පක්ෂ දෙක-තුනක සිටි­යත් ඔක්කොම එක­රෑනෙ කුරුල්ලො! | Page 2 | සිළුමිණ

පක්ෂ දෙක-තුනක සිටි­යත් ඔක්කොම එක­රෑනෙ කුරුල්ලො!

පසු­ගිය 12 වැනිදා පැවැත්වූ සමු­ළු­වේදී ජාතික ජන බල­වේ­ගයේ අපේක්ෂා ඉටු වුණා­යැයි සිත­න­වාද?

ජාතික ජන බල­වේ­ගයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ජය­ග්‍ර­හ­ණය කර­වීම සදහා වැඩ කරන ජන­තා­වගේ අධි­ෂ්ඨා­නය ප්‍රකා­ශ­යට පත් කිරීම තමයි ඒ සමු­ළුවේ මූලික අද­හස බවට පත් වුණේ. රාජ්‍ය සේවයේ මෙන්ම අර්ධ රාජ්‍ය සේව­යේත්, පෞද්ග­ලික සේවා­ව­න්හිත් සේව­ක­යන්, කම්කරු නියෝ­ජි­ත­යන් ඒ සඳහා විශාල වශ­යෙන් සහ­භාගි වුණා. ඔවුන් තම ආය­ත­න­යේදී, වැඩ­බි­මේදී අපේ අපේ­ක්ෂ­කයා දින­වී­මට සපථ කළා.

සමු­ළු­වට පැමිණි සියලු දෙනාම ජාතික ජන බල­වේ­ගයේ අපේ­ක්ෂ­කයා දින­වී­මට කට­යුතු කර­යිද?

අනි­වා­ර්යෙන්ම. ඒ අය මේ සමු­ළු­වට ආවේ ජාතික ජන බල­වේ­ගය හරහා අපේ­ක්ෂ­කයා දින­වී­ම­ටම තමයි. සියලු දෙනාම විසිර ගියේ ඒ අපේ­ක්ෂාව මුදුන් පත් කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා අදි­ට­නින්. ඒ සම්බ­න්ධව ජන­තාව දැනු­වත් කිරී­ම­ටත් ඔවුන් පිය­වර ගනීවි.

ඔබ පක්ෂය මේ ප්‍රචා­රණ කට­යු­තු­ව­ලදී සමාජ මාධ්‍ය කෙරෙහි එත­රම් උන­න්දු­වක් නැහැ වගේ...

අප සෑම මාධ්‍යක්ම උප­යෝගි කර­ග­න්නවා. විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය වගේම සමාජ මාධ්‍යත්, ඒ වගේම පෝස්ටර්, පත්‍රිකා හා මහා පරි­මාණ රැස්වීම් ඒ වගේම ගම් මට්ටමේ ජන­තාව සමඟ පව­ත්වන කුඩා රැස්වීම්, ගෙයින් ගෙට යෑම් වැනි සියලු ආකා­රයේ ප්‍රචා­රණ ක්‍රම අනු­ග­ම­නය කර­නවා. අප එය ක්‍රමා­නු­කූ­ලව ගොඩ­නං­ව­මින් තිබෙන්නෙ.

ඔබ පක්ෂය කාලා­න්ත­ර­යක් තිස්සේම තුන් වන බල­වේ­ගය ලෙස නේද පව­තින්නේ?

අපේ රටේ එක අව­ධි­යක් තිබුණා තුන් වන බල­වේ­ග­යක් ගැන කතා කරන. ඒත් දැන් ඒ තුන් වන බල­වේ­ගය කියන සංක­ල්පය වලංගු නැහැ. ශ්‍රී ලංකා භූමි­යෙන් එය දැන් ඉවත් වෙලා තියෙන්නේ. දැන් එක් පැත්තක තියෙන්නේ අලි-පොහොට්ටු බල­වේ­ග­යක් පම­ණයි. පක්ෂ දෙකක හෝ තුනක සිටි­යත් ඒ සියලු දෙනා එකම රෑනක කුරු­ල්ලන් වගේ. ආර්ථික සංක­ල්ප­යෙන්, එහෙ­මත් නැත් නම් දේශ­පා­ලන, ඒත් නැත්නම් සංස්කෘ­තික වශ­යෙන් ඒ පක්ෂ­වල සංකල්ප එකයි. එවැනි තත්ත්ව­යක් තුළ අපේ බල­වේ­ගය වික­ල්ප­යක් ලෙස නෙමෙයි, දෙවැනි බල­වේ­ගය ලෙස තමයි ගොඩ­නැ­ඟෙ­මින් තිබෙන්නේ.

