එජාප බහුතරය ඉල්ලන්නෙ සජිත් | සිළුමිණ

එජාප බහුතරය ඉල්ලන්නෙ සජිත්

ප්‍රවා­හන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති    අශෝක් අ‍බේසිංහ

 

2020 ආණ්ඩුව හදන්නේ ශ්‍රී ලනි­පයේ අපි කියා ජන­ප­ති­ව­රයා 68 වැනි පක්ෂ සම්මේ­ල­න­යේදී කිව්වා. ඒ ගැන කිව හැක්කේ කුමක්ද?

ජන­ධි­ප­ති­ව­රයා කිව්වේ ජන­ප­ති­ව­ර­ණය ගැන නොවේ. මහ මැති­ව­ර­ණය ගැනයි. මෛත්‍රී­පාල සිරි­සේන ජන­ධි­ප­ති­ව­රයා කව­දා­වත් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට උදව් කරන්නේ නෑ. ශ්‍රී.ල.නිපය අපිට කෙළින් එළි­පිට උදව් නොක­ළත් යම් සහා­යක් ලබා දෙයි. අපි ජය­ග්‍ර­හ­ණය කළාට පසු පොදු ජන පෙර­මුණ යන එන මං නැති වෙනවා. එත­කොට ඊට පසුව එන මහ මැති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ආසන තිහක් තිස්ප­හක් ලබා ගත හැකි වේවි. එහිදී ශ්‍රි.ල.නි.ප තීර­ණා­ත්මක බල­වේ­ග­යක් වේවි. ඒ ගැන වෙන්න ඇති ජන­ප­ති­ව­ර­යාගේ හිතේ ඇත්තේ.

එජා­ප­යට තවත් තියන චෝද­නා­වක් තමයි රනිල් වික්‍ර­ම­සිංහ අග්‍රා­මා­ත්‍ය­ව­රයා පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට අවැසි වාර්තා හිතා­ම­තාම නොහදා මග අරි­නවා කියන එක. ඒ ගැන මොකද කියන්නේ.

2015 මහ­මැ­ති­ව­ර­ණ­යේදී අපි පොරොන්දු වුණා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී එය කළා. පළාත් සභා මැති­ව­ර­ණ­ය­ටත් මිශ්‍ර හා සමා­නු­පා­තික ක්‍රම­යට ගේන්න සකස් කළා. සීමා නිර්ණ කට­යු­තුත් කර­ගෙන ගියා. එහි යම් යම් අඩු­පාඩු තිබුණා. පරණ ක්‍රමය යටතේ පළාත් සභා කොහො­ම­ටත් තියන්න බෑ. අලුත් ක්‍රමය යටතේ තියන්න බැරි වුණේ සීමා නිර්ණයේ අඩු­පාඩු නිසයි. මේක හදන්න කොමි­ටි­යක් පත් කළා. කොමි‍ටියේ අඩු පාඩු නිසා එය සිදු වුණේ නෑ. ඒක තමයි ජන­ප­ති­ව­රයා කියන්න ඇත්තේ. ජන­ප­ති­ව­ර­ණ­යෙන් පස්සේ මේ අඩු­පා­ඩු­කම් හදා­ගෙන අලුත් ක්‍රම­යට පළාත් සභා ඡන්දය තියන්න පුළු­වන්.

ඇල්පි­ටිය පළාත් පාලන ඡන්ද­යට මුහුණ දීමට ඇති සූදා­නම කෙබ­ඳුද? මා දන්නා තර­මින් ඇල්පි­ටිය එජාප දිනුවේ 1977 මැති­ව­ර­ණයේ දී රූපා කරු­ණා­ති­ලක මහතා පම­ණයි.

