ලොව වටා | Page 2 | සිළුමිණ

ලොව වටා

මර්කල්ට

මොඩේර්නා

 

 

ජර්මන් චාන්ස්ලර් කියන්නේ ලෝකයේ රාජ්‍ය නායකයන් අතරිනුත් ඉතාම බලවත් පුද්ගලයෙක්. ඇතැම්විට ඇමරිකාවට චීනයට රුසියාවට වඩා ජර්මනිය බලවත්වන, ප්‍රධාන වන අවස්ථා තියෙනවා. මේ නිසාම සැම බලවත් රටක්ම උත්සාහ කරන්නේ ජර්මනිය හොඳින් තියා ගන්න. හැබැයි මේ වන විට චාන්සලර් ධූරය හොබවන ඇන්ජෙලා මර්කල් කියන්නේ ඉතාම විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන ආදර්ශමත් නායකයෙක්. ජර්මනිය තම රටේ ජනතාවට කොවිඩ් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දෙන්න කටයුතු කළාට ඔවුන්ගෙන් බොහොමයකට දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ පිරිස අතරට ජර්මනියේ රාජ්‍ය නායිකාවත් ඇතුළත්. පසුගියදා ඇය දෙවැනි මාත්‍රාව ලෙස මොඩේර්නා එන්නත ලබා ගැනීමට කටයුතු කළා. තම බලය අයුතු ලෙස භාවිත කළා නම් ඇයට එක එන්නතක් වෙනුවට එන්නත් දහස් ගණනක් ගෙන්වා ගන්න තිබුණා. එහෙත් ඇය සාමාන්‍ය මිනිසුන් ලැබෙන අවස්ථාව තමන්ටත් ලබා ගැනීමට කටයුතු කළා.

යකා එළවන්න

දරුවා මරලා

තමිල්නාඩුවේ හත් හැවිරදි පිරිමි දරුවකුට යකෙකු ආවේශ වී ඇතැයි පවසමින් ඔහුගේ මව සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු විසින් මුළු රැයක් පුරා පහර දෙනු ලැබ දරුවා මිය ගොස් ඇති බවට වාර්තා වුණා.

මේ සිදුවීම වාර්තා වුණේ තමිල්නාඩුවේ තිරුඅන්නාමලෙයි ප්‍රදේශයෙන්. පහර දීමෙන් මියගොස් ඇත්තේ සබාරි නම් වන 7 හැවිරිදි පිරිමි දරුවෙක්.

මේ දරුවා මරා දැමීමේ චෝදනා මත පහර දීමට මුල්වූ ඔහුගේ මව සහ තවත් කාන්තාවන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ සිදුවීමට ඉතාම සමාන සිදුවීමක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවෙන්ද වාර්තා වූ අතර එවර යකකු ආවේශ වී ඇති බව කියමින් පහර දී මරා දමනු ලැබුවේ කුඩා ගැහැනු දරුවෙක්.

 

මියන්මාර් හමුදා නායක රුසියාවේ සංචාරයක

මියන්මාරයේ හමුදා නායක මින් අවුන්ග් ලායින් පසුගියදා රුසියාවට පැමිණියා. ඒ ජූනි 22 සිට 24 දක්වා මොස්කව් නුවරදී පැවැත්වීමට නියමිත ආරක්ෂක සමුළුවට සහභාගී වීමට අරමුණු කර ගනිමින්. රුසියාවෙන් සහ චීනයෙන් මියන්මාර් හමුදා පාලනයට දැඩි සහයෝගයක් ලැබෙමින් පවතින අතර ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර මියන්මාරයට තර්ජනය කර සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ප්‍රවිෂ්ට වන ලෙස පවසමින්. මේ අතර මියන්මාර ජනතාව දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඉල්ලා ජනතා විරෝධතා පැවැත්වෙමින් සිටින අතර පසුගියදා විරෝධතාවන්හි නිරත පිරිසට එල්ල කෙරුණු හමුදා ප්‍රහාර හේතුවෙන් සිවු දෙනෙකු මිය ගියා.

ඇමරිකාවට සංක්‍රමණිකයන්ගේ පැමිණීමේ

දැඩි වර්ධනයක්

 

ඔබාමා පාලනයෙන් පසු ඇමරිකාවට සංක්‍රමණිකයන්ගේ පැමිණීමේ වැඩිම අගය මේ වන විට වාර්තා වෙමින් පවතිනවා.

මේ සංක්‍රමණිකයන් මෙක්සිකෝව හරහා දකුණු ඇමරිකාවේ සිට ගොඩබිම් ඔස්සේ මෙන්ම කියුබාව වැනි දූපත්වල සිට මුහුදු මාර්ග ඔස්සේ ද පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන කාලයේදී සංක්‍රමණිකයන්ගේ පැමිණීමට දැඩි සේ වැට බැඳුණු අතර ඔහු පවසා සිටියේ ඇමරිකාව ඇමරිකානුවන්ට පමණක් බවයි.

සංක්‍රමණිකයන්ගේ පැමිණීම හේතුවෙන් ඇමරිකානුවන් දැඩි අපහසුතාවන්ට පත් වන බැවින් ට්‍රම්ප් පාලනය සංක්‍රමණිකයන්ට දැඩි සේ නීති පනවනු ලැබුවා.

එහෙත් දැන් බයිඩ්න් පාලනය යටතේ එම නීති රිති ලිහිල්ව පවතින බැවින් මෙලෙස විශාල වශයෙන් සංක්‍රමණිකයන් යළිත් ඇමරිකාවට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

 

මනිකන්දන් දූෂණ චෝදනා මත අත්අඩංගුවට

 

තමිල් නාඩුවේ හිටපු ඇමති එස් මනිකන්දන් පසුගියදා අත්අඩංගුවට පත් වූවා. ඒ කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනා මත.

ඔහුට මේ චෝදනා එල්ල කර ඇත්තේ මැලේසියානු - ඉන්දියානු කාන්තවක විසින්. ඇය නිළියක්ද වන බව සඳහන්. ඇය හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල කර ඇත්තේ ඔහු තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වූ නමුත් දැන් ඔහු තමාට ගබ්සා කර ගන්නා ලෙස තර්ජනය කරමින් සිටින බවත්, මැලේසියාවේ සිටින තම පවුලේ සාමාජිකයන්ටද ජීවිත තර්ජන එල්ල කරමින් සිටින බවත් පවසමින්.

 

Comments