ටර්මි­නේ­ටර් ඇවිත් | සිළුමිණ

ටර්මි­නේ­ටර් ඇවිත්

අපි ගේන්නෙ ටර්මි­නේ­ටර් කෙනෙක්" ගෝඨා ජනා­ධි­පති අපේ­ක්ෂක කර­න්නට දින­කට පෙර බැසිල් එහෙම කීවේය. අග­මැති කීවේ රටට උව­මනා ටර්මි­නේ­ටර් (කම්මු­තු­ක­ර­න්නෙක්)නොවේ කියා ය. ගෝඨා ගෙනෙන වේදි­කා­වේදී මහින්ද ආපහු මෙහෙම කීවේය."ඔව්,අපි ගෙනාවේ ටර්මි­නේ­ටර් කෙනෙක්.රනිල් කියන විදි­හට කම්මුතු කර­න්නෙක් .

"ඔවුන්ම කියන,ඔවුන්ම හඳුන්වා දෙන කම්මුතු කරන්නා දැන් රට­පුරා යමින් සිටී. ලෝකයේ බොහෝ අවා­ස­නා­වන්ත රට­වල් ඉති­හා­සයේ "කම්මුතු කර­න්නන්"ප්‍රාර්ථනා කොට තිබේ. ජර්ම­නිය වරක් කම්මුතු කර­න්නෙක් හෙව්ව රටකි. අන්ති­මට කම්මුතු කරන්නා ඔවුන්ට හමු විය; ඒ හිට්ලර් ය.

මිලි­යන ගණ­නක ජන­සං­හා­ර­යක් කර­මින් ඔහු ජර්ම­නිය කැර­කෝ­ප්පු­වක් කළේ ය. උතුරු කොරි­යාවේ ඉන්නේ කම්මුතු කර­න්නෙකි. ඔහු අව­සා­නයේ උතුරු කොරි­යාව කැර­කෝ­ප්පු­වක් කළේ ය. රොබට් මුගාබේ, බොකාසා, අන්වර් හොක්සා, කලි­ගි­යුලා, බෙන් අලි, පොල්පොට්, වගේ කම්මුතු කරන්නො රට­වල් කැර­කෝප්පු කළ හැටි කවු­රුත් දනිති. පසු­ගි­යදා රූප­වා­හිනී වැඩ­ස­ට­හ­න­කට ආ එස්.බී දිසා­නා­යක කීවේ රටට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වැඩක් නෑ, උව­මනා ඒකා­ධි­පති නාය­ක­යෙක් කියා ය.

මීට වස­ර­කට විතර පෙර බුදු පුතෙක් ඉල්ලා සිටියෙ හිට්ලර් වගේ ඒකා­ධි­ප­ති­යෙකි. දැන් එහෙම කෙනෙක් තරග බිමේ ය. පීඩ­නය දෙන්න කියා ඉල්ලා සිටින මිනි­සුන් ලොව කලා­තු­ර­කින් හමු වෙයි. ඔවුන් ට කියන්නේ වහ­ලුන් කියා ය. හැමෝම වහ­ලුන් නොවන බව 2015 මිනිස්සු ඔප්පු කළහ; ඒ මිනිස්සු තාමත් ජීවත්ව සිටී. මෙවර පොහො­ට්ටු­වෙන් ගෙනා ටර්මි­නේ­ටර් කොහොම කෙනෙක්ද?

'එතු­මාගෙ වැඩ ගැන දන්න නිසා මම එතු­මට බයයි කියන කතාව ඇත්ත ම ඇත්ත. මොකද මම විත­රක් නෙවෙයි මේ රටේ බොහෝ දෙනා ගෝඨා­භය රාජ­ප­ක්ෂට පුදුම බයක් තියෙන්නෙ; මොකද එතු­මගෙ හැකි­යාව ගැන මට හොඳ දැනු­මක් තියෙ­නවා. හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ මැදි­හත් වීම මත සිදු වී ඇති බවට සැක­කෙ­රෙන අප­රාධ මෙතන තියෙ­නවා.'

