
පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට හා යළි කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව පසුගිය 26 වැනිදා එහි වාරය අවසන් කළ අතර, පාර්ලිමේන්තුව ලබන 14 වැනිදා යළි විවෘත කිරීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම, මුළුමනින්ම ව්‍යවස්ථාවට එකඟ වූ අයුරින්ම, පාර්ලිමේන්තුවේ වාරය අවසන් කිරීම සහ ජනාධිපතිතුමා විසින් එය යළි කැඳවනු ලැබීමද පාර්ලිමේන්තු සම්ප්‍රදායටද මුළුමනින්ම එකඟය. ඒ අනුව ව්‍යවස්ථාවට මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුවද පාර්ලිමේන්තුව යළි විවෘත වන දිනට සිදු විය යුතුව ඇත්තේ බලය උරගා බැලීමක් නොවේ. එදිනට බලය උරගා බැලීමට කතා කිරීම නැති දේශපාලන බලයක් බලහත්කාරයෙන් මවා පෑමට දරන උත්සාහයකි; එමෙන්ම හිතා මතා ඇති කළ දේශපාලන අර්බුදයක් පාර්ලිමේන්තුව ඇතුළට රිංගවා දේශපාලන අර්බුදය තව තවත් උග්‍ර කරන්නට දරන උත්සහයකි.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැනත් ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් වැරැදි අර්ථකථන පතුරුවමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම මේ කරන්නේ රට වෙනුවෙන් දේශපාලනයක් නොව; බලය අහිමිවීම දරා ගන්නට නොහැකි, ඒ නිසා උපන් බිය ප්‍රදර්ශනය කරමින් නැති දේශපාලන අර්බුදයක් පටු දේශපාලන වාසි තකා ඇති කිරීමයි.
නව අගමැතිවරයාගේ පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි කියමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම මේ නඟන අඳෝනාව වෙතින් හෙළිදරව් වන්නා වූ රහසක් සහ කුමන්ත්‍රණයක්ද ඇත. විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කළ යුතු බවට, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු බවට, එක්සත් ජාතික පක්ෂය මහ හඬක් නැඟුවේ සැඟවුණු න්‍යයපත්‍රයක් ඇතිව බව එකී රහස සහ කුමන්ත්‍රණයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ කොඩියට මුවා වූ එහි යටි අරමුණ වී තිබුණේ තම පක්ෂයේ නායකයාට එකී විධායක බලතල සතු කර ගැනීම බව දැන් ලෝකයටම රහසක් විය නොහැකිය.
එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය අත්හැරීම ගැන කතා කරන විට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇත්තේ බලය තහවුරු කරගැනීමේ මාර්ගයක් තනා ගැනීමටය. ඒ බව පැහැදිලි වන්නේ කඩිමුඩියේ සම්මත කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයම මේ අර්බුදයට හේතුවක් වී ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් විසින් පෙන්වා දී ඇති නිසාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කඩිමුඩියේ සංශෝධන ගෙන එමින් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි අවස්ථාවල රටේ දේශපාලන අර්බුද ඇති කළ පළමු අවස්ථාව මෙය නොවේ. රට වෙනුවෙන් නොව පටු අරමුණු වෙනුවෙන් එවැනි අර්බුද ඇති කළ ඉතිහාසයක්ම එම පක්ෂයට ඇත. පසුකාලීනව සක්සුදක් සේ පැහැදිලි වූ ආකාරයට එකී ව්‍යවස්ථා සංශෝධනවල ඇත්ත අරමුණු හෙවත් සැඟවුණු න්‍යායපත්‍රය වී තිබුණේ මහජන කැමැත්ත නැතිවත් බලයේ රැඳී සිටීමට දැරූ උත්සා
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ගත් අවස්ථාවක සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීම මෙහිදී නිදසුනකට ගත හැකිය. එදා එහි ඇති ප්රජාතන්ත්රවාදී වටිනාකම් ගැන කවර කතා කියා සිටියත් යටි අරමුණ වී තිබුණේ තම පක්ෂය සදාකාලිකවම බලයේ රැඳී සිටින්නේ කෙසේද යන ගැටලුවට පිළිතුරක් සෙවූ පටු දේශපාලන ආකල්පය බව පසුකාලීනව පැහැදිලි විණි. එමඟින් සිදු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමකට වඩා එකිනෙකා අතර ගැටුම් උග්‍ර කරන, එකම පක්ෂයේ අය පවා කා කොටා ගන්නා අශීලාචාර දේශපාලන සංස්කෘතියක් බිහි වීමයි. ඒ ආකාරයට අද පාර්ලිමේන්තු සම්ප්‍රදාය පක්ෂග්‍රාහී තැනකට තල්ලු කරමින්, හිටපු අගමැතිවරයා තව දුරටත් බලයේ එල්ලී සිටීමට දරන උත්සාහයද පටු දේශපාලන ව්‍යාපෘතියක් මිස රටේ දේශපාලන ස්ථාවරභාවය පිණිස හෝ රටේ යහ පැවත්ම පිණිස හෝ හේතු නොවන දැන් පැහැදිලිය. ඇත්තටම සිදු වන්නේ දේශපාලන අර්බුදය උග්‍ර වී රට අස්ථාවර වීමයි; එසේත් නැති නම් පටු අරමුණක් වෙනුවෙන් රටම බිල්ලට දීමයි.
රට සහ ජනතාව පිළිබඳ මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ සැලකීමේ දී අන් සියල්ලටම පෙර රාජ්‍යයේ පැවැත්ම සහ ගෞරවය ආරක්ෂා කරගත යුතු වේ. රටක් ලෙස ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවය සහ නෛතික පැවැත්ම තහවුරු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි. එකී ව්‍යවස්ථාවට අනුව රාජ්‍යයේ මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියාද සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයාද වන්නේ ජනාධිපතිවරයායි. ඒ අනුව ජනාධිපතිවරයා සතු බලතල පිළිබඳ ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ඉතා පැහැදිලිය. එමෙන්ම අර්ථ නිරූපනය කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණකි.
එබැවින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට අදාළව හෝ වේවා අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට අදාළව හෝ වේවා ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ යමකුට ගැටලුවක් ඇත්නම් ඔවුන් යා යුතුව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවටය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ කණ්ඩායමේ කිසිවකු හෝ මේ දක්වාම එවැනි උත්සා වැනි සංශෝධනයේ ඉංග්‍රීසි පිටපත විදේශීය රටවලට පෙන්වමින් අපේ රට කොන් කිරීමටය; එමඟින් විදේශීය බලපෑම් රට වෙතට කැඳවාගන්නටය.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ කරන එළැඹෙන බදාදා එවැනිම වූ සැලසුමක් වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක කරන්නටද සූදානමක් ඇති බව පෙනෙන්නට තිබේ. එබැවින් මේ මොහොතේ සියලුම පාර්ශ්වයන්ගෙන් කළ යුතුවම ඇති ඉල්ලීමක් තිබේ. එනම්, බලයට පෙර රට ගැන සිතන ලෙසය. ලබන බදාදා නව සැසිවාරය ආරම්භ කිරීමේ දී පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර නොවී එම කටයුත්ත සාමකාමීව සහ විනයගරුක ලෙස සිදු කිරීම ඒ සඳහා යෙදිය හැකි හොඳ අභ්‍යාසයකි.