
පළාත් සභා යනු 13 වැනි ව්‍යවස්ථාවෙන් රටට හඳුන්වා දුන් මොඩලයයි. මේ 13 වැනි ව්‍යාවස්ථාවෙන් හඳුන්වා දුන් මේ පළාත් සභා ව්‍යාවස්ථාවෙන් ඉවත් කළ නොහැකියි. එය අනුබද්ධ වී 1988 සිට ක්‍රියාත්මක වූ ආයතනයකි. දේශපාලන කරළිය තුළ මෙය හැරවුම් ලක්ෂ්‍යයකි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ ඇති පළාත් සභාවල යම්කිසි ගැටලු සහගත තත්ත්ව වෙයි. එනම් මධ්‍යම ආණ්ඩුවේ ලැයිස්තුව පළාත් සභා ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව ගත් විට විශේෂයෙන්ම සමගාමී ලැයිස්තුවේ පවතින්නේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාවටයි. එහි යම් සංශෝධනයක් විය යුතු බව පසුගිය දිනක ජනාධිපතිවරයා සඳහන් කර තිබෙයි. මේ රටේ 1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මොඩල හඳුන්වා දෙන ලදී. මේ 13 වැනි ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් පළාත් සභා ව්‍යාවස්ථාවෙන් ඉවත් කළ නොහැකියි. එයට හේතුව එය අනුබද්ධ වී 1988 සිට ක්‍රියාත්මක වූ ආයතනයකි. මේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද සවිමත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම කොටසකි.
දේශපාලන කරළියේ වමේ පක්ෂ මේ පළාත් සභා වෙනුවෙන් පෙනී සිටින ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මේ පළාත් සභා මුලින් වර්ජනය කළ ද පසු අවස්ථාවකදී පළාත් සභාවල අවශ්‍යතාව හඳුනා ගැනීමෙන් පසුව එයට එකඟතාව පළ කරන ලදී. මේ වන විට උතුරු සහ නැඟෙනහිර පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇත. මෙරට පළාත් සභා ක්‍රියාත්මක වීමට පෙර ජන සභා සංවර්ධන සභා පිහිටුවා තිබිණි. මේ සෑම සභාවක්ම පළාත් මට්ටමින් විශාල වැදගත්කමක් ඉසිලීය. මධ්‍යම ආණ්ඩුවට මේ බලතල තබා ගැනීමෙන් වන්නේ ප්‍රාදේශීය සංවර්ධන අතපසු වීමයි. ප්‍රාදේශීය සංවර්ධන ළඟා කර ගැනීමට හොඳම ආයතන ව්‍යුහය සකස් කර ගැනීමට පළාත් සභා වඩා වැදගත් වෙයි. එයට හේතුව මේ පළාත් සභාවේ මහ ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් 4ක් පමණක් සිටීමයි. එය ව්‍යවස්ථාවෙන් පැහැදිලි කර දී ඇති වැදගත් කරුණකි.
පළාත් සභා සමාජයට, සංස්කෘතියට සහ දේශයට බද්ධ වී ඇති අතර, එලෙස බද්ධ වීම නිසා සිදු වන විශාලතම අර්බුදය නම් නැවත එය ඉවත් කිරීමට යෑමෙන් අනවශ්‍ය ප්‍රශ්න මතුවීමයි. එසේම ඉන්දියාව වැනි රටවල් සමඟ ප්‍රශ්න ඇති කර ගැනීමට වඩා අපි කළ යුත්තේ සහයෝගයෙන් කටයුතු කිරීමයි.
මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ වැදගත්ම කාරණය වන්නේ රටේ පළාත් 09හි ආර්ථික සංවර්ධනයට දෙනු ලබන දායකත්වයයි. විශේෂයෙන්ම උතුරු හා නැඟෙනහිර පළාත්වල ආර්ථිකයට දායකත්වය හා සංවර්ධනය සඳහා සංවෘත්ත ලැයිස්තුවක් හා විවෘත ලැයිස්තුවක් ලබාදී ඇත.
