අපි විත­රයි ප්‍රති­පත්ති දේශ­පා­ල­න­යෙන් කට­යුතු කරන්නේ | සිළුමිණ

අපි විත­රයි ප්‍රති­පත්ති දේශ­පා­ල­න­යෙන් කට­යුතු කරන්නේ

ශක කිහි­ප­ය­කට පසු ජනතා විමුක්ති පෙර­මුණ විසින් ජනා­ධි­පති අපෙ­ක්ෂ­කයකු ඉදි­රි­පත් කර තිබේ. ඒ ජාතික ජන බල­වේ­ගය හර­හාය. ඔහුගේ ජය­ග්‍ර­හ­ණය උදෙසා කට­යුතු කරන ජනතා විමුක්ති පෙර­මුණ වෙනු­වෙන් අද සිළු­මි­ණට අද­හස් දක්වන්නේ ජවිපෙ ප්‍රචා­රක ලේකම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී, විජිත හේරත් මහ­තාය.

ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන්ට සහාය දෙන්න දෙමළ ජාතික සන්ධා­නය ඇතුළු පක්ෂ 5ක් කරන ඉල්ලීම් 13 ගැන ඔබ දරන අද­හස කුමක්ද?

ඒ යෝජ­නා­වල මූලික දේ ලෙස දක්වා ඇති උතුරු සහ නැඟෙ­න­හිර පළාත් ඒකා­බද්ධ කිරීම වැනි දේ කොහෙත්ම කරන්න බැහැ. නැඟෙ­න­හිර ජන­තාව කිසි­සේත්ම කැමැති නැහැ උතුර හා ඒකා­බද්ධ කර­න­වාට.

ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත අහෝසි කිරීම, ඒ වගේම උතුරේ ජන­තා­වගේ ඉඩම් අයි­තිය තහ­වුරු කිරීම වැනි යෝජනා අප දැන­ට­මත් ප්‍රකාශ කර තිබෙ­නවා. ඒක මේ ජනා­ධි­ප­ති­ව­රණ කොන්දේසි විදි­හට නෙමෙයි, යුද්ධය අව­සන් වූ විග­සම අප පැවසූ දෙයක්. උතුරේ ජන­තා­වගේ පව­රා­ගත් පෞද්ග­ලික ඉඩම් ආපහු දිය යුතුයි. ඒ වගේම උතුරු-නැඟෙ­න­හිර තරු­ණ­යන්ගේ රැකියා ප්‍රශ්න­යට විස­ඳු­මක් සැප­යිය යුතුයි.

ඒත් ආර­ක්ෂක හේතු මත ආපසු දිය නොහැකි ඉඩම් ඒ ප්‍රදේ­ශ­වල තිබෙ­නවා නේද?

ජන­තා­වට දෙන්න පුළු­වන් ඉඩම් දෙන්න ඕන. එහෙම දෙන්න පුළු­වන් ඉඩම් තව ගොඩක් තිබෙ­නවා. පෞද්ග­ලික ගෙවල් පවා එසේ පව­රා­ගත් ඉඩම් අතර තිබෙ­නවා. ඒවා තබා­ගෙන සිටීම හමු­දා­ව­ටත් ප්‍රායෝ­ගි­කව ගැට­ලු­වක් වෙලායි තිබෙන්නෙ. ආර­ක්ෂක හේතු මත ආපසු දිය නොහැකි ඉඩම් තිබෙ­නවා නම් ඒවා හමුදා අව­ශ්‍ය­තා­ව­ලට දිග­ටම පව­ත්වා­ගෙන යා යුතු යැයි නිර්දේශ වනවා නම් ඒවා විධි­මත් ක්‍රම­වේ­ද­ය­කට පව­රා­ගෙන, ඒ සදහා අවශ්‍ය වන්දි ගෙවිය යුතුයි. ඒ වගේම ඒ ජන­තා­වට විකල්ප ඉඩම් දිය යුතුයි.

