රාජ­පක්ෂ පවුලේ කැල­ඹී­මක් ඇති කළ ගෝඨා­භ­යගේ ද්විත්ව-පුර­වැසි ආන්දෝ­ල­නය | සිළුමිණ

රාජ­පක්ෂ පවුලේ කැල­ඹී­මක් ඇති කළ ගෝඨා­භ­යගේ ද්විත්ව-පුර­වැසි ආන්දෝ­ල­නය

 

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ශ්‍රී ලාංකික පුර­වැ­සි­යකු ලෙස පිළි­ගැ­නීම සහ කට­යුතු කිරීම වළ­ක්වන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම දේශ­පා­ලන තලයේ පම­ණක් නොව සමස්ත ජන­තාව තුළම වඩාත් අව­ධා­න­යක් සහ කුතූ­හ­ල­යක් නිර්මා­ණය කළ කරු­ණක් විය. එප­ම­ණක් නොව; මේ නඩු තීන්දුව මඟින් ගෝඨා­භය මහ­තාට හෝ පොදු පෙර­මුණේ අපේ­ක්ෂ­ක­ත්ව­යට යම් අව­දා­න­මක් මතු වුව හොත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම සඳහා ලහි­ල­හි­යේම රාජ­පක්ෂ පවුලේ වැඩි­ම­හල් සහෝ­ද­රයා වන චමල් රාජ­පක්ෂ මහතා වික­ල්ප­යක් ලෙස ඉදි­රි­පත් කිරී­මට අදාළ කට­යු­තුද සිදු කර තිබිණි.

 

පුර­වැසි බලය සංවි­ධා­නයේ සම-කැඳ­වු­ම්ක­රු­වන් වන ගාමිණී විය­න්ගොඩ සහ මහා­චාර්ය චන්ද්‍ර­ගුප්ත තේනු­වර විසින් ගොනු කර තිබූ මේ පෙත්සම විභාග කළේ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු යසන්ත කෝදා­ගොඩ සහ මහින්ද සම­ය­ව­ර්ධන, අර්ජුන ඔබේ­සේ­කර යන ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල විසිනි.

මේ පෙත්සම ඉකුත් 2, 3 සහ 4 යන දින­ය­න්හිදී අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමු­වෙහි කැඳ­විණි. ආග­මන විග­මන පාල­ක­ව­රයා, පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ කොම­සා­රි­ස්ව­රයා, රාජ්‍ය පරි­පා­ලන සහ අභ්‍ය­න්තර කට­යුතු ඇමැ­ති­ව­රයා, ඒ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා, නීති­ප­ති­ව­රයා පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වූහ.

පෙත්ස­ම්ක­රු­වන් වෙනු­වෙන් විදා­න­ප­ති­රණ නීතිඥ සමා­ගමේ උප­දෙස් මත නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහ­තාද, පළමු සහ දෙවන වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් නියෝජ්‍ය සොලි­සි­ටර් ජෙන­රාල් නෙරීන් පුල්ලේ මහ­තාද, රාජ්‍ය පරි­පා­ලන සහ අභ්‍ය­න්තර කට­යුතු ඇමැ­ති­ව­රයා වෙනු­වෙන් නීතිඥ චානක ද සිල්වා මහ­තාද ඉදි­රි­පත් වූ අතර, ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා මහ­තාද කරුණු ඉදි­රි­පත් කළෝය.

පෙත්ස­ම්ක­රු­වන් විසින් මතු කරන ලද ප්‍රධාන ප්‍රශ්න­යක් වූයේ 2005 වස­රේදී ඇමෙ­රි­කානු පුර­වැ­සි­යකු ලෙස ශ්‍රී ලංකා­වට එන ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ද්විත්ව-පුර­වැසි භාවය ලබා­ගත් ආකා­ර­යයි. ඇමෙ­රි­කාවේ සිටි ගෝඨා­භය මහතා ශ්‍රී ලංකා­වට එන්නේ 2005 වසරේ සැප්තැ­ම්බර් 4 වැනි­දාය. ඔහු එලෙස එන්නේ ඇමෙ­රි­කානු පුර­වැ­සි­යකු ලෙස දින 30ක සංචා­රක වීසා පහ­සු­කම් යට­තේය. තනි­ක­රම සංචා­රක අර­මු­ණින් එන ඔහු එසේ පැමිණ මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රක ව්‍යාපා­රයේ මූලික කට­යු­තු­ව­ලට සම්බන්ධ වූයේය.

කෙසේ වුවද සංචා­ර­ක­ය­කුට වීසා ලද දින 30කට එහා රැඳී සිටීම මෙරට ආග­මන විග­මන නීති­ව­ලට අනුව වස­රත් වසර පහත් අතර කාල­යක සිර දඬු­ව­ම­කට යටත් විමේ ඉඩක් පවතී. මේ නිසා ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙම දින 30 සම්පූර්ණ වෙද්දී රටින් පිට වෙයි. ඒ 2005 වසරේ ඔක්තෝ­බර් 4 වනි­දාය. එහෙත් ඔහු යන්නේ ඉන්දි­යා­ව­ටය.

