
ඡායාරූප ශිල්පය ජිවිතයට අවශ්‍යම කලාවක් ලෙස ලොව පතලය. එය දෙයාකාරයකින් ක්‍රියාත්මක වේ. එනම් විනෝදාංශයක් සහ පාරිභෝගික අවශ්‍යතා සිදු කෙරෙන ව්‍යාපාරයක් ලෙසය. එය ලංකාවට පමණක් සීමාවූවක් නොවන අතර දේශ දේශාන්තර වශයෙන් පිළිගත් න්‍යායකි.
ජිවිතය ජයගැනීමට රැකියා ප්‍රවේශයක් හැටියට ඡායාරූප ශිල්පී නිපුණතා පාදක පුහුණු වැඩසටහන් අප රටේද ක්‍රියාත්මක වේ. NVQ4 මට්ටමින් සහතිකයක් ලබා ගත හැකි පාඨමාලාවක් නාරහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරිය විසින් වසර කිහිපයක සිට පවත්වාගෙන යනු ලබන්නේය.
සේයාපට අභිබවා ඩිජිටල් තාක්ෂණය තුලින් ඡායාරුපකරණය හිස ඔසවා ඇත.
මංගල ඡායාරූපකරණයට යොමුවීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් ජාතික නිපුණතා සහතිකය බෙහෙවින් වැදගත්ය. පාරිභෝගික අවශ්‍යතා සැපැයීමේදී තම ව්‍යාපාරය මැනවින් පවත්වා ගැනීමට මෙන්ම තරගකාරි ව්‍යාපාරයක් වශයෙන් මුහුණ දීමට පවා අවශ්‍ය පුහුණුව එමගින් ලැබනේනේය.
එමෙන්ම මංගල ඡායාරූපකරණය තුළින් බොහෝ මූල්‍ය ලාභ ලැබීමට මෙන්ම මානසිකව තෘප්තිමත් රැකියාවක නිරතවීමට හැකිවීමේ වාසියද ඔබට අත්වන්නේය.
ජාතික නිපුණතා සහතිකයට අනුව කැමරා පද්ධතිය හැසිරවීමට ආලෝකය හදුනාගැනීම පමණක් ප්‍රමාණවත් නොවන්නේය. ඒ සඳහා ෆොටෝෂොප් වැනි මෘදුකාංග කෙරෙහිත් අවබෝධය තිබිය යුතුය. මේ සඳහා සිසුන් පුහුණු කිරීමේ කටයුතු කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවට ප්‍රමුඛස්ථානයක් දෙමින් ක්‍රමවත්ව සහ සම්මතයකට අනුව පුහුණු කිරිමේ කටයුතු නාරහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදු කෙරේ. විශේෂත්වය වන්නේ ව්‍යාපාර පරිපාලනය සම්බන්ධව දැනුමකින්ද මේ පාඨමාලාව සන්නද්ධව තිබිමයි.
සුජීව දිසා බණ්ඩාර මහතා ජායාරූප ශිල්පී පාඨමාලාවේ සම්බන්ධිකාරක වශයෙන් කටයුතු කරයි. මේ පාඨමාලාව පිළිබඳව ඔහුගේ අදහස මෙසේය.
"ව්‍යාපාරයක් ලෙස ජායාරූප ශිල්පය පිළිබඳව නිපුණතාවක් තිබීම අවශ්‍යමයි. පසුගිය කාලයේ දී නිපුණතා පාදක පුහුණු පාඨමාලා කිහිපයක් සිදු කළා . එහි දී තේරුම් ගියේ පාරිභෝගික අවශ්‍යතා නිසි අයුරින් සිදු කිරිම සඳහා යොමු කිරිමේ වැදගත්කමයි. මංගල ජායාරූපකරණයෙහි යෙදෙන අය අනිවාර්යයෙන්ම නිපුණතා පුහුණුව ලැබිය යුතුමයි. ඒ සඳහා අවශ්‍ය සම්මත පුහුණුව ලබා දීමට වෘත්තීය පුහුණු අධිකාරියේ පහසුකම් තිබෙනවා. රජ්‍යෙ ස්වයෙහි යෙදෙන අයගේ රැකියා ස්ථිරත්වයට NVQ4 සහතිකය අවශ්‍යමයි. ඒ සඳහා කෙටි මාර්ග නැහැ. නිවැරදිවම ඉගෙනගත යුතුමයි ඒ සඳහා මේ පුහුණු වැඩ සටහන ඉතා යෝග්‍යයි."
ඡායාරූප ශිල්පී පාඨමාලාව පුහුණුවට වෙහෙසක් නොවන සරල පාඨමාලාවකි. ඡායාරූප ශිල්පයේ ඇත්තේ කැමරා උපකරණ, නිපුණතාවකට අනුව හැසිරවීමට උගනීමයි. ඉගෙන ගත යුත්තේ නිවැරදිව ඡායාව සටහන් කරගැනීමට අවශ්‍ය නිපුණතාව ලබා ගැනීමයි. ඡායාරූප ශිල්පියාගේ ප්‍රධානතම කාර්යභාරය එයයි.
අනිල් ලසත් පෙරේරා