මංගල සම­ර­වීර වරක් එහෙම කීවේය.

“යුද හමුදා බුද්ධි සාමා­ජි­ක­යන් විසින් 2008. 05. 20 දින දෙහි­ව­ලදී 'ද නේෂන්' පුව­ත්පතේ කර්තෘ පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා­ගෙන අමා­නු­ෂික ලෙස පහර දීම හේතු­වෙන් මේජර් ජෙන­රාල් අමල් කරු­ණා­සේ­කර ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමා­ජි­ක­යන් 8 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළා. මම හිතන්නෙ අමල් කරු­ණා­සේ­කර ඇරෙන්න සෙසු සැක­ක­රු­වන් නිද­හස් කළා.

හැබැයි මම හිතන්නෙ අමල් කරු­ණා­සේ­ක­ර­ට­වත් මේ අනිත් සාමා­ජි­ක­ය­න්ට­වත් කීත් නොයාර් ගැන තර­හක් තිබුණෙ නෑ. මේ අය කළේ අපි දන්න විදි­යට ඉහ­ළින් ආපු නියෝග ක්‍රියා­ත්මක කිරීම. 2009-01-08 වැනි දින ගල්කිස්ස පොලිස් වස­මේදී බුද්ධි අංශ සාමා­ජි­ක­යන් විසින් සන්ඩේ ලීඩර් පුව­ත්පත් කර්තෘ ලසන්ත වික්‍ර­ම­තුංග මහතා උල් ආයු­ධ­ය­කින් ඇන ඝාත­නය කිරීම, වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යේදී රැඳ­වි­යන් 21 දෙනකු ඝාත­නය කිරීම, ඒ වගේම යුද්ධ හමුදා බුද්ධි සාමා­ජි­ක­යන් විසින් රිවිර කර්තෘ උපාලි තෙන්න­කෝන්ට පහර දීම, එක්නැ­ලි­ගොඩ පැහැර ගැනීම හා වැලි­වේ­රි­යේදී උද්ඝෝ­ෂ­ණයේ යෙදුණු අයට පහර දීම. බුදු අම්මෝ මේ වගේ ඒවා අහ­න­කොට බය වෙන්නෙ නැත්ද? මේ ඔක්කොම අපි දන්නවා.

මේ හැම එකක් ම පිටු­පස හිටියේ අපි බය විය යුතු ගෝඨා­භය රාජ­පක්ෂ. හමු­දාවෙ අයට මේවා කරන්න කිසිම වුව­ම­නා­වක් නෑ. ඔවුන්ට මේව කරන්න වුණේ රාජ­කා­රි­යෙම කොට­සක් විදි­යට. උදා­හ­ර­ණ­යක් විදි­යට එක්නැ­ලි­ගොඩ සාක්ෂි විභා­ගයේ කට උත්තරේ ම තියෙ­නවා කට උත්තරේ දීපු බුද්ධි අංශ සාමා­ජි­ක­යව එක්ක­ගෙන යන්න ගෙද­රට ආපු අනිත් පුද්ග­ලයා කියලා තියෙන්නේ ‘එන්න යන්න.

මේක සෙක­ට්‍රිගෙ වැඩක්’ කිය­ලයි. කවුද මේ සෙකට්‍රි. ඇව­න්ගාර්ඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපෘ­තිය, වීර­කැ­ටියේ ඩී. ඒ. රාජ­පක්ෂ ස්මාර­කය; ඇත්ත වශ­යෙන්ම ඉතාම වටිනා මා පිය යුව­ළක්; ස්මාර­ක­යක් හදලා සැම­රිය යුතු පුද්ග­ල­යන්. නමුත් රටේ සල්ලි අරන් තමන් අනු­ස්ම­ර­ණය කළා කියල දැන ගත්තා නම් එයා­ලත් කන­ගාටු වෙනවා කියල මම දන්නවා.

