
සුවඳ ධූප ඖෂධ වට්ටෝරුව
කරාබු නැටි, නාමල් රේණු,
වියළි එළවරා මුල්, කපු කිණිස්ස, කොල්ලන් කොළ, අගිල්,
සුවඳ කොට්ටන්, වියළි සමන් පිච්ච, කරාබු නැටි, කපු කිණිස්ස, කුරුදු පොතු,
සදා ගන්නා ආකාරය
මෙම වර්ග 12 සමවගෙන අව්වේ වේළා කොටා ඒ බරට 7 ගුණයක් සාම්බ්‍රානි එක්කොට පහත ගාථාවලින් සහ මන්ත්‍රවලින් තමන්ගේ අවශ්‍යතාවය අනුව පිරිත්කර ගැනීම හෝ ජීවම්කර ගැනීම සිදු කර ගත යුතුය.
නිවසට ශ්‍රියාව, ව්‍යාපාර දියුණුව,ධනය ලැබීම, යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය දෝෂ දුරුකර ගැනීමට ඉසිවර පාඨක ඔබ වෙනුවෙන් අද මා ඉදිරිපත් කරන්නේ සුවිශේෂි සුවඳ ධූපයක් සාදා ගන්නා අයුරු සහ ඉන් සත් ආකාරයකට ඔබේ ජීවිතයට විශාල ප්‍රයෝජනයක් ලබා ගන්නා ආකාරයයි.
මෙම සුවඳ ධූපයෙහි විශේෂත්වය වන්නේ මෙය විද්‍යාත්මක පදනමකින් ද සමන්විත වීමයි. ඒ නම් එහි ඇති ඖෂධිය බලයට විශ්ව බලය එකතු කිරීමයි. ඖෂධ බලය ගැන අපි විද්‍යානුකූලව කල්පනා කරමු. මේ පෘථිවියේ ඇති ශාක විශේෂයන් උපයෝගි කරගෙන බටහිර ඖෂධ පවා නිෂ්පාදනය කර ඇත. පිළිකා ඇතුළු රෝග රැසක් නිවාරණය සඳහාත් ඖෂධ නිෂ්පාදනයට ශාක විශේෂයන් උපයෝගි කර ගනී. ස්වභාවධර්මයාගේ අපූරු දායාදයක් වන ශාක ඇත්තෙන්ම අපි ජීවිතයට සූර්යාගේ බලය ශක්තිය මෙන්ම වැදගත්ය. එසේ නම් මේ සුවිශේෂි සුවඳ ධූපය සකස් කර ගන්නා අයුරු පිළිබඳ අවධානය යොමු කරන්න. (සුවඳ ධූපය සකස් කරගන්නා ආකාරය මේ සමඟ පළවේ.)
1. නිවසට සිරිකතගේ බැල්ම සහ දේව ආකර්ෂණය ලැබීම සඳහා පහත ගාථාවෙන් 334 වර පිරිත්කර නිවස ඇතුළත සහ පිටත දුම් අල්ලන්න. සම්පූර්ණ දේවාකර්ෂණය ලැබී ඔබගේ ජීවිතයට ආරක්ෂාව සතුට ප්‍රීතිය ලැබී හිත පිනට දහමට යොමු වේ.
ගාථාව
බ්‍රහ්මේන්දාමාදි මඕලං භුවනේසු භුතං
මෝහන්ධකාර භජිතං භව භාර භාරං
ලෝකුත්තමං සරණතං යදි දේව දේවං
ජිනේන්දාසිහ පවරං සිරසා නමාමි
මුනින්දාභාරි වදනම්බුජ ගබ්භ ගබ්භේ
සම්භුත භුත සරණං පරමං රසානං
ධම්මේන ධම්ම මතුලං තිබිලම්භි යන්තං
ජිනේන්ද්‍ර ධම්ම පවරං සිරසා නමාමි
සන්තින්ද්‍රියං විහත පාප මලං ජලන්තං
සම්බුද්ධ ශාසන වරේ විය පුණ්ණ චන්දං
අං අග්න පුග්ගල පවග්ත මහග්ග දානං
ජිනේන්ද්‍ර සංඝ පවරං සිරසා නමාමි
ඉහත ගාථා රත්නය ත්‍රිවිධ වන්දනාමය ගාථාවකි. මෙය උදේ හවස සහ බෝධි පුජා පැවැත්වීමේදි ද සජ්ඣායනා කිරීමට ඉතා හොඳයි දෙවියන් ප්‍රිතියට සතුටට පත්වේ.
