ගමේ ගැට­ලු­ව­ලට විස­ඳුම් දෙන සජිත්ට හැමෝම කැමැ­තියි | සිළුමිණ

ගමේ ගැට­ලු­ව­ලට විස­ඳුම් දෙන සජිත්ට හැමෝම කැමැ­තියි

 හංසයා ලකු­ණින් තරග කරන නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජන­ප­ති­ව­රණ සටනේ වත්මන් තත්ත්වය ඔබ දකින්නේ කොහො­මද?

සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් මේ වෙන­කොට විශාල පිරි­සක් ඒක­රාශි වෙනවා. ගම් මට්ට­මින් බිම් මට්ට­මින් හා මධ්‍යම පාංති­ක­යන් රැසක් එකතු වෙමින් පව­ති­නවා. විශේ­ෂ­යෙන් විවිධ හේතු මත අතී­ත­යේදී එජා­පය හැර ගිය කොටස් එජා­පය පිළි­බඳ කල­කි­රුණු කොටස් විත­රක් නෙවෙයි අනි­කුත් පක්ෂ කණ්ඩා­ය­ම්ව­ලි­නුත් පිරිස් සජිත් වටා එක්රොක් වෙනවා. ගාලු මුව­දොර පිටි­යේදී පැවැති සජිත්ගේ මංගල රැලි­යට එක්වූ ගම් නියම් සිසාරා පැමිණි ලක්ෂ සංඛ්‍යාත පිරිස් කියා­ප‍ෑවේ සජිත්ගේ ජය­ග්‍ර­හ­ණය සහ­තික බවයි. මහ­ජන රැලි පවා ඉතා­මත් ශක්ති­මත්ව ජනී ජන­යා­ගෙන් පිරී ඉතිරී පව­ති­නවා. අලුත් ජව­යක් අලුත් උත්තේ­ජ­න­යක් අපේ සන්ධා­න­යට ලැබී තිබෙ­නවා.

සම­හරු සජිත් ප්‍රේම­දාස මහ­තාව පීඩිත පංතියේ මිනිහා දුප්ප­තාගේ හිත­වතා ආදී වශ­යෙන් හඳු­න්ව­නවා. ඒත් සජිත් කියන්නේ ජනා­ධි­ප­ති­ව­ර­යෙ­කුගේ පුතෙක්. එහෙම නම් ඔහු කොහො­මද පොඩි මිනි­හාගේ පංතිය නියෝ­ජ­නය කරන්නේ.

කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ අධ්‍යා­ප­න­යෙන් පස්සේ සජිත් ප්‍රේම­දාස මහතා උසස් අධ්‍යා­ප­නය හැදෑ­රී­මට එංග­ල­න්ත­යට ගියා. තම පියා වන රණ­සිංහ ප්‍රේම­දාස ජන­ප­ති­ව­ර­යාගේ නොසිතූ අභා­ව­යෙන් පසුව තමයි ඔහු ලංකා­වට පැමිණ දේශ­පා­ල­න­යට ඇතු­ළත් වුණේ. සජිත්ට මැද කොළඹ බට­හිර කොළඹ හෝ එජා­පය කිසිදා නොපැ­ර­දෙන ආස­න­යක් ඕනෑ තරම් ගන්න තිබ්බා.‍ ඒත්... ඔහු තෝරා ගත්තේ හද්දා පිටි­සර දිස්ත්‍රි­ක්ක‍යක් වූ හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­යයි. මේ දිස්ත්‍රි­ක්කය රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ කඳ­වු­රක් බවත් ඔහු හොඳින් ම දන්නවා. කෙදි­නක හෝ මේ රාජ­පක්ෂ බල කඳ­වුර බිඳ දැමී­මට ඔහු තුළ අධි­ෂ්ඨා­න­යක් තියෙන්න ඇති. සජිත් හම්බ­න්තොට හිසට සෙව­ණක් නැති අයට ගෙවල් හැදුවා. විදු­ලිය නැති අයට විදු­ලිය ලබා­දුන්නා. පොල් අතු වහ­ල­වල් තිබුණු ගෙවල් රට උළු සෙවි­ලි­කර සකසා දුන්නා. පන්ස­ලට පල්ලි­යට කෝවි­ලට ‍උදව් කළා. පන්සල්, වෙහෙර විහාර, දහම් පාසල්, ධර්ම­ශාලා හැදුවා. බුදු දහ­මට මුල් තැන දුන්නා. ඒ නිසා නිරා­යා­ස­යෙන් ම සජිත් පොඩි මිනි­හාගේ තැලෙන පෑගෙන මිනි­හගේ හිත­ව­තෙක් බවට පත්වුණා. ඒ විත­රක් නෙවේ නවීන තාක්ෂ­ණය සමඟ සිටින තරුණ පිරිස් ද සජිත් වටා ඒක­රාශි වුණා. ග්‍රාමීය ජන­තා­වගේ දුක දාඩිය සුවඳ ඒ අයට ආවේ­ණික ප්‍රශ්න ගැටලු සජිත් හොඳින් ම දන්නා නිසා ඒ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් සෙව්වා. ඒ නිසාම තමයි ඔහු පීඩිත පංතියේ ප්‍රශ්න ගැටලු හඳු­නන මිනි­සෙක් වුණේ.