එහෙත් උතුරු-නැඟෙ­න­හිර හිටපු මහ ඇමැ­ති­ව­ර­යකු වූ වර්ධ­රාජා පෙරු­මාල් මහතා පසු­ගි­යදා ප්‍රකාශ කළා දෙමළ සන්ධා­න­ගත පක්ෂ විසින් සිදු කළ මේ ඉල්ලීම් සියල්ල හුදෙක් පටු දේශ­පා­ලන වැඩක් කියලා.

මේ ඒකීය රට තුළ දෙමළ ඊළාම් රාජ්‍ය­යක් ප්‍රකා­ශ­යට පත් කරපු කෙනෙක් තමයි වර්ධ­රාජා පෙරු­මාල් කියන්නෙ. ඔහු ත්‍රිකු­ණා­ම­ලයේ ඊළාම් කොඩිය ඔස­වපු කෙනෙක්. එවැනි උග්‍ර බෙදු­ම්වා­දි­යෙක් තමයි අද රාජ­පක්ෂ කඳ­වුර එකතු කර­ගෙන ඉන්නේ. වර්ධ­රාජා විත­රක් නොවෙයි; පිල්ලෙ­යාන්, කරුණා අම්මාන් ඇතුළු ගොඩක් දෙනකු අද ඒ කඳ­වුරේ ඉන්නවා. අද ඒ අය අව­ස්ථා­වාදි විදි­හට එක එක ප්‍රකාශ කර­නවා. මේ ප්‍රකා­ශ­යත් එවන් අව­ස්ථා­වාදි දේශ­පා­ලන ප්‍රකාශ බවයි අපට පව­සන්න ඇත්තේ. වර්ධ­රාජා වැනි අයගේ එවැනි ප්‍රකාශ ගැන එත­රම් තැකී­මක් කළ යුතු නැහැ. ඒ ප්‍රකාශ කිසිම වලං­ගු­භා­ව­යක් ඇති ප්‍රකාශ නොවෙයි.

ඔවුන් අවි-ආයුධ අත්හැර ප්‍රජා­ත­න්ත්‍ර­වාදි දේශ­පා­ල­න­යට පැමිණ සිටි­නවා නම්, අප ඔවුන් ත්‍රස්ත­වා­දීන්, ඊළා­ම්වා­දීන් ලෙස කොන් කිරීම සාධා­ර­ණද?

එදත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රවා­හ­යත් හරහා තමයි ඔවුන් ඇවිත් හිටියේ. වර්ධ­රාජා පෙරු­මාල් උතුරු-නැ‍ඟෙන­හිර පළාත් සභාවේ මහ ඇමැති ධුරයේ ඉද­ගෙන තමයි ඊළාම් රාජ්‍යය ප්‍රකා­ශ­යට පත් කළේ. ඒ මහ ඇමැ­ති­ධු­රයේ සිට එවැනි බෙදු­ම්වා­ද­යක් කළ අය ගැන අපට විශ්වා­ස­යක් නැහැ. ඒක නිසා එදයි අදයි කියලා එයා­ලාගෙ ලොකු වෙන­සක් නැහැ.

ඇල්පි­ටිය ඡන්ද­යෙන් පසු ජවිපෙ ග්‍රාමීය ජන­තාව මීට වඩා ළං කර­ගත යුතු බවට ඉඟි­යක් ලැබුණු බව බිමල් රත්නා­යක මන්ත්‍රී­ව­රයා පවසා තිබුණා. එවැනි ක්‍රම­යක් සකස් කර­ලාද තිබෙන්නේ...