මිග් යානා ගනු­දෙ­නුව කියන්නෙ ආර­ක්ෂක ලේක­ම්ව­රයා හොඳින් ම දැන දැන එංග­ල­න්තයේ ඇඩ්‍රස් එක නැති බෙලී­සිමා කියලා ආය­ත­න­ය­කට චෙක් එකක් ලිව්වා. ඒ ලබා දුන්නු චෙක් එකයි යුක්‍රේ­නයේ රජ­යට ලැබුණු චෙක් එකයි අතර ඩොලර් මිලි­යන 7.8ක වෙන­සක් තිබුණා. ඩොලර් මිලි­යන 7.8ක මහා හොර­ක­මක් වුණා. මේවට උත්තර දෙන්නෙ නැතුව අපට මඩ ගගහා මෙයා මොකද කරන්නෙ; උසා­වි­යෙ­නුත් හැංගෙ­නවා.

උසා­වි­යට යන්න ඉස්සර වෙලා කෝටි ගණන් විය­දම් කරලා දක්ෂ නීති­ඥයො එකතු කර­ගෙන උසා­වි­යෙන් තමන්ව අත්අ­ඩං­ගු­වට ගන්න එපා කියලා නියෝග දෙකක් දැන් අර­ගෙන තියෙ­නවා. ඔය කියන තරම් මෙතුමා අහිං­සක නම් මම කියන්නෙ උසා­වි­යට මුහුණ දෙන්න."

ගෝඨා ගැන තවත් අටුවා කුම­ක­ටද?

මෙවර මහින්ද කලින් ම ගෝඨා නම් කොට තිබේ. එජා­පයේ නිල අපේ­ක්ෂ­කයා තවම තිරෙන් පිටු­පස ය.

අධි­ත­ක්සේ­රුව, බල උම­තුව සහ අධි මාන්නය තිබෙන කිසි­වකු සමඟ සොබා­ද­හම නැත. කීවා වගේම මහින්ද නමැති ගින්න නිවන්න එවර මෛත්‍රී නමැති වැස්ස වැටු­ණේය. එය අනෝ­රා­වක් වී එතෙක් රට පෙළූ බල උම­තුව සෝදා­ගෙන ගියේය.

'මේ වතා­වෙත් ලොක්කා කල් ඇති­වම නා ගන්නවා.' කණ්ඩා­යම් රැස්වීම් හමාර වී එළි­යට එන අතර මහි­න්දගේ හිත­වත් මන්ත්‍රී­වරු දෙන්නෙක් කීවේ එහෙ­මය.

'අනික මිනිස්සු මහින්ද එක්ක ඉන්නවා වෙන්න පුළු­වන්. එහෙම කියලා රාජ­ප­ක්ෂලා කියලා නම් ගහලා දාන පොල්පි­ති­ව­ල­ටත් ඡන්දෙ දෙන්න මිනිස්සු මෝඩ නෑ...'

ඒ ඔවුන්ගේ සති අන්ත කතා­බස් ය. 2005 ජනා­ධි­ප­ති­ව­ර­ණෙට මාස කිහි­ප­ය­කට කලින් මහි­න්දට ජන­පති අපේ­ක්ෂ­ක­කම ලැබෙ­න­කොට ශ්‍රී රෝහණ ජන­රං­ජන සම්මා­නය ලැබී තිබු­ණේය. පෝස්ට­ර­යක් ගානේ මහින්ද ඒක වික්කේ ය. දේශ­ප්‍රේ­මියා නමැති වච­නයේ සන්නා­මය ඔහු තමා සතු කර­ගත්තේ ය.

අද එය ගෝඨා­භ­ය­ටත් අන්දවා තිබේ.

ඔවුහු සංහි­ඳි­යාව ගැන කතා කරති; යහ­පා­ල­නය ගැන කතා කරති; ශිෂ්ට­ස­ම්පන්න රටක් ගැන කතා කරති. ඒ සියල්ල කියන විට විමල්ලා, මහි­න්දා­න­න්දලා, ජොන්ස්ටන්ලා, රෝහි­තලා, ලංසලා, එස්. බී ලාගේ සමීප මුහුණු දිස් වෙයි.

