
අරාබියේ තියනවා ජනප්‍රිය කියමනක්. ඒ ලිංගික ක්‍රියාවලිය නිසා රෝග දෙකක් බෝ වෙනවා. එක් රෝග යක් පවුල්වාදය; අනෙක ඒඩ්ස්. මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය ගම පවුල ගොඩනඟන්න ගිය මේ ක්‍රියාවලිය නිසා රටේ ආර්ථිකයට ඒඩ්ස් හැඳුණා. ඒ නිසා රට පිම්මක් පනින්න නම් ආර්ථිකයට වැලඳී ඇති ඒඩ්ස් සුව කළ යුතු බවය.”ගිය වසරේ අයවැය විවාදයට එක් වෙමින් එහෙම කීවේ ඇමැති චම්පික රණවකය.චම්පික කියනවා වගේම ගිය ආණ්ඩුව ආර්ථිකයට සිදුකොට තිබුණේ එහෙම විනාශයක්ය.2006 වසර වන විට මෙරට රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 17.3%ක් ලෙස පැවතියත් 2014 වසර අවසානය වන විට එය සටහන් වුයේ 11.6%ක් වශයෙන් ය. දේශප්‍රේමියන් ඉතිරි කළේ ඒවා ය. 2005-2014 කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය බර 233% කින් ඉහළ ගිය අතර එනම් රුපියල් බිලියන 7391ක් දක්වා රාජ්‍ය ණය බර වර්ධනය විය. 2018 වසරේ රජයේ සමස්ත වියදම බිලියන 4079 ක් වන විට මුලික ණය කොටස් ගෙවීමට බිලියන 1150ක් හා පොලිය ගෙවීම සඳහා බිලියන 820 ක් පමණ වෙන් කරන්නට රජයට සිදුව ඇත. ඒ අනුව 2018 වසර සඳහා පමණක් සමස්ත ණය ගෙවීමට බිලියන 1970ක් අවශ්‍ය විය. ඒ අනුව සැම පුරවැසියෙකුම රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ලබන වසර ණය ගෙවීම සදහා වැය කිරීමට සිදු වෙයි. එයින් රුපියල් 85,000 ක් පමණ රාජපක්ෂ පාලනය විසින් ගනු ලැබූ ණය ගෙවීමට යෙදවිය යුතු මුදල් ය. ආණ්ඩුව වසර තුනක් පුරා කළේ ඉකුත් ආණ්ඩුවේ 'පව් කන්ද' ගෙවා දමන එක ය. මහින්ද ආණ්ඩුව රට ගොඩනැගූ බවට කරන සාහසික ප්‍රලාප අතිශය ලැජ්ජා සහගත ය. විෂම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන ගණනින් රට විදෙස් ණයකාරයකු බවට පත්කිරීම, රාජ්‍ය ආදායම් වර්ධනය කිරීම ගැන දශමයක හෝ අවධානයක් යොමු නොකිරීම, ඉහළ පොලී අනුපාතයකට ලබාගත් වාණිජ ණය ගෙවීමට තවත් වාණිජ ණය ගැනීම, රාජ්‍ය ණය බරතාව රාජ්‍ය ආයතන තුළ සඟවා ජාතික ගිණුමෙන් එය සැඟවීම, ආර්ථික දත්ත විකෘති කර වාර්ෂික ආර්ථික වර්ධනය ගැන ව්‍යාජ පුවත් සමාජගත කිරීම රාජපක්ෂලා සේම හෙංචයියෝද මනාව සිදු කළහ. අන්තිමට හැමෝම හිතුවේ 'සිංගප්පූරුව' යනු ශ්‍රී ලංකාව කියා ය. රාජපක්ෂලාගේ ආර්ථික උපදේශකයෝ 'නූලටම' රාජපක්ෂලා අන්දවා තිබිණි. මාවෝගේ යුගයේදී චීන ආර්ථික උපදේශකයෝද එහෙමම සිදුකොට තිබිණි. 'අගමැතිතුමනි, ගේ කුරුල්ලෙක් අවුරුද්දකට ධාන්‍ය කිලෝ හතරක් කෑමට ගන්නවා. අපේ රටේ ගේ කුරුල්ලෝ මිලියන 10ක් විතර ඉන්නවා නම් උන් අවුරුද්දකට ධාන්‍ය කිලෝ මිලියන 40ක් කනවා. ඉතින් ඒක ලොකු අපරාධයක්.' මාවෝ සේතුංට උපදේශකයෙක් එහෙම කීවේය.'මොකක්ද විසඳුම?'
