උඩුගං බලා පිහි­නන රාජ්‍ය සේවය | Page 3 | සිළුමිණ

උඩුගං බලා පිහි­නන රාජ්‍ය සේවය

‘හොඳම දේ දරු­වන්ට ය' යනු­වෙන් පැව­සූයේ 1917 දී සාර් රජුගේ පාල­නය පෙරළා දමා සමා­ජ­වාදී සෝවි­යට් දේශය නිර්මා­ණය කිරීමේ පුරෝ­ගා­මියා වූ විලැ­ඩි­මීර් ඉලිච් ලෙනින් ය. බොහෝ රට­වල් විසින් ඔහුගේ කිය­මන යථා­ර්ථ­යක් බව පසක් කොට ගැනී­මෙන් අන­තු­රුව ප්‍රති­පත්ති සම්පා­ද­නයේ දී උප­යුක්ත කර ගන්නා ලදී.

හොඳම දේ තමා­ටත් තමාගේ බේබිලා ටත් පම­ණක් උරුම­ කරදීම වෙනු­වෙන් සදා­කා­ලි­කව බලයේ රැඳී සිටීමේ අති බහු­තර දේශ­පා­ල­ක­යන්ගේ ස්වභා­වය වෙනස් කර­මින් අලුත් මාව­ත­කට නව රජය පිය­නඟා තිබේ. ඒ මඟ මල් අතුරා නැති බව පැහැ­දි­ලිව පෙනෙන බොහෝ දෑ හා ක්‍රියා සිදු­වෙ­මින් පවතී. නමුත් ඒ සිය­ල්ලට ද යථා­වාදී පිළි­තුරු ලැබෙ­මින් තිබේ. වෙනදා ලැබෙන කඳුළු ගෑස් වෙනු­වට මෙදා උද්ඝෝ­ෂණ භූමි­ය­ටම ගොස් ප්‍රතිඥා දෙන නාය­ක­ත්ව­යක් අපට හිමිය.

මේ සැප්තැ­ම්බර් 2 වැනිදා වනවිට රාජ්‍ය සේව­යට එක්ලක්ෂ හැට­ද­හ­ස­කට වැඩි­යෙන් නව මුහුණු එක්වෙති. එත­රම් විශාල ප්‍රමා­ණ­ය­කට රැකියා ලැබෙන ප්‍රථම අව­ස්ථාව මෙයයි. රජයේ රැකි­යා­වක් යනු බොහෝ දෙන­කුගේ සිහි­න­යකි. එ් සිහි­නය බොහෝ ඈත තිබුණු බොහො­ම­ය­කට මෙවර රජයේ රැකියා හිමිවීම ඓති­හා­සික කරු­ණකි. මේ පිරිස තෝරන්නේ කිසිම දේශ­පා­ලන බල­පෑ­ම­කින් තොරව වීම එයට වඩාත් ගෞර­ව­නීය බවක් එක්කර තිබේ. උස අය සිකි­යු­රිටි, මිටි අය කම්කරු කියා තම පාක්ෂි­ක­යන් පවා බෙදූ කාල­යක් පසු කර විත් ඇති බැවින් මේ එළැ­ඹුම වඩාත් වටි­න්නේය. තරුණ ශ්‍රම­යට වටි­නා­ක­මක් එක්ක­ර­මින්, තරුණ ශ්‍රම­යෙන් හැකි උප­රිම ඵල ප්‍රයෝ­ජන ගැනීම මෙහි අර­මු­ණයි.

මනු­ෂ්‍ය­යන් ගැන සිතන දේශ­පා­ලන විද්‍යා­වක් ද, මිනි­සුන්ගේ වටි­නා­කම් මැන බලන ආර්ථික විද්‍යා­වක් ද අද අපට අවශ්‍ය වේ. ඒ දෙකෙහි ම පෙර­මුණ ගත යුත්තේ දේශ­පා­ලන නාය­කයෝ ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාය­කයා ඉහත කී සාධක දෙක කෙරෙහි ම අව­ධා­නය යොමු කර­මින් සිය කාර්ය සාධ­න­යෙහි නිරත වන බව පෙනෙයි. එය සිදු­වන්නේ ශ්‍රී ලංකාවේ දේශ­පා­ලන ඉති­හා­ස­යෙහි විප්ල­වීය වෙන­සක් හැටි­යට ය. උපා­ධි­ධා­රීන්ට පම­ණක් නොව අ.පො.ස.සා/පෙළ අසමත් තරුණ පිරි­සට රාජ්‍ය අංශයේ සුදුසු රැකියා ලබා­දීම මේ වැඩ­ස­ට­හ­නෙහි කැපී පෙනෙන අංශ දෙකක් හැටි­යට සැලැ­කෙන්නේ ඒ නිසාය.

