අත්දුටු පුරාණ කෙම් මන්ත්‍ර | Page 2 | සිළුමිණ

අත්දුටු පුරාණ කෙම් මන්ත්‍ර

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

 

• රෝග සුව වීමට - 'ඕං හලී පත්ලේස්වාහඃ' / වතුර මතුරා ගානු තෙල් මතුරා ගානු රෝග වහා සුව වේ.

• ගෙඩි වැස්වීමට - ගෙඩි පල නැති ගසකට අලුයම් කාලයේ කැත්තක් හෝ පිහියක් ගෙන 'ඕං ජීව ප්‍රාණ ඒස්වාහඃ' මන්ත්‍රයෙන් 9 වරක් ආයුධයට මතුරා ගසට 7 වරක් කොටනු පලදාව ලැබේ. කතා නොකර කරනු.

• විෂ නැසීමට - 'ඕං නාදි ද්වේර ස්වාහඃ' - නිවුන උණු වතුරට 108 වර මතුරා හිස් බඩ බොන්න. දින 90ක් බොනු. විෂ නැසේ. නිධන්ගත රෝග සුව වේ. පිළිකා හට නොගනී. සෑදී ඇති පිළිකාව පැතිර යාම වහා වළකී. නිරෝගී වේ. අත්දුටු සත්ත කෙම් මන්ත්‍රයකි. දීඝායු ලැබේ.

• වාහනයට සතුන් අසු නොවීමට - දෙහි ගෙඩි හතරක් ගෙන 'ඕං ජීව ශක්ති නමඃ' යන මන්ත්‍රයෙන් 9 වරක් මතුරා දෙහි ගෙඩි 4ක් රෝද හතරට තබා පදවාගෙන යන්න. (දෙහි ගෙඩි පොඩිවී යයි)

• සතුරු මර්දනයට - 'ඕං සත් අත්නමඃ' මෙම මන්ත්‍රය සිහිකර අතමිට මොළවා ගන්න. සතුරා වහා මෙල්ල වේ.

• 'ඕං නමෝ ප්‍රබෝධකාරිනමඃ ' - යමක් මුදල් ඉල්ලන විට දී මේ මන්ත්‍රයෙන් අතට මතුරා ඉල්ලන්න වහා ලැබේ.

• සභාවක රැස්වීම කතා කරන්නට යන විට අන්‍යයන් තමා වෙත වශී වීමට - 'නමෝ සිද්ධනේත බ්‍රහ්මිනෙ ස්වාහඃ' වතුරට 21 වර මතුරා පානය කර මුහුණ සෝදාගෙන යන්න වහා වශී වේ. කතාවට ප්‍රියවේ.

• ණය මුදල් ඉල්ලන විටදී - 'ඕං නමෝ බුද්ධස්ස ධීම අවිත්ත ප්‍රාදේශ්වාහඃ' මේ මන්ත්‍රය සිහිකර ඉල්ලනු ලැබේ.

• 'ඕං සර්ව සිද්ධි සිද්ධි නමඃ' - බුලත් කොළයේ පිටුපස දෙහි කටුවෙන් ලියා සාක්කුවේ දමාගෙන ගමන යන්න. සියලුම හොඳ වැඩ සාර්ථක වේ.

• පාඩම් මතක සිටීමට - 'ඕං නාරායන ගුරු රාදී සරස්වතී නමෝ තුහසං වශං දේවි නමඃ' - ඇල් දියට 21 වතුර මතුරා බොන්න. පාඩම් හිටීවි. ඉගනීමට දක්ෂ වේ.

• දරුණු අයෙකු මෙල්ල කිරීමට - 'ඕං නමෝ කුරුකුරු ඒස්වාහඃ ' අතර මතුරා උලුක්කර පෙන්වනු වහා මෙල්ල වේ.

• රුව ලස්සන වීමට - ඇල් දියට සුදු හඳුන් දමා 'ඕං රූප රූපකීය රූපා රූපි වර්ධන නමඃ ' මන්ත්‍රයෙන් 108 වර මතුරා මුහුණ සෝදන්න. ලස්සන වේ. සීනක්කාරම් මතුරා කට සෝදන්න - ගඳ ගැසීම නවතී.

• සර්පයින් ගෙට නොඒමට - 'පුරකාලීපොඃ' කතා නොකොට ගඟේ, ඔයේ වැලි මතුරා 108 ඉසින්න

• තුනටියේ කොන්දේ වේදනාවට - ලුණුවරණ කොළ අමු කහ සමඟ කොටා රත්කර තුනටියේ ගාන්න නැතිනම් බඳින්න. මන්ත්‍රය :- 'ඕං විලාලප්පා විලකට්ටු ඕරේ මාරේ සැපෙන් සිල්ලය කාමේරුන කාමේරුන ජෝඩු ජෝඩු නහන තැන හිටපන්'

• කැපීම් කෙටීම් ලේ ගැලීම නැවතීමට - 'නමෝ ජල ජල මුණ්ඩි ඒස්වාහඃ' 9 වරක් මතුරන්න. ඇල් දියට මතුරා සෝදනු. වහා ලේ නවතී

• දත් කැක්කුමට - 'නමෝ සාරිස්වාහඃ' බුලත් දලුවකට 21 වර මතුරා සපනු

• දියවැඩියාව සුව වීමට - 'ඕම් හුම් මුදන ස්වාහා' උදේ සවස රාත්‍රී 21 වරක් දින 90ක් මතුරන්න. සුව වේ.

• වැඩ සාර්ථකත්වයට - 'ඕං හ්‍රීං හ්‍රීං හ්‍රීං ස්වාහයි ඕං ඕං ස්වාහයි සිද්ධිම්' දෙහි ගෙඩියකට 108 වරක් මතුරා ගෙදරින් පිටත්වන මොහොතේ දෙහි ගෙඩිය දකුණු කකුලෙන් පාගා යන්න. වැඩ කටයුතු හරි යයි.

• ඇසේ සුදට - පෙරුම් කායම් වම් ඇසේ නම් දකුණු අතේ සුලැඟිල්ලේ ද දකුණු ඇසේ නම් වම් අතේ සුලැඟිල්ලේද බඳින්න. සුද නැති වේ. කතා නොකර කළ යුතුයි.

• පියයුරු වර්ධනයට - කරපිංචා කොළ යුෂට තල තෙල් දමා උණුකර ආලේප කරන්න. මනාව වැඩේ.

• කිරි පණුගායට - එරබදු කොළ දලු පොල් සමඟ මැල්ලුම උයා කන්න.

• අතේ පයේ හන්දි රුදාවට - ලුණු වරණ පොතු, මුරුංගා පොතු දෙහි ඇඹුල්වලින් අඹරා ගානු.

• කකුලේ ගල් තැලුමට - රත් හඳුන් කොත්තමල්ලි සමඟ අඹරා මීපැණි සමඟ ගාන්න.

Comments