
මේ දවස්වල මහජනයා අතර මහත් භීතියක් ගෙන දෙන කොරෝනා වෛරසය හේතුවෙන් වෙළෙඳපොළේ මුහුණු ආවරණ අධික මිලකට අලෙවි වේ. අද වන විට මුළු ලෝකයම භීතියකට පත් කරමින් මෙම වෛරසය පැතිරීම හේතුවෙන් ලාංකිකයෝ බොහෝමයක් අරක්ෂිත ක්‍රම වේද අනුගමනය කරති. එම අනුගමනය කරන ක්‍රමවේද අතරින් ප්‍රධාන වශයෙන් මුහුණු ආවරණ පාවිච්චිය කෙරෙහි යොමු වෙමින් පවති.
එම හේතුවෙන් වෙළඳපොළේ මුහුණු ආවරණ හිඟයක් පවතින අතර එය වෙළෙඳ පොළේ තිබුණත් අධික මිල ගණන් යටතේ අලෙවි වේ. එනම් මුලින් තිබූ එක් මුහුණු ආවරණයක් රු. 40ත් 50 අතර පැවැති අතර අද වන විට එය රුපියල් 400 ත් 500 ත් අතර මිලකට අලෙවි වෙයි.
සාමාන්‍ය නාගරික ජනතාව හා දුප්පත් ජනතාවට මෙය දැරීමට නොහැකි මිලක් වන අතර එක් පුද්ගලයකුට අවම වශයෙන් මින් 2ක් හෝ 3ක් අවශ්‍ය වේ.
එක් මුහුණු ආවරණයක් පමණක් දිනපතා පාවිච්චියට ගත නොහැකිය. එපමණක් නොව අඩු අදායම් පවුල්වල සාමාජිකයින් ගණන අනුව මෙය ඔවුන්ට දැරීමට ඉතාමත් අපහසු ගණනකි.
අද වෙළෙදාමේ යෙදෙන අවස්ථාවාදී කූට වෙළෙඳුන් අහිංසක මහජනතාව ගසාගෙන කති. චීනයේ ඉතාමත් වේගයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන නිසාත් එම රටෙන් හා වෙනත් විදේශ රටවලින් ලංකාවට සංචාරකයින් පැමිණෙන නිසාත් විශාල අවදානමක් ලංකාවටද ඇති වේ යැයි ලාංකික ජනතාව සිත්වල බියක් පවතී.
මේ කරුණු සැලකිල්ලට ගෙන රජය මැදිහත් වී මෙම මුහුණු ආවරණ ඉතා ඉක්මනට පහසුවෙන් හා සාධාරණ මිලකට මහජනතාවට ලැබෙන්න සලස්වන මෙන් ඉල්ලා සිටිමු. එය අප රටෙත් මහජනතාවගෙත් සුභ සිද්ධියට හේතු වේ.
ලසන්ත වීරසිංහ
රන්නාවල, ඌරුගමුව