දැන් දේශපාලනයේ ඉන්න සියයට 90ක් ඉවත්විය යුතුයි | සිළුමිණ

දැන් දේශපාලනයේ ඉන්න සියයට 90ක් ඉවත්විය යුතුයි

 රටේ පව­තින දේශ­පා­ලන වාතා­ව­ර­ණය හා ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත මැති­ව­රණ සම්බ­න්ධ­යෙන් ප්‍රජා­තා­න්ත්‍රික එක­මු­තුවේ සම කැඳ­වු­ම්කරු කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ දේශ­පා­ලන අධ්‍ය­ය­නාං­ශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය,

සබ­ර­ග­මුව පළාත් ආණ්ඩු­කාර ධම්ම දිසා­නා­යක සමඟ කළ කතා­බ­හකි.

 

• ඉදි­රි­යේදී ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැමි­ණී­මට

නිය­මි­තයි. සම­හර පක්ෂ­වල අපේ­ක්ෂ­ක­යන් පවා මේ වන­විට නම් කර තිබෙ­නවා. මේ තත්ත්වය යටතේ ඉදි­රියේ පත්විය යුත්තේ කව­රා­කා­රයේ පාලන ව්‍යූහ­යක් කි­යලද ඔබ හිතන්නේ?

මා සිතන්නේ දැනට මේ රටේ බලය අත්පත් කර­ගෙන සිටින සහ දැනට බල­යට එන්න පුළු­වන් කියල අනු­මාන කරන පක්ෂ­වල ඉන්න වැඩි පිරි­සක් මේ දේශ­පා­ලන ක්‍රියා­ව­ලි­යෙන් ඉවත් කළ යුතුයි. අප මේ දක්වා ආපු දේශ­පා­ලන ක්‍රමය රටේ මුලික ප්‍රශ්න­ව­ලට සැල­කි­ය­යුතු ආකා­ර­යට විස­ඳුම් දෙන්න නොහැකි වුණු දේශ­පා­ලන ක්‍රම­යක්. 1931 ඩොන­මෝර් කැම­රන් ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් පස්සේ ඇති කළ අධ්‍යා­පන අමා­ත්‍යං­ශය, සෞඛ්‍ය අමා­ත්‍යං­ශය, පළාත් පාලන අමා­ත්‍යං­ශය, ප්‍රවා­හන අමා­ත්‍යං­ශය ආදී අමා­ත්‍යංශ අරන් බැලු­වොත් මේවා අවු­රුදු 88ක් පර­ණයි. වසර 88 ඉති­හා­ස­යක් තියෙන මේ අමා­ත්‍යං­ශ­ව­ලට අයත් ක්ෂේත්‍ර­වල අද­ටත් ඉතාම බර­ප­තළ අර්බුද රාශි­යක් තියෙ­නවා. අප මේ නැවත වතා­වක් ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී හෝ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ය­කදී බලය දෙන්න හද­න්නෙත් ඒ අය­ටම තමයි. නමුත් මේ කණ්ඩා­යම් හා පුද්ග­ල­යන් ම තමයි මේ අමා­ත්‍යංශ මෙච්චර කාල­යක් පාල­නය කළේ. මේ ක්ෂේත්‍ර­වල තව­මත් අර්බුද පව­ති­නව කියන එකෙන් ඇඟ­වෙන්නේ; මේ අයට තව­දු­ර­ටත් මේ දේවල් කර­ගෙන යෑමේ හැකි­යා­වක් හෝ කුස­ල­තා­වක් නැහැයි කියන එකයි. එහෙම නම් ඉදි­රි­පා­ලන ව්‍යුහය සකස් කර­ගැ­නී­මේදී දැනට පාලන බලය හෙබවූ 90% ක්ම අප ඉවත් කළ යුතු වෙනවා. ඒ අද­හස අප සමා­ජෙ­යන්ම මතු­වෙන්න ඕන කාර­ණා­වක්. එහෙම නැතුව අප කිහිප දෙනෙක්ට පම­ණක් අවශ්‍ය වූ පම­ණින් ඒ දේ කරන්න බැහැ. ඒ නිසා ඉදිරි මැති­ව­ර­ණ­ව­ලදි ජන­තාව මීට වඩා ඒ කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතු වෙනවා.

