සතියේ කල දවස | Page 2 | සිළුමිණ

සතියේ කල දවස

මේෂ - ආදායම් සරු වේ

සඳු ගමන් ගත්තේ 10, 11, 12 ලග්නය මතිනි. ණයට ඉල්ලා ගත් මුදලක් ඔබට ලැබීමේ ප්‍රවණතාවක් ඇති අතර රැකියා සඳහා ඇවිදිලි වැඩි වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. සාමාජීය වශයෙන් අන්‍යයන් සමඟ සුහදතාව වර්ධනය කෙරෙන ප්‍රීතිමත් සතියක් වුවත් පාඩුවක් සිත් රිදීමක් ඒ අතර සිදුවිය හැකිය. අපල අවම කර ගැනීමට ලේ දන්දීමක් හෝ ශල්‍යකර්මයක් සිදුවූ අයෙකුට උදවු උපකාර කරන්න.

සුබ අංක - 2, 9, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

වෘෂභ - ගෘහ ජීවිතයේ සතුට

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතියේ ඔබගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වන ලකුණු පෙන්වයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. සතිය අවසාන ඉරු දිනයේ සිත් රිදීමක් කලකිරීමක් හට ගැනීමට ඉඩ ඇත. අපල අවම වීමට අවේලාවේ ගමන් බිමන්වලින් වැළකීමත් වර්ණ කීපයකින් යුතු යුතු මල් බුදුන්ට පූජා කිරීමත් තුළින් හැකිවේ.

සුබ අංක - 6, 9, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

මිථුන - දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව

සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය කනගාටුදායක පුවතක් කන වැකෙන්නට පුළුවන. පසු දින කීපය රැකියා, ව්‍යාපාර තුළින් ආදායම් තත්ත්වය සුබ අතට හැරෙන වෙනත් ලැබීම් ද සහිත බව පෙන්වයි. දරුවන්ගේ අධ්‍යාපනික දැනුම වැඩිදියුණු වේ. අපල අවම වීමට පමණ ඉක්මවා අන්‍යයන්ට උදවු උපකාර කිරීමෙන් වළකින්න.

සුබ අංක - 5, 9, සුබ වර්ණය - කොළ, සුබ දවස් - සිකුරාදා, බදාදා

කටක - සහජ කුසලතා ඔප්නැංවේ

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර, සමාජ සේවා කටයුතු සිතේ සතුටින් කරගෙන යා හැකි පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද දායකත්වයක් සපයන දින කීපයකි. සහජ කුසලතා ඔප් නැංවෙන ඇසුරු කරන අය අතර ප්‍රියමනාප පුද්ගලයෙකු ද වේ. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. සුළු අපල අනතුරු පෙන්වන්නේ ඒරාෂ්ටකයක් පවතින බැවිනි. අපල අවම වීමට කුඩා දරුවනට කිරි දෙන මවකට උපකාර කරන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා

සිංහ - ව්‍යාපාරවල සාර්ථකත්වයක්

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. සමාජ සේවා, ව්‍යාපාරික කටයුතු, පුණ්‍ය කටයුතු හොඳින් කරගෙන යයි. ගෘහ ජීවිතය තුළ ගැටලු මතු වුවත් ඒවා තාවකාලික වේ. දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය යහපත්ය. බාධක මැඬගෙන ඉදිරියට යාමේ චිත්ත ධෛර්යයෙන් යුතුය. ආදායම් තත්ත්වයද යහපත්ය. අසනීප අපල පවතින හෙයින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. අපල අවම වීමට පිළිකා රෝගීනට උදවු කරන්න.

සුබ අංක - 4, 9, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

කන්‍යා - ආර්ථිකමය ලාභ

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සුබවාදී වර්ධනයක්, ආදරය, ප්‍රේමය, දරුපල, විවාහ පිළිබඳ සතුටුදායක සතියකි. ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන විදේශ ගමන් ද යෙදෙන්නට හැකි ග්‍රහබල පෙන්වයි. ආර්ථිකමය ලාභ හිමි වේ. අපල අවම වීමට කොහොඹ පැළයකට ගසකට ජලය දමන්න. පොහොර යොදන්න. දරුවන්ට දැනුම දෙන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

තුලා - පදිංචි ස්ථානයේ දියුණුව

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෙදරදොර කලඑළි කිරීම්, පදිංචි ස්ථානයේ පිරිසිදු කිරීම්වලට මුල් තැනක් දෙයි. මවුපස ආධාර උපකාර හිමිවන අතර දරුවන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවන ලකුණු පෙනේ. ප්‍රමාද වූ දරුපල, විවාහ පිළිබඳ සුබදායක තත්ත්වයක් උදා වේ. ව්‍යාපාර දියුණුව ඇති කරයි. අසනීප, අපල, අනතුරු, සිත් රිදීම් ආදියට ද ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කිරීම අපල අවම වීමට හේතු වේ.

