දහඅට දාහක් ව්‍යාපෘති මත හැදෙන ළඟම හොඳම පාසල | සිළුමිණ

දහඅට දාහක් ව්‍යාපෘති මත හැදෙන ළඟම හොඳම පාසල

අධ්‍යා­පන අමාත්‍ය අකිල විරාජ් කාරි­ය­ව­සම් මහ­තාගේ සංක­ල්ප­යක් අනුව එදා මෙදා තුර මෙරට ඉති­හා­සයේ පාසල් සංව­ර්ධ­නය වෙනු­වෙන් හඳුන්වා දී ඇති දැවැ­න්තම සංව­ර්ධන වැඩ­ස­ට­හන “ළඟම පාසල හොඳම පාසල” යි. තම දරු­වන්ට ඉහළ ගුණා­ත්මක බවින් යුතු අධ්‍යා­ප­න­යක් ලබා­දීම හැම මව­ක­ගේම හැම පියෙ­කු­ගේම බලා­පො­රො­ත්තු­වයි.

එහෙත් ඉදිරි වසර 20ක් 30ක් එපිට ඇති අනා­ග­තය පිළි­බඳ නිවැ­ර­දිව, පැහැ­දි­ලිව අනු­මාන කර­මින්, ඒ වන විට රටක් වශ­යෙන් අප සිටිය යුතු තැන, අපේ දරු­වන් අත්පත් කර­ගත යුතු දේ, සහ මෙරට පාසල් අධ්‍යා­පන පද්ධ­තිය තුළ සිදු­විය යුතු වෙන­ස්කම් ආදී සියල්ල කෙරෙහි පූර්ණ අව­ධා­නය යොමු කර­මින්, අනා­ග­ත­යට ගැළ­පෙන අධ්‍යා­පන ක්‍රම­යක් ගොඩ­නැ­ඟීමේ අව­ශ්‍ය­තාව කෙරෙහි අධ්‍යා­පන අමා­ත්‍ය­ව­ර­යාගේ පූර්ණ අව­ධා­නය යොමු කෙරිණි.

පාසල් ඉදි­කි­රීම වෙනු­වෙන් ඉති­හා­සයේ මෙතෙක් එක වර සිදු කළ විශා­ල­තම මූල්‍ය ආයෝ­ජ­නය සිදු කර­මින් සෑම දරු­වෙ­කු­ටම තමන් පදිංචි ස්ථානයේ සිට ළඟම පාසල දරු­වාට ඇතු­ළත් විය හැකි හොඳම පාසල බවට පත් කිරීමේ දැවැන්ත වැඩ­ස­ට­හන ඒ අනුව ආරම්භ කෙරිණි. රුපි­යල් මිලි­යන 65,000 මූල්‍ය ආයෝ­ජ­න­යෙන් ප්‍රධාන ව්‍යාපෘති 18,000කින් සම­න්වි­තව 2016 වසරේ සිට 2020 තෙක් වසර හත­රක කාල සීමාව තුළ­ඉ­දි­කි­රීම් අව­සන් වන පරිදි “ළඟම පාසල හොඳම පාසල” වැඩ­ස­ට­හන ආරම්භ කෙරිණි.

පාසල් පද්ධ­තියේ සංව­ර්ධ­නය වෙනු­වෙන් එක වර ක්‍රියා­ත්මක වන විශා­ල­තම සංව­ර්ධන කාර්යද මෙයයි. ඒ අනුව ජාතික සංව­ර්ධ­න­යට නව පරි­ච්ඡේ­ද­යක් එක් කර­මින් දිව­යින පුරා පළාත් නව­යම ආව­ර­ණය වන පරිදි දිස්ත්‍රික්ක 25ක් තුළ ගොඩ­නැ­ගිලි පන්සි­ය­යක් සැප්තැ­ම්බර් මස 09 වන දින ජාතික අධ්‍යා­පන පද්ධ­ති­යට එක් කෙරිණී. මීට පෙර එහි පළමු අදි­යර යටතේ පාසල් ගොඩ­නැ­ගිලි 200ක්ද, දෙවන අදි­යර යටතේ තවත් පාසල් ගොඩ­නැ­ගිලි 250ක් සිසු අයි­ති­යට පත් කෙරිණි.

පන්ති කාමර ගොඩ­නැ­ගිලි - පාසල් 480

ගුරු සිසු සැමට දිගු කලක් රැඳී සිටිය හැකි නව භෞතික පහ­සු­කම් වලින් සම­න්විත මනා අධ්‍ය­යන පරි­ස­ර­යක් සහිත පන්ති කාමර ලබා දීම අත්‍ය­වශ්‍ය ය. තවද සාර්ථක ඉගෙ­නුම් ක්‍රියා­ව­ලි­යක් සඳහා පන්ති කාමර නවීන පහ­සු­කම් වලින් යුක්ත විය යුතුය.

ප්‍රාථ­මික ඉගෙ­නුම් සම්පත් මධ්‍ය­ස්ථාන - පාසල් 845

විවිධ ක්‍රියා­කා­ර­නම් සහිත පරි­පූර්ණ ක්‍රියා­ව­ලි­යක් බවට පත් කිරීමේ අර­මු­ණින් නවීන පහ­සු­කම් වලින් සම­න්විත ප්‍රාථ­මික අධ්‍යා­පන සම්පත් මධ්‍ය­ස්ථාන ඉදි­කෙරේ.

