ඇමෙ­රි­කානු නඩු­වෙන් වැළ­කී­මට ගෝඨා­භය ගැසූ තුරු­ම්පුව සහ අහි­ම්සාගේ විරෝ­ධය | සිළුමිණ

ඇමෙ­රි­කානු නඩු­වෙන් වැළ­කී­මට ගෝඨා­භය ගැසූ තුරු­ම්පුව සහ අහි­ම්සාගේ විරෝ­ධය

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පති අපෙ­ක්ෂ­කයා වීමට නිය­මි­තව සිටින ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් ඇමෙ­රි­කානු අධි­ක­ර­ණ­යට මෝස­මක් ගොනු කළ ඇමෙ­රි­කානු නීති­ඥ­යන් අපූරු සඳ­හ­නක් කර ඇත. සන්ඩේ ලිඩර් කර්තෘ ලසන්ත වික්‍ර­ම­තුංග ඝාත­නය සහ තවත් සිදු වීම් කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් ඇමෙ­රි­කාවේ මධ්‍යම කැලි­ෆෝ­නියා දිස්ත්‍රික් අධි­ක­ර­ණයේ ගොනු කොට ඇති නඩුව විම­සීම අත්හි­ටු­වන ලෙස ඉල්ලීම් කර ඇත.

එයින් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නීති­ඥයා පව­සන්නේ තම සේවා­දා­ය­කයා ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට නිය­මිත අතර එයින් ඔහු ජය­ගැ­නීමේ ඉඩක් ඇති බවයි. දෙසැ­ම්බර් 07 වැනි­දාට එම මැති­ව­ර­ණය පැව­ත්වී­මට නිය­මිත බව කිය­වෙන හෙයින්ද එලෙස ඔහු ජය­ග­ත­හොත් ජනා­ධි­ප­ති­ව­ර­යාට හිමි වන මුක්තිය පාවිච්චි කර­මින් ඔහුට විරු­ද්ධව ඇසෙන නඩු­ව­කට සහ­භාගී විම වැළ­කෙන හෙයින්ද එම නඩුව ඵල රහිත වීමට ඉඩ තිබෙන බව ඔවුන් එම මෝස­මින් පෙන්වා දී ඇත.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අධි­ක­ර­ණය මඟ හැරීම සඳහා විවිධ උප්ප­ර­වැට්ටි අනු­ග­ම­නය කිරීම පිළි­බඳ දක්ෂ­යෙකි. ඔහු ශ්‍රි ලංකාවේ අධි­ක­ර­ණ­වල ඔහු සම්බ­න්ධ­යෙන් විභාග වන නඩු කිහි­ප­ය­ක­දීම එයට සහ­භාගී වීමෙන් වැළකී සිටි­න්නට අධි­ක­ර­ණ­යෙන් ගත හැකි උප­රිම පිය­වර ගැනී­මට කිහිප වරක්ම කට­යුතු කළේය. කිසිදු නීති විරෝධි කට­යු­ත්තක නියැ­ළුණේ නැති නම් අධි­ක­ර­ණය හමුවේ නිර්දෝෂී වීමේ හැකි­යා­වක් නිසැ­කව තිබේ නම් රාජ­පක්ෂ මහ­තාට නොබි­යව එම අධි­ක­රණ සිය­ල­ල්ටම යෑමේ හැකි­යා­වක් තිබේ.

