ජී.එම්.ඕ. එක අද වැඩ කරන්නේ දේශ­පා­ලන න්‍යාය පත්‍ර­ය­ක­ටයි | සිළුමිණ

ජී.එම්.ඕ. එක අද වැඩ කරන්නේ දේශ­පා­ලන න්‍යාය පත්‍ර­ය­ක­ටයි

 

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංස­ඳය පිළි­බ­ඳව හා එහි අර­මුණු පිළි­බ­ඳව කිසි­යම් පැහැ­දිලි කිරී­මක් කළොත්?

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංස­දය ක්‍රියා­කාරී වන්නේ 2014 සිටයි. අපට අර­මුණ වුණේ මේ ගෞර­ව­නීය වෘත්තිය ආරක්ෂා කොට රැක­ගැ­නී­මයි. වෘත්තීය සමි­ති­යක් වශ­යෙන් ක්‍රියා­ත්මක වන රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ක්‍රියා කලා­පය නිසා වෛද්‍ය­ව­රුන්ට මෙතෙ­ක්කල් තිබුණු වෘත්තීය ගරු­ත්වය අද කෙළෙ­සිලා. අවු­රුදු 93ක ගෞර­ව­නීය ඉති­හා­ස­ය­කට උරු­ම­කම් කියන මේ සංග­මය පහු­ගිය අවු­රුදු 10-15 අතර කාලය තුළ දේශ­පා­ලන පක්ෂ­යක විලා­ශ­යට පරි­ව­ර්ත­නය වෙලා. එහි සිටින වත්මන් නාය­කයා සිය දේශ­පා­ලන අනා­ග­තය නිර්මා­ණය කර ගැනීම සඳහා දේශ­පා­ලන න්‍යාය පත්‍ර­යක් අනුව කට­යුතු කිරීම ඒකට හේතු­වයි. අද එය ඉතාම පැහැ­දි­ලිව ජන­තා­වට පේනවා. වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය විසින් වාර්ෂි­කව එහි සාමා­ජි­ක­යන් 22600කගෙන් වස­ර­කට සාමා­ජික ගාස්තු වශ­යෙන් රුපි­යල් 6000ක් අය­කර ගනු ලබ­නවා. වාර්ෂි­කව මිලි­යන 150 පමණ මුද­ලක් මේ සංග­මය විසින් විය­දම් කර­නවා. ඒ මොන­ව­ටද කියන කාර­ණාව අද වෛද්‍ය­ව­රු­න්ටත් ප්‍රශ්න­යක්. ඒව­ගේම මේවා වග­කි­ව­යුතු ආකා­ර­යට විග­ණ­නය වෙන්නේ නැහැ. අපට දැන ගන්න ලැබෙන ආකා­ර­යට මේවා කිසි­යම් දේශ­පා­ලන පක්ෂ­යක අර­මු­දල් වෙනු­වෙන් යොදවා තිබෙ­නවා. ඒ ආකා­ර­යට මුදල් ලබා­දීම මඟින් මේ සංග­මයේ ප්‍රධාන නිල­තල දරණ අයට ඒ පක්ෂයේ ජාතික ලැයි­ස්තු­වෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී ධූර ලබා­ගැ­නී­මට ගිවි­සුම් ඇති කර­ගෙන තිබෙන බව අපට දැන­ගන්න ලැබුණා.

 

ඔබ මේ එල්ල කරන්නේ බර­ප­තල චෝද­නා­වක්. මේ බව ඔප්පු කරන්න ඔබ ළඟ තියෙන සාධක මොන­වද?

මේ මුද­ල්ව­ලට මොකද වුණේ කියල හොයන්න නම් සී.අයි.ඩී පරී­ක්ෂ­ණ­යක් කළ යුතුයි. මේ සංග­මය දැන් දේශ­පා­ල­නී­ක­ර­ණය වෙලා තියෙන්නේ. මං මේ කියන කාර­ණය ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත මහ මැති­ව­ර­ණ­යේදී ලැබෙන ප්‍රති­ඵ­ලය අනුව සක්සු­දක් සේ ඔප්පු වේවි. ඊට පස්සේ ඔබ මගෙන් අහන්න ඔයා එදා කිව්ව දේ බොරුද නේද කියලා.