එසේම ඉඩම් බලතල මෙන්ම මූලික වශයෙන් ගත් විට පොලිස් බලතල පිළිබඳව ප්‍රශ්නය සාකච්ඡාවට බඳුන් වෙයි. ඉඩම් බලතල සම්බන්ධයෙන් කතා කළ විට පෞද්ගලික ඉඩම්වල ඉතා පැහැදිලිවම පවතින්නේ තේසවලාමේ නීතියයි. එහිදී තේසවලාමේ නීතියට අපිට කිසිදු බලපෑමක් කළ නොහැකිය. 1947 පූර්වත්‍ර ආඥාපනතෙන් ඒවා ක්‍රියාත්මක වීම එයට හේතුවයි. එසේම රජයේ ඉඩම් සම්පූර්ණයෙන්ම ඉඩම් ප්‍රතිසංවිධාන කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව මේ ඉඩම් ගැටලුව බොහෝදුරට විසඳා ගැනීමට හැකියාව ඇත. මෙහිදී මතු වී ඇති ප්‍රධාන කාරණය නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සහ ඒකීයභාවය රැක ගැනීමට හැකි ක්‍රමවේදයක් ලෙස පොලිස් බලතල පෙන්වා දිය හැකි වීමයි. එසේම තවදුරටත් පොලිස් බලතල මෙහිදී සඳහන් වන ආකාරයටම ලබා දෙන්නේ නම් එහිදී පාර්ලිමේන්තුවේ 2/3ක් හෝ සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ගේ කැමැත්තෙන් එය ක්‍රියාත්මක කරවීම දක්වා මේ සාකච්ඡාව මෙහෙයවීම ඵලදායක වෙයි.
ඒ අනුව මෙය ක්‍රියාත්මක කර ගැනීමේ යන්ත්‍රණය ජනාධිපතිවරයා ඉතා සංයමයකින් සහ සංවේදී ආකාරයටත්, රටට අවශ්‍ය ආකාරයටත් ඉදිරිපත් කර ඇත. එසේම සියලු දෙනා සමඟ සාකච්ඡා කිරීමක්ද සිදුවේ. ඒ සාකච්ඡාවට යම්කිසි දායකත්වයක් ලබාදී එය ක්‍රියාත්මක වීම තුළ රටටම වාසිදායක වන ආකාරයට එය යොදා ගැනීම වැදගත් වෙයි. රටේ ආර්ථිකය නැංවීමට එසේම සංහිඳියාව සම්බන්ධයෙන් අපි ක්‍රියා කළ යුතුයි. ජනාධිපතිවරයා විසින් ජාතික සංහිඳියාව ප්‍රතිසන්ධානය සම්බන්ධ ආයතන මීට පෙරත් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලදී. යළිත් එම ආයතන බලාත්මක කළ යුතුයි. ජාතික සංහිඳියාව, භාෂා සංහිඳියාව ඇති කරන යන්ත්‍රණයට නව පණක් දීම ඉතා වැදගත් කරුණකි. නව පනතකින් මෙය ක්‍රියාත්මක වන විට මූලික වශයෙන්ම ආර්ථිකය ගොඩනඟා ගැනීමත් සමඟ මේ දේශපාලනමය ගැටලු විසඳාගත හැකිය.
එසේම අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සාකච්ජාව නැවත මතු වී ඇත. අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් මුල සිට සෙවිය යුතු නැත. ඒවායේ දත්ත මේ වන විටත් රැස් කර ඇත. එසේම වන්දි ගෙවන කාර්යාල පවතී. මේ ගැටලුව විසඳා ගැනීමට නම් සත්‍ය සංහිඳියා කොමිසමක් ගොඩනැඟීමෙන් ඒ අය වඩා එයට ප්‍රසාදයක් දක්වනු ඇත. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් සිදු කළ හැකියි. ඒ නිසා ඒ අතුරුදහන් වූවන් සම්බන්ධව පවා සත්‍ය සෙවීමේ සහ ගවේෂණය කිරීමේ කොමිසම මානව හිමිකම් කොමිසම සමඟ එකතු වී දත්ත ලේඛනයක් සකස් කර විසඳුම් සෙවිය යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1978 සම්මත විම සිදුවී ඇති අතර ඒ වෙනුවෙන් නව පනතක් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සකස් විය යුතුයි. ප්‍රජාතාන්ත්‍රිකව මේ අයිතිවාසිකම් සාමකාමිව දිනාගැනීම වඩා වැදගත් වෙයි. ත්‍රස්තවාදයට ඒ අයගේ සිත නැවත යොමු නොවන්නට ප්‍රාදේශිය පාලනයට යාමට හොඳම තැන පළාත් සභා ක්‍රමයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙහි නෛතික බලය සම්පූර්ණයෙන්ම ලබාදී ඇත. ඒ අනුව ක්‍රියා කළ හැකියි. නැවත නීති සකස් කරනවාට වඩා සංශෝධන පැමිණිය යුතු තැන් සංශෝධනය කළ හැකියි.