ඇල්පි­ටිය අපිට අභි­යෝ­ග­යක් තමයි. දකුණු පළාතේ බොහො­ම­යක් තියෙන්නේ වාමාං­ශික ආසන. ඒත් සජිත් ප්‍රේම­දාස මහ­තාට අපේ­ක්ෂ­ක­ත්වය ලැබු­ණ­හම ඇල්පි­ටි­යට යම් වෙන­සක් කරන්න හැකි වේවි. මේ මැති­ව­ර­ණය පව­ත්වා­විද කිය­ලත් යම් දෙගි­ඩි­යා­වල් තිබෙ­නවා. එජාප ලැයි­ස්තුවේ ‍එක් අපේ­ක්ෂ­ක­යෙක් මැරිලා. තවත් අපේ­ක්ෂි­කා­ව­කගේ පදිං­චිය වෙන­ස්වෙලා. පැරණි නාම යෝජ­නා­ව­ලට තමයි ඡන්දය තියන්නේ. මේවා නීති­මය වශ­යෙන් තේරුම් බේරුම් කර­ගත යුතුයි. ඇල්පි­ටිය පළාත් පාලන ආය­ත­නයේ මැති­ව­රණ ප්‍රති­ඵ­ලය ජන­ප­ති­ව­ර­ණ­යට බල­පාන්නේ නෑ.

“සජිත් එනවා” තේමාව යටතේ සංවි­ධා­නය කළ තෙවැනි ජන රැලිය කුරු­ණෑ­ගල දී පසු­ගිය 05 වැනි දා පැවැත් වුණා. ඒත් තව­මත් සජිත් ප්‍රේම­දාස මහ­තාට එජාප ජන­පති අපේ­ක්ෂක ධූරය ලබා ගැනී­මට නොහැකි වී තිබෙන්නේ ඇයි?

අපිට වෙලා තියෙන්නේ සුවි­ශේෂි තත්ත්ව­යක්. ඒක තමයි සජිත් ප්‍රේම­දාස මහතා ජන­පති අපේ­ක්ෂක විය යුතු බව පක්ෂ­ය­ටම ඒන්තු ගැන්වී­මට සිදු වීම. ඒ සඳහා තමයි අපි මේ රැස්වීම් මාලාව පව­ත්වන්නේ. මේ යටතේ පළමු රැලිය බදු­ල්ලේ­දීත්, දෙවැනි රැලිය මාත­ර­දීත්, තෙවැනි රැලිය කුරු­ණෑ­ග­ල­දීත් පැවැත් වූවා. මේ සිය­ලුම රැලි­ව­ලට අති විශාල ජන­කා­යක් පොදි කකා සහ­භාගි වුණා. සිය­ලුම රැලි අති සාර්ථ­කයි. පාක්ෂි­ක­යන්ගේ විත­රක් නෙවෙයි මධ්‍යස්ථ මත දරන ජන­තා­ව­ගෙ­නුත් ලොකු උන­න්දු­වක් මේ රැස්වී­ම්ව­ලට තිබුණා. ඇත්තෙන්ම අපි එක අත­කින් කන­ගාටු වෙනවා අපේ අපේ­ක්ෂ­කයා පිළි­බඳ පක්ෂ­යට දැනු­වත් කිරීම සඳහා මෙවැනි රැස්වීම් මාලා­වක් පව­ත්වන්න සිදු­වීම ගැන. දේශ­පා­ලන පක්ෂ­යක ප්‍රධා­න­තම වග­කීම තමයි බලය ලබා ගැනීම හා ලබා­ගත් බලය තහ­වු­රු­කර ගෙන ඉදි­රි­යට ගෙන යෑම. පක්ෂ­යක නාය­ක­යාගේ වග­කීම තමයි අදාළ මැති­ව­ර­ණ­ව­ලට ජය­ගත හැකි සුදු­සුම අපේ­ක්ෂ­කයා ඉදි­රි­පත් කිරීම. රටේ ජන­තා­ව­ගෙන් සාති­ෂය බහු­ත­රය ඉල්ලා සිටින්නේ සජි­ත්වයි. ඔහු දැනට සිටින අපේ­ක්ෂ­ක­යන් අතර ඉදි­රි­යෙන්ම ඉන්නේ. කුරු­ණෑ­ගල නග­ර­යට ඉති­හා­සයේ වැඩිම ජන ගංගා­වක් ගැලුවා. එයින් කියන්නේ සජිත් ගේ අව­ශ්‍ය­තාව දැන්වන් නාය­ක­යින්ට මේ තත්ත්වය තේරුම් ගිහින් සජිත් ප්‍රේම­දාස මහ­තාට අපේ­ක්ෂ­ක­ත්වය ලබා දෙයි කියා අපිම තුළ දැඩි විශ්වා­ස­යක් තිබෙ­නවා.

