
වර්තමාන ශ්‍රම වෙළෙඳපොලේ ඉතා ශීඝ්‍රයෙන් දියුණුවන තවත් එක් නිපුණතාවක් ලෙස වෙල්ඩින් හෙවත් පෑස්සුම්කරණය හඳුන්වා දිය හැකිය. එය වර්තමානයේ ජාතික ආර්ථිකයට මෙන්ම ශ්‍රමිකයාගේ ජීවන කුසලතා ඉහළ නංවන්නකි. නිපුණතා පුහුණුවක් ලැබිය යුතු තවත් කාර්මික පුහුණු පාඨමාලාවකි. ලෝහ ආශ්රිත පෑස්සුම්කරණයේ දී කුඩා පරිමාණයේ සිට විශාල ව්‍යුහයන් සහිත මෙවලම් ගොඩනැගිලි පවා නිශ්පාදන කාර්යයෙහි යොදවා ගැනීම් නිසා වඩා කාර්යක්ෂම සහ ඵලදායි කර්මාන්තයක් ලෙස පිළිගෙන ඇත.
දෛනික ජීවිතයේ දී බොහෝ අය නිවෙස්වලට අවශ්‍ය ග්‍රිල් ගේට්ටු ආදියද වෙනත් කාර්යයන් සඳහා යකඩ පට්ටම් ආදියෙන් සැදුම්ලත් මෙවලම්ද නිශ්පාදනය කර ගනිති. විදුලි බලයෙන් ක්‍රියාකාරි යන්ත්‍ර මෙන්ම ගෑස්වලින් දහනය කිරීම මගින් පෑස්සුම් ක්‍රම සකසා ගනී.
තවත් විටකදි ලෝහ විශාල උෂ්ණත්වයකට පත් කොට ඇලවීම් ද සිදුකරයි. පෑස්සුම් ක්‍රමවේද කිහිපයක් නිසා සහ අවශ්‍යතාවන් තේරුම්ගෙන මේ කර්මාන්තයේ යෙදීමට පුහුණුවක් අවශ්‍ය වන්නේය.
පෑස්සුම්කරණයේ මූලධර්ම, පෑස්සුම් යන්ත්‍ර, පෑස්සුම් උපකරණ, ග්‍රයින්ඩර්, බර කාණ්ඩයේ මිටි, වයර් බ්‍රෂ්, ආරක්ෂිත උපකරණ, වෙල්ඩින් ආවරණ, ආරක්ෂිත වීදුරු, ශ්‍රවණ ආරක්ෂණ සහ අත් වැසුම් ආදිය පිළිබඳව දැනුම්වත් කල යුත්තේ හදිසි අනතුරු හෝ අතපසුවීම්වලින් සිදුවෙතැයි සිතිය හැකි දෑ සඳහා විකල්ප වශයෙනි. පෑස්සුම්කරණයත් ඉංජිනේරු වෘත්තියට නෑකම් කියයි. ඒ අනුව ගණිතය ඉංජිනේරු ඇඳීම හෙවත් යාන්ත්‍රික ඇඳීම, කෙරෙහිත් මේ කර්මාන්තයේ විශේෂිත වු පුද්ගලයන් සමග පවත්නා සහසම්බන්ධතාව ඉතා වැදගත් වේ. ඒ අනුව සාර්ථකව මේ විෂය සිදුකිරිමට කාර්මිකයාට හැකියාව ලැබෙන්නේය.
ලංකාවේ මෙන්ම විදේශ රටවල පෑස්සුම්කරණය සඳහා පවතින්නේ විශාල ඉල්ලුමකි. මැද පෙරදිග විශේෂ ඉල්ලුමක් පවතී. මේ කර්මාන්තය ඉගෙනීමෙන් දෛනික ජීවිතයේ වෙනස් දියුණුවක් ලැබීම සත්‍යයකි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ දුම්රිය පොළට යාබදව වෘත්තීය පුහුණු අධිකාරියේ පෑස්සුම්කරණ පාඨමාලාවක් පවත්වාගෙන යයි. මේ පාඨමාලාවට වසරකට දෙවරක් සිසුන් බඳවා ගනු ලැබේ. ඒ පාඨමාලාවේදී මාස හයක කාලයක් පුහුණු මධ්‍යස්ථානයේදී අධ්‍යාපනය ලබා දෙන අතර තවත් මාස හයක් කර්මාන්ත ක්ෂේත්රයේ පුහුණුව ලබා දේ. ඉන්පසු ජාතික නිපුණතා සහතිකය සඳහා ඇගෑයිම් වෙත යොමු කෙරේ. තරුණ ඔබට මේ පාඨමාලාව සඳහා යොමු විය හැකිය. දිවයින පුරා මේ පාඨමාලාවන් පැවැත්වෙන මධ්‍යස්ථාන තෝරාගත හැකිය. ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරිමේ අධිකාරිය, කාර්මික විද්‍යාල මෙන්ම පෞද්ගලික ආයතනත් මේ පාඨමාලා පවත්වනු ලබන්නේය. ජාතික නිපුණතා සහතිකයට පුහුණු කිරීමක් නිසා සෑම පාඨමාලාවකම සම්මතය සමානය.
SMAW- SHIELDED METAL ARC WELDING (STICK WELDING),
FCAW- FLUX CORED ARC WELDING
GMAW- GAS METAL ARC WELDING
GTAW- MIG WELDING
TIG WELDING - TUNGSTAN INERT GAS WELDING
වශයෙන් පෑස්සුම් ක්‍රම විවිධාකාරය. ඒ අනුව විවිධ ලෝහ සහ අමුද්‍රව්‍ය අනුව ක්‍රියාවන් වෙනස් වන්නේය. සුළු කර්මාන්තයක් හෝ මහ පරිමානයේ කර්මාන්තයන්හි සේවාවන් සඳහා අවශ්‍ය දැනුම කුසලතාව න්‍යයාත්මකව සහ ප්‍රායෝගිකව ලබා දීම සඳහා කාර්මික අධ්‍යාපන අයතන විසින් සිදුකරනු ලබන අතර අවශ්‍ය විටදී විශේෂඥ දැනුම ඇති ප්‍රවීනයන් විසින් පළපුරුදු සහ අත්‍යාවශ්‍ය
නිපුණතාව ලබා දීම වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදු කරණු ලැබේ.
පෑස්සුම් ක්‍රම, පෑස්සුම් වර්ග, පෑස්සුම් විවිධත්වය මෙන්ම මෙහිදී පිළිපැදිය යුතු ආරක්ෂිත ක්‍රම පිළිබඳව පියවර ක්‍රමය අනුගමනය කරමින් පුහුණු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම යන්ත්‍ර උපකරණ වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු මධ්‍යස්ථානවල ස්ථානගත කර ඇති බවත් අප සමග පවසා සිටියේ පුහුණු නිලධාරී ඒ. ජී. ආර්. කේ.රණසිංහ මහතාය. ඔහු තව දුරටත් කියා සිටියේ පාඨමාලාව අවසන් වනවාත් සමගම රැකියා අවස්ථාවන් උදාවන බවය. නිවාස හා ගොඩනැගිලි සැදීම සඳහා විශාල
වශයෙන් පෑස්සුම්කරුවනට රැකියා අවස්ථා ඇති බවය. ඉදිරි මාසයේ දී නවකයන්
බඳවා ගැනීම සඳහා මේ දිනවල අයදුම්පත් බාරගන්නා බවද ඔහු තව දුරටත් පැවසීය.
පන්නිපිටිය විශේෂ
අනිල් ලසත් පෙරේරා