ප්රංශයේ කාන්ස් සිනමා උලෙළ යනු යුරෝපයේ ප්රබලතම සමාජ දේශපාලන බලයක් සහිත සිනමා උලෙළයි. එම උලෙළ විවෘත කිරිමේ අවස්ථාව හිමි කර දෙන්නේ කිසියම් විශේෂිත චරිතයකටය. මෙවර එම අවස්ථාව හිමි වූයේ යුක්රේනයේ ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිට ය. එම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය මඟින් සම්බන්ධ වූ සෙලෙන්ස්කි තමාට ලබා දුන් ගෞරවය නිහතමානීව පිළිගත්තේය.
මේ අවස්ථාව සෙලෙන්ස්කිට හිමි වීම සැබවින්ම ඔහුට ගෞරවයක් විය හැකිය. එහෙත් ප්රංශය ඇතුළු යුරෝපා රටවල පෙලඹවීම මත රුසියාව සමඟ සටනට යෑමෙන් සෙලෙන්ස්කි යුක්රේනයට අහිමි කළ දේ බොහෝය. බටහිර රටවලින් ලැබුණු උසි ගැන්වීම් හමුවේ සටනට පිවිසියද උදවු ඉල්ලු අවස්ථාවේදී බටහිර රටවලින් සෙලෙන්ස්කිට ලැබුණේ අයිෆල් කුලුනේ යුක්රේන වර්ණ නිරූපණය කිරීම, කාන්ස් විවෘත කිරීම වැනි දේ පමණි.