
පරාජිත වී විශ්‍රාම ගිය ශ්‍රී ලංකාවේ එකම ජනාධිපති ලෙස ඉතිහාසගත වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, එදා තම දූෂිත පාලනය හේතුවෙන් තමන්ව පරාජයට පත් කළ ජනතාවගෙන් පලිගැනීමේ චේතනාවෙන් තවදුරටත් කටයුතු කරමින් සිටීම, දෙවරක් රට පාලනය කළ ජනාධිපති කෙනෙකුට කෙතරම් නොහොබිනාදැයි තමන්ගෙන්ම ප්‍රශ්න කරගැනීමට කාලය එළඹ තිබේ.
‘හම්බන්තොට වරාය පෞද්ගලිකකරණය කරනු ලැබූ ආකාරය නිසා මුළු ජාතියම මහත් තිගැස්මකට ලක් වුණා‘ යැයි ප්‍රකාශයක් නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට තම පාලන කාලය තුළ රටේ සම්පත් සින්නක්කරව විදේශිකයන්ට විකුණූ ආකාරය අමතක වීදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.
එපමණක් නොව කොළඹ වරායේ එක් පර්යන්තයක් 85%-15% යන පදනමින් චීනයට බදු දුන් මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරායද එම පදනමින්ම චීනයට බදු දීමට 2014 වසරේදී ගිවිසුමකට එළඹුණු බව දැන් අමතකදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.
මහින්ද රාජපක්ෂ රජය විසින් හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් වරාය ඉදිකිරීම සඳහා වන ණය තවදුරටත් ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට යටත්ව වරායේ පහසුකම් දියුණු කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 350ට අධික මුදලක් ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදු වේ.
වසර දහයක් පමණ රට පාලනය කර පරාජිතව විශ්‍රාම ගිය ශ්‍රී ලංකාවේ එකම විධායක ජනාධිපති වූ රාජපක්ෂ මහතා, ඔහු විශ්‍රාම යන විට රටට උරුම කර දුන්නේ ජාති ආගම් වශයෙන් කුළල් කාගන්නා ජාතික අසමඟියෙන් පිරුණු රටක් හා ඊනියා සංවර්ධනය මුවාවෙන් සියලු රටවැසියන්ම ණයකාරයන් කරමින් ඇති කරන ලද ජාතික ණයබරතාවක් මෙන්ම, ජාත්‍යන්තර මානව අයිතීන් කඩකිරීමේ චෝදනා ගණනාවකට ගොදුරු කර තිබූ, හුදෙකලා වූ රාජ්‍යයකි.
කෙසේ වෙතත් පසුගිය දෙවසර පුරා අපි රජයක් විදිහට ජාතික සංහිඳියාව ගොඩනැගීමේ කාර්යයත්, ජාත්‍යන්තර වශයෙන් අපේ රටට එල්ල වී තිබූ චෝදනා කන්දෙන් නිදහස් කරගැනීමේ කාර්යයත් සාර්ථක කරගැනීමට සමත් වූ බව සිහිපත් කරමි. එසේම ලෝකයෙන්ම හුදෙකලා වී තිබූ රටක් වෙනුවට ලෝකයේම අවධානය දිනාගත්, ජාත්‍යන්තර පිළිගැනීම හිමිකරගත් රටක් ලෙස ශ්‍රී ලාංකේය අභිමානය ගොනඩනැංවීමට අපට හැකි වූ බවද විශේෂයෙන් මතක් කිරීමට කැමැතියි.
මෙතෙක් කිසිදු ආදායමක් නොදෙන සුදු අලියකුව පැවති හම්බන්තොට වරාය රටට බරක් නොවන අයුරින්, ඒ සඳහා පසුගිය රජය අධික පොලියට ලබාගත් ණය, ආයෝජනයක් ලෙස හරවා ඉදිරියේදී තවත් ආයෝජන සමඟින් රැකියා උත්පාදන ව්‍යාපෘති රැසක් සමඟින් සංවර්ධනය කෙරේ.
තමන් බලයේ සිටි සමයේ කොළඹ වරායේ පර්යන්තයක් බදු දුන් අතර හම්බන්තොට වරාය ද බදු දීමට ගිවිසුම්වලට එළඹුණු මහින්ද රාජපක්ෂ මහතා මෙම රජය විසින් රටට හා ආර්ථිකයට වාසිදායක අයුරින් රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරාය සංවර්ධනය කරන විට එය රටේ සම්පත් විකිණීම හා පෞද්ගලීකරණය කිරීමකැයි විකෘති අර්ථ කථනයක් දීමට සැරසීම සැබවින්ම ඔහුගේ දේශපාලන කුහකභාවය ප්‍රදර්ශනය කිරීමකි. ශ්‍රී ලංකා දේශයට අයත් ගාලුමුවදොර හමුදා මූලtස්ථානය පිහිටි ඉඩම හා වරාය නගරයේ ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිණීම මඟින් රටේ සම්පත් විදේශිකයන්ට විකුණූ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසගත වනු නොඅනුමානය.
