යක් වශ­යෙන් ප්‍රසිද්ධ කර තිබේ. කඩා දමා ඇත්තේ එම ගොඩ­නැ­ඟිල්ලේ කොට­සකි. එම ස්ථානය සම්බ­න්ධ­යෙන් ජන­ප්‍ර­වා­දයේ එන කරුණු කිහි­ප­යකි. මාතලේ කැරැල්ලේ වර­ද­ක­රු­වකු වූ වීදි­පැල්ලේ බණ්ඩා යුව­රජු 1848 අගෝස්තු 4 වැනි දා ඉංග්‍රී­සින් විසින් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු ඔහුට විරු­ද්ධව යුද්ධා­ධි­ක­ර­ණය රැස්වූයේ මෙම ගොඩ­නැ­ඟිල්ල පිහිටි බිමේ දී බව කියැවේ. එහි දී ලබා­දුන් යුද්ධා­ධි­ක­රණ තීන්දුව ප්‍රකා­රව වීදි­පැල්ලේ බණ්ඩා, 1848 අගෝස්තු 5 වැනිදා වෙඩි තබා මරා අන­තු­රුව කුස පළා අතු­ණු­බ­හන් බැහැර ඇද, සත­ර­ක­ඩ­කට පලා ගසක එල්ලා තබා තිබේ. 1803 දී සත්කෝ­රලේ දිසාව වූ පිළි­ම­ත­ලව්වේ පළමු අධි­කා­රම විසින් භාවිත කළ නඩු අහන මණ්ඩ­පය පිහිටා තිබුණේ ද මෙම ස්ථානයේ යැයි පැවසේ.

නග­ර­ස­භාව කියන්නේ තමන් කඩා දැමුවේ එවන් ඓති­හා­සික ගොඩ­නැ­ඟි­ල්ලක් නොව කලක් තිස්සේ හෝට­ල­යක් පවත්වා ගෙන යමින් තිබූ ගොඩ­නැ­ගි­ල්ලක් බවය. නග­ර­ස­භාව විසින් විනාශ කර ඇති කුරු­ණෑ­ගල රාජ­සභා මණ්ඩ­පය පුරා­වි­ද්‍යා­ත්මක ස්ථාන­යක් නම් එහි හෝට­ල­යක් පවත්වා ගෙන යෑමට අව­සර දුන්නේ කවු­රු­න්දැයි සොයා බැලිය යුතු කාර­ණ­යකි. දැන් විප­ක්ෂය කල­කට ඉහ­ත දී බලයේ සිටි­ය දී පෞරා­ණික බුව­නෙ­ක­බාහු රාජ සභා ගොඩ­නැ­ඟිල්ල හෝට­ල­ය­කට බදු දුන්නේය. එය හෙරි­ටේජ් පන්තියේ හෝට­ල­යක් නොව පැයට දෙකට විකි­ණෙන හෝට­ල­යකි. නමුත් එදා ඒ ගැන කතා කර­න්නට කිසි­වෙක් සිටියේ නැත.

මැති­ව­ර­ණය ජය ගැනී­මට ඕනෑම දෙයක් කිරී­මට තත­නන බොහෝ දෙන­කුට මෙය ඉබ්බා දියේ දාන්න­දැයි ඇසූ විට ඇන්නෑවේ කියූවා සේ වීම කන­ගා­ටු­වට කරු­ණකි. කුරු­ණෑ­ගල ඓහි­හා­සික රාජ­සභා මණ්ඩ­පය දැන් විප­ක්ෂයේ ප්‍රමුඛ හා එකම මාතෘ­කාව වීම හාස්‍ය­යක් වන්නේ ඒ නිසාය. සමඟි ජන­බ­ල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස ජාතික උරු­මය වන­සන දේශ­ද්‍රෝ­හීන්ට දෙන දඬු­වම කුම­ක්දැයි අසයි. පසු­ගිය ‘යහ­පා­ලන‘ සමයේ මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ තිබූ මුදල් ගෙන තැන තැන බාගෙට හැදූ ගෙවල් ගැන සජිත්ට දැන් මතක නැති වීම කණ­ගා­ටු­වට කරු­ණකි. එහෙත් මෙතැන ඇත්තේ දේශ­පා­ලන ප්‍රශ්න­යක් නොවන බැව් දැන් දැන් හැමෝ­ටම වැට­හෙන්නේ එහි අල­ගිය මුල­ගිය තැන් හෙළි­වෙ­මින් පව­තින නිසාය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඇතිවූ උණු­සුම් තත්ත්වය මඳක් පහ වූයේ සිද්ධිය පිළි­බඳ සොයා බැලී­මට අග­මැති මහින්ද රාජ­පක්ෂ විසින් පසු­ගිය 17 වැනිදා විද්වත් කමි­ටු­වක් පත්කි­රී­මත් සම­ඟය. කුරු­ණෑ­ගල නග­රයේ පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­මින් යුත් ස්ථාන­ය­කට හිතා­මතා හානි කිරී­මක් කර ඇති නම් ඒ අයගේ තරා­ති­රම නොබලා දඬු­වම් කරන බවත් පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­ම­කින් යුත් ස්ථාන ආරක්ෂා කිරීම සිය යුතු­ක­මක් සේ සල­කන බවත් අග­මැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

