සැමියාගේ හිතට සතුටක් දෙන්න බිරියකට කළ හැකි දේවල් ‌ | Page 7 | සිළුමිණ

සැමියාගේ හිතට සතුටක් දෙන්න බිරියකට කළ හැකි දේවල් ‌

හැමදාම එකම විධියට දවස් ගෙවෙන නිසා පවුල් ජීවිතය කම්මැලි වෙලාද? සැමියාගේ අවධානය දිනා ගන්න ඕනද? එහෙනම් ඔබටත් පළමුවෙන්ම සැමියා වෙනුවෙන් යමක් කරන්න වෙනවා. අද කියන්න යන්නේ ඔබේ සැමියාව සතුටු කිරීමට ඔබට කළ හැකි ඉතා සරල දේවල් පිළිබඳවයි. ඔබටත් ඔබේ සැමියා වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න ඕනේ නම් මෙය ඉතාම වැදගත් වේවි.

ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා ප්‍රීතිමත් බිරියක් වගේම ප්‍රීතිමත් සැමියෙකුත් ඉන්නම ඕන.

සැමියාට ආදරය කරන්නේ කෙසේද? හැමෝම හොඳ අහන්න කැමතියි. සමහර විටක නරක දවසක හොඳ වචනයක් ඇසීමත් සිතට සහනයක්. නමුත් නිතරම හොඳ කියන්න ගියොත් ඒකෙත් අගයක් නැහැ. මොකද ඒක සමහර පුද්ගලයන් ප්‍රයෝජනයට ගන්න නිසා.

ඒත් ඉඳහිට සැමියා වුණත් බිරිඳගේ මුවෙන් හොඳක් අහන්න ලැබෙනවා නම් ඉන් රහසින් හුඟක් සතුටට පත්වෙනවා. විවාහයකට ඇගයීම තිබිය යුතුමයි. වැදගත්කම වන්නේ එය කොතරම් අවංකවද යන එකයි. 

සාමාන්‍යයෙන් සැමියන් බිරිඳගේ හොඳ අගයනවා. “ඔයාගේ කෑම ටික හරිම රසයි”. “ඔයා නම් අද හරිම ලස්සනයි. හැමෝම ඉස්සරහ කැපිලා පේනවා”. බිරින්දෑවරුන් ඇගයීම් කරන්න එතරම් ලෝබ නැහැ. ඒත් එය කොයි මොහොතේ කළ යුතු දැයි ඔවුන් හරියට දන්නේ නැහැ.

පිරිමින් හුඟක් වෙලාවට බිරිඳගේ මුවෙන් ලැබෙන ඇගයීම නිසා සතුටුවන බව වැඩිය පෙන්නේ නැහැ. නමුත් හිත ඇතුළෙන් ඔවුන් හුඟක් සතුටු වෙන දේවල් තියෙනවා.

සැමියාට ආදරය කරන්නේ කෙසේද? ඔබේ සැමියා සතුටින් තබන්න මේ ඉඟි 9 ගැන සිතා බලන්න.‍

01. ඔහුගේ ඇඳුම් පැලඳුම්

කාන්තාවන් තරම් පිරිමින් ඇඳුම් පැලඳුම් ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ලස්සනට ඇන්දහම එය අගය කරනවට ඔවුන් හුඟක් කැමතියි. මෙහෙම දවසක කැපී පෙන්න ඇඳලා ඉන්නකොට ඔහුගේ සපත්තු දෙක, ටයි එක, කලිසම, කමිසය ගැන අගයන්න ඔබට පුළුවන්.

02. ඔහුගේ ආරක්ෂාව

ඔබට වටිනා බව ඔහු ඔබට ආරක්ෂාව සපයන බව දැනෙන බව හැඟවීම නිසා ඔහු ඔබේ ජීවිතයට වැදගත් අයෙකු බව සිතාවී. ඒ නිසා ඔහුට ඔහු ගැන හා පිරිමිකම ගැන අභිමානයක් දැනෙනවා. ඒ නිසා ඔහුගේ ආරක්ෂාවේ වටිනාකම අගයන්න.

03. ඔහුගේ සුවඳ

ඔහුගේ විලවුන් සුවඳ, ඩියෝඩරන් සුවඳ හමන නැවුම් බවට ඔබ ආකර්ෂණය වෙන බව අඟවන්න. ඔබ එය ඇඟවීම මෝඩ කතාවක් වගේ හිතුණත් හිතින් ඔහු එයට කැමතියි. එය ඔහුගේ පෞරුෂයට වැදගත්.

04. ඔහුගේ හිසකෙස්

සැමියන් තමන්ගේ හිසකෙස් ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැති තරම්. නමුත් ඉන් කියන්නේ ඔවුන් ලස්සනට ඉන්න කැමති නැහැ කියන එක නෙමෙයි. ඒ නිසා ඉඳහිට කොණ්ඩය කපන්න සැලෝන් එකට ගිහින් ආවහම ඔහුගේ අලුත් කොන්ඩ විලාසිතාව ගැන ඇගයීමක් කරන්න.

05. ඔහුගේ නුවණ

මෙය පුංචි කාලේ ඉඳන්ම හැමෝටම බලපාන සත්‍යක්. නිතරම ඔබට ඔබේ නුවණ හැකියාව අගයන අය ලැබෙන්නේ නැහැ. නමුත් ඔබේ සැමියා නුවණක්කාර දෙයක් කළොත් කිව්වොත් ඒ ගැන කතා කරන්න. මේ නිසා ඔහුට ඔහුගේ සුවිශේෂී බව ගැන අන් අය කතා කිරීම ආඩම්බරයට කරුණක් වෙනවා.

06. ඔහුගේ ශක්තිය

පිරිමින් ඔවුන් ශක්තිමත් බව අහන්න කැමතියි. සමහර විට පාලනයටත් පුරුෂාධිපත්‍යටත් ඔහු කැමතියි. ඉතින් සමහර වෙලාවට ඔහුගේ මතයට ඇහුම්කන් දෙන බව ඇඟවීම ඔහුට සතුටක්.

07. විශ්වාසය පතන බව හා ඔහුගෙන් යැපෙන බව

සැමියන් ඔහු නැතිව යමක් කරන්න බැරි බව දැන ගැනීමටත් කැමතියි සහ ඔහු කොයිතරම් විශ්වාසදායක දැයි කීමත් සතුටක්. මන්ද ඔහුත් ඔබ වගේම විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරන නිසා. ඒ නිසා ඔහු ගැන තැබිය හැකි විශ්වාසය හා ඔහුගෙන් යැපෙන බව දැනීම ඔහුට සතුටක්.

08. ඔහුගේ විහිළු අගයන්න

ඔහුගේ සමහර විහිළු අගය නොකළත් ඔහු ඔබව සිනහවෙන් තබන බව ඇඟවීම වැදගත්. සැමියන් බිරියට විහිළු තහළු කරන්න කැමතියි. සමහර දේවල් ඔබව කේන්ති ගස්සන්නට කරන විහිළු වුණත් ඔහු එය කරන එක ගැන ඉවසීම ඔහුට වටිනවා.

09. ඔහුගේ පෙනුම

ඔහු කිසිවිටකත් පෙනුම ගැන ඔබ තරම් නොසිතනවා වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ පෙනුම ගැන නොසිතනවා යැයි කියන්න බැහැ. ඔහුගේ පෙනුම ඇගයීම ඔහුට සතුටක්. ඔහුගේ පෙනුම ඇගයීම සමඟම ඔබට ඔහු ප්‍රශංසා කරනවා.

අන්තර්ජාලයෙනි

Comments