'එකම විසඳුම ගේ කුරුල්ලන් සියලු දෙනා මරා දැමීම'
කීවා වගේම වැඩේ ක්‍රියාවට නැඟුණි. ගේ කුරුල්ලකු සොයාගත නොහැකි තැනට චීන සමූහාණ්ඩුව පත්විණි. ගේ කුරුල්ලෙක් බෙහෙතකටවත් සොයා ගන්න බැරි වුණි. එහෙත් මේ සොබාදහමට එරෙහි සෙල්ලමට උත්තර දෙන්න සොබාදහම අවුරුදු දෙකක් ඇතුළත වග බලා ගත්තේ ය. ගේ කුරුල්ලන් අහිමි වූ රටේ බිඳ වැටුණු පරිසර තුල්‍යතාව මැද පළා ගිරවුන් පිරිවරාගත් කෘමි උවදුර එක යායට බෝ වුණි. යහමින් වැඩෙන කෙත් යායවල් සහමුලින් ම වැනසීමට මේ කෘමීන්ට ගතවුණේ මිනිත්තු කිහිපයක් පමණ ය. මහා සාගතය ඇරැඹුණි. කුස පොත්ත පිට පොත්තට ඇලුණු ලක්‍ෂ ගාණක් ඇවිදින ඇට සැකිලි බිහි වුණි. චීනයේ ජන ජීවිත බිහිසුණු හීනයක නන්නත්තාර වුණි. කුසට අහරක් තබා දිය බිඳක් අහිමි මිනිසුන් මංමාවත් පාසා වැටී සිටි අතර මිනිසුන් මිනිසුන් ව කා දැමූ අවස්ථා ගැන පුවත් සිවුදිගින් අසන්නට ලැබිණි. ලක්ෂ හතළිස් පහකට වැඩි ජීවිත සාගතය විසින් ඝාතනය කොට තිබිණි. සාගතය අස්සේම නියඟයකුත් පැමිණි අතර දොර දොර මළ මිනී පිරී ඉතිරුණි. සොබාදහමේ සාපය ශෝකයේ විලාපයෙන් ගිඟුම් දුන් අතර පාළු කුඹුරු යායවල් රටපුරා පැතිරිණි. සොබා දහමට එරෙහි ව යෑමේ බිහිසුණු ආදීනව ලෝකයට උරුම වූ අවස්ථා එමට ය. චීනය අත්වින්දේ එවැනි බිසිසුණු ඉරණමක් ය. මහින්ද යුගයේ සංවර්ධන වැඩත් එහෙමයි කියා කියන්නේ මිනිස්සු ය. 'කොහොමද එහෙම කියන්නේ, ඒ යුගය තමයි රටේ ලොකුම සංවර්ධනය වෙච්ච යුගය' එහෙම කියන අයට දෙන්න උත්තර කිහිපයක් තිබේ.
'කියන්න බලන්න ලොකුම සංවර්ධන ව්‍යාපෘතිය?''ඇයි මත්තල ගුවන්තොටුපොළ'
රටට කිරියෙන් පැණියෙන් උතුරනවා කියා පටන් ගත්ත මත්තල ගුවන්තොටුපොළ ගෙඩි පිටින් ම සුදු අලියෙක් බව කියන්නේ ඒ ආණ්ඩුවේ ඒ දවස්වල හිටිය ප්‍රබල ඇමැතිවරු ය. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැය විසිහතර ම පවත්වාගෙන යෑමෙන් වසරකට සිදුවන පාඩුව රුපියල් මිලියන 250ක් බවත් ලබන සැප්තැම්බර් මාසයේ ණය පොලී වාරික ගෙවීම ආරම්භ කළ යුතු අතර ඒ සඳහා වසරකට ලබන පාඩුව රුපියල් බිලියන 2ක් බවත් කීවේ හිටපු වරාය, නාවුක හා සිවිල් ගුවන් සේවා ඇමැති ය. 'එතකොට හම්බන්තොට වරාය?'