 

නමුත්, රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය දේශ­පා­ල­නී­ක­ර­ණය වීම ගැන වෛද්‍ය­ව­රුන්ගේ එත­රම් අක­මැ­ත්තක් නෑ නේද?

කවුද එහෙම කියන්නේ; මේ වෘත්තීයේ ගෞර­වය ගැන හිතන කිසිම වෛද්‍ය­ව­ර­යෙක් එය දේශ­පා­ල­නී­ක­ර­ණය වීම අනු­මත කරන්නේ නැහැ. ජී.එම්.ඕ එක දැන් වැඩ කරන්නේ දේශ­පා­ලන න්‍යාය පත්‍ර­ය­කට බව ඔවුන් දන්නවා. ඔවුන්ගේ ස්වාධී­න­ත්වය හීන­වෙලා ඔවුන් කිසි­යම් දේශ­පා­ලන පක්ෂ­යක අත­කො­ලු­වක් බවට පත් වීම කිසි­සේත්ම ඔවුන් අනු­මත කරන්නේ නැහැ. මේ හේතුව නිසා වෛද්‍ය­ව­රුන්ගේ වෘත්තීය අයි­ති­වා­සි­කම්, සුබ­සා­ධන කට­යුතු සම්පූ­ර්ණ­යෙන් ම ඇන හිටලා. මේ වගේ වාතා­ව­ර­ණ­යක් තුළ ඔවුන් ඉන්නේ විශාල කල­කි­රී­ම­කින්. ඒ නිසා තමයි වෛද්‍ය­ව­රුන්ගේ සැබෑ ප්‍රශ්න වෙනු­වෙන් පෙනී ඉන්න පුළු­වන් සංවි­ධා­න­යක් අප නිර්මා­ණය කළේ. ඔවුන් ඒ අයව පිළි­ගත්ත නම් අපට මෙවැනි සංවි­ධා­න­යක් හදන්න අව­කාශ සැල­සෙන්නේ නැහැ. මේ වෙද්දි දහ­ස­කට කිට්ටු සාමා­ජි­ක­යන් පිරි­සක් අපේ සංස­දය වටා පෙළ ගැසෙ­මින් තිබෙන්නේ ඒනිසා. ඉදි­රි­යේදී තවත් බොහෝ අය මේ වටා පෙළ­ගැ­සේවි.

 

අපි දැක්කා පසු­ගිය දා (18 වෙනිදා) රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය දීප ව්‍යාප්ත වැඩ­ව­ර්ජ­න­යක් ක්‍රියා­ත්මක කර­නවා. ඔවුන් කියන්නේ එය සාර්ථක වූ බවයි.

ඒක අමූ­ලික බොරු­වක්. විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­ම­යත්, සමස්ථ ලංකා වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­ම­යත්, රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංස­දය විදි­යට අපිත් මේ වැඩ වර්ජ­න­යට දායක වුණේ නැහැ. ඒ දවසේ වෛද්‍ය­ව­රු­න්ගෙන් 75% වැඩ කළා. ඒ වගේම රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය නියෝ­ජ­නය කරන නමුත් වැඩ­ව­ර්ජ­න­ව­ලට එකඟ නැති බොහෝ වෛද්‍ය­වරු ඊට සහය දැක් වූයේ නැහැ. ඒ අය තමන්ගේ වෘත්තීය කට­යු­තු­වල නියැළී සිටියා. සම­හර ගම්ප­ලා­ත්වල වෛද්‍ය­වරු හිඟ­කම නිසා එක්කෙ­නෙක් දෙන්නෙක් නාවත් ඒක ලොකු­වට දැනෙ­නවා. කොහොම නමුත් මේ දේවල් නිසා අස­රණ වෙන්නේ රෝගී ජන­තාව. ඒ අය අස­රණ නොකර බෙහෙත් හේත් කරන්න වෛද්‍ය­ව­රුන් විදි­යට අපට යුතු­ක­මක් තිබෙ­නවා. වෛද්‍ය­වරු විදි­යට අප එය පැහැර නොහැ­රිය යුතුයි. ඔවුන් අපේ පුද්ග­ලික වාසාය තකා යොදා නොගත යුතුයි.