ඔහුගේ ඒ න්‍යාය ඇමෙ­රි­කානු අධි­ක­ර­ණය හමු­වේද මේ වන විට තබා ඇත. ඒ අනුව රාජ­පක්ෂ මහ­තාගේ නිතී­ඥ­යන් වන ආනල්ඩ් ඇන්ඩ් පෝටර් කේයී නීතිඥ සමා­ගමේ නිති­ඥ­යන් කැලි­ෆෝ­නියා මධ්‍යම දිස්ත්‍රික් අධි­ක­ර­ණ­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට විරු­ද්ධව ගොනු කොට ඇති නඩුව විභා­ග­යට ගැනීම කල් දමන ලෙස මෝස­මක් මඟින් ඉල්ලි­මක් කර ඇත. ඔහුගේ නීති­ඥ­යන් ඒ අනුව පවසා ඇත්තේ ඊළ­ඟට එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට රාජ­පක්ෂ මහතා ශ්‍රි ලංකාවේ ප්‍රධා­න­තම විපක්ෂ දේශ­පා­ලන පක්ෂ­යෙන් ඉදි­රි­පත් වීමට සුදා­න­මින් සිටින අතර ඔහු එම මැති­ව­ර­ණය ජය­ගනු ඇති බවය. ඒ බව හෙළි වන්නේ ඇමෙ­රි­කානු අධි­ක­ර­ණයේ නිති රීති­න්ව­ලට අනුව ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් පෙනී සිටින නීති­ඥ­යන් සහ පැමි­ණිල්ල වෙනු­වෙන් පෙනී සිටින නිති­ඥ­යන් අතර දුර­ක­ථන මාර්ග­යෙන් සිදු කරන ලද නිල සාක­ච්ඡා­වක් අව­සා­නයේ අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරනු ලබන ඒකා­බද්ධ ප්‍රකා­ශ­න­යක් ලෙසින්ය.

එම ලිය­විල්ල තුළ පැමි­ණිලි පාර්ශ්වය ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වීම සඳහා ඔහුට පව­තින සුදු­ස­කම් පිළි­බඳ ප්‍රශ්න මතු කර ඇති අතර විශේ­ෂ­යෙන් ඔහු තව­මත් ඇමෙ­රි­කානු පුර­වැසි භාවය ඉවත් කර ගත්තාද යන්න නිල වශ­යෙන් සනාථ වන කිසිදු ලිය­වි­ල්ලක් හෝ සට­හ­නක් නැති බව දක්වා ඇත.

පැමි­ණිල්ල වෙනු­වෙන් වූ නීති­ඥ­යන් සඳ­හන් කර ඇත්තේ ඇමෙ­රි­කානු ෆෙඩ­රල් ලේඛ­නයේ අව­සන් වරට පසු­ගිය අගෝස්තු මාස­යේදී නිකුත් වූ වාර්තා­වට අනුව නන්ද­සේන ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නම සඳ­හන් වී නැති බවය. ඒ පිළි­බඳ පැමි­ණිලි පාර්ශ්ව­යෙන් කළ ප්‍රශ්න කිරී­මට විත්ති­කාර ගෝඨා­භය මහ­තාගේ පාර්ශ්ව­යෙන් කිසිදු නිල ප්‍රකා­ශ­යක් එම නිතිඥ සාක­ච්ඡා­වේ­දී­වත් ඉදි­රි­පත් වී තිබුණේ නැත. අධි­ක­ර­ණ­යෙන් සහන ඉල්ලා ඉදි­රි­පත් කරන ලද එම මෝස­මට එරෙ­හිව සන්ඩේ ලිඩර් කර්තෘ ලසන්ත විකු­ම­තුංග මහ­තාගේ දියණි අහිම්සා විකු­ම­තුංග මෙන­වි­යද තම නීතී­ඥ­යන් මඟින් අධි­ක­ර­ණය වෙත ලිය­වි­ල්ලක් ඉදි­රි­පත් කළේ පසු­ගිය 03 වැනි­දාය.

එහිදී ඇය ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට එරෙහි අධි­ක­රණ කට­යුත්ත පමා කිරීම වෙනු­වෙන් ඉදි­රි­පත් වූ මෝස­මට එරෙ­හිව කරුණු දක්වා ඇත. එහිදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ එසේ අධි­ක­ර­ණය මඟ හැරී­මට ඉඩ­දීම යුක්ති සහ­ගත නොවන බවය.