• බොහෝ දෙනා හිතා­ගෙන ඉන්නේ මේ තියෙන්නේ රාජ්‍ය­යක් කියලා. ඇත්ත­ටම මේ තියෙන්නේ රාජ්‍ය­යක්ද? එහෙම නෙවෙයි නම් රාජ්‍ය­යක් කියල කියන්නේ මොකක්ද?

ඔව්, අප තාමත් හිතා­ගෙන ඉන්නේ මේක රාජ්‍ය­යක් කියල තමයි. නාමික අර්ථ­යෙන්, ලියා­ප­දිංචි අර්ථ­යෙන්, එහෙම නැත්නම් නෛතික අර්ථ­යෙන් ඒක එහෙම තමයි. නමුත් රාජ්‍ය­ය­කින් සමා­ජ­ය­කට ඉටු­විය යුතු කරණා ගැන ප්‍රායෝ­ගි­කව සල­කල බල­න­කොට මේක රාජ්‍ය­යක් කියල අර්ථ දක්වන්න බැහැ. මේක එක්තරා විදි­යක දඩ­බි­මක්. එක එක්කෙනා තම තමන්ගේ දඩ­බි­මි­වල තමන්ගේ පෞද්ග­ලි­ක­ත්වය සහ ස්වර්ථය වෙනු­වෙන් වැඩ කර­මින් ඉන්නවා. මේවා යම් ආකා­ර­ය­කට තම තමන්ගේ වැයික්කි බවට පත් කර­ගෙන ඉන්නවා මිසක රාජ්‍ය­යක් විදි­යට මේවා එකට ඒකා­බද්ධ කරල පොදු මහ­ජන අර­මුණු ඉෂ්ඨ කිරීම වෙනු­වෙන් මෙහෙය වීමේ ක්‍රම­වේ­ද­යක් මේ රටේ නැහැ. අන්ත අස­රණ දුගී දුප්පත් කිසිදු පහසු කමක් නැති රෝහල් මේ රටේ තිබෙ­නවා. සම­හර රෝහ­ල්වල සිය ගණ­නක් හිස් ඇඳන් තියෙ­නවා. සම­හර රෝහ­ල්වල ලෙඩ්ඩු බිම බුදි­ය­නවා. මේ ඇඳන් ටික අර ඇඳන් නැති රෝහල් එක්ක කතා කරල කළ­ම­නා­ක­ර­ණය කර ගැනීමේ නිසි ක්‍රම­වේ­ද­යක් මේවට නැහැ. අධ්‍යා­ප­නය අරන් බැලු­වොත් මේව­න­වි­ටත් පාසල් නොලැ­බුණු දරු­වන් ගෙව­ල්වල ඉන්නවා. මේව­යින් පෙනෙන්නේ අපේ රට තව­මත් රාජ්‍ය­යක් නොවන බවයි. ඒ නිසා ඉදි­රි­යේදී කවු­රුන් බල­යට පත් වුවත්, පාලන ව්‍යූහය කුමක් වුවත්, මේ රට රාජ්‍ය­යක් බවට පරි­ව­ර්ත­නය කරන පාලන ව්‍යූහ­යක් වෙන්න ඕන. එවැනි පාලන ව්‍යූහ­යක් ඇති වීමට නම් එය කුස­ලතා තන්ත්‍ර­යක් (Meritocracy) විය යුතුයි. ඒ නිසා අප මේ රටේ ඉස්ස­ර­හට එන නාය­කයා හොය­නව වගේම මේ රටේ මහ­ජන නියෝ­ජි­තයෝ වෙන්න ඕන කවුද කියන එකත් බර­ප­තළ ලෙස කති­තා­වට ලක්විය යුතු කාර­ණ­යක්. අනා­ග­ත­වාදී දෘෂ්ටි­කෝ­ණ­ය­කින් කිය­නව නම්; එහෙම නොක­ළොත් මේ රට තව­දු­ර­ටත් රාජ්‍ය­යක් වීම වළ­කි­නවා.