මහින්ද යුද වීරයා සේ උත්ක­ර්ෂ­යට නංවන බොහෝ දෙනා එකක් අම­තක කරයි. ඒ මෙතෙක් බිහිවූ නාය­ක­ය­න්ගෙන් ජන­වා­ර්ගික අර්බු­දය ගැන අංශු මාත්‍ර­යක පැහැ­දිලි මත­යක් නොතිබූ නාය­කයා මහින්ද කියන එක ය.

'සාම ගිවි­සුම පෙරට ගෙනි­ය­නවා' ඔහු ඉන්දි­යා­වට එවක එහෙම කීය.

ඡන්දෙන් දිනු­වට පස්සෙත් ඔහු හිටියේ උතුරේ ඕන දෙයක් වෙච්ච­දෙන් කියන ගානට ය. ඒ ගැන හොඳින් ම දන්නේ හෙළ උරු­මය ය; ජවි­පෙය. ඒ දින­වල මහින්ද කරේ තියා­ගෙන දින­වූයේ ඒ දෙගො­ල්ලන් ය. වරක් ඒ කතාව චම්පික ලස්ස­නට පැහැ­දිලි කළේය.

'අද ඔය මහින්ද රාජ­පක්ෂ වෙනු­වෙන් දේශ­ප්‍රේ­මය කතා කරන අය ඇඳන් යට ඉන්න­කොට, ප්‍රභා­ක­රන්ගේ කාල­තු­වක්කු කතා කරන වෙලාවේ, මහින්ද රාජ­පක්ෂ මහ­ත්ත­ය­ගෙත් කකුල් වෙව්ලන වෙලාවේ, අපි තමා එදා ඒ ත්‍රස්ත­වා­දය ඇතුළු අඳු­රුම යුගයේ මළ කඳන් මැදින් මේ රට ඒ ජය­ග්‍රාහී යුග­යට අර­ගෙන යන්න මුල් වුණේ මිත්‍ර­ව­රුනි, මහින්ද මහ­ත්තයා.

2005 බල­යට ආපු වෙලාවේ එතු­මට උදව් කරන්න කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ හිටියේ නෑ. මේ මුළු කොළඹ දිස්ත්‍රි­ක්ක­යට ම හිටියේ භාරත ලක්ෂ්මන් විත­රයි. භාරත ලක්ෂ්මන්ට ඒකට තෑග්ගක් දුන්නා මහින්ද මහ­ත්තයා. වෙන කිසිම කෙනෙක් ස්ටේජ් එකක් ගහන්න, පෝස්ට­ර­යක් ගහන්න එදා හිටියේ නෑ, මේ කොළඹ දිස්ත්‍රි­ක්කයේ. අපි තමයි එතු­මාගේ ඒ ව්‍යාපා­රය අර­ගෙන ගිහිල්ලා එතු­මාව ඒ තැනින් තිබ්බේ. එතුමා කිසිම අව­ස්ථා­වක කිව්වේ නෑ; මම ආවොත් කොටි සංවි­ධා­නය පරා­ජය කර­නවා කියලා."

"එතු­මාගේ මැති­ව­රණ ප්‍රකා­ශයේ ලීවේ මම ආවොත් ප්‍රභා­ක­රන් එක්ක සාකච්ඡා කර­නවා කියලා විත­රයි. 2005 බල­යට ඇවිල්ලා ගෙනාපු පළ­මු­වැනි අය­වැ­යෙන් ම කළේ මොකක්ද; ලක්ෂ 8000ක් කොටින්ට ලබා දෙන විදි­යට රාඩා කියන ආය­ත­නය හරහා උතුරේ ගෙවල් හදන මුවා­වෙන් ප්‍රභා­ක­රන්ට සල්ලි ලබා දීමට යෝජනා කිරී­මයි. අද ඒ නඩුව ඇහෙ­නවා අධි­ක­ර­ණයේ.