2. නිවසේ යක්ෂ දෝෂ ප්‍රේත දෝෂ ඇති විට අමනුෂ්‍ය දෝෂ පලවා හැරීම සඳහා ඉහත ඖෂධවලටම පහත මන්ත්‍රයෙන් දිනපතා වැඩි වාර ගණනක් මතුරා උදේ හවස දුම් දෙනු සියලු අමනුෂ්‍ය දෝෂ දුරුවේ.
3. රාජභය සොර සතුරු භය දුරු වීම සඳහා
පුරෙත්වා පාරමි සබ්බේ සබ්බේ පච්චේක නායකා සීවිලි ගුණ තේජේන පරිත්තං තං භණා මහේ නා ජාලිතීනි ජාලිතාම් ආ.ඊ ඌ ආම් ඉ ස්වාහඃ
මෙය සීවලී පිරිතෙහි එක් ඛාණ්ඩයකි. මෙහි ගාථා රත්න 24ක් ඇති නමුත් ඉහත ගාථාව පමණක් සෑහේ. ලැබීම අතින්ම බොහෝ ගුණ දායකය උදේ හවස කීමටද යෝග්‍ය වේ.
4. සර්ව ලෝකයම වශිය සඳහා
මන්ත්‍රය ඕං සිරිගුණ දෙවෙල් ප්‍රමේශ්වරි
හර හාරම් ශිව යමකුරු දිෂ්ටි වර වර නමඃ
ක්‍රමවේදය
මෙය ඉතා ප්‍රබල සර්වජන ආකර්ෂණයකි. දීප දූප සුගන්ධ පස්ගෝරස ආදි ප්‍රමුඛව මල් යහන් සාදා දිෂ්ටි ප්‍රාණ ඇතුව ඉහත ඖෂධයම 554 වර ජීවම් කර තම මුණට වෙෙළඳසැලට වස්ත්‍රවලට දිනපතා දුම් දීමෙන් සර්වජන ආකර්ෂණය ව්‍යාපාර දියුණුව සහ ස්ත්‍රි පක්ෂයෙන් උදවු උපකාර ලැබේ.
5. ව්‍යාපාර දියුණුව අතමිට සරුවීම සඳහා
මන්ත්‍රය
ඕං ශ්‍රියාදේවි මාගේ මූණබලා මාගේ සර්වාංගේ
වැලඳි දිෂ්ටි වැටි වැටි වර වර නමඃ
ක්‍රමය මෙයින් ඉහත ධූපයට දස දහස්වර මතුරා මුදල් ලාච්චුවට, ව්‍යාපාරයට, දුම් දෙන්න. අනිවාර්යෙන්ම ව්‍යාපාරය බලා සිටියදී දියුණු වේ.
6. තමන් කැමැති දේ ඉටු වීමට හා විභාග ජය ගැනීමට
මන්ත්‍රය - ඕං රාමනියේ ස්වාහඃ
ක්‍රමය
ලක්ෂවර ජීවම් කළ යුතුය. තම වාසස්ථානයට උදේ හවස දුම් දීමෙන් තමා රජෙකු නොවු වත් රජකු මෙන් ජීවත් විය හැකිය. සිතු දේ ඉටු වනවාමයි. ඉල්ලු දේ ලැබෙනවාමයි.
7. සකල විධි ප්‍රාර්ථනා සපල කර ගැනීම සඳහා
ගාථාව
උත්හිස රුඩිරොදර ලලාට ත්ව සොභිතෝ
මුදු තුලානි සේ දාන උන්හා මණ්ඩ මණ්ඩිතෝ
නමෝ රාජගුරු සොසු බෝධි මුලේ ස්වාහඃ
ක්‍රමය
මෙම ගාථාවෙන් සුවඳ දුම දස දහස්වර පිරිත් විය යුතුයි.
මෙහිලා වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් මත මේ සියල්ල ඉදිරිපත් කර ඇති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.