
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදීමට දැනට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එම තනතුරේ සිටිනු ඇත.
ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ඇති බවත්, ඔහු ඒ තනතුරට පත් කිරීම සම්බන්ධව පක්ෂය තුළ ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ ආරංචි මාර්ගවල සඳහන් වේ. මේ අතර ඉදිරි මහ මැතිවරණය අරමුණු කරගනිමින් එජාපයේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහි කිරීම ජනවාරි මස මුල් සතියේ සිදු වනු ඇතැයිද පැවසේ.