කොහො­මද ඒ සල්ලි ටික ගියේ, හදපු එක ගෙය­ක්වත් නෑ, ගෙවල් හද­නවා කියලා කිලි­නො­ච්චිය, වවු­නි­යාව, යාප­නය, නැඟෙ­න­හිර ත්‍රස්ත­වා­දීන්ට අවි ආයුධ ගේන්න කොහො­මද ඒ මුදල් ගියේ කියන එක දැන් මහා­ධි­ක­ර­ණයේ විනි­ශ්චය වෙනවා.

එතුමා ඊළ­ඟට කළේ මොකද්ද? නිමල් සිරි­පාල ද සිල්වා මහ­ත්තයා ඇරියා සාකච්ජා කරන්න; කොටි සංවි­ධා­නයේ ඇන්ටන් බාල­සිං­හම් එක්ක ජිනීවා නග­ර­යට. මෙහෙන් නිමල් සිරි­පා­ලගේ නිල කණ්ඩා­යම යන­කොට බැසිල් රාජ­ප­ක්ෂයි, සජින් වාසුයි හොර පාරෙන් ජිනී­වා­ව­ලට ගියා.

ජනතා විමුක්ති පෙර­මුණේ සෝම­වංශ අම­ර­සිංහ මහ­ත්ත­යලා අපි එහෙම එතන ගිහිල්ලා වාඩි වෙලා හිටියා. ඔය අතරේ මට ජිනී­වා­වල ඉඳන් කතා කරලා ශ්‍රීපති සූරි­ය­ආ­රච්චි කීවා; ‘මහ­ත්තයෝ මෙතන එළියේ නිමල් සිරි­පා­ලයි, ඇන්ටන් බාල­සිං­හම් දෙන්නා කතා කර­නවා, හෝට­ලය ඇතුළේ බැසි­ලුයි, සජින් වාසුයි සාකච්ජා පව­ත්ව­නවා’ කියලා. ඔන්න ඔහො­මයි ගේම ගහ­ගෙන ගියේ මහින්ද මහ­ත්තයා.

අවු­රුදු 05ක් ප්‍රභා­ක­රන් එක්ක දීග කන්න හිතා­ගෙන තමයි මහින්ද ආවෙත්, වැඩ කර­ගෙන ගියෙත් මිත්‍ර­ව­රුනි. අපිට විශාල කේන්ති­යක් කෝප­යක් තිබුණා; මෙයා මේ උඩින් හා යටින් කර­ගෙන යන ක්‍රියා­ව­ලිය පිළි­බඳ ව. අපේ කේන්තිය, කෝපය උත්සන්න වුණේ 2006 අප්‍රේල් මාසේ අපේ හමු­දා­පති සරත් ෆොන්සේකා මහ­ත්ත­යට බෝම්බ ගහපු වෙලාවේ.

අපි ගිහිල්ලා මහින්ද රාජ­ප­ක්ෂට කීවා හමු­දා­ප­තිට ගහලා තියෙ­නවා, හමු­දා­පති පණ අදින තත්ත්ව­යට පත්ක­රලා තියෙ­නවා, දීන­යෙක් නොවී ප්‍රභා­ක­රන්ට එරෙ­හිව යුද්ධ ප්‍රකාශ කරන්න කියලා. ඒත් කළේ නෑ. මට සාමය රකින්න තියෙ­නවා කීවා. නොර්වේ­ජි­යා­නුවෝ එක්ක සාකච්ජා කරන්න තියෙ­නවා කීවා. ඔය­ගොල්ලෝ කීවට මට යුද්ධ කරන්න බෑ.. බෑ.. බෑ කීවා. මම කිය­නවා මහින්ද රාජ­ප­ක්ෂට, මේවා බොරු නම් විවෘ­තව එන්න සංවා­ද­ය­කට ඒ ඉති­හා­සය මතක් කරලා දෙන්න."දේශ­ප්‍රේමී රාජ­ප­ක්ෂ­ලාගේ සළු­පිළි ගැල­වීම ඉන් නව­තින්නේ නැත.