ඇය කැලි­ෆෝ­නියා අධි­ක­ර­ණය වෙත ප්‍රකාශ කොට ඇති කරු­ණු­ව­ලින් පෙන්වා දෙන්නේ රාජ­පක්ෂ මහ­තාට දැනට පැන නැගී ඇති ගැට­ලු­ව­ලට විස­ඳු­මක් ‍නොලැබු­ණෝ­තින් හැර සිදු වෙමින් පව­තින බොහෝ දේ ඔහුට හිත­ක­රව නිර්මා­ණය වී ඇති බවය. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අපෙ­ක්ෂ­ක­යකු වීම සඳහා යෝජනා වීම පම­ණක් නොව ඔහුගේ අමෙ­රි­කානු පුර­වැසි භාවය සම්බ­න්ධ­යෙන් සහ මැති­ව­රණ කොමි­සම හමුවේ මේ වන විට ඉදි­රි­පත්ව ඇති පැමි­ණිලි තව­මත් විම­ර්ශ­නය වෙමින් තිබේ. රටේ සිදුව තිබෙන දේවල් පිළි­බඳ සැල­කී­මේදී ගෝඨ­භය රාජ­පක්ෂ මහ­තාට ජනා­ධි­ප­ති­ව­ර­ණට ඉදි­රි­පත් වීමට තිබෙන බාධක ඉවත් විම­ටද ඉඩ ඇත. එසේ වුවද අහිම්සා විකු­ම­තුංග මෙන­විය දස වසක් තිස්සේ අය­දින තම ජීවි­තය වඩාත් කම්ප­නය කළ ආද­ර­ණිය පියා­ණන්ගේ ඝාත­න­යට වග­කිව යුත්තන් හෙළි කර ඔවුන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කිරීමේ ක්‍රියා­ව­ලිය මෙවැනි මෝසම් මඟින් අධි­ක­රණ ක්‍රියා­දාම කල් දැමී­මට කට­යුතු කිරී­මෙන් සිදු වන්නේ කුමක්ද යන්න ඇය ප්‍රශ්න කර තිබේ.

ඇයගේ නීතී­ඥ­යන් කැලි­ෆෝ­නියා අධි­ක­ර­ණය හමුවේ තම විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කර­මින් සඳ­හන් කර ඇත්තේ දරුණු ක්‍රියා සම්බ­න්ධ­යෙන් අතී­ත­යක් ඇති සහ තමන්ගේ සතු­රන් ලෙස විශ්වාස කෙරෙන අය­ගෙන් පළි­ගැ­නීමේ ඉති­හා­ස­යක් ඇති පුද්ග­ල­යකු ශ්‍රි ලංකාවේ බල­වත් තන­තු­ර­කට පත්වු­ව­හොත් ඔවුන්ගේ අනා­ග­තය සම්බ­න්ධ­යෙන් ඇති අන­තුර පිළි­බ­ඳය.

ඉදිරි මැති­ව­රණ ප්‍රචා­රණ වැඩ­ස­ට­හ­නේදී එවැනි නඩු­වක් අධි­ක­ර­ණයේ විභාග වීමෙන් සහ එහි තොර­තුරු මාධ්‍ය ඔස්සේ ප්‍රසි­ද්ධි­යට පත් වීමෙන් තම සේවා­දා­ය­කාගේ මැති­ව­රණ වැඩ­පි­ළි­වෙ­ළට අග­ති­යක් වනු ඇති බවත් එයින් අන්ත­ර්ජා­තික මිතු­මට බාධා­වක් විය හැකි බවත් රාජ­පක්ෂ මහ­තාගේ නීති­ඥ­යන් මෝස­මෙන් සඳ­හන් කර ඇති බව කිය­වෙයි. අහිම්සා වික්‍ර­ම­තුංග මහ­ත්මි­යගේ නීතී­ඥ­යන් තර්ක කරන්නෙ ඇමෙ­රි­කානු අධි­ක­ර­ණ­යක විභාග වන නඩු­වක් සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­වල පළ වන ප්‍රචාර අන්ත­ර්ජා­තික මිතු­දම සම්බ­න්ධ­යෙන් ඇති වන ප්‍රශ්නය කුමක්ද යන්නය.