අපි පැහැ­දි­ලි­වම ග්‍රාමීය ජන­තා­වට ළං වෙලා තිබෙන්නේ. 2018ට පෙර පව­ත්වන ලද පළා­ත් පා­ලන ඡන්ද­යට වඩා අප 121%ක වර්ධ­න­යක් ලබා තියෙ­නවා. රාජ­පක්ෂ කණ්ඩා­යම මෙවර බලය ලබා­ගත් බව ඇත්ත. එහෙත් පෙර පළා­ත්පා­ලන මැති­ව­ර­ණ­යේදී ආස­න­යෙන්ම ඡන්ද 42,000ක් ගත් ඔවුන්ට මෙවර ඔවුන්ට ලබා ගන්නට පුළු­වන් වුණේ ඡන්ද 38000ක් පම­ණයි. ඇත්ත­ටම ඡන්ද 4000ක් අඩු වෙලා තියෙ­නවා, ඔය දිනුවා දිනුව කිව්වට ඇත්ත ඒකයි. නමුත් අපි විශාල වර්ධ­න­යක් ඇති කර­ගෙන තියෙ­නවා. ඒ කියන්නෙ අපි ග්‍රාමීය ජන­තා­වට ළං වෙලා තියෙ­නවා කියෙන එකයි. ඒ තත්ත්වය තවත් වර්ධ­නය කරන්න අප පිය­වර ගත යුතුයි. ඒකයි බිමල් රත්නා­යක මහතා ප්‍රකාශ කෙළේ. ග්‍රාමීය ජන­තා­වට ළං වීම අපි ඒක ප්‍රායෝ­ගි­කව ඔප්පු කර තිබෙ­නවා.

කුමන ක්‍රමය හර­හාද ඔබ පක්ෂය ජන­තාව ළං කර ගැනී­මට කට­යුතු කරන්නෙ?

අපි ගම් මට්ටමේ ජන­තාව සමග ඓන්ද්‍රී­යව කට­යුතු කර­නවා. ගොවි ජන­තා­වගේ, ධීවර ජන­තා­වගේ, වතු කම්ක­රු­වාගේ මේ සියලු ග්‍රාමීය ජන­තා­වගේ ගැටලු සමග කට­යුතු කර­නවා. හැමෝ­ගෙම ප්‍රශ්නත් සමග එක්ව අපි ඔවුන් වෙනු­වෙන් විශාල කාර්ය­භා­ර­යක් කර­නවා.

මෙවර අපේ­ක්ෂක සංඛ්‍යාව වැඩි නිසා කෝටි 100ක් අම­ත­රව ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට වැය කරන්න වෙන බව මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා කියා තිබුණා. මේ නිසා කුඩා කණ්ඩා­යම් සහිත අපේ­ක්ෂ­ක­යන්ට වැට බැඳිය යුතු බවත් ඔහු පැව­සුවා. ජාතික ජන බල­වේ­ගය එය දකින්නේ කුමන ඇස­කින්ද?

ඇත්ත­ටම කුඩා කණ්ඩා­යම් කිව්වාට ඔය බොහෝ දෙනෙක් ප්‍රධාන පක්ෂ­වල අනුරූ විදි­හ­ටයි කට­යුතු කරන්නෙ. රාජ­ප­ක්ෂ­ලාගේ අනුරූ ගොඩක් තිබෙ­නවා. සජිත් ප්‍රේම­දා­ස­ලාගේ අනුරූ ගොඩක් තිබෙ­නවා. ඇත්ත­ටම ඒ අය තමයි ඔය ඉත්තො දාලා අපේ­ක්ෂ­කයො වැඩි කර තිබෙන්නෙ. ඒ වගේම ඒක මහ විහි­ළු­වක්. ඒ විහි­ළු­කාරී තත්ත්වය වළ­ක්වන්න වෙනවා. ඒක අපිත් පිළි­ග­න්නවා.

පාස්කු දින ප්‍රහා­රය පිළි­බඳ සෙවී­මට පත් කළ තේරීම් කාරක සභාවේ තීර­ණය දකින්නේ කෙසේද?

ඒ තේරීම් කාරක සභාවේ තීන්දුවේ කිසි තැනක බර­ප­තළ පාස්කු ප්‍රහා­රයේ සිදු­වී­මට, නිශ්චි­තව මේ ආණ්ඩුව වග­කිව යුතුයි කියලා නැහැ. ජනා­ධි­ප­ති­ව­රයා, අග­මැ­ති­ව­රයා, ආර­ක්ෂක ලේක­ම්ව­රයා වැනි අය වග­කිව යුතු බවට එක් එක් තැන්වල තිබෙ­නවා. එහෙත් කිසිදු තැනක නැහැ එහි වග­කීම ආණ්ඩුව බාර ගත යුතු බවක්. ඇත්ත­ටම ගත්තොත් ආණ්ඩු­වයි එහි වග­කීම බාර ගත යුත්තේ. ඒ වග­කීම ලබා නොදීම ලොකු අඩු­පා­ඩු­වක්.