මෙහිදී වැදගත්ම සාධකය නම් සෑම අවස්ථාවකම පාරදෘශ්‍යභාවයකින් ක්‍රියාත්මක වීමයි. 13 වැනි ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම යන්න ව්‍යවස්ථාවේ තිබුණ ද සංශෝධන ගෙන ඒමට හැකියාවක් ඇත.
එනම් සංශෝධනයක් ගෙනවිත් මෙය තවදුරටත් වෙනස් කිරීමේ හැකියාව ඇත. ජනමත විචාරණයකට යෑමට අවශ්‍ය නැත. එසේ නොකර යම් සංශෝධන කළ හැකියි. කෙසේ වෙතත් මේ අසීරු අවස්ථාවේ සිදු විය යුත්තේ කෘෂිකර්මාන්තය පෙරටු කරගත් රටේ ආර්ථිකය කෙසේද තවදුරටත් වර්ධනය කරන්නේ යන කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි. ඊළඟට පැහැදිලිවම සංචාරක ව්‍යාපාරය සඳහා කරන ආයෝජන සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළ යුතුයි. එහිදී බලතල පළාත් සභාවලට ලබාදිය හැකියි. එසේ බලතල ලබා දීමෙන් පහසුවෙන්ම අපේ ඉලක්ක වෙත යා හැකියි. එ මෙන්ම රටේ ඇති භූ විෂමතාව සහ භූ සාධක ගත්විට අපේ මුහුද විශාල වටිනාකමක් ඇත. නැඟෙනහිර පළාතේ ආරුගම්බේ ඉතාමත් වැදගත් වෙයි. මේවා පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි. දකුණු පළාත් සභාවටත් මේ ආකාරයට ආකර්ෂණය වූ අපේ මුහුදු වෙරළ ප්‍රයෝජනයට ගෙන විවිධ ආයෝජනයන්ට ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතුයි. මධ්‍යම ආණ්ඩුව හරහාම මේ සියල්ල කිරීමට යෑමෙන් විශාල කාලයක් ගත වෙයි. එහිදී පළාත් සභා ඉතා වැදගත් වෙයි.
අධ්‍යාපනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මෙරට විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවති. නමුත් පළාත් මට්ටමින් ද විශ්වවිද්‍යාලයන් පිහිටුවීම ඇති කළ හැකියි. වෙනත් රටවල් සමඟ ගිවිසුම් ඇති කර ගෙන අන්තර්ජතික විශ්වවිද්‍යාල තලයට ගෙන යායුතුයි. අපිට පළාත් විශ්වවිද්‍යාල ඇති කිරීමට හැකියාවක් ඇත. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගනිමින් මෙ දේවල් කළ හැකියි. එසේම 13 ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව අපි ඇති කර ඇත. ජාතික භාෂාව වන සිංහල, දෙමළ. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන පීඨයක් ඇති කිරීමට අවශ්‍යයි. අධ්‍යාපන විශ්වවිද්‍යාල හරහා සෑම පළාතකටම අපි මෙය ව්‍යප්ත කළ යුතුයි. එසේම ද්විභාෂා අධ්‍යයනය කිරීම තුළින් මේ ගැටලුව විසඳාගත හැකියි. භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතුයි. මේ සන්නිවේදන හිඩැස් අපි දුරස් කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය භාෂාවක් යනුවෙන් 13 වැනි ව්‍යවස්ථාවේ ද සඳහන් වෙයි.
එසේම මූලික මිනිස් අයිතිවාසිකම් ගැන අපි විශාල වශයෙන් කතා කරයි; මේ වන විටත් මේ රටේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගණය වීම් නඩු විමසීමට කොළඹට ම පැමිණිය යුතුයි. එවැනි බලතල ලබාදුන් ආයතනයන් සහ පළාත් මට්ටමින් පළාත් බද අධිකරණ ඇති කළ යුතුයි. මෙවැනි සෑම අංශ තුළින්ම අපිට නීතිය ජනතාව අතරට ගෙන යා හැකියි.
ප්‍රවහාන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත්විට උතුරු දකුණ යා කළ යාල් දේවී වැනි සංකල්ප වඩා වැදගත් වෙයි. එවිට සංහිඳියාව සහ සහයෝගීතාව ඇති වෙයි.