සාමාන්‍යයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල වරාය හා ගුවන්තොටුපළ වැනි මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විදේශවලින් අධික පොලියට ණය ලබාගන්නේ නැත. ණය වෙනුවට එය ගොඩනගා ක්‍රියාත්මක කොට පසුව පවරනු ලබන BOT යන පදනමින් ඉදි කිරීම සිදු කෙරේ.
එහෙත් පසුගිය රජය නැව් නැති වරාය හා ගුවන් යානා නැති ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ගෙඩි පිටින් ණය ලබාගැනීමට ඉදිරිපත් වූයේ එය හරහා තමන්ට ලැබෙන කොමිස් මුදල ගැන සැලකිලිමත් වූ නිසාය. එහෙත් ජනතාව මත කිසිදා නොවූ තරම් ණය බරක් පැටවීම මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ සහචරයන්ට ප්‍රශ්නයක් නොවූයේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට වඩා සෑම දෙයකින්ම තමන්ට හා තමන්ගේ ගජ මිතුරන්ට ප්‍රතිලාභ අත්කර ගැනීම පමණක් ඔවුන්ගේ පාලන තන්ත්‍රයේ න්‍යාය පත්‍රයක් වූ හෙයිනි.
රාජපක්ෂ සමයේ දූෂණ ගැන කළ විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් හා ළඟම ඥාතීන්ට අයත් නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් කෝටි 500කට අධික වටිනා (ඩොලර් මිලියන 30) දේපළ අධිකරණයේ හා රජයේ භාරයට ගෙන තිබේ.
නැව් නැති හම්බන්තොට වරායෙන් පාඩු පිට පාඩු ලබන අතරතුර ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වාර්ෂිකව ගෙවනු ලබන රුපියල් මිලියන 9,000ක ණය ප්‍රමාණය 2019 වසර වන විට රුපියල් මිලියන 17,360 දක්වා වැඩි වනු ඇත. මෙයට අමතරව ස්වෛරී බැඳුම්කර හරහා පසුගිය රජය විසින් ලබාගත් විවිධ ණය එකවර ගෙවීම 2019 වසර වන විට කල් පිරෙන බැවින් ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවීම වන ඇමරිකානු ඩොලර් මිලියන 4,200ක් 2019 වසර වන විට ගෙවීමට සිදු වේ.
කිසිදු ආර්ථික සැලසුමකින් තොරව මහින්ද රාජපක්ෂ රජය විසින් ලබාගත් ණය, මනා ලෙස කළමනාකරණය කොට ජනතාවට බරක් නොවන අයුරින් ගෙවීමට පහසු වන පරිදි සකස් කර, විදේශ ආයෝජන රටට ගෙනැවිත් රැකියා දස ලක්ෂයක් දීමේ නව වැඩපිළිවෙළක්ද අපි රජයක් ලෙස මෙම වසරේ මුල දියත් කරන ලදි.
එහෙත් තම පාලන කාලය තුළ රට සංවර්ධනය කිරීමට නොහැකි වීම හේතුවෙන් තමන්ව ප්‍රතික්ෂේප කළ ජනතාවගෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම රජය මඟින් රට සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ප්‍රගතිශීලී පියවරයන් කඩාකප්පල් කිරීමේ නීච ක්‍රියාවක යෙදී සිටින්නේ ඇයිදැයි ජනතාවට තේරුම් ගත හැකිය.
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද ගොතන ලද මුසාවන් පතුරවන අතරතුර රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කරනවා, විදේශිකයන්ට රාජ්‍ය සම්පත් විකුණනවායැයි මුසා පතුරවමින් ජනතාව උසිගැන්වීමේ පන්සල් දේශපාලනයේ නිරත වෙමින් මහින්ද රාජපක්ෂ මහතා රටටත් ජනතාවටත් විශාල ද්‍රෝහිකමක් කරමින් සිටින බව පැහැදිලිය.
කෙසේ නමුත් රාජපක්ෂ මහතා සිය පාලන කාලය තුළ සිදු කළ වංචා, දූෂණ සහ බරපතළ අපරාධ වසාගැනීමේ කඩතුරාවක් ලෙස හුදු ආණ්ඩු විරෝධයක් පෙන්වමින් සිදු කරන ප්‍රෝඩාකාරී මාධ්‍ය සන්දර්ශන මේ රටේ බුද්ධිමත් ජනතාව කිසිසේත් අනුමත නොකරනවා ඇත.
(මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්
නිකුත් කරන ලද නිවේදනයක් ඇසුරෙන් සැකසිණි. )