එම්එස් වෙස්ට­ර්ඩෑම් නිසා කාම්බෝජ අග­මැ­ති­ටත් කොරෝනා හැදෙ­යිද? | Page 2 | සිළුමිණ

එම්එස් වෙස්ට­ර්ඩෑම් නිසා කාම්බෝජ අග­මැ­ති­ටත් කොරෝනා හැදෙ­යිද?

මගීන් පිළි­ගන්නා කාම්බෝජ අග­මැති හුන් සෙන්
මගීන් පිළි­ගන්නා කාම්බෝජ අග­මැති හුන් සෙන්

කොරෝනා වයි­ර­සය හෙවත් කෝවිඩ් -19 සාර්ථ­කව පාල­නය කළ බවට වන සුභ­දායී පුවත තව­මත් ලෝක­යට අස­න්නට ලැබී නැත. ඒ වෙනු­වට අස­න්නට ලැබෙන්නේ දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව පිළි­බ­ඳව හද දවන පුවත්ය. මේ ලියන මොහොත වන විට මරණ සංඛ්‍යාව 2300 ඉක්මවා තිබේ. රෝගය ආසා­ද­නය වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ­ය­කට ආස­න්නය. මේ චීන නිල වාර්තාය. බට­හිර මාධ්‍ය ගෙන එන පුවත් මීට වඩා වෙනස් වේ. එහෙත් චීන නිල වාර්තා මෙත­රම් විශාල වන විට සමස්ත මිනිස් වර්ගයා වෙනු­වෙන් කණ­ගා­ටු­වක් දැනීම පුදු­ම­යක් නොවේ. තාක්ෂ­ණ­යෙන් කොත­රම් දියුණූ වුවද ඇතැම් විට සොබා­ද­හමේ දඬු­වම් හිස නමා පිළි­ගැ­නී­මට මිනි­සාට සිදු­වන අව­ස්ථාව එම­ටය.

මේ වන විටත් දින­කට අලු­තෙන් රෝගය ආසා­ද­නය වූවන් දෙද­හස ඉක්මවා හමු­වීම සාමාන්‍ය වී තිබේ. දිනක මරණ සංඛ්‍යා­වද දෙසීය ඉක්මවා වාර්තා වේ. මේ මරණ අත­රින් වාර්තා වන ඇතැම් මරණ හද දවන සුළුය. එයට හේතුව ඇතැ­මුන් මරු වැළඳ ගෙන ඇත්තේ තවත් සිය ගණ­නක් සුව­පත් කිරී­මෙන් පසු වීමය. සැබැ­වින්ම එවැනි මරණ ජීවිත පරි­ත්‍යා­ග­යන් ලෙස හැඳි­න්විය හැකිය. මේ අත­රට වැඩි­යෙන්ම අයත් වී ඇත්තේ වූහාන් හි සෞඛ්‍ය කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන්ය. මේ අත­රට ප්‍රථ­ම­යෙන්ම කොරෝනා වර්ගයේ වයි­ර­ස­යක් පැතිර යමින් පව­තින බව සොයා ගත් වෛද්‍ය­ව­රුන්ද විය. පසු­ගි­යදා වූහාන් රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාද ඒ අත­රට එක් වූයේ තම සේවය උප­රි­ම­යෙන් කළ බවට ඉති­හා­සයේ සට­හන් තබ­මිනි. ඔහු 51 හැවි­රිදි ලියූ ෂිමිංය. ස්නායු ශල්‍ය විශේ­ෂ­ඥ­යෙකි. මීට පෙර ප්‍රථ­ම­යෙන්ම වයි­ර­සය ගැන ලොවට අන­තුරු ඇඟවූ 34 හැවි­රිදි ලි වෙන්ලින්ග් වෛද්‍ය­ව­ර­යා­ගෙන් පසු රෝගය වැළ­ඳී­මෙන් මිය­ගිය දෙවැනි වෛද්‍ය­ව­රයා ද වේ. මේ හැර වූහාන් රෝහලේ සහ හුබෙයි පළාතේ සෞඛ්‍ය සේව­ක­යන් 1700කට පමණ වයි­ර­සය ආසා­ද­නය වී ඇතැයි ද ඒ අත­රින් අවම වශ­යෙන් 6 දෙනෙකු පමණ මිය ගොස් ඇතැ­යිද වාර්තා වේ. වූහාන් හි හෙදි­යන් විශාල වශ­යෙන් තම හිස­කෙස් බූ ගා දැමී­මට කට­යුතු කර ඇත්තේ හිස­කෙස් අතර වයි­ර­සය රැඳී පැව­තී­මට ඉඩ ඇති බැවිනි. කෙසේ වුවද වූහාන්හි සෞඛ්‍ය කාර්ය මණ්ඩ­යල ඇතුළු සමස්ත චීන ජන­තාව මේ මහා ව්‍යස­නය හමුවේ නොසැලී එයට මුහුණ දෙන අන්දම ඉතා­මත් අගය කළ යුතුය. එමෙන්ම කොප­මණ ව්‍යසන පැමි­ණි­යද ආත්ම ශක්ති­යෙන් යුතුව ඒවාට මුහුණ දෙන අන්දම සම්බ­න්ධ­යෙන් පාඩම් මුළු ලොවම චීන­යෙන් උගත යුතුය.

