දෙවැනි වර­ටත් ප්‍රංශයේ ජන­පති තරුණ එම්මා­නු­වෙල් මැක්‍රෝන් | සිළුමිණ

දෙවැනි වර­ටත් ප්‍රංශයේ ජන­පති තරුණ එම්මා­නු­වෙල් මැක්‍රෝන්

ම්මා­නු­වෙල් මැක්‍රෝන් නැමති තරු­ණයා තම රට පාල­නය කිරීම සම්බ­න්ධ­යෙන් තමන්ගේ කිසිදු අක­මැ­ත්තක් නොමැති බව ප්‍රංශ ජන­තාව පසු­ගි­යදා යළිත් තහ­වුරු කර සිටි­යහ. ඒ පසු­ගි­යදා පැවති ප්‍රංශ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් දෙවැනි ධූර කාල­යක් මැක්‍රෝන්ට ලබා දෙමිනි.

මැක්‍රෝන් දෙවැනි ධූර කාල­යක් සඳහා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග වැදුණේ ප්‍රබල ප්‍රති­වාදී අපේ­ක්ෂිකා මාර් ලෙ පෙන් ගෙන් අභි­යෝ­ග­යක් එල්ල වෙමින් පැව­ති­ය­දීය. සාමා­න්‍ය­යෙන් එක් ධූර­කා­ල­යක් අව­සා­නයේ බොහෝ පාල­ක­යන් ජන­තා­වගේ අප්‍ර­සා­ද­යට පත්වන අතර විශේ­ෂ­යෙන් කොවිඩ් වසං­ග­තය හේතු­වෙන් රට­වල් රැස­කම පාල­කයෝ ජන­තා­වගේ ප්‍රති­ක්ෂේප වූහ. මෙවැනි තත්ත්ව­යක් යටතේ එම්මා­නු­වෙල් මැක්‍රෝන් දෙවැනි ධූර කාලය සඳහා ද තරග වැදුණු අතර ඔහුගේ ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ සැක සහිත අනා­වැකි ද ප්‍රකා­ශ­යට පත් විය. එහෙත් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල නිකුත් වීමෙන් පසුව පැහැ­දිලි වූයේ ප්‍රංශ ජන­තාව මැක්‍රෝන් කෙරෙහි තව­මත් විශ්වා­සය තබා ඇති බවයි.

ප්‍රකා­ශීත ඡන්ද සංඛ්‍යා­වෙන් සිය­යට 58.2ක පැහැ­දිලි බහු­ත­ර­යක් ලබා ගැනී­මට සමත් වූ මැක්‍රෝන් ප්‍රබල තර­ග­කා­රි­යක ලෙස හඳු­නා­ගත් මාරියා ලෙ පෙන් පහ­සු­වෙන් පරා­ජ­යට පත් කර තිබිණී.

එම්මා­නු­වෙල් මැක්‍රෝන් යනු සැබ­වින්ම අනා­ග­ත­වාදී නාය­ක­යකු ලෙස හැඳ­න්විය හැකිය.

ලෝකයේ බොහෝ රට­වල ජන­තාව තරුණ නාය­ක­යන්ට කැමැත්ත පළ කර­මින් සිටින රැල්ලක ආර­ම්භක සාමා­ජි­ක­යකු ලෙස එම්මා­නු­වෙල් මැක්‍රෝන් හඳුන්වා දිය හැකිය. මැක්‍රෝන් දේශ­පා­ලන පොර පිටි­යට පිවි­සෙන විට ඉතා තරුණ වියේ පසුවූ අතර ඔහු ප්‍රංශය වැනි බැරෑ­රුම් රටක් බාර ගන්නා විට ඔහුගේ වයස අවු­රුදු හත­ළි­හක් පම­ණක් විය.

කොවිඩ් වසං­ග­තය මධ්‍යයේ වුවද මැක්‍රෝන් තම ජන­ප්‍රි­ය­ත්වය ආරක්ෂා කර ගැනී­මට සමත් වූ අතර යුරෝපා සංග­ම­යෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමෙන් සහ ඇන්ජෙලා මර්කල් ගේ විශ්‍රාම ගැනී­මෙන් පසුව යුරෝපා සංග­මයේ රට­වල පරි­ණ­තම නාය­කයා ලෙසින්ද මැක්‍රෝන් නිරා­යා­ස­යෙන්ම නාම­ක­ර­ණය වී තිබේ.

Comments