
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ
එක්තරා පුද්ගලික බැංකුවක් සමඟ චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුමකින් ඩොලර් මිලියන7.6 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සදහා වියදම් කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තා කර තිබෙනවා ?
ඇමරිකාව කියන දේවල් අපි පිළිගන්න අවශ්‍ය නැහැ. ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා නම් පෙන්නන්න කියන්න. නිව්යොර්ක් ටයිම්ස් පත්තරවල තියන දේවල් අපි පිළිගන්න ඕනද ? අපි ඇමරිකාවට යට වෙච්ච රටක් නෙමෙයිනේ. මානව හිමිකම් ගිවිසුමක් අපිත් එක්කම අත්සන් කරලා අන්තිමට කියනවා ඒක හොර ගුහාවක් කියලා. ඒ අය කියන කියන දේ අපි පිළිගන්නේ මොකටද?
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහු සමඟ තමන් කිසිදු සම්බන්ධයක් පවත්වා නැති බව අගමැතිවරයා පවසා තිබුණා. ඒ නිසා ලංකාවට ගෙන්වා ගෙන්වා ගැනීමට හැකියාවක් නැති බව සදහන් කරනවා.
ඒ අය පත් කර ගත්ත අයනේ.
එළැඹෙන ජනාධිපති මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙනවා නම් අනිවාර්යෙන් ජයග්‍රහණය කරලා පෙන්නනවා කියලා සරත් ෆොන්සේකා මහතා සදහන් කරනවා.?
රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අහන්න ඕන අපේක්ෂකත්වය දෙනවද ? නැද්ද? කියලා. අපෙන් අහලා වැඩක් නැහැ අපිට නම් පොදු ආපේක්ෂකයෝ අවශ්‍ය වෙන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයට අලුතින් එකතු වූ කෙනෙක් ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඉදිරිපත් වීමට අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ඉන්න බව කියනවා? ඒ අපේක්ෂකත්වය පොහොට්ටුවට අභියෝගයක්ද?
කොහොමද අපිට අභියෝගයක් වෙන්නේ අපිට කිසිදු අභියෝගය ක් නොමැති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි පෙන්නුවා. අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ පොහොට්ටුවෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් ආශිර්වාදයෙන් ඉදිරිපත් කරන නායකත්වය අපි පිළිගන්නවා අපිට කිසිදු අභියෝගයක් හෝ කිසිදු ගැටලුවක් නැහැ. ඒ ඉදිරිපත් කරන නායකත්වය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා. කිසිදු මතභේද කිසිවක් නැහැ අපේ පක්ෂය අභ්‍යන්තරයේ දැන් පරාද වෙන බව දන්නා බොහෝ දෙනෙක් මේ වන විට විවිධ ප්‍රචාර තියෙනවා. කවුද පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකත්වයට තියන්නේ ඒ අපේක්ෂකයාට අපි සහයෝගය දෙනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ හොද නායකත්වයක් පක්ෂයෙන්ම ගොඩ නැඟෙයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පොහොට්ටුවට අභියෝගයක් නෙමෙයි කියලද ඔබ කියන්නේ?
අභියෝගයක් කියලා කිසිසේත් අපි කියන්නේ නැහැ. අභියෝගයක් නොවන බව අපි පෙන්නලා ඉවරයි. පළාත් සභා ජන්දය කල් දාන්නේ නැතිව ඉක්මනින් පවත්වන්න.
පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන් කියනවා ඉදිරි මාස 16 තුළ ඇතුළත මේ රජය පෙරළා නොදැම්මොත් මේ රට තවත් විනාශ වෙනවා කියනවා. පොහොට්ටුවට සියයට 52 බලයක්වත් නැතුව කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ?
අපි ආණ්ඩු පෙරළන්න ඕන නැහැ වැඩි දවසක් නොගිහින්ම ජනතාවම ආණ්ඩුව පෙරළන්න ඕන කියන ස්ථාවරයට එයි. මේ වන විට පළාත් සභා තුනක කාලය අවසන් වෙලා. ඡන්ද කල් දාන්න පනතක් ගෙනල්ලා. ජන්දය තියන්නේ නැතුව ඉන්න කොට මිනිස්සු පාරට බහීවි.
මාස දහසයකට කලින් ආණ්ඩුව පෙරළුවොත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව ඇතැම් මන්ත්‍රීවරුන් කියනවා. එතුමා අගමැතිවරයා කරන්න පොහොට්ටුව පක්ෂයට විතරක් පුළුවන් වෙයිද ?
පාර්ලිමේන්තුව තුළ විපක්ෂය එකතු වුණොත් ආණ්ඩුව පෙරළන්න පුළුවන් වෙයි. ආණ්ඩුව පෙරළන්න අවස්ථාවක් ආවොත් අපිත් උදව් කරනවා. නමුත් අපිට ඕන මැතිවරණයකට ගිහින් ආණ්ඩුව පෙරළන්න.
ඇවන්ගාඩ් මුල්‍ය වංචාව කරන ලද පුද්ගලයන් රටට හෙළිදරව් කළ යුතුයි කියා ඇමැති පාඨලී චම්පික මහතා සදහන් කරනවා?
ඒ අයට කියන්න ඕනෑ ඇවන්ගාඩ් රටට හෙළිදරව් කරන්න කලින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් නිර්දෝෂි භාවය රටට හෙළිදරව් කරන්න කියලා. සුදු රෙද්දක් ඇඳන් හිටියට වැඩක් නැහැ රටේ ජනතාව දන්නවා ඇත්ත.
ආණ්ඩු පක්ෂයෙන් නම් කියන්නේ දැන් රටේ තියන ප්රජාතන්ත්රවාදය නිසා ඕන කෙනෙකුට ඕන මතයක් කියන්න පුළුවන් කියලා.
ඒ ගැනත් මේ රටේ ජනතා ව හොදින් දන්නවා.