පොදු­ජන පැතුම් වික­සිත වූ මොහො­තක් | සිළුමිණ

පොදු­ජන පැතුම් වික­සිත වූ මොහො­තක්

ළදා වහ­න්සේගේ ආශී­ර්වා­දය රාජ්‍ය පාල­න­යට අත්‍ය­වශ්‍ය අංග­යක් බැව් සිංහල අපට පැහැ­දිලි කර­න්නට අටුවා ටීකා අවැසි නැත. අතී­තයේ රට පාල­නය කළ රජ අමා­ත්‍ය­ව­රුන් ආදීන් රට සුඛිත මුදිත දේශ­යක් කරන බවට ප්‍රතිඥා දුන්නේ ද දළඳා වහන්සේ ඉදි­රි­පි­ටය. එවන් ආශී­ර්වා­දා­ත්මක ස්ථාන­යක සිට පසු­ගි­යදා දිව්රුම් දුන් රට කර­වන ඇත්තන්ගේ ඉදිරි ක්‍රියා පිළි­වෙත ගැන ඉති­හා­ස­යෙන් හා සොබා­ද­හ­මෙන් සාක්ෂි පෙළ ගැසු­ණේය.

අභි­නව රජයේ කැබි­නට් මණ්ඩ­ලය හා සෙසු ඇමැති මණ්ඩ­ලය අගෝස්තු 12දා දළදා මාලි­ගාවේ ඓති­හා­සික මඟුල් මඩු­වේදී දිවු­රුම් දීම සංස්කෘ­ති­ක­මය වශ­යෙන් වැද­ගත් වන්නේ ඒ පසු­බි­මේය. අව­සන් (19 වැනි) ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට යටත්ව මේ අනුව කැබි­නට් මණ්ඩල සාමා­ජි­ක­යන් 30 ක් හා රාජ්‍ය ඇමැ­ති­වරු 40 ක් මෙවර ආණ්ඩු­වට අයත් වන අතර, දැන­ට­මත් ඉන් කැබි­නට් සාමා­ජි­ක­යන් 25 දෙනකු හා රාජ්‍ය ඇමැ­ති­වරු 39 දෙනකු පත්කර තිබේ. වෙනදා මෙන් සාටෝ­ප­වත් විය­දම් සැර, ‘අභි­මා­න­වත්’ යැයි නිර­න්ත­ර­යෙන් මුමු­ණන දිවු­රුම් දීමක් වෙනු­වට මෙවර අපට දකි­න්නට ලැබුණේ ආග­මික වතා­ව­ත්ව­ලට මුල්තැන දී සිදු කළ චාම්, සරල එහෙත් හිතට සංහි­ඳි­යා­වක්, බලා­පො­රො­ත්තු­වක් දන­වන දිවු­රුම් දීමේ උළෙ­ලකි.

ඉති­හා­සයේ කිසිදා නොදුටු තවත් සුවි­ශේෂී වෙන­ස්ක­මක් ද මෙවර අපට දකි­න්නට ලැබිණි. එනම් ඇමැ­ති­කම් ලබන පුද්ගල නාම­යන්ට පෙර ඇමැ­ති­කම් මොන­වාද යන්න ගැසට් නිවේ­ද­න­යක් මඟින් කලින්ම මහ­ජ­නයා වෙත රජය ප්‍රකා­ශ­යට පත්කි­රී­මය. මේ අනුව ඇමැති විෂය පථ පිළි­බ­ඳව යම් තක්සේ­රු­ව­කට හා සංස­න්ද­නා­ත්මක විග්‍ර­හ­ය­කට සහ­භාගි වන්නට ජන­තා­වට ද අව­ස්ථා­වක් හිමි වූ අතර, ආණ්ඩුව ඇමැ­ති­කම් දෙන්නට ප්‍රථම ජන­තාව ඒ සඳහා සුදුසු පාර්ලි­මේන්තු නියෝ­ජි­ත­යන් කවු­රුන්ද යන්න මත පළ කර­මින් සිටි බවක් ද දක්නට ලැබු­ණේය. ඒ පළ කළ මත­ව­ලට බෙහෙ­වින් සමාන හා සම­ගාමී පත් කිරීම් සිදුවූ බැව් මහ­ජ­න­තා­ව­ගෙන් ම අස­න්නට ලැබීම එක්තරා අන්ද­ම­කට කාල­ය­කට පසු අස­න්නට ලැබුණු සුබ­වාදී අද­හ­සක් විය. කෙසේ හෝ ජනා­ධි­ප­ති­ව­රයා සහ අග­මැ­ති­ව­රයා විසින් අදාළ පත්කි­රීම් යම් විද්‍යා­නු­කූල ක්‍රම­වේ­ද­ය­කට අනුව සිදු­ක­ර­න්නට කට­යුතු යොදා තිබෙන බව පැහැ­දි­ලිව පෙනෙ­න්නට තිබෙන අතර ඒවා­යෙහි වග­කීම් පැහැර හැරිය නොහැකි තත්ත්ව­යක තිබෙන බවද විද්‍ය­මා­නය.