ඉන්දි­යාවේ දින දෙකක් ගත කරන ඔහු 6 දා යළි මෙර­ටට පැමි­ණෙයි. මහින්ද රාජ­පක්ෂ මහතා 2005 වසරේ ජනා­ධි­පති ධුරය සඳහා නාම යෝජනා භාර දෙන්නේ ඊට පසු­දාය. නොවැ­ම්බර් මස 18 දා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් මහින්ද රාජ­පක්ෂ මහතා ජය­ග්‍ර­හ­ණය කරන අතර, එයින් පසු ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇමෙ­රි­කානු පුර­වැ­සි­භා­ව­යට අම­ත­රව ශ්‍රී ලංකා­වේද පුර­වැසි භාවය සඳහා ඉල්ලුම් කොට ඇතත්, එය ලබා ඇති ආකා­රය පිළි­බඳ ඇත්තේ පැහැ­දිලි තත්ත්ව­යක් නොවේ.

ඔහු 2005 වසරේ නොවැ­ම්බර් 21 දා ද්විත්ව-පුර­වැසි භාවය සදහා ඉල්ලීම් කළ බවට වාර්තා වුවද ඒ සඳහා අනු­ග­ම­නය කළ යුතු අනු­මත කර­වා­ගැ­නීම් ඇතුළු දීර්ඝ පිය­වර සම්පූර්ණ කොට නැති බව ඉදි­රි­පත් වූ කරු­ණකි. නොවැ­ම්බර් මස 18 දින ජනා­ධි­ප­ති­ව­රයා ලෙස මහින්ද රාජ­පක්ෂ මහතා ජය­ග්‍ර­හ­ණය කොට නොවැ­ම්බර් 19 දා එව­කට අග­මැති ධුරයේ සිට ජනා­ධි­පති දුරයේ දිවු­රුම් දුන් පසු කැබි­නට් මණ්ඩ­ලය අහෝසි වන තත්ත්ව­යක් යටතේ මේ අනු­මත කිරීම් නිසි ආකා­ර­යෙන් සිදු නොවූ බවට නැඟුණු තර්ක­යක් විය.

එසේ වුවද මෙහිදී වග­උ­ත්ත­ර­කාර පාර්ශ්වයේ නීතී­ඥ­යන් පෙන්වා දුන්නේ නොවැ­ම්බර් මස 21 වැනිදා වන විට රටේ කැබි­නට් මණ්ඩ­ල­යක් නොපැ­වති තත්ත්ව­යක් යටතේ අමා­ත්‍ය­ව­රුන් සතු සියලු බල­තල විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා සතු වන බැවින් ඔහු එකී බල­තල ප්‍රකා­රව අදාළ ද්විත්ව පුර­වැසි සහ­ති­කය අනු­මත කොට ඇති බවයි. විශේ­ෂ­යෙන් 19 වැනි සංශෝ­ධ­න­යට පෙර ව්‍යව­ස්ථා­මය ඉඩ­කඩ අනුව ඒ ආකා­ර­යට හිටපු ජනා­ධි­ප­ති­ව­රයා ක්‍රියා කොට ඇති බව ඔහුගේ තර්ක අතර මූලික විය.

උප­තින් ශ්‍රී ලාංකි­ක­යකු වූ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇමෙ­රි­කානු පුර­වැ­සි­භා­වය ලද විගස මෙරට නීතිය අනුව ශ්‍රී ලාංකික පුර­වැ­සි­භා­වය අහිමි වුවත් එරටේ පුර­වැසි භාවය අත්හළ විගස මෙරට පුර­වැසි භාවය නැවත ලබා­ගැ­නීමේ හැකි­යාව පව­තින බවට ඔහු තර්ක කළේය.‍

පෙත්ස­ම්ක­රු­වන් වෙනු­වෙන් නැවත කරුණු දැක්වීම සිදු කර­මින් නීති­ඥ­යන් ඉදි­රි­පත් කළ කරු­ණක් වූයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ද්විත්ව පුර­වැසි භාවය ලබා­දී­මේදී අන් කිසි­ව­කුට නොමැති කඩි­නම් බවක් දක්වා ඇති බවයි. සාමාන්‍ය ක්‍රියා පටි­පා­ටිය අබි­බවා යමින් ඒ සහ­ති­කය ලබාදී ඇති බව ඔවුහු කරුණු කාරණා සහි­තව පෙන්වා දුන්හ.

එමෙන්ම මෙම පෙත්සම ද්වේශ සහ­ග­තව ඉදි­රි­පත් කර ඇති බවට වග­උ­ත්ත­ර­ක­රු­වන්ගේ නීති­ඥ­ව­රුන් ඉදි­රි­පත් කරන ලද කරුණු නිවැ­රදි නොවන බවද ඔවුන්ගේ මතය විය.