ලැබිය යුතු මුදල් ජුනි, ජූලි මාස­වල නොලැ­බෙන විට ප්‍රභා­ක­රන් වියරු වැටු­ණේය. ඔවුන් එහි පළිය ගත්තේ මාවි­ල්ආරු වේල්ල වසා දම­මින් ය. අහිං­සක ජන­තාව 6000ක් වතුර නැතිව හාමත් විය. ගොවි බිම් කරවී ගියේය. ඒ වෙලාවේ මහින්ද රාජ­ප­ක්ෂගේ ඩබල් ගේමට උත්තර දෙන්න චම්පි­කලා එළි­යට ආහ. මාවි­ල්ආ­රු­වට ගොස් ඒ ජන­තා­වගේ වතුර ටික බේරා ගන්න සටන එදා ඔවුහු ආරම්භ කළහ. ඔය අතර මහින්ද හෙළ උරු­මයේ සහ ජනතා විමුක්ති පෙර­මුණේ නාය­ක­යන් ජන­පති මැදු­රට ගෙන්වීය.

'මට යුද්ධ කරන්න බෑ. ලබ්බෙන්ද යුද්ධ කරන්නේ' කියා මහින්ද ඇසුවේ එදා ය. හමු­දාව, ජන­තාව සියලු දෙනා කළ බල­පෑම හරහා ඔහුට පළා යන්නට නොහැකි විය. ඒ ගැන හෙළ උරු­මයේ චම්පික අපූ­රු­වට හෙළි කළේය.

'සටන ජය ගත්තේ අගෝස්තු 08. අන්න ඊට පස්සේ තමා මහින්ද මහ­ත්තයා යුද්ධ වීරයා වෙන්න පටන් ගත්තේ. ඒකට කමක් නෑ, හැබැයි රටට ඇත්ත කියන්න කියලා විත­රක් අපි කිය­නවා; කොටි පැර­දු­ණාට පස්සෙත් මහින්ද මහ­ත්තයා කොටි එක්ක ගනු­දෙනු නතර කළේ නෑ. 12,600ක් කොටි සාමා­ජි­කයෝ නිද­හස් කළා. ඒ මොක­ටද වන්නියේ හා නැඟෙ­න­හිර ඡන්ද තමන්ට ගන්න පුළු­වන් වෙයි කියලා. 1000කට ආසන්න පිරි­සක් හමු­දාවේ බුද්ධි අංශ­යට අර­ගෙන ආණ්ඩුවේ පඩි ගෙව්වා. නැඟෙ­න­හිර පළාත, හම්බ­න්තොට, කත­ර­ගම, මොන­රා­ගල තමන්ගේ ප්‍රදේ­ශ­වල තමන්ගේ නෑ හිත­ව­තුන් වෙන හය­සිය ගාණක් ඝාත­නය කරපු රාම්ලා, නගු­ලන්ලා හමු­දාවේ පඩි ලැයි­ස්තු­ව­ලට ගෙනාවේ ගෝඨා­භය.

ඒ නිසා අපි කියන්න ඕනේ මේ රාජ­ප­ක්ෂ­ලාගේ දේශ­ප්‍රේ­මය කියන්නේ පවුල වවා ගන්න, පවුල ගොඩ­න­ඟා­ගන්න හදා­ගත්තු බොරු­වක් මිසක් මේ රටට තියෙන ආද­ර­යක් නෙවෙයි කියලා.”

හිට්ලර්ගේ ප්‍රවෘත්ති ඇම­ති­කම ලැබුණේ 'ආචාර්ය ගොබෙල්ස්ට'ය. හරි­යට ම කීවොත් ඒ අමා­ත්‍යාං­ශය ජාතිය පුබුදු කිරීමේ හා ප්‍රචා­රක කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාං­ශය ය.