ඇත්ත­ටම මේ වැඩ වර්ජ­න­ව­ලට හේතු­වෙලා තියෙන්නේ රජයේ වෛද්‍ය සංග­මයේ තිබෙන අක­ර්මන්‍ය භාව­යයි. ඒකට මේ අස­රණ රෝගීන් පළි නැහැ. ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් බැලු­වොත් වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියා­ත්මක විය යුත්තේ වැඩ වර්ජ­න­ව­ලින් තොර­වයි. ඒ අදාළ නෛතික ලේඛ­න­වල සඳ­හන් වී තිබෙ­නවා. ඒ නැතත් රෝගීන් බිල්ලට ගෙන කට­යුතු කරන්න අපට සදා­චා­රා­ත්මක අයි­ති­යක් නැහැ.

 

නමුත් සටන් නොකර; වෛද්‍ය වෘත්ති­ක­යන් ඔවුන්ගේ ඉල්ලීම දිනා ගන්නේ කොහො­මද ?

ඒකට තමයි වෛද්‍ය­ව­රුන්ට විධා­යක කමි­ටු­වක් තිබෙන්නේ. මේ විධා­යක කමි­ටුව නිසි­යා­කා­රව කට­යුතු කර­නව නම් ඉල්ලීම් දිනා­ගන්න සාමා­ජි­ක­යන්ට වැඩ වර්ජන කරන්න කියල පොල­ඹ­වන්න ඕන වෙන්නේ නැහැ. විධා­යක කමි­ටුව බල­වත් නම් ඒ අය කිය­න­දේට රජය ඇහු­ම්කන් දෙනව නම් මේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙතන වෙලා තියෙන්නේ විධා­යක කමි­ටුවේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කරන වෛද්‍ය පාදෙ­ණි­යගේ දූෂණ හා අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් වන ලිපි­ගොණු කිහි­ප­යක් මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා ළඟ තිබී­මයි. ඔහු ඒ ලිපි­ගොණු දඩ­මීමා කර­ගෙන පාදෙ­ණිය ඇතුළු මෙහි ප්‍රධා­නීන් පිරි­සක් රූකඩ බවට පත් කර­ගෙන තිබෙ­නවා. ඒනිසා මේ අය රජය සමඟ කිසිම දෙයක් සුහඳ ව සාකච්ඡා මාර්ග­යෙන් විසඳ ගන්න කැමති නැහැ. ඒ නිසා ඡන්ද­යක් ළං වෙන හැම අව­ස්ථා­ව­ක­දීම මේ අය රූකඩ නට­ව­නව වගේ නට­වන්න මහින්ද මහ­ත්ත­යට පුළු­වන්. ඒකෙන් අස­රණ වී සටින්නේ මේ රටේ දුප්පත් අස­රණ ජන­තාව. ඔවුන්ට මුදල් ගෙවල පුද්ග­ලික රෝහ­ල්ව­ලට යන්න බැහැ. අද මේ අය ජන­තාව වෙනු­වෙන් කට­යුතු කර­නව කිව්වට; ඔවුන් හැසි­රෙන විදි­යෙන් ඒ බව පෙන්නේ නැහැ.

 

ඔබ ඔය කියන විදි­යට වෛද්‍ය පාදෙ­ණිය සම්බ­න්ධ­යෙන් තිබෙන ලිපි­ගොණු මොන­වද?