සජිත් ප්‍රේම­දාස මහ­තාගේ සෑම ජන රැලි­ය­ක­ටම රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ­භාගි වන බව කලින් ප්‍රකාශ වුණත් දැන් දැන් සජිත්ගේ ජන රැලි­ව­ලදී රනිල් වික්‍ර­ම­සිංහ මහතා දකි­න්නට නැත්තේ ඇයි?‍

මෙත­නදී ජන­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා තමයි සජිත්. ඔහුට තනි ගම­නක් යන්න ශක්තිය තියෙ­නවා. නාය­ක­ත්වයේ ආශි­ර්වා­දය ලැබෙ­නවා. ඔබ මට කියන්න මහින්ද රාජ­පක්ෂ මහතා සහ­භාගි නොවන රැලි­ය­කට ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ගිහින් තිබෙ­න­වාද කියලා. මහින්ද නැතිව ගෝඨා­භ­යට පැවැ­ත්මක් නෑ.

ඕනෑම ජන­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­ය­කුට ඡන්දය ජය ගන්න නම් ද්‍රවිඩ ජාතික සංධා­න‍ෙය් සහාය අවශ්‍ය වෙනවා. ඒත් ඔවුන් තම සහාය ලබා­දී­මට ඉදි­රි­පත් කර ඇති කොන්දේසි ගැන මොකද හිතන්නේ‍.

අපේ දැක්ම අපි ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යෙන් එළි­ද­ක්ව­නවා. ඒකීය රාජ්‍ය­යක් තුළ උප­රිම බලය බෙදීම අපේ ප්‍රති­ප­ත්ති­යයි‍. ජන­වා­ර්ගික ප්‍රශ්නය ව්‍යව­ස්ථා­නු­කූල විස­ඳු­මක් ලබාදී තිබෙන්නේ එජා­පය පම­ණයි. පළාත් සභා ප්‍රාදේ­ශීය සභා තුළින් ඒ බලය බෙදීම කළා. ඒත් එදා මහින්ද රාජ­ප­ක්ෂලා සිරිමා මැති­නිය සමඟ පලා බබා අපිට එපා කියා පිට­කො­ටුවේ බෝධිය ළඟ විරෝ­ධතා දැක්වූ ආකා­රය උතුරේ ජන­තා­ව­ටත් දකුණේ ජන­තා­ව­ටත් හොඳට මතක ඇති. රටේ ඒකී­ය­භා­ව­යත් ආරක්ෂා කර­ගෙන බුද්ධා­ග­ම­ටත් මුල් තැන දීලා. සුළු ජාතී­න්ටත් අපි බල­යක් ලබාදී තිබෙ­නවා. ජන­වා­ර්ගික ප්‍රශ්න­යට සාධ­නීය විස­ඳු­මක් හැම තිස්සේ ම ලබා දුන්නේ එජා­ප­යයි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සංවි­ධා­ය­ක­ව­රුන් සම සංවි­ධා­ය­ක­ව­රුන් පසු­ගි­යදා සජිත් දින­වී­මට එක්වූ බව අප දුටුවා. මේ එක­තු­වීම දේශ­පා­ල­නි­කව ඔබ දකින්නේ කොහො­මද?

