නිවාඩු අඩු කොට වැඩියෙන් වැඩ කරමු | සිළුමිණ

නිවාඩු අඩු කොට වැඩියෙන් වැඩ කරමු

රටක සංවර්ධනය හා මිනිස් චින්තනය සමඟ සමීප සම්බන්ධතාවයක් පවතින වග අප සෑම දෙනාම දන්නා කාරණයක් වුවද එම සම්බන්ධතාව කෙසේනම් කළමනාකරණය කරන්නේද යන්න තවම ලාංකික ජනතාවට අවබෝධයක් නැත. එමෙන්ම මෙතෙක් කිසිම කෙනෙකු එය නිරාවරණය කර ද නොමැත.

ශ්‍රී ලංකාවට ආර්ථික හා ආධ්‍යාත්මික දියුණුව අවශ්‍යනම් මෙකී කරුණු ක්‍රියාත්මක කළ යුතුම වේ. නිවාඩු අඩු කරන්න - විචාර, සම්මන්ත්‍රණ සීමා කරන්න, වැඩියෙන් වැඩ කරන්න යනාදිය මන්ත්‍රීවරුන්ගෙන් ආරම්භ කර සෑම පුරවැසියාම රට වෙනුවෙන් ආදායම් තත්ත්වය අනුව මූල්‍යමය පරිත්‍යාගයක් කිරීමටත් මසකට වරක් සෑම ආයතනයක්ම ශ්‍රමදානයක් මඟින් පවිත්‍ර කිරීමටත් රාජ්‍ය තාන්ත්‍රික සැලැස්මක් සකස් කළ හැකි නම් ඉතා අගනේය.

නැවතත් සඳහන් කරනුයේ විචාරය - විවේචනය තම තමන්ටම සීමාකොට තමාගෙන් රටට ඉටුවිය යුතු උපරිම සේවාව ලබා දෙන ලෙසයි.

අමුණුපුර පියරතන නාහිමි 
අස්ගිරිය, මහනුවර

Comments