ගොබෙල්ස් තමන්ට පැව­රුණු රාජ­කා­රිය අකු­රට ම කළේ ය. හිට්ලර් දේව­ත්ව­යට නංවා රාජ­කීය අභි­සෙස් ලබා දුන්නේ ගොබෙල්ස් ය. සෑම පාසල් පොතක ම හිට්ලර්ගේ උදාන වාක්‍ය ඇතු­ළත් කර­මින් ඔහු වන්ද­නීය චරි­ත­යක් කළේ ගොබෙල්ස් ය. ආර්ථික අව­පා­ත­යෙන් රට මිරි­කෙද්දී එය 'සුර­පු­ර­යක්' බවට ඒත්තු ගැන්වූයේ ගොබෙල්ස් ය. මුළු ලෝක­යම ජර්ම­නි­යට එරෙ­හිව එන බවත් ඊට එරෙ­හිව හිට්ලර් වීර­යකු සේ මුහුණ දෙන බවත් ගොබෙල්ස් කීවේය. 'බොරුව' සිය­ද­හස් වතා­වක් කියවා එය සත්‍ය­යක් බවට ඒත්තු ගැන්වූ ගොබෙල්ස් හිට්ලර් එක්කම ජර්ම­නි­යත් වනසා දම­න්නට පාර කැපු­වේය.

1945 අප්‍රේල් මැයි මාස­යේදී සෝවි­යට් රතු හමු­දාව විසින් සමස්ත බර්ලින් නග­රය වට­ක­රනු ලැබීය. තවත් දින කිහි­ප­ය­කින් බර්ලින් නග­රය රතු හමු­දාව යට­තට පත්වීම ඉර හඳ වගේ විශ්වා­සය.

එහෙත් සීත කල ජර්මන් ගුව­න්වි­දුලි සංස්ථා­වට ඒ උණු­සුම දැනුණේ නැත. ගුව­න්වි­දු­ලිය තුළ 'පදිංචි වී' මහත් වේග­යෙන් කතා කළ ගොබෙල්ස් තවත් දින කිහි­ප­ය­කින් සමස්ත සෝවි­යට් දේශ­යම නාසි හමු­දාව අතට පත්වන බව ජර්මන් ජන­තා­වට කීවේය.

නමුත් සිදු වුණේ එහි අනෙක් පැත්තය.

කෙසේ වෙතත් අව­සා­නයේ ගොබෙල්ස්ද සිය­දිවි නසා ගත්තේ ය. පහු­ගිය ආණ්ඩු සමයේ එහෙම ගොබෙල්ස්ලා බොහො­ම­යක් සිටි­යහ. ඒ ඒ ගොබෙ­ල්ස්ලාට එක එක වර්ගයේ කාර්ය­භා­ර­යන් පැවරී තිබිණි.

'රට බිලි­ගන්න එනවා'

'ජාත්‍ය­න්තර කුම­න්ත්‍ර­ණ­යක් වෙනවා'

' රණ­වි­රුවෝ විදුලි පුටු­වට ගෙනි­යන්න හද­නවා'

එහෙම කතා ආවේ ගොබෙල්ස් න්‍යායට ය.

මහි­න්දගේ ආණ්ඩුව වසර ගණ­නා­වක් යැපුණේ එහෙම ගොබෙ­ල්ස්ලාගේ පුරා­ජේරු බොරු එක්ක ය.

එක පිට එක මැති­ව­රණ දින­න්නට සියල්ල දේශ­පා­ල­නික රැල්ල­කට හර­වා­ගත් ඉති­හා­ස­යක් ඔවුන් සතුය.

මැති­ව­රණ කට උඩ තියා­ගෙන 'විදුලි පුටු කතා' වික්ක හැටි සම­හ­රුන්ට අම­තක ය.

2014 ජන­වාරි 11 එවක කැබි­නට් ඇමැති මහින්ද යාපා කීවේ මාර්තු 29 වැනිදා බස්නා­හිර සහ දකුණ පළාත් සභා ඡන්දය පැවැ­ත්වෙන බව ය. සාමා­න්‍ය­යෙන් පළාත් සභා­වක් විසු­රුවා හරින්නේ නැතිව මැති­ව­රණ දිනය ගැන කොම­සා­රි­ස්ට­වත් කිය­න්නට හැකි­යා­වක් නැත. එහෙත් මහින්ද යාපා ඒක කීවේය.