මෙහිදී අද­හස් පළ කළ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා “මහින්ද රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති ලෙස පත් වන්නේ 2005 නොවැ­ම්බර් මස 18 දින­යේ­දීයි. නොවැ­ම්බර් මස 21 අග­මැති පත් කර 23 දින ඇමැ­ති­ව­රුන් පත් කර­නවා. අමා­ත්‍යාංශ විෂ­ය­යන් දෙසැ­ම්බර් 08 දින වෙන් කර අදාළ ගැසට් පත්‍රය දෙසැ­ම්බර් 13 ප්‍රසිද්ධ කර­නවා‍. ජනා­ධි­පති ලෙස පත්වූ නොවැ­ම්බර් 18 දින සිට ‍නොවැම්බර් 21 තෙක් කාල­යේදී මෙම සහ­ති­කය අත්සන් කිරීම ප්‍රධා­නම ගැට­ලුව ලෙස පෙන්වා දිය හැකියි.

අලු­තෙන්ම පත් වූ ජනා­ධි­ප­ති­ව­ර­යාට ඔහු ඊට පෙර දැරූ තන­තු­රට ‍හිමි බල­තල හිමියි. එසේ ම අග­මැති, ඇමැ­ති­ව­රුන් පත් කිරීමේ බල­තල හිමියි. එය අනි­වා­ර්ය­යෙන්ම කළ යුතුයි. අමා­ත්‍යාං­ශ­යක් බාර නොගෙන ඊට අදාළ විෂ­ය­යන් හෝ කට­යුතු සම්බ­න්ධ­යෙන් ක්‍රියා කිරීමේ හැකි­යා­වක් ජනා­ධි­ප­ති­ව­ර­යාට නැහැ.

එසේ නම් ජනා­ධි­ප­ති­ව­ර­යාත් අමාත්‍ය ධුර­යක් බාර­ගත යුතුයි. එසේ නොමැ­තිව එක් විශේ­ෂිත විෂ­ය­යක් සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරීමේ හැකි­යා­වක් ඔහුට නැහැ. ඔහුට කට­යුතු කළ හැක්කේ ඇමැ­ති­ව­ර­යකු පත් නොකළ අමා­ත්‍යාං­ශ­යක් හෝ ඊට අදාළ කට­යුතු පම­ණයි.“ යන්නය.

තව­දු­ර­ටත් තම කරුණු ඉදි­රි­පත් කළ ඔහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියේ වග­උ­ත්ත­ර­ක­රු­වන්ගේ කරුණු පද­නම් විර­හිත බැවින් මේ අතුරු නියෝ­ගය නිකුත් කරන ලෙසය.

නීති­ඥ­ව­රුන්ගේ කරුණු දැක්වී­මෙන් අන­තු­රුව ලිඛිත දේශන සිකු­රාදා (4) පස්වරු 3.15ට අධි­ක­ර­ණ­යට ලබා­දෙන ලෙස පෙත්ස­මෙහි පාර්ශ්ව­ක­රු­වන්ගේ නීති­ඥ­ව­රුන්ට නියම කරනු ලැබීය. අතුරු නියෝ­ගය පිළි­බඳ තීන්දුව පස්වරු 6.00ට ප්‍රකාශ කිරී­මට කට­යුතු කෙරිණි.

මේ තීන්දුව ප්‍රකාශ කරන මොහොතේ අධි­ක­ර­ණය තුළ ප්‍රීති­ඝෝසා කිරී­මක් සහ අත්පුඩි ගැසී­මක් ඇසුණු අතර ඒ පිළි­බ­ඳව සභා­පති විනි­සුරු යසන්ත කෝදා­ගොඩ මහතා තම අප්‍ර­සා­දය පළ කළේය. නඩු තීන්දුව කිය­වීම නවත්වා ඔහු සැණින් වහා නිශ්ශබ්ද වන ලෙස ප්‍රකාශ කළ අතර, එසැ­ණින් වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා “සමා වෙන්න සවා­මීනි“ යැයි ප්‍රකාශ කළේය.

අධි­ක­රණ ශාලාව තුළ දැක්වූ මේ අවි­නීත හැසි­රීම දුටු සභා­පති විනි­සු­රු­ව­රයා මේ සම්බ­න්ධ­යෙන් තමා කම්ප­න­ය­ටත් කන­ගා­ටු­ව­ටත් පත් වන බව ප්‍රකාශ කළ අතර, මේ අක­ට­යු­ත්තට නීති­ඥ­යන්ගේ සම්බ­න්ධ­යක් නැති බවට අනු­මාන කරන බවත්, යම් හෙය­කින් නීති­ඥ­යකු ඊට සම්බන්ධ නම් ඔහුට එරෙ­හිව නෛතික පිය­වර ගන්නා බවත් ප්‍රකාශ කළේය. ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා යළිත් වරක් එහිදී සමාව අයැද සිටිනු දක්නට ලැබිණි.

Comments