කිසි­යම් රාජ්‍ය­යක උපා­ධි­ධා­රීන්ගේ රැකියා විර­හිත වීම ගැන පැමි­ණි­ල්ලක් තිබේ නම්; එය රජයේ ආර්ථික සැලැ­සුම් වල වැරැ­ද්දකි. එලෙස ම සංව­ර්ධන ව්‍යාපෘ­ති­වල මන්ද­ගාමී හා අවි­ධි­මත් බව එයින් සනාථ වෙයි. තරුණ පිරිස වල්මත් වී ඇත්නම් එය ද මීට සම­ගාමී ප්‍රති­ඵල පෙන්වයි. එය වෙනස් කිරී­මට වත්මන් රජයේ තැත වඩාත් වැද­ගත් වන්නේ මේ ප්‍රවේ­ශයේ සිට බල­ත්දීය. වත්මන් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ හා අග­මැති ප්‍රමුඛ දේශ­පා­ලන නාය­ක­ත්වයේ ඉල­ක්කය වී ඇත්තේ තරුණ ශ්‍රම හමු­දාවේ උප­රිම ශ්‍රම දාය­ක­ත්වය රටේ සංව­ර්ධ­නය සඳහා යොදා ගැනී­මය.

මේ වන විට සුදු­සු­කම් සපුරා ඇති සියලු උපා­ධි­ධා­රීන් හට ඔවුන් විසින් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙද­වී­මට පිය­වර ගන්නා ලෙස ජනා­ධි­ප­ති­ව­රයා විෂය බාර නිල­ධා­රීන්ට උප­දෙස් දී ඇත. රාජ්‍ය සේවයේ ඇති දුර්ව­ලතා සහ අඩු පාඩු මඟ හැරෙන ලෙස රැකි­යා­ගත පුහු­ණු­වක් ලබා­දීමේ අව­ශ්‍ය­තා­වද මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය. ඒ අනුව තර­ග­කාරී ආකා­ර­යට පෞද්ග­ලික අංශය සමඟ කට­යුතු කළ හැකි ලෙස පෞද්ග­ලික අංශයේ පුහු­ණුව සඳහා ද මේ අය යොමු කිරී­මට නිය­මි­තය.

එප­ම­ණක් නොවේ, ඉති­හා­සයේ ප්‍රථම වරට අපොස සාමාන්‍ය පෙළ අස­මත් අයට ද රැකියා ලක්ෂ­යක් දීම පෙර නොවූ විරූ ක්‍රියා­වකි. මෙතෙක් බලයේ පැවැති රජ­යන් තරුණ අස­හ­න­යට විවිධ පැලැ­ස්තර විස­ඳුම් දැමු­වත් ස්ථිර­සාර විස­ඳු­මක් ලබා­දී­මට අස­මත් විය. මේ නිසා තරුණ අස­හ­නය ද වර්ධ­නය වූ අතර විවිධ අස­ම්මත දෑ සඳහා ඔවුහු යොමු වීමක්ද දක්නට ලැබිණි. ඒ අනුව මෙරට ප්‍රථම වරට අපොස සාමාන්‍ය පෙළ අස­මත්, ගමේ දරි­ද්‍ර­තා­වෙන් අන්ත­ය­ටම පත්ව සිටින පවු­ල්වල තරුණ තරු­ණි­යන් ලක්ෂ­ය­කට ‘සෞභා­ග්‍යයේ දැක්ම’ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය යථා­ර්ථ­යක් කර­මින් රජයේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියා ලබා­දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් දැන් ක්‍රියා­ත්මක කර තිබේ.