කෙහොම වුණත් ඒ අඩු පාඩු මධ්‍යයේ හෝ ජන­තා­වට බොහෝ දේවල් දැන­ගන්න පුළු­වන් වුණේ මේ තේරීම් කාරක සභාව නිසයි. බොහෝ දේ මාධ්‍ය­යට විවෘත වුණා. තොර­තුරු දැන­ගන්න පුළු­වන් වුණේ ඒ හරහා.

එහෙත් රාජ­පක්ෂ පිල ඒකට සම්බන්ධ වුණේ නැහැ. ඒකට හේතුව හැටි­යට ඒ අය කිව්වෙ බදු­ර්දීන්ට එරෙ­හිව ගෙනා චෝදනා කතා­වක්. අද කිය­නවා රවුෆ් හකීම් හිටපු නිසා විරු­ද­්ධයි කියල. හකීම් හිටිය කියල ප්‍රශ්න කිරීම් නැව­තු­ණාද? විම­ර්ශ­නය කිරීම් නැව­තු­ණාද?

වග­කිව යුතු විප­ක්ෂ­යක් ලෙස ඒ අයට කරන්න තිබුණේ ජන­තා­වගේ ආර­ක්ෂාව වෙනු­වෙන් මැදි­හත් වෙලා ඒක නිවැ­රැදි කරන තැනට ගේන එකයි. ඒ අය­ටත් තේරීම් කාරක සභාව හරහා බොහෝ දේ දැන­ගන්න පුළු­වන් වුණා.

එය මැති­ව­ර­ණය අස්සේම එළි­යට දැමීම එක්තරා දේශ­පා­ලන වාසි­යක් ගන්න හදන ක්‍රම­යක් කියලා හිතෙන්නෙ නැත්ද?

නැහැ. එහෙම කියන්න බැහැ. ඒක පටන් ගත්තෙ කලින්නෙ. අනිත් එක දින වක­වානු දීලා, පසු­වයි කාලය දීර්ඝ කරලා මේ අව­සන් වාර්තාව දක්වා ගියේ.

චෝදනා එල්ල වූ ඇමැ­ති­ව­ර­යකු වූ රවුෆ් හකීම් මහතා ඒ තේරීම් කාරක සභාවේ සිටීම ඔබ දකින්නේ කෙසේද?

මා කලින් කියූ පරිදි රවුෆ් හකීම් ඇමැ­ති­ව­රයා හිටියා කියලා ඔහුට මොන­වද කරන්න පුළු­වන් වුණේ? ඔහුට සාක්කි දීම වළ­ක්වන්න හරි විම­ර්ශන නව­ත්වන්න හරි පුළු­ව­න්ක­මක් තිබුණෙ නැහැනෙ? අනිත් එක රවුෆ් හකීම් කියන්නෙ රාජ­පක්ෂ ආණ්ඩුවේ අධි­ක­රණ ඇමැ­ති­ව­රයා. ඔහු විත­රක් නෙමෙයි; බදු­ර්දීන් හිස්බුල්ලා පවා හිටියා. අදත් හිස්බුල්ලා ඉන්නේ රාජ­පක්ෂ කල්ලිය ළඟනේ? ඔය ඔක්කොම ඒ කාලෙ හිටියෙ රාජ­පක්ෂ ඔඩො­ක්කුවෙ තමයි.

ගස්ලබු ඇට­යක් රු. 100ක් විතර වෙනවා කියල අනුර කුමාර දිසා­නා­යක මහතා කෘෂි ප්‍රති­ප­ත්තිය එළි­දැ­ක්වී­මේදී කියලා තිබුණා. ඒක ප්‍රායෝ­ගි­කව වෙන්න පුළු­වන්ද?