13 වැනි ව්‍යවස්ථාවේ තවත් සංකල්පයක් වන්නේ මිය ගිය ඥාතීන් සැමරීමට දේශපාලනයෙන් තොරව අවස්ථාව ලබා දිමයි. සෑම අවස්ථාවකදීම දේශපාලනය ඉස්මතු නොකර මෙවැනි මානුෂීය කාරණා සඳහා කටයුතු කිරීම වැදගත් වෙයි. ඒ නිසා විය යුත්තේ සාකච්ඡාවට විවෘත කර ඒ අයගේ අදහස් ලබාගෙන ඒ අදහසවලින් පෝෂණය වීමයි. සමුළුවකට නොපැමිණීමෙන් පැහැදිලි වන්නේ විරුද්ධත්වයයි. සහභාගීත්වය වැදගත් වන්නේ ඒ හෙයිනි. මෙතැනදී කවුරු නායකත්වය ලබාගෙන ක්‍රියා කළත් වැදගත් වෙන්නෙ නායකත්ව මණ්ඩල, උපදේශක මණ්ඩල මඟින්, ඒ හරහා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සහ දෙපාර්ශ්වයෙන්ම විවෘතභාවය ලබා ගැනීමයි. එසේම ජාතික සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය සම්බන්ධව ඇති කරනු ලබන ඒ ආයතනය පූර්ව සියලු දේශපාලන පක්‍ෂවලින් සමන්විත ඒ පිරිස්වල නියෝජිතයන් සමඟ ඉදිරියට යා යුතුයි.
එසේම ජනතාව සමඟ සංවාදයක් ඇති කර ගත යුතුයි. පළාත් සභා ඡන්දය එළැඹීමේදී මූලික වශයෙන්ම සමානුපාතික ක්‍රමය ද කේවල ක්‍රමය ද යන්න පිළිබඳව මූලිකව සාකච්ඡා කළ යුතුයි. ඒවාට දේශපාලන පක්‍ෂ විරුද්ද නොවිය යුතුයි. සැබෑ සහජීවනයක් සඳහා අවංකව හා සත්‍යවාදීව ක්‍රියා කළ හැකි සියලුම දෙනාගේ අදහස් විමසීම වැදගත් වෙයි. කිසිදු දේශපාලන පක්ෂයක් මැතිවරණයක් ආසන්නයේදී පමණක් මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට උත්සුක නොවිය යුතුයි.
කෙසේ වෙතත් රට බෙදීමේ වටපිටාවක් කිසිසේත් ඇති නොවන ආකාරයට සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කරනු ඇතැයි සියලු දෙනාගේ විශ්වාසයයි. ඉන්දියානු බලපෑමට යට වී ඇති බව ඇතැම් අයගේ අදහස විය හැකියි.
වාර්ගික ගැටලු මතු නොවන ආකාරයට සියල්ලෝම කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. ගැටලු විසඳා ගැනීමට සියලු දෙනාගෙන් සැදුම්ලත් වේදිකාවක් නිර්මාණය කළ යුතුයි. විශේෂයෙන් ද්‍රවිඩ සංවිධානය එකට එකතු වී මේ ගමන යායුතු බව අවබෝධ කර ගත යුතුය. මේ සඳහා ජාතික සංහිඳියාව ගොඩනඟා ගැනීමට සත්‍ය සෙවීමේ සහ ගවේෂණය කිරීමේ කොමිසමත්, ජාතික සංහිඳතාව ප්‍රතිසන්ධානයට ජාතික ඒකාබද්ධතාව ගොඩනඟන ආයතනයත් ඇති කළ යුතුයි. දේශපාලනයෙන් තොරව එකතු වී මේ ගැටලුව විසඳා ගෙන රට ගොඩනැඟීමට සියලු දෙනා දායක විය යුතුයි.
මැතිවරණය ඉල්ලා උද්ඝෝෂණය කිරිමට වඩා රටේ ආර්ථික සංවර්ධනය කරා අපි යා යුතුයි. තවදුරටත් ලංකාවට ආයෝජකයන් හා සංචාරකයන් පැමිණිය හැකි වටපිටාව සකස් කළ යුතුයි. බුද්ධිමය දේපොළ ඇති හොඳම රටක් ලෙස ලංකාව ඒවා නිර්මාණශීලිව යොදාගෙන තවදුරටත් වැඩි දියුණු කළ යුතුයි. පළාත් සභාවල අනිවාර්යෙන් තරුණ පිරිස් සහ කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි. පළාත් සභාවලට පත්වන නියෝජිතයන් පිරිසට පැහැදිලි පුහුණුවක් දීමට අවශ්‍ය ප්‍රඥප්තියක් සකස් කර ඒ ප්‍රඥාප්තිය තුළින් විනය සම්බන්ධයෙන් ද කටයුතු කළ යුතුයි. එවිට අරගලයෙන් දිනා ගැනීමට නොහැකි වූ හා ඉටු නොවූ දේවල් මේ පළාත් සභා හරහා ඇති කර ගත හැකියි.