• මේ හේතුව නිසා අද බොහෝ නරක ප්‍රති­වි­පාක අපට පේන්න තියෙ­නවා. විශේ­ෂ­යෙන්ම බොහෝ­දෙනා මේ රට හැර­ය­නවා?

ඔව්, ඔවුන් මේ රට හැර­යන්නේ ආයෙත් එල්ටී­ටීඊ එක ඒවි කිය­ල­වත් සහ­රාන්ලා නිසා­වත් නෙවෙයි. මේ රටේ තියෙන අශිෂ්ට කම, වින­යක් නැති කම, අශි­ලා­චා­ර­කම, හොර­කම, වංචාව, රැව­ටීම, දූෂ­ණය, අදිය නිසා. ඊළ­ඟට මහ­ජන නියෝ­ජි­ත­යන් පරි­පා­ල­ක­යන්, ව්‍යාපා­රි­ක­යන් ස්වාර්ථය මූලික කර­ගෙන කට­යුතු කිරීම නිසා; මහ­ජ­න­තාව අන්ත අස­ර­ණව පීඩා­වට පත්ව සිටින නිසා. ඒ නිසා මේ අය රට හැර යන්න කැම­තියි. ඇත්තෙන්ම ඔවුන් රට හැර යන්නේ මේක රාජ්‍ය­යක් නොවන නිසා. ඒ අය යන්න කැමති මොන­වගේ රට­ව­ල්ව­ල­ටද කියන කාර­ණාව විප­රම් කරල බැලු­වොත් ඒක අපට හොඳින්ම තේරුම් ගන්න පුළු­වන්. මේ බොහෝ දෙනෙක් ඔස්ට්‍රේ­ලි­යා­වට, නව­සී­ල­න්තය, නොර්වේ, ඇම­රිකා එක්සත් ජන­ප­දය... ආදී යුරෝ­පීය රට­ව­ලට යන්න කැම­තියි. ඇයි ඒ? ඒවා රාජ්‍යය වන නිසා. ඉතින් අපිත් ආසයි රාජ්‍ය­ය­කට යන්න. එහෙම නැත්තම් අපේ රට අපි රාජ්‍ය­යක් බවට පරි­ව­ර්ත­නය කර­ගන්න ඕන. ඒ නිසා මෙතැන් සිට අංක එකට ඒ කෙරෙහි අප වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතුයි.

• ඔබ ඔහොම කිව්වට මේ රටේ අධි­පති දේශ­පා­ලන මත­වා­දය(හෙජ­මො­නිය) සකස් වී තිබෙන්නේ ජාති­වා­දීව තීරණ ගන්න. නැත්නම් ඒ වූ න්‍යාය පත්‍ර­යට අනුව තීරණ ගන්නයි?

ඔව්, ඒක ඇත්ත නමුත්; අප ඊට එරෙ­හිව නව දේශ­පා­ලන හෙජ­මො­නි­යක් මේ රටේ ස්ථාපිත කළ යුතුයි. උදා­හ­රණ විදි­යට බඩ­ගින්න, බෙහෙත් නැති­කම, ඉස්කෝල නැති එක, බොන්න වතුර නැති එක, බොන වතු­ර­වල අසූචි තියෙන එක, වස විස එකතු වී තියෙන එක, හරි­හ­මන් පාර­වල් නැති­කම... ලංකාවේ තාමත් දේශ­පා­ලන ප්‍රශ්න බවට පත් වී නැහැ. මේවා තියෙන්නේ පෞද්ග­ලික ප්‍රශ්න විදි­ය­ටයි. නැත්නම් ප්‍රාදේ­ශීය, ග්‍රාමීය ප්‍රශ්න විදි­ය­ටයි. නමුත් මේ දේවල් පැහැ­දි­ලි­වම දේශ­පා­ලන ප්‍රශ්න. ඒ නිසා මේ ප්‍රශ්නයි අප දේශ­පා­ල­නී­ක­ර­ණය කළ යුතු­ වන්නේ.