ඔව්. මේ වෙන­කොට බීජ ලබා­ගැ­නීම විශාල ප්‍රශ්න­යක් වෙලා තියෙන්නෙ ගොවි ජන­තා­වට ගස්ලබු බීජ ග්රෑම් 100ක් රුපි­යල් 75,000ක් පමණ වෙනවා. ඒ විදි­හට බල­පු­වාම ඇට­යක් රු. 100ක් විතර වෙයි!

කෘෂි­කර්ම ප්‍රති­ප­ත්තිය නිකම්ම ලිය­වි­ල්ලක් විත­රයි කියලා ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන් කියලා තිබුණා...

ඒක සම්පූර්ණ වැරැදි කතා­වක්. කෘෂි­කර්ම ඉඩම් පශු­ස­ම්පත් හා වාරි­මාර්ග ඇමැ­ති­ව­රයා ලෙස අනුර කුමාර දිසා­නා­යක මහතා කට­යුතු කළා. ඉතා දුර­දර්ශී, ප්‍රායෝ­ගි­කව ඉටු කළ හැකි ප්‍රති­ප­ත්ති­යක් තමයි ඔහු ඉදි­රි­පත් කළේ. අපි කෘෂි­කර්ම ප්‍රති­ප­ත්තිය විත­රක් නෙමෙයි; අධ්‍යා­පන, සෞඛ්‍ය, ප්‍රවා­හන ප්‍රති­පත්ති පවා ඉදි­රි­පත් කළා. අපි විත­රයි ප්‍රති­පත්ති ඉදි­රි­පත් කළේ. අනිත් සියලු දෙනා පොරොන්දු දේශ­පා­ල­නයේ කට­යුතු කරන්නේ.

රටේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ජාතික ජන බල­වේ­ගයේ - නැත් නම් ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රති­ප­ත්තිය කුමක්ද?

ඉතා පැහැ­දි­ලිව රටේ ආර­ක්ෂා­වට අප මුල් තැනක් දෙනවා. රටේ මහ­ජ­න­තා­වගේ ආර­ක්ෂාව ගොඩ­න­ඟන්න පුළු­වන් වන්නේ රටේ සම­ගිය ගොඩ­නැ­ඟී­මෙන් පම­ණයි. මහ­ජන ආර­ක්ෂා­වයි රටේ ආර­ක්ෂා­වයි කියන්නෙ දෙකක්. ජාතික ආර­ක්ෂාව යටතේ රට බෙදන-එක, විදේ­ශීය ආක්‍ර­මණ වැළැ­ක්වීම වැනි කට­යුතු උදෙසා කට­යුතු කිරී­මයි වැද­ගත් වන්නේ. ඒ සඳහා ත්‍රිවිධ හමු­දාව ශක්ති­මත් කර අදාළ තීන්දු-තීරණ ගත යුතුයි. රටේ ජාතික ආර­ක්ෂාව වෙනු­වෙන් උප­රිම කැප­වී­මෙන් කට­යුතු කරන පක්ෂ­යක් - එහෙ­මත් නැත්නම් සංවි­ධා­න­යක් ලෙස ජාතික ජන බල­වේ­ගය හඳුන්වා දෙන්න පුළු­වන්.

ඒ වගේම මහ­ජන ආර­ක්ෂාව උදෙසා එකි­නෙකා අතර අස­ම­ඟිය, සැකය, අවි­ශ්වා­සය දුර-ලිය යුතු වනවා. අප ඒ වෙනු­වෙන් කට­යුුතු කර­නවා. ඒ අනුව සියලු ජන කොටස් අතර විශ්වා­සය ගොඩ­නැ­ඟී­මට අප කට­යුතු කර­නවා. සම­ඟි­යෙන් තොරව රටක මහ­ජන ආර­ක්ෂාව ඇති කරන්න බැහැ. ඒක තමයි මහ­ජන ආර­ක්ෂා­වට තියෙන එකම උත්ත­රය.

විදේශ ගෘහ සේව­යට කාන්තා­වන් යැවීම නව­ත්වන බව අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සුවා. එවිට ගෘහ සේවය පිණිස එතෙර යන අයට දෙන වික­ල්පය කුමක්ද?

