කවි සිළුමිණ | Page 7 | සිළුමිණ

කවි සිළුමිණ

ජාතියේ එක­මු­තු­කම

ලෝකය දවන යුධ ගිනි­දැල් නිව­න්නට
ජාතිය බෙදුණු යළි එක­මුතු කර­න්නට
සාමය ගෙනෙන මඟ නිසි ලෙස තන­න්නට
කාලය පැමිණ ඇත පද­නම දම­න්නට
බිහි­සුණු ත්‍රස්ත­වා­දියො ලොව අංක එකේ
බිහි­වුණු සංවි­ධා­නය කොටි­ය­ගල ලකේ
සැඟ­වුණු පහ­රදී නිව­ටා‍ෙයා තුට්ටු දෙකේ
වන­සනු එකෙක් සිරි­ලක් මව ඉන්න දුකේ

අජිත් ජෝතිය කර­සිංහ


ආයු

දුක - සැප දෙක පිරුණු මනු­ලොව නර­යන්ට
අටලෝ දහම පෙන්නයි දිවි රැක­ගන්ට
මොන හේතු­වෙ­න්වත් බැහැ එය වළ­කන්ට
නිය­මිත දිනට - සිදු­වෙයි දිවි හැර­යන්ට
දිවි­යක "ආයු කාලය" ගැන කිය­වෙ­නවා
මිය­යන දිනය ගැන තොර­තුරු ලිය­වෙ­නවා
මේවා දකින විට කුකු­සක් ඇති­වෙ­නවා
පෙර කළ අනා­වැකි උඩු යටි­කුරු වෙනවා

අම්බ­ල­න්ගොඩ සම­ර­නා­යක


අන්තිම කැමැත්ත

ඉප­දුණු වැඩුණු ගම් බිම්වල නගර වල
සෑහේ ගෙවු කළ මගෙ පණ තිබුණු කල
මිය­ගිය ඉපල් කය නොතබා යහන් වල
වරු­වෙන් අගුළු ලනු පෙට්ටියෙ පියන් වල
මා දිනු රටේ පොළො­වට කිසි බරක් වන
සැම­රු­ම්ව­ලින් මළ කඳ­කට පලක් මොන
අව­මා­න­යකි රථ පෙළපාළි­යක් යන
වළ­ලනු ලඟැ'ති පොඩි මිනි­සුන් නිදන තැන

ජනක මාර­පන


අමර සර

හඬ පම­ණක් ඉතිරි කර
දුර ගිහින් නුඹ නොයෙ­න්නම
පුරා සය වස­කුත් ගෙවිලා...
ගෙවුන මේ සය වසර තුළදී
නොවැ­ම්බර් මස උදා වු විට
සිහි කරයි ඔබේ ගුණ කද­ම්බය..
එහෙත් තව­මත්,
ඔබේ භෂ්මා­ව­ශේෂ
මල් ශාලාවෙ මුල්ලක ලු
සීත­ලට ගුළිවෙලා...
මහා ගාන්ධ­ර්ව­යා­ණෙනි,
සතුටු වූ ඔබේ හඬින්
සැන­සුන නැළ­වුන රසික හද­වත්
එන නොවැ­ම්බර් මාස­යේ­දිත්
සිහි කරයි ඔබේ ගුණ
ඒත් මල් ශාලාවෙ මුල්ලක
ගොළු වෙලා නුඹ සිටිනු ඇත

රේණුකා කුමාරි ජය­ව­ර්ධන


සඳ­ලක එළි කර බැස ගිය හිම­කර...

අත­හැර දමා ‍ෙළන්ග­තු­කම් ඉසුරු සිහින කැටුව සරණ
මැදුරු දොරට පිටු­පා­විත් පැල්පත සමග බැඳිණ
තනි රජ දහ­නක් නොපතා කෙම්බි­ම­කදී සැම සන­හන
තනිව නොවේ එක්වී දිවි දිනන සිහින ඔබට තිබිණ
කිරුළු පතා සටන් වදින ලොව අත­හැර සිහ­සුන වුව
පර­පුර හිමි­කම් දන් දුණි හඬන ඇස'ග හස සද­නුව
සේවය ජීවි­ත­යම සිතු පළ­මුව දෙව­නුව තෙව­නුව
මිනිසා ඔබ ! මිනි­ස්ක­මට ඔබ හැර උපමා නොතැ­බුව
සල­කුණු නොතබා දුක් විඳ මිහි­දන් මිනි­සුන් සිහි­කර
අත්වැල සැදුවේ දින­වනු වස් උන් ලේ හිමි පර­පුර
කැළ­ලක් නැති ජීවි­ත­යක මත­කය මිහි­රකි සුන්දර
ඔබ සඳ­ලංකා අහ­සම එළි­කර බැස ­ගිය හිම­කර