• නමුත් අපේ රටේ අද දේශ­පා­ලන ප්‍රශ්න වෙලා තියෙන්නේ ජාතික ආර­ක්ෂාව, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, සංහි­ඳි­යාව, යහ­පා­ල­නය... ආදී දේවල්. ඒත් අප මුලින් ම විසඳ ගන්න ඕන ඇත්ත දේශ­පා­ලන ප්‍රශ්න මොන­වද?

මේවා මහ­පො­ළවේ තියෙන සටන් පාඨ නෙමෙයි; මේවා තියෙන්නේ අහ­සෙයි. ඒවා හොඳ නැහැ කියල මා කියන්නේ නැහැ. ඒවා හොඳයි දෙව­නුව විසඳ ගන්න. නමුත් මූලික වශ­යෙන් අප විසඳ ගන්න ඕන ප්‍රශ්න රාශි­යක් තියෙ­නවා. කැලෑ විනාශ වෙනවා, දිය උල්පත් සිඳී යනවා, බොන වතු­රට වස අසූචි වැනි දෑ එකතු වෙනවා, ඉස්පි­රි­තාල තිබු­ණත් ඒවයේ බෙහෙත් නැහැ, කර්ය මණ්ඩල නැහැ, පාස­ල්ව­ලට පහ­සු­කම් නැහැ, කන්න නැහැ, ඉඩම් නැහැ, තිබු­ණත් වගා­ක­රන්න ඒ ඉඩ­ම්ව­ලට වතුර නැහැ... මේ තමයි අපට තියෙන ඇත්ත ප්‍රශ්න. මෙන්න මේ ඇත්ත ප්‍රශ්න දේශ­පා­ල­නී­ක­ර­ණය කිරීම ඇතුළෙ තමයි අපට ඔබ කලින් සඳ­හන් කළ හෙජ­මො­නික අව­කා­ශ­යට වෙනස් වූ වාමා­ශික හෙජ­මො­නික අව­කා­ශ­යක් නිර්මා­ණය කළ හැකි වන්නේ. එහෙම නම් අප කළ යුත්තේ දැන් ගොඩ­න­ඟ­මින් තියෙන එකට නතු වීම නෙමෙයි. මෙන්න මේ නව දෘෂ්ටි­වාදී අව­කා­ශය නිර්මා­ණය කිරී­මයි. ඒ සඳහා අනු­පාන වන්නේ ජනයා දෛනික ජීවි­තයේ මුහුණ දෙන සැබෑ ප්‍රශ්න දේශ­පා­ල­නික ප්‍රශ්න බවට පරි­ව­ර්ත­නය කිරී­මයි.

• මේ දේවල් කළ යුතු­ වන්නේ රටක උගත්, බුද්ධි­මත් මේ පිළි­බ­ඳව සවි­ඥා­න­යක් සහිත සිවිල් ක්‍රියා­කා­රි­ක­යන් (බුර්ෂුවා පන්තිය) නමුත් ඔවුන් ඒ දේ සිදු කරන බවක් පෙනෙ­න්නට නැහැ. ඔවු­නුත් දුවන්නේ අර ජන­ප්‍රිය කරන ලද ඊනියා මත­වාද පස්සේ?