විදේශ ගෘහ සේවිකා රැකියා එක පාර නව­ත්ත­නව කියල නෙමෙයි අනුර කුමාර දිසා­නා­යක මහතා කිව්වෙ. ඇත්ත­ටම අපේ රටේ අම්මල, අක්කල මේ කාන්තා­වන් විසින් තමයි විදේශ රට­වල වහල් සේවය කරල මේ රටට ආදා­යම එවන්නේ. ඔවු­න්ගෙන් තමයි අද වැඩි විදේශ විනි­ම­යක් උප­යන්නේ. ඇත්ත­ටම අපේ රට ආර්ථි­කය නිසි පරිදි මෙහෙ­ය­ව­නවා නම් විදේශ රට­වල ගිහින් බැළ මෙහෙ­වර කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

එහෙම වුණාම පවුල් ප්‍රශ්නත් අඩුයි. දූද­රු­වන් ළඟ අම්ම-තාත්ත දෙන්නම ඉන්නව. තමන්ගෙ ඥාති මිත්‍රා­දීන් සහෝ­දර සහෝ­ද­රි­යන් එක්ක මේ රටේ ගත කරන්න පුළු­වන්. ඒකට ආර්ථි­කය ශක්ති­මත් කළ යුතුයි. අපේ රට ආර්ථික වශ­යෙන් ගොඩ­න­ඟ­නවා නම් එතෙර යන්න ඕන නැහැ. ජාතික ජන බල­වේ­ගය හරහා අප නිර්මා­ණය කරන්න යන්නේ එවැනි ආර්ථික ක්‍රම­වේ­ද­යක්.

රුපි­යල බාල්දු වන විදි­හට ඔබ හිත­න­වාද ඒ තත්ත්වය රටේ ආර්ථි­කය සකස් කර­ගන්න පුළු­වන් මට්ටමේ තියේවි කියලා?

රටේ සිදු වන මේ දූෂණ වංචා නව­ත්ත­නවා නම් කිසිදු අප­හ­සු­ව­කින් තොරව එය කරන්න පුළු­වන්. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දවසේ විය­දම රුපි­යල් කෝටි 2ක්. ඉතිරි මාස 4ට විය­දම ලෙසින් කෝටි 240ක විය­ද­මක් වෙන් කර තිබෙ­නවා. ඒ කියන්නේ දව­සක විය­දම කෝටි දෙකයි. එක් පුද්ග­ල­යෙක් වෙනු­වෙන් විය­දම් කරන ඒ නාස්තිය නව­ත්වන්න පුළු­වන් නම් රටේ ආර්ති­කය ගොඩ ගන්න එක අසීරු දෙයක් නෙමෙයි.

ජාතික ජන බල­වේ­ගය හරහා මාධ්‍ය ප්‍රති­ප­ත්තිය නිද­හස් ආකා­ර­ය­කට හසු­ර­වන්න ඉඩක් ලැබෙ­යිද?

මාධ්‍ය ස්වාධීන කළ යුතුයි. ජන­තා­වට මාධ්‍ය ආය­ත­න­යට ඕනෑ දේ නොව; ඇත්ත දැන­ගන්නා තත්ත්ව­යට පත් කළ යුතුයි. අප එදා ඉදල උත්සාහ කළේ ජන­මාධ්‍ය සඳහා ස්වාධීන කොමි­ස­මක් ඇති කර­න්නයි. එවිට මාධ්‍ය­වල පක්ෂ­ග්‍රා­හි­ත්වය ඇති වන්නේ නැහැ. මාධ්‍ය නිද­හස ආරක්ෂා වන ලෙස මෙන්ම මාධ්‍ය අයි­තීන් ආරක්ෂා වන ලෙස මාධ්‍ය­වේ­දීන්ට නිද­හසේ කට­යුතු කළ හැකි ආකා­ර­යට මාධ්‍ය කොමි­ස­මක් මඟින් කට­යුතු කළ හැකියි.

Comments