එසේම ඇය අධි­ක­ර­ණය වෙත යවන ලද ලිය­විල්ලේ රාජ­පක්ෂ මහතා රොයි­ටර් පුවත් සේවය වෙත ලබා දුන් වාර්තා­වක්ද උපුටා දක්වා ඇත. එහි රාජ­පක්ෂ මහතා ලසන්ත ඝාත­නය සම්බ­න්ධ­යෙන් ඇමෙ­රි­කාවේ ගොනු වූ නඩුව මැති­ව­ර­ණය වෙනු­වෙන් වෙහෙ­සෙන ඔහුට සුළු වික්ෂිප්ත බවක් පම­ණක් ඇති කරන සිදු වීමක් ලෙස දක්වා තිබුණු බවය.

ශ්‍රි ලංකා පොදු­ජන පෙර­මුණ කල් වේලා ඇතිව තම ජනා­ධි­පති අපෙ­ක්ෂ­කයා එළි දැක්වු­වද ඔහුට නිල වශ­යෙන් නාම යෝජනා ලබා­දී­මට තවත් කල් තිබේ. එම පක්ෂ­යට අම­ත­රව ජනා­ධි­පති අපෙ­ක්ෂ­ක­ත්වය පිළි­බඳ හෙළි කර ඇත්තේ ජනතා විමුක්ති පෙර­මුණ පමණි. පාල­නයේ සිටින එක්සත් ජාතික පක්ෂය තම අපෙ­ක්ෂ­කයා තව­මත් හෙළි කළේ නැත. එසේම ශ්‍රි ලංකා නිද­හස් පක්ෂ­යෙන්ද අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කරන බවට පසු­ගි­යදා එම පක්ෂයේ මහ ලේකම් දයා­සිරි ජය­සේ­කර ප්‍රකාශ කොට තිබිණි. අහි­ම්සාගේ අධි­ක­ර­ණ­යට යැවූ විරෝ­ධතා ලිය­වි­ල්ලේද ඒ පිළි­බඳ කරුණු සඳ­හන් කර තිබිණි.

රාජ­පක්ෂ මහතා මේ වන විට තම ප්‍රචා­රන කට­යුතු කෙමෙන් සිදු කර­ගෙන යන අතර ඔහු 2005 වසරේ ඇමෙ­රි­කානු පුර­වැසි බව පැවැති කාලයේ මැද­මු­ලන මහ­ගෙ­දර ඡන්ද හිමි නාම ලේඛ­න­යට නම ඇතු­ළත් වූ ආකා­රය ගැන මෙන්ම ඔහුට විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් ලැබුණු ආකා­රය පිළි­බඳ රහස් පොලි­සිය වෙත ඉදි­රි­පත් වුණු පැමි­ණිලි මත පොලිස් පරී­ක්ෂණ සිදු වෙමින් තිබේ. කෙසේ වුවද අහිම්සා බලා­පො­රොත්තු වන්නේ අව­සා­නයේ වසර 10ක් තිස්සේ බලා හිඳින තම ආද­ර­ණිය පියා­ණන්ගේ ඝාත­ක­යන් සම්බ­න්ධ­යෙන් යුක්තිය ඉටු වන තුරුය.

මාධ්‍ය­වේ­දි­යකු, පුව­ත්පත් කතු­ව­ර­යකු ඝාත­නය කිරීම මීට වසර 10කට වඩා අද සමා­ජය තුළ බර­ප­තළ ලෙස කතා­බ­හට ලක් වන කරු­ණක් බව තහ­වුරු වූයේ තුර්කි­යේදී ඝාත­නය වූ සවුදි මාධ්‍ය­වේදී ජමාල් කෂෝගි ගේ ඝාත­න­යත් සම­ඟය. ඒනිසා මේ නඩු විභා­ග­යද අැතැම් විට ලෝකයේම අව­ධා­න­යට නතු වනු ඇත.

Comments