ඇත්තම කිව්වොත්, මේ රටේ සැබෑ ප්‍රශ්න දේශ­පා­ල­නික වීම වළක්වා තියෙන්නේ ඔවුන්. උදා­හ­ර­ණ­ය­කට 2015 යහ­පා­ල­නය, ප්‍රජා­ත­න්ත්‍ර­වා­සය කියන මාතෘකා දේශ­පා­ල­නී­ක­ර­ණය කළේ මේ අය. නමුත් ඒ වෙද්දි මාරා­න්තික ප්‍රශ්න අපට තිබුණා. ඒ අය විසින් ඒවා දේශ­පා­ල­නික වීම වැළැක් වූවා. උදා­හ­ර­ණ­යක් විදි­යට යුද්ධ­යෙන් පීඩා­වට පත්වුණු ලංකාවේ පවු­ල්වල ඛේද­වා­ච­කය. මේක එල්ටී­ටීඊ වෙන්න පුළු­වන්, හමු­දාවේ අයට වෙන්න පුළු­වන්, වෙනත් අයට වෙන්න පුළු­වන් ඒක අපට අදාළ නැහැ. යුද්ධය නිසා පීඩා­වට අන්ත අස­ර­ණ­භා­ව­යට පත්වුණ දෙමළ, මුස්ලිම්, සිංහල හා වෙනත් පවුල් ලක්ෂ ගණ­නක් මේ රටේ තියෙ­නවා. නමුත් මේ අයගේ ප්‍රශ්නය දේශ­පා­ල­නික ප්‍රශ්න­යක් කර ගත්තේ නැහැ. ඒ වෙනු­වට සංහි­ඳි­යාව කියල වච­න­යක් මේ අය ගෙනාවා. සංහි­ඳි­යා­වෙන් මේ ප්‍රශ්නය වහ­නවා. මොකද වුණේ අන්ති­මට. ඒ නිසා ඔයා ඔය කියල ලංකාවේ ඊනියා බුර්ෂුවා සමා­ජය කව­දා­වත් අපි පෙර සඳ­හන් කළ වාමා හෙජ­මො­නික අව­කා­ශය නිර්මා­ණය කරන්නේ නැහැ.

• එහෙම නම් මෙහි වග­කීම තිබෙන්නේ වමට ද?

මෙහේ ලියා­ප­දිංචි වමක් තියෙ­න­වනේ, ඒ අය මේ වෙලාවෙ වෙන වැඩක ඉන්නේ. ඒ නිසා මේකේ වග­කීම තියෙන්නේ ඒ ලියා­ප­දිංචි වමට නෙමෙයි. ඒ සඳහා මා යෝජනා කරන්නේ නව වාම කතිකාවක් ආරම්භ කළ යුතුයි කිය­ලයි. අගෝස්තු 18 කියල කියන්නේ ජවිපෙ තෙවන නැඟි­ටීමේ ආර­ම්භය කියල ඒ අය කිය­නව නම්, ඒ අයගේ මූලික වග­කී­මක් වෙන්නේ මෙන්න සැබෑ මේ ප්‍රශ්න ටික දේශ­පා­ල­නී­ක­ර­ණය කිරී­මයි. නමුත් අපි දැක්කේ ඔවු­නුත්, යහ­පා­ල­නය, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, ජාතික ආර­ක්ෂාව, සංහි­ඳි­යාව, ස්වෛරී­භා­වය, භෞමික අක­ණ්ඩ­තා­වය... වැනි අහ­ස්ගත කළ මාතෘකා පස්සේ දුවන ස්වරූ­ප­ය­කුයි. ජවිපෙ මේ වැඩේ කරන්නේ නැත්නම් මේ රටේ ඉන්න අනෙ­කුත් වාම බුද්ධි­ම­තුන් ඉදි­රි­යට ආ යුතුයි. නමුත් මේවො­ලාවේ ඒ අයගේ ඇස් දෙකත් වැහිල තියෙන්නේ.

• එහෙම නම් මේ සඳහා අව­ස්ථා­වක් උදා කළ හැකි­වන්නේ කාටද ?

ශ්‍රීල­නි­පය 68 වෙනි සමු­ළු­වේදී එහි සභා­ප­ති­ව­ර­යාගේ කතාව අපි අරන් බැලු­වොත් ඒක දක්ෂි­ණාං­ශි­ක­යට විරුද්ධ කතා­වක්. ඔහු එහිදී කිව්වා මේ රටේ ජන­තාව වෙනු­වෙන් වැඩ කළ හැකි නිර්ප්‍රභූ පුද්ග­ල­යන්ට මේ රට බාර­දෙන්න කියලා. ඒ නිසා අපි එහි සභා­ප­ති­ව­රයා ඇතුළු ශ්‍රීල­නි­පය තුළ ඉන්න ප්‍රග­ති­ශීලී කොට­ස්ව­ලට අභි‍යෝ­ග­යක් බාර දෙමු; ශ්‍රීල­නි­පය දකු­ණට ඇද­ගෙන යන්න නැතිව වමට ඇද­ගෙන යන්න කියල. ශ්‍රීල­නි­පය වමට ගිහින් අප මේ කියන දේශ­පා­ල­නික නොවූ සැබෑ ප්‍රශ්න දේශ­පා­ල­නික කිරීමේ වග­කීම එහි සිටින ප්‍රග­ති­ශීලී බුද්ධි­ම­තුන් බාර­ග­ත්තොත් වමට ඒක ලොකු හයි­යක් වේවි. වාමාං­ශික හෙජ­මො­නික අව­කා­ශ­යක් නිර්මා­ණය කර ගැනී­මට ඒක විශාල බල­පෑ­මක් වේවි.

