පුද්ගල තොරතුරු ගබඩා කළ හැකි අපේ මෘදුකාංගයක් | සිළුමිණ

පුද්ගල තොරතුරු ගබඩා කළ හැකි අපේ මෘදුකාංගයක්

 කවුරුත් කැමතියි පිළිවෙළට වැඩ කරන්න. ඉතින් මේ වැඩේ ගොඩක්ම ගැළපෙන්නේ අන්න එහෙම වැඩ කරන අයට. එදිනෙදා පුද්ගල තොරතුරු එක්ක වැඩ කරන ඔබට ඒ දත්ත පිළිවෙලකට තියාගන්න ලිපිගොනූ රාශියක් අවශ්‍ය වනවා නේද? ඉතින් තවදුරටත් මේ විදියට ඔයාට මහන්සි වෙන්න ඕනේ නෑ.

මේ හඳුන්වා දීමට සූදානම් වන්නේ දත්ත පිළිවෙලකට තියාගන්න උපකාරීවන සරල මෘදුකාංගයක්. මෙය නිර්මාණය කර ඇත්තේ වැඩිවශයෙන්ම පුද්ගල තොරතුරු සමග වැඩ කරන අය සඳහායි. මේ හරහා මූලිකවම පුද්ගලයෙක්ගේ නම, ලිපිනය සහ දුරකතන අංකයක් ගබඩා (save) කරගන්න පුලුවන්. තවදුරටත් කිව්වොත් එක පුද්ගලයෙක්ට අදාලව ඒ තොරතුරු යාවත්කාලීන (Update) කරන්න, ඒ වගේම අවස්ථාවට ගැළපෙන විදියට ඒ තොරතුරු ක්‍රීයාකාරී (Active) සහ අක්‍රීය (Deactivate) කරගන්නත් ඔයාලට පුලුවන්. වැදගත්ම දේ තමයි ගබඩා කරගත්ත සියලුම දත්තවල පොඩි Summeryඑකක් වුණත් බලන්න පුළුවන්. අවශ්‍ය නම් Print Outඑකක් බලාගන්නත් පුළුවන්. කාර්යාලවලට නම් ඒවායේ සේවක මහතුන්ගේ තොරතුරු ගබඩා කර තැබීමටත්, පාසලක නම් සිසුන්ගේ තොරතුරු ගබඩා කර තැබීමටත් මේ මෘදුකාංගය උපයෝගී කර ගත හැකියි. 

Comments