අග­මැ­ති­ව­රයා විසින් පත්කළ එම පංච පුද්ගල කමි­ටුවේ සභා­ප­ති­ත්වය දරන්නේ පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය සෙන­රත් දිසා­නා­ය­කය. කුරු­ණෑ­ගල දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. ආර් රත්නා­යක, පුරා විද්‍යා­ඥ­යන් වන ටී.ජී කුල­තුංග සහ ප්‍රසාද් රණ­සිංහ සහ මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට එහි සෙසු සාමා­ජි­ක­යන්ය. ඒ පිළි­බඳ පූර්ණ වාර්තා­වක් 23 වැනි­දාට පෙර ඉදි­රි­පත් කර­න්නැයි අග­මැ­ති­ව­රයා කමි­ටු­වට නියෝග කළේය. එම කමි­ටුව විසින් සකස් කළ අන්තර් කාලීන වාර්තා­වක් පසු­ගිය 22 වැනිදා පෙර­ව­රුවේ අග­මැ­ති­ව­රයා වෙත භාර දුන් අතර එම වාර්තා­වෙන් ප්‍රධාන යෝජනා 5ක් ඉදි­රි­පත් කර තිබේ.

ඉන් පළමු වැන්න වන්නේ එම පැරණි ගොඩ­නැ­ඟිල්ල කඩි­න­මින් සංර­ක්ෂ­ණය කළ යුතු බවය. දෙවැන්න, ගොඩ­නැ­ඟිල්ල පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව වෙත පවරා ගැනී­මය. තෙවැනි යෝජ­නාව මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝ­ධ­නය කරන ලෙස මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යට යෝජනා කිරීම වන අතර හත­ර­වැන්න මෙම විනා­ශ­යට වග­කිව යුත්තන්ට නීති­මය පිය­වර ගැනී­මයි. විනා­ශ­යට වග­කිව යුතු ආය­තන හෝ පුද්ග­ල­යන් මඟින් සංර­ක්ෂ­ණය සඳහා අවශ්‍ය ප්‍රති­පා­දන ලබා ගැනීම පස් වැනි යෝජ­නා­වයි. මීට අම­ත­රව එම ගොඩ­නැ­ඟි­ල්ලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධ විම­ර්ශ­න­යට අදාළ ලිඛිත උප­දෙස් නීති­ප­ති­ව­රයා විසින් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­ර­යාට දන්වා යවා ඇති අතර විම­ර්ශන උද්ධෘත ලබන 31වැනි­දාට පෙර එවන ලෙස ද නීති­ප­ති­ව­රයා විසින් නියෝග කර තිබේ. එප­ම­ණක් නොව අලාභ හානි සිදු­කර ඇති එම පුරා­විද්‍යා පරි­ශ්‍ර­යට ඇතුළු වීම වළ­ක්ව­මින් කුරු­ණෑ­ගල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් තහ­නම් නියෝ­ග­යක් ලබා ගැනී­මට ද නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු කළේය. කුරු­ණෑ­ගල නග­රා­ධි­පති, නාග­රික කොම­සා­රිස්, නාග­රික ඉංජි­නේරු ඇතුළු කාර්ය මණ්ඩ­ලය සහ ඔවුන්ගේ නියෝ­ජි­ත­යන් සඳහා එම තහ­නම් නියෝ­ගය බල පැවැ­ත්වෙන අතර සිදු­වීම පිළි­බඳ විම­ර්ශන අව­සන් වන­තුරු එම ස්ථානයේ ආර­ක්ෂාව වෙනු­වෙන් එම තහ­නම පනවා තිබේ.

අපේ රටේ පම­ණක් නොව වෙනත් ඕනෑම රටක පුරා­වි­ද්‍යා­ත්මක උරුම සැල­කෙන්නේ ඒ රටට පම­ණක් නොව සමස්ත ලෝක­ය­ටම උරුම දෙයක් ලෙසය. කුමන රටක වුවත් ඓති­හා­සික උරුම යනු මානව ශිෂ්ටා­චා­රයේ ගමන් මඟ වර්ත­මා­න­යට ගළ­පන ජීව­මාන සාක්ෂි­යය. ඒවා රැක ගැනීම ගැන අප කොන්දේසි විර­හි­තව පෙනී සිටින්නේ ඒ නිසාය.

Comments