මේ අතර චීන­යෙන් පිට රෝගය ව්‍යප්ත වීමද සැල­කිය යුතු තර්ජ­න­යක් ද සමග සිදු­වෙ­මින් තිබේ. සිංග­ප්පූ­රුව මේ අත­රින් මුල­ටම පැමිණ සිටින්නේ සංව­ර්ධ­නය යනු සිය­ල්ලම නොවන බවට හොඳම උදා­හ­රණ ලොවට ගෙන එමිනි. රෝගය ව්‍යප්ත වීම පාල­නය කර ගැනීම වෙනු­වෙන් ගුවන් ගමන් කිසි­යම් ප්‍රමා­ණ­යක් නවතා දැමී­ම­ටද සිංග­ප්පූ­රු­වට සිදු­විය. එහෙත් අධික ජන­ග­හ­ණ­යක් ඉතා කුඩා ඉඩ ප්‍රමා­ණ­යක ජීව­ත්වීම හේතු­වෙන් රෝගය පැතිර යෑම පාල­නය කිරීම ඔවුන්ට අභි­යෝ­ග­යක් වී ඇති බවට වාර්තා ලැබෙ­මින් තිබේ.

ජපා­නයේ යොකො­හමා වරායේ නවතා ඇති ඩය­මන්ඩ් ප්‍රින්ස් නෞකාවේ සිටින අමෙ­රි­කා­නු­වන් ඇතුළු 621ක් මගීන් ඉව­තට ගැනී­මට ජපාන සෞඛ්‍ය බල­ධා­රීන් කට­යුතු කර තිබේ. මේ අත­රින් අමෙ­රි­කා­නු­වන් සිය­රට බලා පිට­ත්කර යවා තිබේ. තවත් රට­වල් රැසක් නෞකාවේ සිරවී සිටින තම ජන­තාව බේරා ගැනීම සම්බ­න්ධව ජපාන බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමු කර තිබේ. මේ වන විට ඩය­මන්ඩ් ප්‍රින්සස් නෞකා­වෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව හය­සි­ය­ය­කට අධි­කය. කෙසේ­වු­වද මේ වන විට ඩය­මන්ඩ් ප්‍රින්සස් නෞකා­වට වඩා බිය­ජ­නක ඉර­ණ­ම­කට මුහුණ දුන් තවත් නෞකා­වක් සම්බ­න්ධව පුවත් ලැබී තිබේ.

