පොදුවේ සිතන කල බහුතරයක මතය වී ඇත්තේ සහල්, පොල්, මිරිස්, කුළුබඩු, එළවළු, පලතුරු වසර ගණනක් පුරා එකම මිලක තිබිය යුතු ය යන මතයයි. අපි ගොවියා ගැන මෙසේද සිතමු. ගොවියා තරම් දුක් ගැහැට, අගහිඟතා විඳින වෙනත් කිසිවකු නැත.
යම් රැකියාවක හෝ ව්‍යාපාරයක යෙදෙන සෑම දෙනෙකුම දෛනිකව හෝ සතියකට, මාසයකට වරක් යම් වැටුපක් ආදායමක් හිමිකර ගනී. එහෙත් වී ගොවියා ආදායමක් ලබන්නෙ මාස හයකට වරකි. වසරකට දෙවරකි. එයද ස්ථාවරයක නොපවතී. කාලගුණය අයහපත් වී තදින් වැසි පැවතුණත් වැසි නොමැතිව නියඟ ඇති වුණත් ගොවිතැන් වගාව විනාශ වන්නේ විශාල පාඩු සහිතවය. එපමණක් නොවේ. මිහිපිට වසන බොහොමයක් සතුන්ගෙන් ද ගොවිතැනට සිදුවන්නේ අලාභමය.
ගොවියා කුලී පදනමට සහායට ගන්නා කම්කරුවා පවා දෛනිකව රුපියල් දෙදහසක, දෙදහස් පන්සියයක පමණ ආදායමක් ලබති. එළවළු ඇතුළු වෙනත් බෝග වගා කරන ගොවීන්ගේ ඉරණමද මෙබඳුමය. ගොවියාගේ කැපවීම වෙහෙස මහන්සිය අනුව ගණන් බැලු කල දිනකට රුපියල් 500කවත් ආදායමක් ලැබෙන්නේ නැති සෙයකි.
එදා කෘෂිකර්ම ඇමැතිව සිටි ගාමිණි ජයසූරිය ඇතිකළ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය පිලිප් ගුණවර්ධන ඇමැතිවරයා ඇතිකළ අඳගොවි පනත හා බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ඇතිකළ ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරය ගොවියා වෙනුවෙන් මහා ශක්තියක් වූ සේවාවන්ය. වර්තමානයේත් එම ක්‍රියාදාමයන් ගොවියාට ජවය ශක්තිය ලබා දෙන බව සිහිපත් කළ යුතුය.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්මද ගොවියාට සැනසීමක් උදාකොට ආදායම ඉහළට එසවෙන යුගයක් බිහි වන බවට සතුටු විය හැකි බවක්ද පෙනේ.
එම නිසා කෘෂි නිෂ්පාදන ද්‍රව්‍ය සැමදා එකම මිල, අඩුම මිල, සහන මිල නොවිය යුතු බවට ජනතා ආකල්ප වෙනස් විය යුතුම සමයක් ලෙස වර්තමාන යුගය නම් කළ හැකිය.
සී. වීරසිංහ ආරච්චි
පාදුක්ක