අද ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යත් පොහො­ට්ටු­වත් දැඩි අර්බු­ද­ය­කට පත්ව තිබෙ­නවා. ශ්‍රී ලංකා නිද­හස් පාක්ෂි­කයෝ අත­රමං වෙලා. රැස්වී­ම­කට ගිය­හම පොහො­ට්ටුවේ අය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට හූ කිය­නවා. එජා­පය කියන්නේ පවු­ල්වාදී පක්ෂ­යක් නොවේ. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂ­යක්. ඒත් පොහො­ට්ටුව කියන්නේ පවුල් සමා­ග­මක්. ජන­පති අපේ­ක්ෂක ගෝඨා­භය අග­මැති අපේ­ක්ෂක මහින්ද. බැසිල්ට ආර්ථික ඇමැ­ති­කම චමල්ට කථා­නා­ය­ක­කම, නාමල්ට තරුණ කට­යුතු තව ශෂි­න්ද්‍රට පවුලේ අනෙක් රාජ­ප­ක්ෂ­ලාට සල­ක­පු­ව­හම අනෙක් අයට දෙන්නේ මොන­වද? මේක පක්ෂ­යක් ද පවුල් සමා­ග­මක්ද? ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සංවි­ධා­ය­ක­යින් බුරුතු පිටින් අපත් සමඟ එක් වෙන්නේ.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ වැඩ­බ­ලන සභා­ප­ති­ව­රයා නම් කියන්නේ සජිත් සමඟ එක්වූ ශ්‍රී.ල.නි.ප. සංවි­ධා­ය­ක­ව­රුන්ට ඡන්ද සීය­ක්වත් ගත නොහැකි බවයි. මේ අය පක්ෂ­යෙන් ඉවත් කළ අය බවත් ඔහු කිය­නවා. මොකක්ද ‍ඊට ‍ඔබේ ප්‍රති­චා­රය.

කොළඹ ශීත කාම­ර­වල ඉන්න අයට වඩා ජන­හද ගැස්ම ගමේ මිනිහා හඳු­න­නවා. සජිත් දිනන බව දන්න නිසයි මේ අය අප හා එක­තු­වෙන්නේ.

යහ­පා­ලන ආණ්ඩු­වට එක් වූ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට පොහොට්ටු වේදි­කාවේ දී හ‍ූ කීවා. මේ හූ සංග්‍ර­හ­යත් පිටු­පස සිටින්නේ එජා­පය බව දයා­සිරි ජය­සේ­කර මහතා චෝදනා කළා. ඒ ගැන මොකද කියන්නේ.

එයා­ලට හූ කියන්නේ දහ­යක් දො‍ළහක් නෙවේ. මං දැක්කා දහස් ගණ­නක් හූ කිය­නවා. මේවා කරන්නේ එජාප පාක්ෂි­කයෝ නම් අපි ජය ගන්නේ ගව් ගානක් තිය­ලයි. දයා­සිරි කිය­නවා නම් එතන ඉන්නෙත් එජාප අය කියා මං දයා­සි­රිට ස්තුතිය පුද කර­නවා.

බැසිල් රාජ­පක්ෂ මහතා පසු­ගි­යදා පෞද්ග­ලික රූප­වා­හිනී නාළි­කා­වක් හා කරන ලද සාක­ච්ඡා­ව­කදී කිව්වා එජා­ප­යෙ­නුත් පොහො­ට්ටු­වට කීප දෙනෙක්ම එන්න ඉන්නවා කියා‍. ඒක ඇත්තද කවුද ඒ කට්ටිය.

නෑ... නෑ... අපේ කවු­රු­වත් යන්නේ නෑ. මෙච්චර කල් වුණේ එයා­ල­ගෙන් අපිට ආපු එක විත­රයි. නාවින්න, සොයිසා මහ­ත්ව­රුන් ඇතු­ළුව සිය ගණ­නක් සංවි­ධා­ය­ක­වරු, පළාත් සභා මන්ත්‍රී­වරු ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­වරු අපිට නම් ආවා. එජා­පය ජය­ග්‍ර­හ­ණ­යෙන් ඔද­වැඩී ඉන්න වෙලාවේ කවුද ඒ පැත්තට යන්නේ.

පාස්කු බෝම්බ ප්‍රහා­ර­යෙන් අව­තැන් වූ හෝ ජීවිත අහි­මිව‍ූ තුවාල වූ සිය­ලුම දෙනාට වන්දි හා ආධාර මුදල් ‍මේ වන­විට ලබාදී තිබෙ­න­වාද?