ඒ එම්එස් වෙස්ට­ර්ඩෑම් යන කෘෘස් වර්ගයේ අධි සුඛෝ­ප­භෝගී නෞකා­වයි. මේ නෟකාවේ ගමන් ගනි­මින් සිටි පිරිස අත­රින් 1455ක් මගීන් වූ අතර 802ක් කාර්ය මණ්ඩ­ලය විය. වයි­ර­සය පැති­රීම ආරම්භ වන විට නෞකාව හොංකොං සිට ජපා­නය බලා ගමන් අරඹා තිබිණි. නෞකාවේ කිසි­ව­කුත් රෝග ලක්ෂණ පහළ කර නොතිබූ නමුත් නෞකා­වට කිසිඳු රට­කට ඇතුළු වීමේ අව­සර නොලැ­බුණි. අව­සා­නයේ චීනය සමග වන හිත­ව­ත්කම හේතු­වෙන්ම මගීන්ට ගොඩ බැසී­මට අව­සර ලබා දුන්නේ කාම්බෝ­ජය පමණි. පසු­ගිය පෙබ­ර­වාරි 14වැනිදා නෞකාව කාම්බෝ­ජයේ සිහ­නු­ක්විල් වරා­යට පැමිණි අතර මගීන් ප්‍රීති ඝෝෂා කර­මින් නෞකා­වෙන් ඉව­තට පැමි­ණි­යෝය. ඔවුන් පිළි­ගැ­නී­මට වරා­යට පැමිණ සිටි කාම්බෝජ අග­මැති හුන් සෙන් මගීන්ට රෝස මල් දෙමින් තමන් වයි­ර­ස­යට බිය නැති බව පවසා සිටි­යේය. කාම්බෝ­ජය සහ චීනය ඉතා දැඩි වෙළෙඳ සබ­ඳතා සහිත දෙර­ටකි. එබැ­වින් මෙවැනි මොහො­තක චීනය තනි නොකළ යුතුය යන්න කාම්බෝජ නාය­ක­යන්ගේ මතය විය. කෙසේ­වු­වද එය මිනි­ස්කම අතින් බැලූ කලද ඉතා අගය කළ යුතු හැසි­රී­මක් විය. මෙලෙස කාම්බෝ­ජ­යට පැමිණි එම්එස් වෙස්ට­ර්ඩෑම් නෞකාවේ මගීන් එතැන් සිට ගුවන් මගින් ලෝකය පුරා තම රට­වල් බලා ගියහ.

නෞකාවේ සිටි මගීන් අත­රින් මගීන් 144ක් කාම්බෝ­ජයේ සිට මැලේ­සි­යාව බලා ගමන් ගන්නා ගුවන් යාන­යක ගමන් ගනි­මින් සිටි­යදී ඒ අතර වූ 83 හැවි­රිදි අමෙ­රි­කානු ජාතික කාන්තා­වක කෝවිඩ් - 19 රෝග ලක්ෂණ පෙන්නුම් කර සිටි­යාය. මැලේ­සි­යා­වේදී ඇය පරීක්ෂා කළ වෛද්‍ය­වරු ඇයට වයි­ර­සය ආසා­ද­නය වී ඇති බව සනාථ කර සිටි­යහ. දැන් එම්එස් වෙස්ට­ර්ඩෑම් නෞකාවේ සිය­ලුම මගීන් වයි­ර­ස­යට නිරා­ව­ර­ණය වූවන් සේ සැල­කෙන අතර ලොව පුරා ඔවුන් ගමන් ගත් ඉසවු සොයා ඔවුන්ගේ රෝග පරී­ක්ෂා­වන් සිදු කෙරෙ­මින් තිබේ. වඩාත්ම කණ­ගා­ටු­දා­යක කරුණ වී ඇත්තේ කාම්බෝජ අග­මැ­ති­ව­ර­යා­ටද මේ පරී­ක්ෂා­වන්ට මුහුණ දෙන්නට සිදු­වී­මය.

Comments