
රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් සන්ධින්ථානයක් විය හැකි රියැදුරන් රහිත කාර් දෙකක් අතර ධාවන තරගයක් එක් මෝටර් රථයක් අනතුරට පත් වීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස නිමාව දුටුවේය.
මේ අනතුරට හේතුව අධික වේගයෙන් ධාවනය වන අතරතුර ධාවන පථයේ එක් ස්ථානයකදි සිදු කළ වැරැදි නිශ්චය කිරීමකි. බුවනෝස් අයර්ස්හිදී ෆෝමියුලා - E විදුලි මෝටර් රථ තරගාවලිය පැවැත්වීමට පෙරාතුව මේ අනතුර පිළිබඳව වාර්තා විය.
තරගය නිමා කළ මෝටර් රථය පැයට කිලෝමීටර් 180ක වේගයක් වාර්තා කිරීමට සමත් විය. අනතුරට පත් මෝටර් රථය වේගයෙන් ධාවන වෙමින් තිබියදීම ධාවන පථයේ එකිනෙකා ගැටිම වළක්වා ගැනීම සඳහා රථ අතර සන්නිවේදන ක්‍රියාවලියක්ද ක්‍රියාත්මකව තිබිණි.
රොබෝ රේස් සංවිධායකයන් මීට මාස කිහිපයකට පෙර අවස්ථාවකදී එක්සත් රාජධානියේ ඩොනිංටන් උද්‍යානයේදී මේ රියදුරන් රහිත රථවල වේගය පරීක්ෂා කර බැලීය. එහෙත් මෝටර් රථ දෙකක් එකිනෙක සමග තරගයේ යෙදෙනු ප්‍රසිද්ධියේ දැක බලා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙයය.
මේ තරගය අනාගත සැලසුම් ඇතිව පර්යේෂණ මට්ටමෙන් සිදු වූවක් ලෙසද සැලකිය හැකිය. රොබෝටික් මෝටර් රථ කණ්ඩායම් දහයක් අතර තරගයක් ඉදිරි කාලයේදී පැවැත්වීමට ද සංවිධායකයන් අදහස් කරති. එම එක් එක් කණ්ඩායම් වෙන වෙනම කෘත්‍රිම බුද්ධි මෘදුකාංග ඔස්සේ මෙහෙයවෙනු ඇත.
මෝටර් රථවල උපරිම වේග සීමා ගැනද ආරක්ෂක බාධක ගැනද විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.
අනතුරකින් අවසන් වූ තරගයේ දී වංගු සහිත ස්ථානයක් පසු කිරීමට ගන්නා ලද වෑයම කෙළවර වූයේ අනපේක්ෂිත අයුරින් රථය පෙරළී යෑමෙනි. රථය පෙරළී යෑමට පෙර රථය වේගයෙන් අසල වූ ආරක්ෂක බාධකයේ ගැටුණු බව කැමරාවල සටහන් ව තිබිණි.
‘රොබෝ රේස්‘ ප්‍රධාන වෙළෙඳ කළමනාකරු වන ජස්ටින් කුක් පවසන පරිදි, මෙය ඇත්තෙන්ම පුදුම සහගත දෙයකි. මන්දයත් තරගය නරඹන්නන්ට මෙමගින් පරිගණකයේ දත්ත මෙන්ම එහි සිතීමේ ස්වභාවය ගැනද බොහෝ කාරණා මෙමගින් ඉගෙන ගැනීමට සහ තේරුම් ගැනීමට හැකි වන බැවිනි.
“මෝටර් රථයට හානි සිදු වුණා. ඒත් එය අලුත්වැඩියා කරන්න පුළුවන් බව ස්ථීරයි. ලස්සනම වැඩේ තමයි රියැදුරාට හානියක් සිදු නොවීම. මොකද රියැදුරෙක් නැති නිසා....“ කළමනාකරු තරගය අවසානයේ එසේ පවසා තිබේ.
මේ මෝටර් රථ හසුරුවනු ලබන්නේ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයක් මගිනි. එය මිනිසා විනිස්ම දුරස්ථ පාලකයක් ෙයාදා ගනිමින් මෝටර් රථ හැසිරවීමට වඩා වෙනස් වේ. එසේම මෙහිදී ලේසර් රේඩාර් (Light detection and ranging) පද්ධතියක්ද උපයෝගී කර ගැනේ. වෙනත් සංවේදකවල සහායද ඊට ලබාදේ.
සලකා බැලීමට සිදු වන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව පමණි.
වෙනත් අවස්ථාවලදී ජයග්‍රාහී මෝටර් රථය විශේෂිත ආරක්ෂක ක්‍රියාමාර්ග සහිතව සැලසුම් කිරීම ගැනද අවධානය යොමු වී තිබේ. කළමනාකරු කුක් එය නිදසුනක් මගින් පෙන්වා දෙන්නේ යම් හෙයකින් ධාවන පථයට හදිසියේම බල්ලකු දුවගෙන පැමිණිය හොත් මෝටර් රථයේ වේගය අඩු කර ඌ මග හැර රථය පදවාගෙන යෑමට හැකියාව ලබා ගැනීම වැනි නිදසුන්ද සමගිනි.
‘රොබෝ රේස්‘ හි ප්‍රධාන විධායක නිලධාරී ඩෙනිස් ස්වර්ඩ් ලොව සිය සමාගමේ අනාගත සැලසුම් ගැන වැඩිදුර තොරතුරු හෙළිදරව් කර ඇත.
මීළඟ ෆෝමියුලා - E මෝටර් රථ තරගය, අප්‍රේල් මස මෙක්සිකෝවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි වාර්තා වේ.