විටෙක ලෝකය මහා රුදුරු තැනකි. කිසිදු පැහැදිලි හේතුවකින් තොරව පිටවන ගිනි අවි උණ්ඩ, පුපුරා යන බෝම්බ අහිංසක ජිවිත සිය ගණනින් විනාශ කර දමයි. කොවිඩ් වසංගතය මුඵූ මහත් පෘථිවියම වෙළා ගත් කාලයේදී නිහඬව තිබුණද දැන් යළිත් ලොව පුරා යුද ගිනිදැල් ඇවිෙළන්නට පටන් ගෙන තිබේ.
ඒ අතරට එක්වෙමින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ගුවන් තොටුපොළට පසුගියදා මාරක ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. මේ ප්‍රහාරයෙන් ඍජුවම ඉලක්ක කර තිබුණේ ගුවන් තොටුපොළ නොව එයට ආසන්නයේ පිහිටා තිබූ එක්සත් අරාබි එමිරේට්ස්ටිහි ජාතික තෙල් සමාගමට අයත්ව තිබූ තෙල් ගබඩා සංකීර්ණයයි. ඩ්‍රෝන ප්‍රහාර ඉලක්කයටම එල්ල වූ බැවින් පෙට්‍රල් ගබඩා කර තිබූ ටැංකි දෙකක් ක්ෂණිකව ගිනි ඇවිළී ගිය අතර, එම ගින්න අසල පිහිටා තිබූ ගුවන් තොටුපොළ කරා ද ව්‍යප්ත විය.
ගින්න මැඬ පැවැත්වීමට අබුඩාබි බලධාරින් උත්සාහ දරමින් සිටි අතර තහවුරු වූයේ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි. මේ අතරින් දෙදෙනෙක් ඉන්දියන් ජාතිකයන් බව ද තහවුරු විය.
ආසියානු කලාපයේ රටවල ජනතාවට රැකියා සපයන රැකියා වෙළෙඳ පොළක් වන අබුඩාබි නගරයේ ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉන්දීය ජාතිකයන් ද රාශියක් වේ. මේ ප්‍රහාරයට හසුවීමෙන් මියගොස් ඇත්තේ එසේ රැකියාවේ නිතරව සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු බව ප්රකාශිතය.
කෙසේ වුවද ප්‍රහාරයෙන් වැඩි වේලාවක් ගතවීමට පෙරම ප්‍රහාරයේ වගකීම හවුති කැරලිකරුවන් විසින් බාර ගත් බව ප්‍රකාශයට පත් විය.
හවුති කැරලිකරුවන් යේමනය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන අතර ඔවුන් යේමනයේ බලය ලබා ගැනිමට උත්සාහ දරමින් සිටිති. යේමන රාජ්‍යය මේ සඳහා විරෝධය දක්වන්නේ සවුදි අරාබිය ඇතුළු කලාපීය රටවල් රැසක සහය ලබා ගනිමිනි. ප්‍රහාරය එල්ල වූ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයද සිටින්නේ හවුති කැරලිකරුවන්ට විපක්ෂ සවුදි කඳවුරේය. මේ රටවල සහය ලබා ගනිමින් යේමන රජය තම හමුදා පෝෂණය කරමින් හවුති කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කරමින් සිටී.
හවුති කැරලිකරුවන්ගේ පසුබිමෙන් සිටිමින් ඔවුන්ට සහය පළ කරන්නේ ඉරානය බවට ලොව පුරා ප්‍රසිද්ධ මතයක් වේ. ප්‍රහාරයෙන් පසු එක්සත් අරාබි එමිරේට්ස්හි විදේශ අමාත්‍යවරයා වන අබ්දුල්ලා බින් සයේද් අල් නවාහ්න් පවසා සිටියේ ප්‍රහාරයට නිසි පිළිතුරු සැපයීමට පසුබට නොවන බවයි.
එම ප්‍රකාශය සනාථ කරමින් ප්‍රහාරයෙන් පසු දින හවුති පාලන ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සවුදිය ප්රමුඛ හවුති විරෝධී පාර්ශ්වය කටයුතු යෙදීය. එම ප්‍රහාර සම්බන්ධව අදහස් දක්වමින් සවුදි මාධ්‍ය ඒජන්සිය දක්වා තිබුණේ ඉරානයේ මගපෙන්වීම මත කටයුතු කරන හවුති කැරලිකරුවන්ට දැන් පිළිතුරු ලැබෙමින් පවතින බවයි. කෙසේ වුවද මේ එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරවලින් කිසිවකු තුවාල ලබා නොමැති බව ද එමිරේට්ස් රාජ්‍යයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.
පසුගිය සඳුදා එල්ල කෙරුණු මේ ඩ්‍රෝන ප්‍රහාරය ඉතිහාසගත වන්නේ හවුති කැරලිකරුවන් විසින් එමිරේට්ස් භූමියේ සිදු කළ විශාලතම ප්‍රහාරය වශයෙනි. තෙල් ටැංකිවලට ඍජුවම එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් අති විශාල පිපිරීමක් ද සිදුවූ අතර, ඉන්දියන් ජාතිකයන් දෙදෙනා ඇතුළු තිදෙනකු මිය ගියේද එම පිපිරීම හේතුවෙන් බව කියැවේ.
මැද පෙරදිග කලාපයේ කිසිදා නොනිවෙන යුද ගිනි අතර යේමන හවුති ගැටලුව ද එක් ප්‍රධාන ගැටලුවකි. එයට ඇත්තේ ද සැලකිය යුතු ඉතිහාසයකි. ආසන්නතම කාලයේදී හවුති කැරලිකරුවන් සහ එක්සත් අරාබි එමිරේට්ස් ගැටුණේ පසුගිය කාලයේදී එමිරේට්ස් රාජ්‍යයට අයත් නෞකාවක් හවුති කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමත් සමඟිනි. ඉරානය සැමදා මැද පෙරදිග කලාපයේ කළු කුරුල්ල වශයෙන් වෙනස් මඟක යමින් සිටින රටකි. ස්වාධීන මතයක් සහිතව, ස්වාධීනව කටයුතු කරන ඉරානය කිසිවකුගේ අණට නැමෙන රටක් නොවේ. ඉරානයේ ශක්තිය ලබන හවුති කැරලිකරුවන් මට්ටු කිරීමට සවුදි - එමිරේට්ස් මිත්‍ර පාර්ශ්වයට හැකියාවක් ලැබේද යන්න සැක සහිත වන්නේ ඉරානය ඔවුන් පසුපසින් සිටින බවට ප්‍රකාශ වන බැවිනි. කෙසේ වුවද පැවසිය යුතු වන්නේ යුද ගිනි දැල් ඇවිළෙනවාට වඩා නිවී යන්නේ නම් ලෝකය වඩා සුන්දර තැනක් වනු ඇති බවය. a