
විකල්ප බලවේග ධාරාවේ ඇති අඩුපාඩු මෙන්ම ගම් මට්ටමින් පවත්නා අඩුපාඩු සම්බන්ධව අද කතා බහට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් ආර්. වටගල මහතායි.
ජනාධිපතිවරණයේදී ඔබ පක්ෂය ප්රමුඛව ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වුණු අපේක්ෂකයාට ඇපත් නැතිවුණා, මොකද වුණේ...
මේ මැතිවරණයේදී අපට පැහැදිලිවම පෙනී ගිය කරුණක් තමයි ඡන්ද හැසිරීම අතිශය ජාතිවාදී එකක් වූ බව. ඒකට ජනතාවගේ පැත්තෙන් වගේම වගේ මැතිවරණය මෙහෙයවපු අය විවිධාකාර බිල්ලො මැව්වා, මුස්ලිම් විරෝධය, ද්‍රවිඩ විරෝධය මැව්වා, සිංහල බෞද්ධ පදනම කියන එක සත්‍ය නොවන ආකාරයට විකෘති නොවන චිත්‍රයක් මවාපාමින් මැතිවරණය ප්‍රතිඵලය ඔවුන්ට ලාභදායක වන ආකාරයට ඔවුන් ගෙන ගියා.
රට ජාතිය රකින්න නම් ගෝඨාභය ගෙන ආ යුතුයි කියන මතය සමාජයේ ස්ථාපිත කළා. ඇත්තෙන්ම රට ජාතිය විනාශ වන තරමට තර්ජනයක් එල්ල වෙලා නැහැ.
අපේ මැතිවරණ ව්‍යාපාරයේ තිබුණේ ජාතික සමඟිය කරා ගෙන යා යුතු ක්‍රමවේදයක්.
ඔබ එහෙම කිව්වත් ගුරු කන්දේ නායක හිමියන්ගේ ආදාහනය කරන්න දුන්නෙ නැහැ, මුහුදු මහ විහාරය විනාශ කරනවා,....
මම සිද්ධිමය වශයෙන් කිසිවක එල්ලෙන්නේ නැහැ. නමුත් මොන පන්සලේද කියන්න හාමුදුරුවන්ගේ දේහය පන්සල් වත්තේ ආදාහනය කරන්නෙ.
ජාතිවාදය හරහා සිදු කළ දේවල් තමයි ඉස්සරහට ගෙනාවේ. නාමල් කුමාර අද අම්පාර සංවිධායක කෙනෙක්. සාෆිට අද මොකද වෙලා තියෙන්නේ.
ඔබ සිද්ධිමය වශයෙන් නොසැලකුවත් මුහුදු මහ විහාරය පමණක් නෙමෙයි මුතූර්වල විහාරයක් ඩෝසර් කළා. මඩකළපුවේත් එසේමයි. මේ කිසිවක් ගැන රජය අවධානය යොමු කෙළේ නැහැ. ඔඹ ඒ ක්‍රියාවන් අනුමත කරනවාද?
කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒ සිදුවීම්බ විතරක් නෙමෙයිනෙ. සහරාන්ගේ ප්‍රහාරයෙන් පසුව හෝ ජාතික සමගිය රකින්න ආණ්ඩුව මොනවද කෙළේ. දිගන සිද්ධිය පිටුපස කවුද හිටියෙ, කුරුණෑගල, ගම්පහ මිණුවන්ගොඩ සිදුවීම් පිටුපස කවුද හිටියෙ කියල අද රටම දන්නවා. ඒ හරහා තමයි සිංහල ජනතාව මුළා කරලා ඡන්ද පදනම අල්ලා ගත්තෙ.
නමුත් සෝදිසි මෙහෙයුම්වලදී කඩු දහස් ගණන් හමුවුණා. ඒ ගැන ඔබ මොකද කියන්නේ.
ජාතික සමඟිය නැති වීමේ විපාකය තමයි ඒ. ජාතිවාදය සිංහල, දෙමළ හා මුස්ලිම් වශයෙන් තුන් ආකාරයටම තියෙනවානෙ. කිසිදාක හම්බන්තොටට සම්බන්ධ නොවිච්ච හිස්බුල්ලා ඒක නිසානෙ හම්බන්තොටින් ඡන්ද 800ක් ගත්තෙ. දෙමළ ජාතික සන්ධානයේ මෙහෙයවීම මත උතුරේ ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණෙ. ඒ වගේම තමයි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීම මත දකුණේ ඡන්ද ගෝඨාභය මහතාට ලැබුණෙ.
නමුත් ජාතික ජන බලවේගයට ඡන්ද ලැබුණෙ කොහෙන්ද කියන එක ගැන කාටවත් ජාතිවාදී අදහස් පවසන්න බැහැ.
අපිට ලැබුණු ඡන්ද 418000ක් වුණත් අපි ජාතිවාදී ආකරයෙන් නෙමෙයි ඡන්ද ගත්තේ.
ඉතින් ගෝඨාභය මහතා බලයට පත් වුණේ ඒ ජාතිවාදය පරාජය කරන්න කිව්වොත් ඔබ මොකද කියන්නෙ.
ඒක පරාජය කෙළේ ආයිත් ජාතිවාදයක් හරහානෙ, එතැනම ගැටලුව නිර්මාණ්ය වෙනවානේ. රටේ ජනාධිපතිවරයාටම කිව්වහම තමන් බලයට ආවේ සිංහල බෞද්ධ ඡන්දවලින් කියලා අනෙක් ජාතින්ගේ ජාතිකත්වය ගැන මොකද වෙන්නේ
ඔබ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?
