ජපානයෙන් නව අධිවේගී බුලට් දුම්රියක් | සිළුමිණ

ජපානයෙන් නව අධිවේගී බුලට් දුම්රියක්

 ජපානයේ ටොකයිඩෝ ෂින්කාන්සෙන් දුම්රිය මාර්ගය සඳහා නව අධිවේගී බුලට් දුම්රියක් හඳුන්වා දෙන්නට එරට මධ්‍යම ජපාන දුම්රිය සේවය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. වසර 2020 දී හඳුන්වාදීමට නියමිත මේ දුම්රිය ටෝකියෝ අගනුවර සිට ෂින්-ඔසාකා නුවර දක්වා ධාවනය කෙරෙන බව පැවසෙයි.

ජපාන දුම්රිය සේවය මේ දුම්රිය ‘ෂින්කාන්සෙන් N700S’ හෙවත් ෂින්කාන්සෙන් ‘සුප්‍රීම්’ ලෙස නම් කර තිබේ. මේ නව දුම්රිය වඩාත් සුහුරු, සුමට සහ අඩු ශබ්දයක් පිට කෙරෙන දුම්රියක් ලෙසටද ඔවුන් හඳුන්වා දී තිබේ. මේ දුම්රියේ අත්හදා බැලීම් මේ මාසයේදී ඇරඹීමටද ජපාන දුම්රිය සේවය පියවර ගෙන ඇත.

මෙතෙක් පැවැති ෂින්කාන්සෙන් N700A මාදිලියේ බුලට් දුම්රියට වඩා මේ සුප්‍රීම් දුම්රියේ හිස කොටස වඩාත් රවුම් ආකාරයෙන් නිමවා ඇත. මෙහි තියුණු නාස් නිමාව ඔවුන් “ඩුවල් සුප්‍රිම් වින්ඩි” ලෙස හඳුන්වන අතර, උමං මාර්ග තුළට දුම්රිය ඇතුළු වීමේදී පිටවන ශබ්දය අඩු කිරීම එහි එක් අවස්ථාවකි. N700 මාදිලියේ දුම්රිය හා සමානවම පැයට කිලෝමීටර් 300ක උපරිම වේගයක් මේ දුම්රිය සතුව පවතී. එහෙත් මේ දුම්රිය පැරණි දුම්රියට වඩා ටොන් 11ක පමණ අඩු බරකින් යුක්තවීමත් විශේෂත්වයකි. 

 

Comments