එකක් තමයි විදේශ විනි­මය පිළි­බඳ මූල්‍ය වංචා­වක් සිදු කළ බවට නැගෙන චෝද­නාව පිළි­බඳ ලිපි ගොණුව; අනික් එක විශේ­ෂඥ වෛද්‍ය විභා­ගය සමත් වීම සඳහා කරන ලදැයි කියන අක්‍ර­මි­ක­තා­ව­යක් පිළි­බඳ ලිපි ගොණු; ඊළ­ඟට රිජ්වේ ළමා රෝහ­ලට ම මුල්ම පත්වීම ලබා­ගැ­නීමේ අක්‍ර­ම­ක­තා­වක් පිළි­බඳ ලිපි­ගො­ණුව; මේ සියලු ලිපි­ගොණු තිබෙන්නේ මහින්ද රාජ­පක්ෂ මහ­ත්තය ගාව. ඒ නිසා ඔහුට අද එක්තරා දේශ­පා­ලන පක්ෂ­යක අව­ශ්‍ය­තාව වෙනු­වෙන් පෙනී සිටී­මට සිදුව තිබෙ­නවා.

 

නමුත් මේ හැම­දේ­කින්ම තැලෙන්නේ මේ රටේ මහ­ජ­න­තාව වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංස­දය විදි­යට ඔබ­ල­ටත් මේ ගැන වග­කී­මක් තියෙ­නව නේද?

අපට එවැනි දේ වෙනු­වෙන් ක්‍රියා කරන්න හැකි­යා­වක් නැහැ. අප ඉදි­රි­යේදී මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් කරන්න කියල ලිපි­යක් බාර­දෙන්න අද­හස් කර­ගෙන ඉන්නවා. නමුත් රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය මේ තැනට ගෙනාපු එක ගැන අප රජ­යට දොස් පව­ර­නවා. මොකද මේ අය වෘත්තීය සමිති ආඥා­ප­න­තට පට­හැ­නි­වයි කට­යුතු කරන්නේ. මේ ආඥා­ප­න­තට අනුව මේ වෘත්තීය සමිති ව්‍යාපා­රය අහෝසි කරන්න පුළු­වන්. මොකද අපි දැක්කා පහු­ගිය දව­ස්වල මේ අය දේශ­පා­ලන ඉල්ලීම් කර­නවා. වෘත්තීය සමිති ව්‍යාපා­ර­ය­කට වෘත්තීය අව­ශ්‍යතා වෙනු­වෙන් මිසක් දේශ­පා­ලන ඉල්ලීම් කරන්න බැහැ. උදා­හ­ර­ණ­ය­කට අප ඇක්කා පසු­ගිය 22 වෙනිදා ඔවුන් දේශීය හා වෛද්‍ය අමා­ත්‍ය­ව­ර­යාගෙ ප්‍රජා අයි­තිය අහෝසි කරන්න කියල ඉල්ලී­මක් කර­නවා. එවැනි දේ දේශ­පා­ලන සංවි­ධා­න­ය­කට කරන්න පුළු­වන්. නමුත් වෘත්තීය සමි­ති­ය­කට එවැනි ඉල්ලී­මක් කරන්න අයි­ති­යක් නැහැ. අද ඔවුන් යහ­පා­ල­න­යට හා ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට මුවාවී ඉන් අනිසි ප්‍රයෝ­ජන ගෙන කට­යුතු කර­නවා.

 

ඔබ­ලට ඒ වෙනු­වෙන් නීතිය ඉදි­රියේ කට­යුතු කරන්න පුළු­වන් නේද?

ඇයි? අපි එහෙම කරන්නේ මොක­ටද ?.ඒක රජය කරන්න ඕන දෙයක්. විශේ­ෂ­යෙන් ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙන­රාල් වර­යයි සෞඛ්‍ය ලේක­ම්ව­ර­යයි මේ ගැන ලියන්න ඕන වෘත්තීය සමිත කොම­සා­රි­ස්ව­ර­යට. මේ සංග­මයේ ලියා­ප­දිං­චිය අහෝසි කරන්න කියලා ලියලා ඉල්ලා සිටින්න ඕන. සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා හෝ පාර්ලි­මේ­න්තුව මේ සම්බ­න්ධ­යෙන් දැනු­වත් කරන්න ඕන. එහෙම කරල මේ සංග­මය අහෝසි කරල,; මේ සියලු නිල­ධා­රීන් සම්බ­න්ධ­යෙන් විනය පරී­ක්ෂණ කරන්න ඕන. එහෙම නැතුව මේ ක්‍රියාව නතර වෙන්නේ නැහැ.

Comments