අපි විශ්වාස කරන්නෙ නැහැ මේක ජයග්‍රහණයක් කියලා, ජාතික සමඟිය තේමා කරගත් ජනතාවට ඇතිවන ආකාරයේ ජනතාව සංවිධානය කළ යුතුයි. අපි ඒ කාර්යය දිගටම කරගෙන යනවා.
ජාතික ජන බලවේගය යටතේද ඒ කටයුතු සිදු කෙරෙන්නේ.
අනිවාර්යෙන්ම ඒ හරහා තමයි සිදු කෙරෙන්නේ, මේ වන විට අප සමඟ සංවිධාන 32ක් එක් වෙලා ඉන්නෙ. ඒ අය සමඟ අපි ඉස්සරහට යනවා.
ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කාලය ඉවරයිද?
ජනතා විමුක්ති පෙරමුණ එහෙමම තියෙනවා, අපි පුළුල් පෙරමුණක් හරහා කටයුතු කරනවා. ඒ පෙරමුණට නායකත්වය සපයන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින්.
ජනාධිපතිවරණයෙන් ඇපත් නැති වුණා. නායකත්වයේ වෙනසක් අපේක්ෂා කරනවද?
එහෙම කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඒ නායකත්වය හොඳින් ලැබෙනවා. කිසි කෙනෙක් ඒ ගැන වාද භේද නැහැ. මාධ්‍යයට එය ගැටලුවක්ද දන්නෙ නැහැ. අපට නම් ගැටලුවක් නැහැ.
ඔබ පක්ෂයෙන් ජනතාව ඈත් වෙන්නෙ ප්රතිපත්තිවල තියෙන ප්‍රශ්නයක් වෙලා කියල මම කිව්වොත්.....
නැහැ, එහෙම කිසි විදිහකින් වෙන්න විදිහක් නැහැ, අපේ ප්‍රතිපත්ති ජාතිවාදයට නෙමෙයි, ජාතික සමඟිය උදෙසායි. අපි පෙනී සිටින්නේ ජාතික සමඟිය වෙනුවෙන්. මැතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රතිඵල ජාතිවාදී ලෙසින් එළියට ආවේ.
ඔබ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකටම ඡන්දය දුන්න සියලු දෙනාම ජාතිවාදීන් කියලද?
අපේ ප්‍රතිඵලය හැරුණම අනෙක් ඒවා ජාතිවාදී පදනමින් හමුවෙලා තියෙන්නෙ.
ඔබ හිතන විදිහට ජනතාව ඇයි පක්ෂය ප්‍රතික්ෂේප කරන්නෙ.
පටු පෞද්ගලික අරමුණ තමයි බොහෝ ප්‍රතිඵල සමඟ තියෙන්නේ. ජනතාව ඒ කරුණුවලට රැවටිලා තියෙන්නෙ. ඒ නිසා තමයි මේ ප්‍රතිඵලය ආවේ.
විපක්ෂයේ සියලු බලවේග එක් තැන් කරන්න ක්‍රමවේදයක් ගෙන ඒමේ සූදානමක් නැත්ද?
ඉදිරි මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා එක්ව කටයුතු කරන්නට. එය සාර්ථක වෙයි කියන පදනමක් තියෙනවා.
ඉස්සර සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයක් හරහා බලය ගොඩ නැංවූවා, ඇයි ඔබ පක්ෂයට මේ තත්ත්වයට එන්න බැරි,
අපි සිංහල, දෙමළ මුස්ලිම්, බර්ගර් මේ සියලු දෙනාටම එක්ව විසිය හැකි රටක් නිර්ාමණ්ය කරන්නයි මේ කටයුතු කරන්නේ.
පසුගිය දිනවල සිදු කළ රාජ්‍ය පත්වීම් ඔබ දකින්නේ කුමනාකාරයෙන්ද?
පී.බී. ජයසුන්දර මහතානෙ ජනාධිපති ලේකම් ලෙස පත් කර තිබෙන්නේ. ඔහු වරාය ඉඩමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 5ක දඩ නියමවූවෙක්, ඒ විතරක් නෙමෙයි ඔහුට රජයේ රැකියා කරන්න එපා කියලත් අධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නා. එවන් අයෙක් රටේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස පත් කිරීම සුදුසුද?.
ප්‍රධාන පක්ෂ දෙක වටාම ඇයි මේ ජනතාව කැරකෙන්නේ...
අපි ජනතාවට කියන්නෙ අපිව තේරුම් ගන්න කියලයි, ජනතාව අප ව කවදා හෝ තේරුම් ගනීවි. අන්ත පටුවාදයට ජනතාව අහුවෙලා තියෙන්නෙ. ජනතාව තේරුම් ගනියි ඇත්ත මොකක්ද කියලා.
මහ මැතිවරණයේදි මොකද කරන්නේ...
මේ ආකාරයෙන්ම තමයි ඉදිරියට කටයුතු කරන්නේ. සියලු බලවේග අපි එක්තැන් කර ගන්නයි සූදානම් වෙන්නේ.
ගම් මට්ටමෙන් ජනතාවගේ සහාය ලබා ගන්නේ කොහොමද?
මෙවර අපේ තැපැල් ඡන්ද ප්‍රතිශතය 6% ඉක්මවා ගියා. ඒ තත්ත්වය ගම් මට්ටමින් වැඩි කර ගන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා.
ඔබ පක්ෂයේ ග්‍රාමීය ජනතාව සමඟ වැඩියෙන්ම සම්බන්ධ වන නාමල් කරුණාරත්න, සමන්ත විද්‍යාරත්න වැනි අය මධ්‍යම කාරක සභාවේත් ඉන්නවා. එවන් තත්ත්වයක් තුළ ඇයි මේ විදිහට ගමේ ජනතාව පක්ෂයෙන් ඈති වුණේ.
සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ගෙනිච්චත් ඒ සියලු දේ ජාතිවාදයට යට වුණා.