පාස්කු බෝම්බ ප්‍රහා­ර­යෙන් විප­තට පත් සැමට අපේ සංවේ­ගය පළ කර­නවා. තුවාල වූ සිය­ලුම දෙනාට මෙරට රෝහ­ල්වල ප්‍රති­කාර ලබා­ගත නොහැකි නම් විදෙස් රට­වල රෝහල් වෙත හෝ ප්‍රවේශ වී ප්‍රති­කාර ලබා ගැනී­මට පහ­සු­කම් සැපෙ­යුවා. තුවාල ලැබූ­වන්ට ඉති­හා­සයේ මෙතෙක් මෙවැනි අන­තු­ර­කදී නොගෙවූ වන්දි ලබා දී තිබෙ­නවා. අහිමි වූ ජීවිත හැර සෙසු සියලු ම දේ මේ ප්‍රහා­ර­ව­ලින් අන­තු­රට ලක්වූ අයට අපි ලබාදී තිබෙ­නවා. තව­දු­ර­ටත් වෛද්‍ය ප්‍රති­කාර ගත යුතු නම් ඒ පහ­සු­කම් ද සප­ය­නවා. විනාශ වූ දේව­ස්ථාන මාස දෙක­කදී ප්‍රති­සං­ස්ක­ර­ණය කළා. ඒ සඳහා ක්‍රියා­ත්මක වුණේ සජිත් ප්‍රේම­දාස මහ­තායි. අති­උ­තුම් මැල්කම් කාදි­නල් හිමි­පා­ණන් පවා සජිත් ප්‍රේම­දාස මහ­තාගේ කැප­වීම අගය කර තිබුණා.

ජන­ප­ති­ව­ර­ණ­යේදී කතෝ­ලික ප්‍රජාවේ ඡන්ද­යත් තීර­ණා­ත්ම­කයි. මෙවර කතෝ­ලික ජන­තා­වගේ ඡන්ද හැසි­රීම පිළි­බ­ඳව ඔබට කිව හැක්කේ කුමක්ද?

කතෝ­ලික ප්‍රජාවේ අති­බ­හු­ත­රය කව­දත් ඉන්නේ එජ­පය සම­ඟයි. ඒ එක්සත් ජාතික පක්ෂය තුළ ජාති ආගම් කුල මල බේද නොමැති නිසයි.

භූමි­තෙල් මිල අඩු කරන්න කියා උද්ඝෝ­ෂ­ණය කළ ඇන්තනී ධීවර සහෝ­ද­ර­යාට වෙඩි තබා මරා දැමීම, පිරි­සුදු වතුර ඉල්ලා රතු­ප­ස්ව­ලදී කළ උද්ඝෝ­ෂ­ණ­යේදී තිදෙ­නෙක් මරා දැම්මා. අර්ථ සාධ­කය සුරැ­කීමේ විරෝ­ධ­තා­ව­යේදී රොෂාන් චානක සහෝ­ද­ර­යාට වෙඩි තබා මරා දැමීම වැනි සිද්ධිත් කතෝ­ලික ජන­තා­වට හොඳට මත­කයි. ඒ නිසා කතෝ­ලික අයගේ සහාය අපිට ලැබෙ­නවා.

මේ දින­වල ඇතැම් පුද්ග­ල­යන් මවා පාන බෝම්බ බිය වැනි සිද්ධී­න්ව­ලට ආණ්ඩුව මුහුණ දෙන්නේ කොහො­මද?

මේක කරන්නේ සංවි­ධා­නා­ත්මක කල්ලි­යක්. ජාතික ආර­ක්ෂාව අපි සහ­තික කරලා තියෙන්නේ. පසු­ගිය දින­වල උතු­රෙන් ඇල්ලූ බෝම්බ වසර දහ­යක් දොළ­හක් පමණ ඒවා. මේ බොරු­කා­ර­යන්ට විරු­ද්ධව ජන­තාව නිසි පිළි­තුර ලබා­දේවි.

සිය­යට එක­සිය හත­කින් (107%) රජයේ සේවක වැටුප් වැඩි­කළා කිව්වත් ඇයි මේ තැනින් තැන උද්ඝෝ­ෂණ වැඩ වර්ජන පව­තින්නේ.

ඒක දේශ­පා­ලන වුව­ම­නාව මත කරන දෙයක්. වසර හත­රක් වර්ජන නොක­රපු අය ඇයි දැන් පාරට බහින්නේ මේවා පිටු­පස ඉන්නේ පොහො­ට්ටුවේ නාය­කයෝ. රජයේ සේව­ක­යින්ට ගෞර­ව­යෙන් යුතුව ජීව­ත්වී­මට හැකි පරි­ස­ර­යක් අපි හද­නවා.

Comments