සුබ අංක - 6, 9, සුබ වර්ණ - ක්‍රීම්, රෝස, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

වෘශ්චික - දූදරු සබඳතා ඉහළ නැංවේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහජ කුසලතාවලින් පල ප්‍රයෝජන ගත හැකි නිවසේ අලංකරණය සඳහා වෙහෙසෙන දූදරු මාපිය සබඳතා හොඳින් පෙන්නුම් කරන සතියකි. පුණ්‍ය කටයුතුවලට ද සිත ඇදී යයි. රැකියා සඳහා ඇවිදිලි වැඩ වැඩි වේ. ව්‍යාපාරවලින් ලාභ සහ වෙනත් ආර්ථික වාසි හිමි වේ. අපල අවම වීමට අඟහරුවාදා දින නිර්මාංශ වී බෝධි පූජාවලට යොමුවන්න.

සුබ අංක - 5, 9, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු - අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 හරහාය. කතාවේ ප්‍රියමනාප බවින් අන්‍යයන්ගේ අවධානය දිනා වැඩපළ කරගත හැකි බවක් දැක්වේ. අතමිට මිල මුදල් හිඟ නොවන සතියකි. නිවසෙහි පදිංචි ස්ථානයෙහි දියුණුව පිණිස කුමන හෝ කාරියක යෙදෙයි. දරුවෙකු වෙනුවෙන් සිත් රිදීමක් ඇතිවිය හැකිය. සහජ කුසලතාවලින් වැඩ කර ගත හැකි වේ. අපල අවම වීමට වැඩිහිටි මවුපියනට උපකාර කරන්න.

සුබ අංක - 8, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා, බදාදා

මකර - සහජ දක්ෂතාවලට ඉඩක්

සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න තෙවැන්න සිවුවැන්න හරහාය. කලබල ගති ස්වභාවයන් මඟහැරී ගොස් ඉවසීමෙන් කටයුතු කරන්නට උත්සාහ දරයි. වියදම් වැඩි වෙයි. පදිංචි නිවෙස කලඑළි කිරීම්වලට වැඩි කාලයක් ගත කරයි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ආදායම් උපයයි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් දායකත්වය ඇති වේ. අපල අවම වීමට දුර්වල අයට උදවු උපකාර කරන්න.

සුබ අංක - 6, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

කුම්භ - සහෝදර උපකාර

සඳු ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය ගැටලු සහගත විය හැකිය. ගමන් බිමන් අධික යහපත් උසස් ගුණ ගරුක මිතුරු ඇසුරක් පෙන්වන සතියකි. ප්‍රියමනාප කතාබහට අන්‍යයන් හිස නමයි. සහජ දක්ෂතා ඔප් නැංවෙයි. සහෝදර උපකාර හිමිවන පුණ්‍ය කටයුතුවලට දායක වන යහපත් සතියකි. අපල අවම වීමට රෝගීනට සත්කාර කරන්න.

සුබ අංක - 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

මීන - ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 11, 12 ලග්නය දෙවැන්න මතිනි. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිතය. ගෘහ ජීවිතය හොඳින් පවත්වාගත හැකිය. දරුවන් නිසා සතුටට පත්වන ඔවුන්ගේ යහපත් බලාපොරොත්තුවලට ඉඩක් පෙන්වන සතියකි. සාමාජීය වශයෙන් පිළිගැනීමකට ලක්වන අවස්ථා මතුකර දෙයි. අතමිට මිල මුදල් හිඟ නොවී පවතී. ව්‍යාපාර කටයුතු සපල වේ. අපල අවම වීමට රණවරා බෙලිමල් ගිලන්පස සාදා පූජා කරන්න.

සුබ අංක - 3, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

Comments