රහස කුමක්ද? ලංකාව පිළි­බඳ ජිනීවා මානව හිමි­කම් යෝජ­නාව ගන්නට තිබුණේ 2014 මාර්තු 28 හරි­ය­ටම හවස 07ට ය. පසු­වදා උදේ 7ට ලංකාවේ පළාත් දෙක­කට ඡන්දය යොදා ගත්තේ මේ නැක­තට අනුව ය.

එවර නැකත හැදුවේ සුම­න­දාස අබේ­ගු­ණ­ව­ර්ධන නොවේය. එය ද නව­නී­දම් පිල්ලේගේ නැක­තට අනුව රාජ­පක්ෂ හදපු නැකත ය. ජිනීවා මානව හිමි­කම් සභාවේ යෝජ­නාව බිල්ලෙක් ලෙස පෙන්වා මුළු මැති­ව­ර­ණ­යම මෙහෙ­ය­වීම උප­ක්‍ර­මය විය; එය එහෙ­මම විය. සැබැ­වින්ම එදා ආණ්ඩුව කළේ ජිනීවා වවා­ගෙන කෑම ය. ලංකාව තූ තූ කොට දම­න්නට විදෙස් බල­වේග වලි කන බව ඔවුහු ගම් දනව් පුරා මිථ්‍යාව වැපි­රූහ.

එවක විමල් වීර­වංශ එක්සත් ජාතීන්ගේ කාර්යා­ලය ඉදි­රියේ ඊනියා උප­වා­ස­යක් කළේය. චෝගම් වෙනු­වෙන් කෝටි ප්‍රකෝටි ගණ­නක් වැය­කොට රාජ්‍ය නාය­ක­යන් ගෙන්වා ඔවුන්ට තග දමා 'මං පොර' වන්නට ගියේය. ලෝකය තුළ ලංකාව නොව ලංකාව තුළ ලෝකය තිබෙන බවට අති උන්මා­ද­නීය මිථ්‍යා­වක් ඔවුහු සමා­ජ­ගත කළහ.

කුම­න්ත්‍රණ මව­මින් දේශ­පා­ලන බලය උදෙසා සක­ල­විද කාලය කැප කර­න්නට සමත් ගොබෙල්ස්ලා ඒ ආණ්ඩුවේ ඇති පදම් සිටි­යහ. මේ සියල්ල රාජ­ප­ක්ෂලා හරවා ගත්තේ තමන්ගේ වාසි­ය­ටය.

‘ඔය කීවට දැන් ආණ්ඩු­වට ෆොන්සේ­කත් නෑ.‘එහෙම කියන්නේ ෆොන්සේකා ගැන දන්නේ නැති අය ය. නිවුස් විදි­හට කප කප කෑලි ටික නැතිව සේරම ඇහුව නම් ෆොන්සේකා වෙනස් වෙලා නැති­බව කාටත් පෙනෙනු ඇත.

මේ ලෝකයේ හොඳ ම හමු­දා­පති ය. එහෙ­මත් නැත්නම් වසර 30ක යුද්ධය නිමා කරන්න නාය­ක­ත්වය දුන් හමු­දා­පති ය. යුද්ධය නිමා කරන්න මුල් වූ නිය­මුවා කියා ජය­ග්‍ර­හ­ණ­යේදී කේක් ගෙඩිය කපන්න අව­ස්ථාව ලද නිය­මුවා ය.

හමු­දා­වෙන් ඉවත් ව, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­තිය පාවිච්චි කර­මින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉල්ලීමේ ‘මහා පාප කර්මය’ හේතු­වෙන් ඔහුට හිර ගෙදර උරුම විය. ලෝක ඉති­හා­සයේ ජනා­ධි­ප­ති­ව­රණ සට­නට ආ ප්‍රති­වා­දියා සිර­ග­ත­කොට නැත. එහෙත් මේ රටේ එය සිදු විය.

ඒ සමයේ තීන්දු එහෙම ය. එහෙව් ෆොන්සේ­කාට අතී­තය අම­තක කරන්න නම් මැරිලා ඉප­දෙන්න ඕන ය.

මානාභරණ

Comments