එජාප මන්ත්‍රි­ව­රුන් පන­ස්හ­තර දෙනෙ­කුගේ අත්ස­නින් යුත් ලිපි­යක් පසු­ගිය දා අග­මැ­ති­ව­ර­යාට ඉදි­රි­පත් කළා. එම­ගින් ඉල්ලා සිටියේ පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­ය­මත්, එජාප කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යත් ඉක්ම­නින් කැද­වන්න කිය­ලයි. ඊට ප්‍රති­චා­ර­යක් තිබෙ­න­වාද?

ඒ ලිපි­යට තව­මත් ප්‍රති­චා­ර­යක් නෑ. ඒ නිසා අපි මේ වෙන­කොට තවත් ලිපි­යක් අත්සත් කර­මින් යනවා සජිත් ප්‍රේම­දාස මහ­තාට ජන­පති අපේ­ක්ෂ­ක­ත්වය ලබා දෙන ලෙසට දැනට පාර්ලි­මේ­න්තුවේ එජාප මන්ත්‍රි­ව­රුන් ඉන්නේ කථා­නා­ය­ක­ව­ර­යත් සමඟ හැත්තෑ හතයි. මන්ත්‍රි­ව­රුන් පන­හ­කට වඩා ඊට අත්සන් කළොත් සිය­යට හැත්තෑ­ව­කට වඩා කැමැ­ත්තක් ලැබෙ­නවා.

මේ වන විට ජනතා විමුක්ති පෙර­මුණ හා පොදු­ජන පෙර­මුණ මැති­ව­රණ ප්‍රචා­රක වැඩ කට­යුතු කර­නවා. එජා­ප­යට තව­මත් අපේ­ක්ෂ­ක­යකු නොමැ­ති­වීම පාඩු­වක් නෙවෙයි ද?

නෑ එහෙම පාඩු­වක් වෙන්නේ නෑ. 2015 ජන­ප­ති­ව­ර­ණය තිබුණේ ජන­වාරි 08 මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­තුමා ඉදි­රි­පත් වන බව ප්‍රකාශ කළේ 2014 නොවැ­ම්බර් 21 දිනයි. මාස එක­හ­මා­රක කාල­යක් තමයි තිබු‍ෙණ්. අපිට එප­මණ කාල­යක් අවශ්‍ය නෑ. සජිත් ප්‍රේම­දාස මහතා දැන­ට­මත් ජනතා සිත්ස­ත­න්ව­ලින් ජය­ගෙන තියෙන්නේ. ඔහු ජන­තාව සමඟ සිටින නාය­ක­යෙක්. මැති­ව­රණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් එකො­ළ­හක ජය­ග්‍ර­හ­ණය අපිට දැන­ට­මත් තිය­නවා. තව එකක් දෙකක් තමයි ජය­ග්‍ර­හ­ණය කළ යුත්තේ. පක්ෂ­යෙන් සජිත් නම් කළ දා සිට අපිට මැති­ව­රණ ප්‍රචා­රක වැඩ කර­ගෙන යන්න පුළු­වන්.

සජිත් ප්‍රේම­දාස මහතා ජන­පති අපේ­ක්ෂක ලෙස නම් නොක­ළොත් ඔබලා යම් විකල්ප ක්‍රියා මාර්ග­යක් ගන්න­වාද?