ඔබ එසේ කිව්වත් තව­මත් ප්‍රධාන පක්ෂ දෙක නැත්නම් ඒ හා සම්බන්ධ සන්ධාන අත­රයි බලය හුව­මාරු වන්නේ. ඔබ පක්ෂයේ ප්‍රති­පත්ති පිළි­බඳ ගැට­ලු­වක්ද? නැත්නම් පක්ෂ­යට ජන­තා­වගේ පිළි­ගැ­නී­මක් නැත්ද?

ඇත්ත­ටම අපට දැන් ඒක අදාළ වන්නේ නැහැ. ජාතික ජන බල­වේ­ගය ගොඩ­නැං­වී­මේදී අප පහු­ගිය අගෝස්තු 18 වැනිදා ගාලු මුව­දොර අපේ ප්‍රචා­රක කට­යුතු ආරම්භ කළා.

අපට හොඳින් පෙනන දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂය වටා රොක් වෙමින් පක්ෂය අල්ලා­ගෙන සිටින අය හැරෙ­න්නට 2015දී පවා ඒ වටා සිටි බල­වේග දැන් ක්‍රම­යෙන් අපගේ ජාතික ජන බල­වේ­ගය වටා රොක් වන බවක්. ඒ වගේම මහින්ද රාජ­පක්ෂ මහතා වටා සිටි අයත් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නම ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස යෝජනා වීමත් සමඟ එතැ­නින් දුරස්ව අප වටා එක්රොක් වන බව පෙනෙන්න තිබෙ­නවා. අප විශ්වාස කර­නවා මේ තත්ත්වය තවත් වර්ධ­නය වෙයි කියා.

විශේ­ෂ­යෙන්ම මේ වන තෙක් එක්සත් ජාතික පක්ෂ­යෙන් අපේ­ක්ෂ­ක­යකු නම් කර නැති නිසා අපට දෙමළ හා මුස්ලිම් ජන­තා­වගේ ආකල්ප ගැන කියන්න බැහැ. ඒත් රටට ආදරේ, රට ගොඩ ගන්න අය ජාති ආගම් භේද­ව­ලින් තොරව මේ ජාතික ජන බල­වේ­ගය වටා එක්රොක් වනවා.

වාසු­දේව නානා­ය­ක්කාර මහතා පසු­ගි­යදා පැව­සුවා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඔබ පක්ෂය කරන්න යන්නේ දෙවන මනා­පය එක්සත් ජාතික පක්ෂ­යට දී ඒ පක්ෂය දින­වීම බවක්...

එක්සත් ජාතික පක්ෂ­යට බලය දෙන්න නම් අප කිස්සේත්ම ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කළ යුතු නැහැ. ජාතික ජන බල­වේ­ගයේ එකම අව­ශ්‍ය­තාව ඒ අපේ­ක්ෂ­කයා දින­වීම පම­ණයි. මේ අව­ස්ථාවේ ජාතික ජන බල­වේ­ගය හරහා තමන් කොතෙක් දුරට රට වෙනු­වෙන් කට­යුතු කර­න­වාද යන්න ගැනයි ජන­තාව කල්පනා කරන්නේ. වාසු­දේව නානා­ය­ක්කාර මහතා විටින් විට කරන ප්‍රකාශ ගැන අප ඒ තරම් කල­බල විය යුතු නැහැ. අප නම් හිතන්නේ නැහැ ජාතික ජන බල­වේ­ග­යට ඡන්දය දෙන කිසි­වකු දෙවන මනා­ප­යක් පාවිච්චි කරයි කියලා. අප එවැ­න්නක් කිය­ලාත් නැහැ. එක්සත් ජාතික පෙර­මු­ණට හෝ පොහොට්ටු පක්ෂය වෙනු­වෙන් හෝ එහෙම පාවිච්චි කරන්න හේතු­ව­කුත් නැහැ.

තරුණ පිරිස ඔබ පක්ෂය හා සම්බන්ධ කර­ගැ­නී­මට, විශේ­ෂ­යෙන්ම අලුත් ඡන්ද ඔබ පක්ෂය වෙත යොමු කර­ගැ­නී­මට ක්‍රියා­මා­ර්ග­යක් ගෙන නැහැ නේද?

ඒ අය තම කුලු­ඳුල් ඡන්දය රටේ යහ­ප­තට භාවිත කරයි කියල අප සිත­නවා. තරුණ පර­පු­රට ගතා­නු­ග­තික ආකල්ප නැහැ. ඒ අය හිතන-පතන විදිහ වෙනස්. ඒ නිසා සැල­කිය යුතු ඡන්ද ප්‍රමා­ණ­යක් ඒ අය­ගෙන් අපට ලබා­ගන්න පුළු­වන් වෙයි කියා අප හිත­නවා. ඒ අය තමන්ගේ පළමු ඡන්දය අවු­රුදු 60ක් 70ක් මේ රට ව්‍යස­න­යට පත් කරපු අයට යළිත් ආණ්ඩු හදන්න දෙයි කියා මම හිතන්නේ නැහැ.

 

Comments