ජපා­නය වෙත පර­මාණු බෝම්බ හෙළා හිරෝ­ෂිමා හා නාග­සාකී නගර බිමට සම­තලා වෙද්දී හැඬූ ජපන් පාල­ක­යන් පසුව රටෙහි වත්මන් දියු­ණුව උදා කර­ගනු ලැබූයේ අන් කිසි­ව­කින් නොව දුර දිග බලා සිදු­ක­රන ලද සැල­සුම් හේතු­වෙනි. ඒ සැල­සුම් අතර මතු පර­පු­රෙහි අධ්‍යා­ප­නය දියුණු කිරීම උදෙසා රජය විසින් මුදල් ආයෝ­ජ­නය කිරීම පුළුල් කිරීම විශේ­ෂ­යෙන් දැක­ගත හැකි විය. අද වන විට ඔවුහු එහි ප්‍රති­ලාභ අත් විඳිති. කියු­බාවේ සේම වෙනි­සි­යු­ලා­වෙහි ද, පැවති සෝවි­යට් දේශයේ ද මේ තත්ත්වය මැනැ­වින් දැක­ගත හැකි විය. එහෙත් ලංකාවේ විටින් විට පත්වන පාල­ක­යන් ගේ අභි­ම­තා­ර්ථය වී ඇත්තේ රට සංව­ර්ධ­නය කිරීම හෝ ජාතික අධ්‍යා­පන ප්‍රති­ප­ත්තිය නඩ­ත්තු­ කර ගුණා­ත්මක අයු­රින් පව­ත්වා­ගෙන යෑම හෝ නොව ඉදිරි මැති­ව­ර­ණය ජය­ගන්නේ කෙසේ­දැයි තුන් කල්හිම කල්පනා කර­මින් ඒ උදෙසා කට­යුතු කිරී­මය. මේ ආකල්ප වෙනස් වී රට වෙනු­වෙන් සිතන, පතන පාල­ක­යන් පත්වීම දැයේ භාග්‍ය­යක් බැව් කිව යුතුය.

''යුගයේ දැවැ­න්තම ඛේද­වා­ච­කය වනුයේ නපුරු මිනි­සුන්ගේ නපුරු වැඩ නොව හොඳ මිනි­සුන්ගේ නිහැ­ඬි­යා­වයි'' යනු­වෙන් වරක් මාටින් ලූතර් කිං විසින් ප්‍රකාශ කරන ලද්දේ ද මෙවන් තත්ත්ව ඉදි­රියේ ගොලු­වත් රකි­න්නන් ස්වකීය හෘදය සාක්ෂිය ඇතු­ළ­තම වැර­දි­ක­රු­වන් වන බව දැක්වී­මට ය. හිසේ රුදා­වට කොට්ටය මාරු කළාක් මෙන් මෙතෙක් අප කළේ අර්බු­දය විවේ­ච­නය කිරීම විනා අර්බු­ද­යට පිළි­යම් කිරීම නොවේ. පැලැ­ස්තර විස­ඳුම් වලින් විනි­ර්මු­ක්තව සාධ­නීය වෙන­සක් උදෙසා කඩි­ස­රව, එක් සිත්ව හා එක්සත්ව ක්‍රියා කළ යුතු බව අප දැන්වත් අව­බෝධ කර­ගත යුතුව තිබේ.

රාජ්‍ය සේව­යට ඉති­හා­සයේ වැඩිම පිරි­සක් එක්වන මේ මොහොතේ ඒ සැමට කිය­න්නට අපට යමක් තිබේ.

මේ ඔබට ලැබෙන අව­ස්ථාව ඉති­හා­සයේ කිසි කලෙක කිසි­ව­කුට මෙලෙස මල් වට්ටි­යක තබා පිළි­ගන්වා නැත. ඔබ ඉදි­රියේ ඇත්තේ ඒ වෙනු­වට රටට කළ හැකි සහ ඔබෙන් විය යුතු යුතු­කම ඉටු කිරී­මය; ඒ සඳහා නොප­මාව, නොපැකිළ ව පෙළ ගැසී­මය.

Comments