ද්විතී­යක කනිෂ්ඨ විද්‍යා­ගාර - පාසල් 249

විද්‍යාව හා තාක්ෂ­ණය පිළි­බඳ ප්‍රමා­ණ­වත් දැනු­මක් හා හැකි­යා­වක් ධනා­ත්මක ආකල්ප යටතේ කුඩා කල සිටම සිසුන් සතු විය යුතුය. අදාළ ප්‍රායෝ­ගික ක්‍රියා­කා­ර­කම් සමඟ අත්හදා බැලී­මට අවශ්‍ය පහ­සු­කම් සැප­යීම අත්‍ය­වශ්‍ය වී ඇත. සෞන්දර්ය ඒකක - පාසල් 26

සිසුන් නිර්මා­ණා­ත්මක පුර­වැ­සි­යන් බවට පත් කිරීම සඳහා ඔවුන් තුළ සෞන්ද­ර්යා­ත්මක කරුණු පිළි­බඳ උද්‍යෝ­ගය නැංවිම සඳහා සෞන්දර්ය ඒකක ඉදි කෙරේ.

සුළු හා මහා පරි­මාණ අලු­ත්වැ­ඩියා කට­යුතු - පාසල් 4939

පාසල් රැසක අස­ම්පූර්ණ හා හානි වූ ගොඩ­නැ­ගිලි සහ වෙනත් ඉදි­කි­රීම් හේතු­වෙන් යහ­පත් ඉගැ­න්වීම් හා ඉගෙ­නුම් පරි­ස­ර­යක් නිර්මා­ණය කිරී­මට බාධා එල්ල වන බව නිරී­ක්ෂ­ණය වී ඇත. එබැ­වින් පන්ති කාමර, වැසි­කිළි, විද්‍යා­ගාර හා වෙනත් ගොඩ­නැ­ගිලි ආදී­යට අදාළ සුළු හෝ මහා පරි­මාණ අලුත් වැඩියා සිදු කෙරේ.

ගුරු නිවාස හා විදු­හ­ල්පති නිවාස

ප්‍රධාන විෂ­යන් සඳහා දක්ෂ ගුරු­ව­රුන් මඳ­කම ග්‍රාමීය පාසල් නිර­න්ත­ර­යෙන් මුහුණ පාන අභි­යෝ­ග­යකි. විදු­හ­ල්ප­ති­ව­රුන්ට හා ගුරු­ව­රුන්ට අත්‍ය­වශ්‍ය පහ­සු­කම් සහිත නවා­තැන් ප්‍රමා­ණ­වත්ව සැප­යී­මෙන් එවැනි පාස­ල්වල, දක්ෂ කාර්ය­ක්ෂම ගුරු­ව­රුන් හා විදු­හ­ල්ප­ති­ව­රුන් රඳ­වා­ගැ­නී­මට හැකිය. විදු­හ­ල්පති නිල නිවාස 168ක් හා ගුරු නිල නිවාස 371ක් අවශ්‍ය පාසල් තුළ ඉදි කෙරේ.

තාක්ෂ­ණික ගොඩ­නැ­ගිලි - පාසල් 260

අධ්‍යා­පන අමා­ත්‍යං­ශයේ අපේ­ක්ෂාව වන්නේ නාග­රික පාස­ල්ව­ලට සමා­නව ග්‍රාමීය පාසල් සඳ­හාද ඉහළ ගුණා­ත්මක බවින් යුතු තාක්ෂ­ණික අධ්‍යා­ප­න­යට පහ­සු­කම් සැප­යීම වන අතර ඒ වෙනු­වෙන් ක් සඳහා සියලු පහ­සු­කම් සහිත නවීන තාක්ෂ­ණික ගොඩ­නැ­ගිලි ඉදි කිරී­මට පිය­වර ගෙන ඇත.

වතු පාසල් සංව­ර්ධ­නය - පාසල් 635

පන්ති කාමර, වැසි­කිළි පානීය ජලය ආදී අවශ්‍ය පහ­සු­කම් සැප­යී­මෙන් හඳු­නා­ගත් වතු පාසල් ප්‍රති­සං­වි­ධා­නය කෙරේ.

ආපන ශාලා

පෝෂණ අව­ශ්‍ය­තා­වය සපුරා ගැනීම සඳහා ප්‍රමා­ණ­වත් පහ­සු­කම් වලින් යුතු ආපන ශාලා 53ක් ඉදි කෙරේ. මීට අමතරව පාසල් 7ක ක්‍රීඩා සංකී­ර්ණ, පාසල් 150ක දන්ත සෞඛ්‍ය ඒක­ක, පාසල් 3667ක සනී­පා­ර­ක්ෂක පහ­සු­කම්, ජල පහ­සු­කම් සැප­යීම, පාසල් 3116 ක විදුලි පහ­සු­කම් සැප­යීමට කටයුතු කෙරේ.

Comments