නෑ. අපි එවැ­න්නක් ගැන තවම හිතලා නෑ. අපි හිතන්නේ සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස නම් කරයි කිය­ලයි. මොකද පක්ෂයේ බහු­තර කැමැත්ත සජිත්ට තිබෙන නිසා කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලය පත් කරන්නේ පක්ෂ නාය­ක­යායි. මේ වන විට මහ­ජන නියෝ­ජි­ත­යින් බහු­ත­ර­ය­කුත් කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලයේ බහු­ත­ර­ය­කුත් ජන­පති අපේ­ක්ෂ­කයා විය යුත්තේ සජිත් ප්‍රේම­දාස මහතා බවට තීර­ණය කර අව­සන්. ඒ නිසා පක්ෂය වැඩි කැමැ­ත්තට ඉඩ දෙයි. අනි­වා­ර්යෙන්ම සජිත් එජාප අපේ­ක්ෂක ලෙස නම් කරයි.

පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­යමේ හා එජාප කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලයේ බහු­තර කැමැ­ත්තට පක්ෂ නාය­ක­ත්වය ඉඩ ලබා දෙවි යැයි සිත­න­වාද?

පිළි­තුර:- පක්ෂය බොහෝ දුරට මීට ප්‍රථම එලෙස කට­යුතු කර තිබෙ­නවා. ඒත් අපිට තියන ප්‍රශ්නය තමයි ඇයි මේ වතාවේ එලෙස ක්‍රියා කරන්නේ නැත්තේ කියන එක. එක්සත් ජාතික පක්ෂය පළ­මුව ජන­ප­ති­ව­ර­ණ­ය­කින් දිණුවේ 1988 දීයි. ඒ රණ­සිංහ ප්‍රේම­දාස මහ­තායි. ඒ ජය ලබා දැන් වසර තිස් එකක් පමණ වෙනවා. රණ­සිංහ ප්‍රේම­දාස මහතා මිය ගියේ 1993 දීයි. දැන් වසර විසි­හ­යක්. අවු­රුදු විසි හය­කට පස්සේ හා ජනා­ධි­ප­ති­ව­ර­ණය තියලා වසර තිස් එක­කට පස්සේ තමයි අපි රාජ්‍ය නාය­ක­යෙක් තෝරා ගන්න යන්නේ. දෛවයේ සර­ද­ම­කට වගේ අවු­රුදු විසි­හ­ය­කට පස්සේ රණ­සිංහ ප්‍රේම­දාස පුත්‍රයා තමයි. එජා­පයේ රාජ්‍ය නාය­කයා බවට පත් වෙන්නේ. ඒ නිසා මා හිත­නවා එජාප නාය­ක­ත්වය මේ පිළි­බ­ඳව මනාව තේරුම් ගෙන සජිත් ප්‍රේම­දාස මහ­තාට එජාප ජන­පති අපේ­ක්ෂ­ක­ත්වය ලබා දෙයි කියලා.

වසර තිස් එකක් යන­තුරු එජා­ප­යට රාජ්‍ය නාය­ක­යෙක් බිහි­කර ගැනී­මට බැරි වුණේ ඇයි?