තුසිත් සාගර


යථා­ර්ථය

කාලය ගෙවි ගෙවී යන ගම­නට මරුවා ළඟ ඉන්නේ
කළ හොඳ නරක සිතු­විලි හද­ව­තෙන් ගිනි පිට­වන්නේ
දෙපා වාරු නැත කල පවු ­පල දීමෙන් හද රිද වන්නේ
කවදා කොත­නක දෝ අප අත­හැ­රලා පිට වන්නේ
උස්මිටි පහ­ත්කම් ඇති අය අප අතරේ ඉප­දීලා
මෝහ සිතු­විලි යොදා­ගෙන අස­ර­ණ­යන් රව­ටාලා
ගෙන යන මෙවන් දෙය අත්සන මත අද හිර වෙලා
මිනිහා රජ කරයි දූ දරු­වන් අද බිල්ලට දීලා

ජී.ඩී. එව්සේ­බි­යස්


දිය­ණි­ව­රුන්ගේ පංචා­යු­ධය

ජීවිතේ සිවු දිශා පසු­ප­ස­ම­ විත් රකින
අසනි වැස්සට තෙමී සදා දෙයි මවු සෙවණ
කල්ප­යක විරා­මෙන් සම සිතින් දුක් දරන
අසු­රු­සැණ සුයා­මෙන් දුවා දරු­වන් දකින
ගොදුරු මඟ මාරුතේ නොනි­මෙනා පහ­න්පැල
සොඳුරු වැව් තාවුලේ දිය සදන වලා­කුළ
මහරු නිර්වා­ණයේ කඳුළු බිඳ නොම ශේෂ
රුදුරු සංසා­රයේ පිය රජුනි දිඝා­යුෂ

සුධර්මා සම­ර­සේ­කර


ඉසු­රු­මුණි කාව්‍ය

මැණික උඹ දන්න­වද
ඉසු­රු­මුණි පෙම් යුවළ
ඔහොම අද ඉන්නෙ­මත්
ගල් වඩුගෙ කැමැ­ත්තට...
පෑ ගණන් කිය­විල්ල
වච­නෙ­ටත් ගැස්සිල්ල
නැති වුණොත් නැළ­විල්ල
එදා­ටයි පෑවිල්ල...
ඈතින්ම හිඳින තුරු
ඔහේ හිටයා දෙන්
දුර ඉඳන් ආද­රෙන්
අතක් වැනු­වා­දෙන්...
ඉතින් වැට මායිමෙ උන්
සෙව්වෙ නැත්නම් විසම
දුරින් හිටි­යා­ම­මයි
පෙම වුණත් හරි රසම...

කසු­න්සලා ගිම්හානි


අත්දැ­කීම

දැල්වෙන පහන් කණුව යට
වැතිර මහ පොළොවේ
කිරි දෙමින් සිටින මව දරු­වාට
හර­ව­මින් මළා­නික මුහුණ මා දෙසට
දිගු කළා දකු­ණත,
යදි­මින් යමක් කුස­ගිනි නිවා ගන්නට
දීම­නා­වෙන් කොට­සක්
ලබා දුන් නත්ත­ලට
දුන්නෙමි දෙව­රක් නොසිතා ඈ හට
පින් සිද්ද වෙන්ඩ ඕනෑ මහ­ත්ත­යට
කිය­මින් ගොඩ වැදුණි ඈ අසල හෝට­ල­යට
දකි­මින් ඒ දසුන
නැඟුණා කඳුළු බිඳු නෙත් කෙවෙනි යට
අත්ද­කි­මින් දෙව් සමිඳු හෙළි කළ
දානයේ මහි­මය
නොකැ­ළල් ආද­රය
මන­රම් ප්‍රේමය
සිතේ සාමය

ජේ.ජී. රණ­තුංග

Comments