නැව් නොඑනා වරාය, ගුවන් යානා නොඑන ගුවන්තොටුපොළ, වරාය නගරය, සයිටම්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ, සම්මන්ත්රණ ශාලා, වාහන කලාතුරකින් යන අති දැවැන්ත මංමාවත් යනාදිය හම්බන්තොටට ම ය. ඒක ප්‍රසිද්ධ නැව් එන්නේ නැති වරාය විදියට ය. ගෙවන්නට තියෙන ණය කන්දරාව අප්‍රමාණ ය. ඒ මදිවට කිසිදු නිශ්චිත පදනමකින් තොරව බඳවා ගත් සේවකයන්ට රැකියා දීම පවා ඒ අය හරියට සිදු කොට නැත. පවු ගෙවන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට ය. හැමදේම 'යහගුණයෙන්' පිරී ගිය බවටත් ආශ්චර්යය උපරිම බවටත් කළ සන්දර්ශනයෙන් පසු හැරී බැලුවාම සේරම අස්සේ තියෙන්නේ 'හිස් ප්‍රලාප' විතරක් බව තෝරාබේරා ගැනීම අපහසු නැත.
යහපාලන ආණ්ඩුව ආ දා සිට මුහුණ දෙමින් උන්නේ පරණ ආණ්ඩුවේ පව්වලට කර ගැසීමේ අර්බුදයට ය. එහෙමත් නැත්නම් චීනය කළ ගේ කුරුලු සංහාරය වගේ වැඩවල ප්රඵපල භුක්ති විඳින එක ය. ඉකුත් ආණ්ඩුව කාලයේ ගිනි තැබූ සේව නූල පත්තු වෙන්න පටන් ගත්තේ මේ ආණ්ඩුව කාලයේ ය. දැන් ඉතින් හැම කුණු ගොඩම 'යහපාලන ආණ්ඩුවට ය.'
ගිය ආණ්ඩුව කීවේ තමන් යුද්ධය ඉවර කළා කියලා ය. හැබැයි ආයුධ යුද්ධය ඉවර කළාට ඒක ඉවර කළා ය කියන මහින්ද රාජපක්ෂ ව' දිනවන්න උතුරේ මිනිස්සු අකැමැති වූයේ ඇයි? වෙන එකක් හින්දා නොව, යුද්දෙ ඉවර කළාට 'සාමය' ඇති නොකළ හින්දාය. එහෙම බැලුවම ඒ ආණ්ඩුව සාමයෙනුත් 'අසමත්' ය.එහෙම ගිය ආණ්ඩුවේ අය දැන් මේ ආණ්ඩුවට බනින්නේ 'තමන් කළ පව්' මේ ආණ්ඩුව ගෙවන හින්දාද කියන්න දන්නේ නැත.'මේ ආණ්ඩුව මොනවද කරන්නේ?'කියා වසර තුනක් තිස්සේ සමහරු ඇසූහ.ආණ්ඩුවේම අය පවා ඇසූහ.හැමෝම හිතුවේ ආව ගමන් ප්රාතිහාර්ය පාන්න ඕනා කියාය.හැබැයි ආවගමන් ප්රාතිහාර්ය කිහිපයක් පෑව බවත් සමහරුන්ට අමතකය.රාජ්‍ය සේවක වැටුප් එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් වැඩි කළේ 'මොනවද කළේ කියා?'සමහරු අහන මේ ආණ්ඩුවමය.ජේ ආර් 77 ආව ගමන් 'මැජික්'පෙන්වූයේ නැත.ඔහු මහවැලිය වැනි යෝද ව්‍යාපෘතු පටන් ගත්තේ ආණ්ඩුව පත්වෙලා වසර කිහිපයක් ගියා ම ය.මේ ආණ්ඩුවත් එහෙම ම ය.'වැරහැලි ජීවිත' හතර අතේ පිරී තිබූ රටක් ජේ. ආර්. ක්රමාණුකූලව ගොඩ ගත්තේය. මෙවර මේ ආණ්ඩුවට ලැබුණේ 'මැරෙන්න වැටී සිටි' රටක් ය. මහින්දවාදීන්ගේ ජනප්‍රියවාදී 'මේ ආණ්ඩුව ජනතාවාදි නෑ...රටට ආදරේ නෑ' ලියලා ය.හැබැයි මැරෙන්න වැටුණු රටක් යන්තමට ගොඩ ගත්තේ මේ ආණ්ඩුව බව ඒ අයට මතක නැත. ඉස්සර ජෝන් කොතලාවලට සමහරු බැන්නේත් මෙහෙමම ය. ඒ දවස්වල විපක්ෂය ජෝන්ට බැන්නේ රට ගැන හැඟීමක් නැති කුකුල් කේන්තිකාරයා කියලාය.
හැබැයි අවුරුදු එකහමාරක් වගේ කාලයක් අගමැති හැටියට හිටිය ජෝන් රට ගැන හිතලා කරපු දේ වෙන කවුරුත් නොකරපු තරම් ය.
1954දී ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර පදවියට පත් කරමින් මෙරට ආණ්ඩුකාර පදවියට ශ්‍රී ලාංකිකයකු පත් කිරීමේ පිළිවෙත හඳුන්වා දෙන්නේ සර් ජෝන් කොතලාවලය. සෑම නිදහස් දිනයකම රටේ ජාතික කොඩිය සමඟ ඉංග්‍රිසි කොඩිය එසවීමේ පිළිවෙත ඉවතට දමන්නේ කොතලාවල ය. ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට මූලික වෙන්නේ කොතලාවලය. ඒ අතරේ දෙවැනි එළිසබත් මහා රැජනත්, වල්ලභ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුත් මුල්වරට ලංකාවේ සංචාරයක නියැළුණේ කොතලාවල අගමැතිවරයාව සිටියදී ය. එහෙම බැලුවම කොතලාවල කියන්නේ පුදුම නායකයෙක් ය. හැබැයි හැමෝම හිතුවේ කොතලාවල ජාතිය ගැන, රට ගැන කැක්කුමක් නැති ‘උද්දච්ඡ.මනුස්සයෙක් කියලා ය.
එදා වගේම අද යහපාලන ආණ්ඩුවට විපක්ෂය චෝදනා කරන්නේ ජාතිකත්වය ගැන හිතන්නේ නෑ කියලාය. හැබැයි දළදා මාලිගාව ඉදිරියේ නයිට් රේස් පදින තුරු බලාගෙන හිටපු අය එහෙම කියද්දී හතර හිනාය. ඇමෙරිකන් පුරවැසියෝ රංචුවක් හිටපු ආණ්ඩුවක අය විපක්ෂයට වෙලා දැන් කියන කතා විහිළු බව කියන්නේ මිනිසුන් ය.
ජාතික සංහිඳියාව වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවා ආණ්ඩුව වැඩ කරන්නේ ජනවාර්ගික ඒකාබද්ධතාවයෙන් යුතුව රට පෙරට ගෙනියන්නට ය.
ඒ දවස්වල ජෝන් කොතලාවලගේ වැඩපිළිවෙළ වටහා නොගත් පිරිස් ඔහුව පරාජය කොට කඳවල වලව්වට තල්ලු කොට දැම්මේ ය. හැබැයි ඊට පස්සේ ආව ආණ්ඩුව රටට ඉතිරි කළේ ප්රගතිශීලී ලොසින්ජරය යටින් වූ විස බව කියන්නේ මිනිසුන් ය. යහපාලන ආණ්ඩුවට එරෙහිව කැරලි ගසමින් විපක්ෂය හදන්නේ ජෝන් යැව්වා වගේ යවන්නද කියා කියන්න නම් දන්නේ නැත.
එදා වේල කන්නේ කොහොමද කියා කල්පනා කරමින් ජීවන අරගලයක යෙදුණු මිනිස්සුන්ට ජීවත්වීමේ කලාව පුරුදු කරනවා වෙනුවට අවස්ථාවාදී දේශපාලකයෝ කළේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් 'සංවේදී' ප්‍රශ්න හුරතල් කරන එක ය. ප්රජාතන්ත්රවාදය, නිදහස, මානව අයිතිවාසිකම්, තොරතුරු දැනගැනීමේ අයිතිය, සහජීවනය, යනාදී සකල අයිතීන් ජනතාවට දිනා දුන්නේ කවුද කියා මිනිස්සු දනී. 'ඔබ ජනාධිපති ධුරයට පත්වූ දා සිට මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාව තුළ ප්රජාතන්ත්රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථීරසාර සාමයත් උදා කර ගැනීමට සිදු කරන කැපවීම මම අතිශයින් ම අගය කරනවා 'ජනපති මෛත්‍රීට මෙහෙම කීවේ අසල්වැසි ඉන්දියාවේ අගමැති මෝඩිය. රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව යන ගමනේ ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙන බව නොදන්නා කෙනෙක් නැත. ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රීලංකා, ග්‍රාම ශක්ති, ගම් උදාව වැනි යෝධ ව්‍යාපෘති හරහා ආණ්ඩුව අලුත් පිම්මක් පනිමින් සිටී.'මොනවද ආණ්ඩුව කළේ?'කියා අහන අයට දැන් උත්තර ලැබෙමින් තිබේ. කට උත්තර නැතිවන්නේ කාටද කියා ඉස්සරහට බලා ගන්න පුළුවන් ය.