1993 වසරේ දී රණ­සිංහ ප්‍රේම­දාස ජන­ප­ති­ව­රයා එල්.ටී.ටී.ඊ. බෝම්බ­ක­රු­වකු අතින් ඝාත­නය වූවාට පසුව රනිල් වික්‍ර­ම­සිංහ මහතා එජාප නාය­ක­ත්ව­යට පත් වුණා. පසුව 1994 මැති­ව­ර­ණ­යේදී අවු­රුදු 17 ක් බලයේ සිටි එජාප ආණ්ඩුව පරා­ජ­යට පත් වූණා. අපිට විප­ක්ෂ­යට යන්න සිදු වුණා. පක්ෂ නාය­ක­ය­කුගේ වග­කීම විය යුත්තේ පක්ෂය ජය­ග්‍ර­හ­ණය කර­වී­මයි. 1999 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී එජා­පය පරා­දයි. 2000 මහ මැති­ව­ර­ණ­යේදී පරා­දයි. 2002 දී අපි ජය­ග්‍ර­හ­ණය කළා. ඊට හේතුව එස්.බී.දිසා­නා­යක මහතා ඇතුළු කණ්ඩා­ය­මක් අපේ පැත්තට පැමි­ණීම. ඒ ජය­ග්‍ර­හ­ණ­යට සමෘද්ධි නිල­ධා­රීන් රැස­කගේ සහාය ලැබුණා. හැබැයි ඒ ආණ්ඩුව අවු­රුදු දෙක­කදී බිඳ වැටුණා. ඊට පස්සේ 2005 ජන­ප­ති­ව­ර­ණය පරා­දයි මහ මැති­ව­ර­ණය අපි පරා­දයි. 2010 මහ මැති­ව­ර­ණය පරා­දයි ජන­ප­ති­ව­ර­ණය පරා­දයි. 2013 පළාත් සභා මැති­ව­ර­ණය පරා­දයි. 2015 දී අපිට අපේ­ක්ෂ­ක­යෙක් නැතිව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ලේක­ම්ව­රයා දාලා තමයි අපි ජය ගත්තේ. 2015 අගෝස්තු පැවැත් වූ මහ මැති­ව­ර­ණ­යෙන් අපිට ආසන 113 ක් ලබා ගන්න බැරි වුණා. අපි ආසන 106 යි ලබා ගත්තේ. ඒ අව­ස්ථා­වෙත් ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට අවශ්‍ය මන්ත්‍රී­ව­රුන් දිනා ගන්න බැරි වුණා. 2018 පැවැති පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ඉති­හා­සයේ පළමු වතා­වට ආණ්ඩු බල­යත් තියා­ගෙන අපි අන්ත විදි­යට පරා­ජය වුණා. පක්ෂ­යක් මෙහෙය වන්න යම්කිසි දක්ෂ­තා­වක් තිය­නවා නම් මෙවැනි සිදු­වීම් වෙන්නේ කොහො­මද? අපි අවු­රුදු විසි­ප­හක් තිස්සේ මැති­ව­රණ විශාල ප්‍රමා­ණ­යක් පරා­ජය වුණා. එකක් දෙකක් හැරෙන්න. ඒ දිනපු අව­ස්ථා­ව­ලත් දිණුවේ එස්. බී. දිසා­නා­යක ගේ පැමි­ණීම හා මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ පැමි­ණීම නිසයි. එහෙ­ම­නම් තව දුර­ටත් අපිට මේ විදි­යට ගම­නක් යන්න පුළු­වන් ද? මේ තත්ත්වය වෙනස් කළ යුතු නැති ද කිය­ලයි මා අහන්නේ.

සරත් ‍ෆොන්සේකා මහ­ත්තයා නම් කියන්නේ කුරු­ණැ­ගල රැලිය නව­ත්වන්න කියා පක්ෂ නාය­ක­ව­රයා දැනුම් දුන් බවයි. අනික මේ රැලිය එජා­පයේ රැලි­යක් නොවන බවත් ඔහු කිය­නවා.

සරත් ෆොන්සේකා මහතා කියන්නේ මා ගොඩක් ගරු­ක­රන චරි­ත­යක් මා පසු­ගිය දා ඔහු සමඟ කතා කළා. එහිදී සරත් ෆොන්සේකා මහ­ත්තයා කිව්වේ පක්ෂ­යෙන් නම් කරන අපේ­ක්ෂ­ක­යාට ඔහුගේ උදව් ලැබෙන බවයි. එයත් අපේ­ක්ෂ­ක­ත්වය බලා­පො­රො­ත්තු­වෙන් හිටියා. විශේ­ෂ­යෙන් මා 2010 පාර්ලි­මේ­න්තු­වට ඇවිත් කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යේදී පක්ෂ නාය­ක­යාට කිව්වා පක්ෂයේ තන­තුරු වෙනස් විය යුතු බව. එහි ප්‍රති­ඵ­ල­යක් විදි­යට මගේ සංවි­ධා­ය­ක­ධු­රය සාමා­ජි­ක­ත්වය හිටන් අහෝසි වුණා.

මේවාට මුහුණ දීලා අපිට හොඳට හුරුයි. කොහොම වුණත් අපි මේ අර­ග­ලය ජය ගන්නවා. සජිත් ප්‍රේම­දාස මහතා එජාප ජන­පති අපේ­ක්ෂ­කයා කර­නවා.

Comments