මෙවර අමා­ත්‍යාංශ බෙදීමේ පැහැ­දිලි ක්‍රම­වේ­ද­යක් හා වෙන­සක් තිබේ. වෙනදා කිසි­ලෙ­ස­කත් අව­ධා­න­යට පාත්‍ර නොවන අප සුළු යැයි අව­ත­ක්සේරු කරන බොහෝ කාරණා වච­නා­ර්ථය දක්වාම පැහැ­දිලි කර­මින් ඇම­ති­ව­රුන්ට පවරා දී තිබේ. රා, ගම්මි­රිස්, මිරිස්, අත්යන්ත්‍ර, බුලත්, උක්, හකුරු වැනි දෑ පවා වෙනම ගෙන අමා­ත්‍යාංශ යට­තට පත් කර තිබේ. අප­න­යන බෝග, අලි මිනිස් ගැටුම වැනි මෙතෙක් අදාළ අව­ස්ථාවේ පම­ණක් කතා­බ­හට ලක්වෙන, නමුත් සදා­කා­ලික ප්‍රශ්න ගැන රජයේ අව­ධා­නය යොමු වී තිබේ. මේ සාධ­නීය ප්‍රවේ­ශ­යකි; එළැ­ඹු­මකි. විප­ක්ෂය නම් නානා ප්‍රකාර කතා කිය­න්නේය. ඔවුන් දේශීය ආර්ථි­ක­යක්, සංස්කෘ­ති­යක් ගැන අබැ­ට­කුදු නොදන්නා, හා විශ්වා­ස­යක් නැතිව කියූ කෙරූ දෑ නිසා සිදුවූ ව්‍යස­න­යට පසු­ගිය කාලය පුරා අපි මුහුණ දුන්න‍ෙමු. එනිසා දේශීය සංස්කෘ­ති­යක සිහි­නය අපට සිහි­න­යක්ම නොවී යථා­ර්ථ­යක් වීමට යන මේ ගම­නට ජන­තාව ලෙස අප ආශී­ර්වාද කිරී­මට පෙළ ගැසිය යුතුව තිබේ. දේශීය නිෂ්පා­දන ක්ෂේත්‍රය පණ ගැන්වී­මට අව්‍යාජ වැඩ­පි­ළි­ව­ල­කට රජය අව­තීර්ණ වන බවට ලැබුණු පළමු සංඥාව ගැන අප සතුටු විය යුත්තේ ඒ නිසාය.

සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ සඳ­හන් අර­මුණු කරා එකින් එක එළැ­ඹෙ­මින් රට සෞභාග්‍ය කරා ගෙන යෑමට රජය දරන ප්‍රය­ත්න­යට අති­ම­හත් බහු­ත­රය තම ඉහ­ළම ප්‍රසා­දය ලබා දුන්නේය. ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ නිර්මාතෘ බැසිල් රාජ­ප­ක්ෂ­යන් කළ මෙහෙ­වර ඇග­යුම් කට­යු­තුය. ආණ්ඩුවේ හෝ පාර්ලි­මේ­න්තුවේ නොසිට ආණ්ඩු හැදීමේ පම­ණක් නොව ශක්ති­මත් ආණ්ඩු හැදීමේ මූලෝ­පා­යික සාධ­ක­යක් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සතුය. ඒ බැසිල් රාජ­පක්ෂ සාධ­කය ය. ඔහු ඡන්දය ඉල්ලන ක්‍රම­වේ­ද­යට, ක්‍රියා­ව­ලි­යට නොබැස ජනා­ධි­ප­ති­ව­ර­ණය හා මහ­මැ­ති­ව­ර­ණය මෙහෙ­ය­වීමේ වග­කීම බාර ගත්තේය. ඊට අදා­ළව බැසිල් රාජ­පක්ෂ සිදු කළ ග්‍රාම සේවා වසමේ සිට ජාතික මට්ටම දක්වා වූ මැති­ව­රණ ජාල­ගත සංවි­ධාන ක්‍රියා­දා­මය ප්‍රති­වි­රුද්ධ පාර්ශ්ව­යට කිසි­සේත් තේරුම් ගත නොහැකි තරම් ජන­තා­වාදී විය. ජන­තාව බල­මුළු ගැන්වීම ලේසි පහ­සු­වෙන් කළ හැක්කක් නොවේ. රටේ ප්‍රධාන දේශ­පා­ලන ධාරා දෙකෙන් එකක් වන එජා­පය බිම­ටම හාන්සි වූයේ එකී පක්ෂයේ වූ අදූ­ර­දර්ශී නාය­ක­ත්වය මේ මහ පොළොවේ අවැ­සිතා තේරුම් නොගත් නිසාය. ජනතා විමුක්ති පෙර­මු­ණට තමන්ට පැවැති 3%ක ඡන්ද ප්‍රති­ශ­ත­ය­වත් ලැබුණේ නැත. මේ නිසා දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්ව­ය­කින් තොරව, එහෙන් මෙහෙන් එල්ලා ගත් කෑලි­වල සරණ නොප­ත­මින් ශක්ති­මත් ස්ථාවර රජ­යක් යටතේ රට සංව­ර්ධ­නය කරා ගෙන යෑමේ විශිෂ්ට වර­මක් රජ­යට ලැබී තිබේ. එනිසා මේ ඇමැ­ති­ව­රුන් ඉදි­රියේ ඇත්තේ සෞභා­ග්‍යයේ දැක්ම යථා­වත් කිරී­මට පෙළ ගැසීම පමණී.

ජනා­ධි­ප­ති­ව­ර­යාත්, අග­මැ­ති­ව­ර­යාත් සුදු­ස්සාට සුදුසු තැන දෙන්නට ගත් තීර­ණය අබි­යස රටේ පැහැ­බර අනා­ග­තය දිස් වේ. වසා දැමූ තිබූ වාල­ච්චේන කඩ­දාසි කම්හලේ පළමු කඩ­දාසි තොගය වෙළෙ­ඳ­ප­ලට නිකුත් වූයේ මහ මැති­ව­ර­ණය පැවැ­ත්වෙ­න්න­ටත් කලිනි. සීනි කම්හ­ලද යළි ඇර­ඹී­මට රජය පිය­වර ගෙන අව­සන්ය. බතික් කර්මා­න්තය දියුණු කිරීමේ අභි­ලා­ෂය ජනා­ධි­ප­ති­ව­රයා පැව­සූයේ ජනා­ධි­ප­ති­ව­ර­ණය කාලේ සිටය. මේවා සිහින නොවී යථා­ර්ථ­යක් කිරීමේ බල­වේ­ගය දැන් ඇත්තේ නව අමාත්‍ය ධූර ලැබූ­වන් අතය. රජය පව­සන පරි­ද්දෙන් අමා­ත්‍යාංශ ව්‍යුහය සැක­සී­මේදී ජාතික ආර­ක්ෂාව, ආර්ථික සංව­ර්ධ­නය, යටි­තල පහ­සු­කම්, අධ්‍යා­ප­නය, ක්‍රීඩා ආදී සෑම ක්ෂේත්‍ර­යක් කෙරෙ­හිම අව­ධා­නය යොමු කර තිබේ. මින්පෙර මෙත­රම් අව­ධා­න­යෙන් සියලු කරුණු සලකා බලා අමාත්‍ය මණ්ඩ­ල­යක් පත් කළ ඉති­හා­ස­යක් අපට නැත. දිළි­ඳු­කම පිටු­දැ­කීම වෙනු­වෙන් ගම් දනව් අස්ව­ද්ද­න්න­ටත්, නිෂ්පා­දන ආර්ථි­ක­යක් ග්‍රාමීය මට්ට­මින් ඇති කර­න්න­ටත්, ගොවියා යළි රජ කර­ව­න්න­ටත් මේ කාලය පැමිණ ඇති බැව් අප නිබ­යව කියන්නේ ඒ නිසාය. වර­ප්‍ර­සාද වෙනු­වට වැඩ කරන, කළ යුතු අමාත්‍ය මණ්ඩ­ල­යක් පත් කිරීම සම්බ­න්ධ­යෙන් ජන­ප­ති­තු­මන්ට හා අග­මැ­ති­තු­මන්ට ජන­තාව කෘතඥ වෙන බැව් නිර­නු­මා­නය.

Comments