• ජන­තා­වට මේ තත්ත්වය එක­පා­ර­ටම තේරුම් ගන්න අමා­රුයි. මීට ප්‍රථම මේ රටේ දේශ­පා­ලන පූර්වා­ද­ර්ශ­යක් අපට තිබෙ­න­වද?

ඔව්, 60-70 දශ­ක­වල ලංකාවේ ආර්ථික හා දේශ­පා­ලන වශ­යෙන් යම් ආකා­ර­යක ප්‍රග­ති­ශීලී ස්වරූ­ප­යක් ගත්තා. ඒ වමේ කති­කාව හා වමට තිබුණු බලය නිසයි. බලය ලබා­ගෙැ­නීම කෙසේ වෙතත් අඩුම තරමේ අපට මා ඉහත සඳ­හන් කළ තත්ත්ව­ය­වත් නිර්මා­ණය කර ගන්න ඉදි­රි­යේදී හැකි වුණොත්; දකුණේ බිහි­වෙ­මින් තිබෙන හිතු­ව­ක්කාරී නව­ලි­බ­රල් සහ­චර ධන­වාදී ප්‍රති­පත්ති සහ ක්‍රියා­මාර්ග අහු­රන්න පුළු­වන්.

• නමුත් මේ මොහොතේ දේශ­පා­ල­නය තුළ විශාල ඉඩක් නිර්මා­ණය වී තිබෙ­නවා. මේ සියල්ල මැද පරා­ජ­යට පත්වෙලා තියෙන්නේ වම?

පැහැ­දි­ලි­වම ඔව්, අපි මේ රටේ පැවති මැති­ව­රණ අරන් බැලු­වොත්; කවුරු පරා­ජය කරලා කවුරු ජය­ග්‍රා­හ­ණය කළත්; පරා­ජය වුණෙත්, ඊළ­ඟට බලය ගත්තෙත් එකම ජාතියේ කණ්ඩා­යම්. එහෙම බැලු­වම මේ කණ්ඩා­යම් දෙක අතර වෙන­සක් නැහැ. සිද්ධ වෙන්නේ මාරු­වී­මක් විත­රයි. හැබැයි අද වෙන­කම් බලය ගන්න බැරි වුණේ කාටද? වමට. ඒ නිසා මේ විදි­යට නිර­න්ත­ර­යෙන් ඉදි­රි­යට එන වමේ පරා­ජය මේ මොහොතේ තියෙන්නේ කිසි­යම් සංක්‍රාන්ති මොහො­තක. මේ මොහොතේ ජනා­ධි­පති බලය, පාර්ලි­මේන්තු බලය, පළාත් සභා බලය වමට ගන්න බැරි­වෙන්න පුළු­වන්. නමුත් කති­කා­මය වශ­යෙන් වමට මේ මොහොතේ විශාල ඉඩක් විවර වී තිබෙ­නවා. අර ඔබ සඳ­හන් කළ විශාල ඉඩ මේ මොහොතේ විවෘත වෙලා තියෙන්නේ වමට. මේක වම හරි­යට කළ­ම­නා­ක­ර­ණය කර­ග­ත්තොත් රටක් රාජ්‍යක් බවට පරි­ව­ර්ත­නය කිරීමේ මොහොත බවට මෙය පත් කළ හැකියි.

Comments