කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ඇත්තක්!
හොඳ හා නරකේ වගෙක් මිසෙක්
හරි යේ හා වර­දේහි විස්තරේ
නො ගෙනා යනෑ මාවතේ දිගේ
පිපී "කීඩා­රමැ" මල් යැ බෝ තදින්
වර­දෙක්, වර­දෙන් වසා දමා
හරි­යා­කාර ලෙසෙක් තනා ගතොත්
දිඹුලේ පිපි මල් නෙළා ඇරෑන්
පුදමී පා හද ආද­රෙන් බැඳී
කැප්පි­ටි­යා­ගොඩ කල්‍යා­ණ­වංස හිමි

පැතුම
තනිව උප­දින තනිව මිය­යන
සොබා­ද­හමේ නිය­තය දන්වා
නොමි­යෙන මතක හද­වතේ රන්ඳා
ඔබ අප තනි­කර තනිව ගියා
මේ සසර දිවියේ ගමන නිමා­කොට
නිවන් දොර පිය­ගැට පෙළ අබි­යස
ඔබ හමු­ව­න්නයි ප්‍රාර්ථනා
චන්ද්‍රා පුංචි­අ­ප්පු­හාමි, නුගේ­ගොඩ

ප්‍රේමයේ මළ­ගම
දැවී ගිය පසු වුවද හද­වත
ශේෂ වූ යම් දෙයක් තිබු­ණිද
අහස ගුගුරා වැස්ස වස්සන
වලා­කුළු හිස් හුස්ම අවු­ලන
හද රිදෙන
ප්‍රේම­යෙහි මළ­ගම...
මතක බණ පද­යක් ගය­න්නට
මතක වස්ත්‍රය පිරි­ම­දි­න්නට
පැන් වඩා හද­වත නිව­න්නට
සොඳුර නුඹ
ආවො­තින් දින­කට
එයයි දිවි­යෙහි
එකම වත්කම...
ඈන් නිලුපා පීරිස්
 

වියෝවූ ඥාති දිය­ණි­යට
සිත මගේ සස­ලයි දුවේ - දෑස මගෙ ඔබේ රුව සොය­නවා
නිතර ඔබගේ වියෝ­ගය - මගෙ හදට උල් ඇණ අනි­නවා
මත­කයේ සිහි­ව­ටන හද තුළ අනෝරා වැසි වසි­නවා
අත­රමං වී සසර කතරේ - තාම මම දිවි ගෙව­නවා
දුවේ එදා අපි එකම තුරුල්ලේ -
හැදී වැඩෙ­මින් කාලය ගත­වුණා
සෙනෙ‍ෙහ කැදැ­ල්ලෙන් ඔබ වෙන්ව ගියදා
මගෙ හද­වත බිම වැටුනා
සැණෙ­කින් ඔබ මරු ගෙන ගිය දවසේ
ආනේ මහද ගිනි ගෙන දැවුනා
මියෙන තුරා ඒ ගින්නෙන් දැවි දැවී
ඒ වියෝ දුක් මම දර­නවා
ඇම්. ප්‍රේමා වෑදණ්ඩ

නොකි­ළිටි සිති­විලි
සමා­ජය නම්
චණ්ඩ­මා­රු­තට තුළ
ආලය නම් වූ පෙම් සුළ­ඟ‍
­වෙ­ළා­ගත් ඇය...
මොණර කොළ උපයා ගැනු­මට
වෙහෙස දැරු­වත් සැම දින
ඇයත් දිය­ණි­යකි
ඇයත් බිරි­යකි
ඇයත් මවකි
අහස තරම්
කඳු­ළැලි වැසි වස්ස­වන...
විහඟි සඳ­ගෝමි රත්නා­යක

දම්මිට
ඔබේ හද­වත ඇඳින ගත්
මමයි ඔබෙ සුගත්
බිමට බරවූ ඔබෙ දෙනෙත්
මට බරයි
මගෙ දම්මි! අද­ටත්
හිනා­වෙන්න දම්මි
මං කිසි­දාක
අම­නාප නොවෙමි
මේ හැම­දේම සසරෙ බැමි
ඔබ නැතිව
ඔබ එක්කම
ජීවි­තය විඳ­වමි
මත­කය වැල­ඳ­ගත්
මා ළඟ නොමැති
ඔබෙ සුව­ඳත්
බිරිය ලෙස ණයට ගත්
ඔහු නෙමෙයි
මම
හැම­දා­මත්
ඔබට පම­ණක් අයිති
සුගත්
රඹු­ක්කන කීර්ති එස් කුමාර

ආද­ර­ණීය ප්‍රේම්
ආද­රයේ සීමා මායිම්
නොමැති බිම් කඩක
මනු­ෂ්‍ය­ත්වයේ බිජු­වට වන්
ඔබ ලියූ ගී කවි
පැළ කර­න්නෙමි
අනා­ගත ලොව
වඩාත් යහ­පත්
ආද­රය පිරුණු
තැනක් කර­න්නට
නයන්ත ජගත් පුංචි­හේවා

යළි නොදැ­ල්වෙමි
නිවී යමි
යළි නොදැ­ල්වෙමි
මේ සුළඟ හා
වෙලී සැඟ­වෙමි
අළු දුලි මැද
බිඳී විසි­රෙමි
මා ඇතැර ඔබ
යන දිසා­වක
සිහින් දුවිලි තිතක් වී එමි
යම් විටෙක ඔබ
නෙතේ දොර­කