වර්ජ­න­ව­ලින් ආණ්ඩු පෙර­ළන්න බෑ | සිළුමිණ

වර්ජ­න­ව­ලින් ආණ්ඩු පෙර­ළන්න බෑ

 ජ. වි. පෙ. කාරක සභික කේ. ඩී. ලාල්කාන්ත

 තැපැල් වර්ජ­නය පිටි­පස්සෙ ජනතා විමුක්ති පෙර­මුණ හිටියා කියල චෝද­නා­වක් තියෙ­නවා

අපේ වෘත්තීය සමිති මේ වර්ජ­න­යට සම්බන්ධ වුණේ නැහැ. ඒත් තැපැල් වර්ජ­න­යට අපේ සහ­යෝ­ගය දෙනවා.

මේ වර්ජ­නය පිටි­පස්සෙ ආණ්ඩුව පෙර­ළීමේ කුම­න්ත්‍ර­ණ­යක් තිබෙන බවට ආණ්ඩුවේ ඇමැ­ති­ව­රුන්ගේ චෝදනා තිබුණා.

මේ වගේ වර්ජ­න­ය­කින් ආණ්ඩු පෙර­ළන්න පුළු­වන් කියල හිත­නවා නම් ඒක මෝඩ කතා­වක්. එහෙම කරන්න පුළු­වන් නම් අපි මෙල­හ­ටත් ආණ්ඩුව පෙර­ළලා. බලයේ ඉන්න ආණ්ඩු මේ වගේ වර්ජන වලදි ඔය වගේ කතා කිය­නවා. ඒවට හිනා­වෙ­නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

ජාතික ආණ්ඩු­වක පක්ෂ දෙකේ සංයු­ති­යෙන් අද­හස් මිශ්‍ර­ණ­යෙන් නව ගම­නක් යන්න පුළු­වන් කියල ඔබ හිතන්නේ නැද්ද?

පේන්නෙ නැද්ද නව ගම­නක් යන හැටි. දව­සෙන් දවස ආණ්ඩුවේ පක්ෂ­වල දෙද­රුම් ඇති වුණා. පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ඒ දෙද­රුම පුපු­ර­ලාම ගියා. දිගට හර­හට ඇමැ­ති­වරු පත් කර­නවා. කට්ටි­යක් අයින් වෙලා යනවා. මේ තත්ත්වය යටතේ ඕනෑම දෙයක් වෙන්න පුළු­වන්. හෙට දවසෙ වෙන දේ ගැන ආණ්ඩුව දන්නෙත් නැහැ. ජන­තා­ව­ටත් අද­හ­ස­කුත් නැහැ.

රට දැවැන්ත ණය කන්ද­කට යට­වෙලා තියෙන බව ආණ්ඩුව කිය­නවා.

ණය කන්දක් තියෙන බව අපිත් පිළි­ග­න්නවා. ඒ වුණත් මේ ආණ්ඩුව ඒ ණය ගෙවන්න කිසිදු ආකා­ර­යක ක්‍රම­වේ­ද­යක් සකස් කර­ගෙන නැහැ. දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්වය මත ආයො­ජ­කයො එන්නෙ නැහැ. ඉන්න අයත් හැර යනවා. ආණ්ඩු­වේම මැති ඇමැ­ති­ව­රු­න්ගෙන් කොට­සක් කිය­නව අප­න­යන හා ආන­යන ආර්ථි­කයේ විශාල පර­ත­ර­යක් තියෙන බවට.

ඩොල­රයේ අගය ඉහළ යෑම මේ ආර්ථික අර්බු­ද­යට බල­පෑ­මක් වූ බව ඔබ පිළි ගන්නේ නැද්ද?

ආණ්ඩුව කරන්නේ ආයෝ­ජ­ක­යන් ගෙන්වා ගැනී­මට රුපි­යල බාල්දු වෙන්න ඇරලා බලා­ගෙන ඉන්න එකයි. ආයෝ­ජ­ක­යන් හැම තිස්සෙම බලන්නෙ තමන්ට වැඩි පුරා ආදා­ය­මක් උපයා ගන්නයි. එහෙම කර­ලත් අපට ආයෝ­ජ­කයො නැහැ.

ඔබ ඔහොම කිව්වත් ආයෝ­ජ­න­යක් නැත්තෙම නැහැ. පෝර්ට් සිටි හැදෙ­නවා, රටේ මාර්ග පද්ධ­තිය හැදෙ­නවා. සංව­ර්ධ­න­යක් පැහැ­දි­ලි­වම පෙනෙ­නවා.

ආදා­ය­මක් උප­ද­වන්නේ නැති ආයෝ­ජ­න­ය­කින් තොර සංව­ර්ධ­න­ය­කින් ශ්‍රී ලංකාව වගේ රට­කට වැඩක් නැහැ. මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ කාලයෙ විශාල ඉදි­කි­රීම් සිදු වුණා. නමුත් ඒ එක­ක්වත් අපට ආදා­යම් උප­යනු ලබන ආයෝ­ජන නෙමෙයි. එවන් ආයෝ­ජ­න­ය­කින් ශ්‍රී ලංකාව වගේ රට­කට ලැබුණේ තවත් ණය බරක් පම­ණයි. විදෙස් ආයෝ­ජන හරහා අපගේ ආර්ථි­කය ශක්ති­මත් කිරීම මෙන්ම රැකියා උත්පා­ද­න­යක් විය යුතුයි. එවන් ආර්ථික දැක්මක් මේ ආණ්ඩුවේ පේන්න නැහැ.

ආර්ථික දැක්මක් නැති බවට ඔබ චෝදනා කළත් රටේ දුප්පත්කම නැති කරන්න ආණ්ඩුව පිය­වර රැසක් අර­ගෙන තියෙ­නවා. සමෘද්ධි සහා­නා­ධාර වැඩි කරන ගමන් තවත් ලක්ෂ එක­හ­මා­ර­කට පමණ සමෘ­ද්ධිය ලබා දෙන්න යනවා.

රට ආර්ථික වශ­යෙන් සංව­ර්ධ­නය කරා යන­වා­නම් දිළිඳු සහන අඩු වෙන්න ඕන. සමෘ­ද්ධි­ලා­භීන් වැඩි වෙනව කියන්නෙ තවත් දුප්ප­තුන් බිහි කර­නවා කියන එකනේ. රටක් සංව­ර්ධ­නය වෙනවා නම් ඒ පිරිස අඩු විය යුතුයි. ආණ්ඩුවේ වග­කීම විය යුත්තේ ජන­තා­වට නිකම් යම් යම් දේ ලබා දීම නෙමෙයි ඒ අයට ජීවන මාර්ග සකස් කර දීමයි. ඒ පවු­ල්ව­ලට සුදු­සු­කම් මත රැකි­යා­වක් ලබා දීමයි වැද­ගත් වන්නෙ. .

ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රඥප්ති තියෙ­නවා. සංකල්ප තියෙ­නවා. නමුත් ඒ සිය­ල්ලම වර්ත­මාන ජන­තා­වට හුරු කරන්න අප­හ­සුයි. අඩු ගණනේ පක්ෂ දෙකම එකතු කර­ගෙන තියෙන මේ ජාතික ආණ්ඩුව හැදුණු අව­ස්ථාවෙ ජාතික ප්‍රති­පත්ත ඇති කර­ල­මින් ඒ සම්බ­න්ධව යම් කාර්ය­යක් කරන්න හැකි­යා­වක් තියෙ­නව නේද?

ඉබ්බ­න්ගෙන් පිහාටු ඉල්ලලා වැඩක් නැහැ. මේ පක්ෂ දෙකම යන්නේ දේශ­පා­ල­නය තමන්ගේ ජීව­නෝ­පාය කර­ගත් ගම­නක් කරා. ඔවුන් දේශ­පා­ල­න­යට එන්නෙ හරි හම්බ කර ගන්න. මේ තත්ත්වය වෙනස් කරන්න ජන­තාව පිය­වර ගත යුතු වෙනවා.

නමුත් මැති­ව­ර­ණ­යේදී ජන­ව­තා­ව­මයි මේ පක්ෂ තෝරා ගන්නේ.

ඒ අතින් අපේ රටේ ජන­තාව දේශ­පා­ලන අතින් මෝඩයි කිව්වොත් ඒක නිවැ­රැ­දියි.

ඒ කියන්න ඡන්දෙ දෙන සිය­ලුම ජන­තාව අඥා­න­යන් බවද?

රටේ අති­බ­හු­ත­ර­යක් දේශ­පා­ලන අතින් මෝඩ තීන්දු තීරණ ගෙන තිබෙන බවයි මා කියන්නේ. ජන­තාව විසින් අලුත් මාව­තක් කරා රට ගෙනා යා යුතු වෙනවා. අපේ රටේ තියෙන්නේ ටකරං තහඩු 5ක් දුන්න­හම ඒ පක්ෂ­යට ඡන්දය දෙන ක්‍රම­වේ­ද­යක්.

ජන­තා­වට සහන දීම වර­දක් ලෙසද ඔබ දකින්නේ?

සහන දීම එකක්. මැති­ව­රණ ඉලක්ක කර ආණ්ඩුවේ මුද­ලින් ජන­තා­වට බඩු භාණ්ඩ බෙදීම තවත් එකක්.

නමුත් ජන­තා­වට දේශ­පා­ල­නය වැද­ගත්

දේශ­පා­ල­නය කියන්නෛ ඉතාම වැද­ගත් වෘත්ති­යක්. ගුරු වෘත්තිය වෛද්‍ය වෘත්ති­ය­ටත් වඩා වැද­ගත් වෘත්ති­යක් ඒත් පක්ෂ දෙකේම මේ වෘත්තිය නර­කම වෘත්තිය බවට පත් කර­ගෙන තිබෙ­නවා.

පළාත් සභා මැති­ව­ර­ණය මනාප ක්‍රම­යට තැබී­මට අද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් ඔබගේ මතය කුමක්ද?

මනාප ක්‍රමයේ තිබෙන අඩු­පාඩු නිසානෙ නව ක්‍රමය ගෙනාවෙ. ඒ ක්‍රමයෙ තියෙන යම් යම් ගැටලු හදා ගන්නනෙ පළාත් කිහි­ප­යක පළාත් සභා ඡන්දෙත් කල් දැම්මෙ. දැන් ආපහු පරණ ක්‍රම­යක් ගේන්න යනවා නම් ඒකට අපි විරු­ද්ධයි. ඡන්ද කල් දාන­ව­ටත් අපි විරු­ද්ධයි.

Comments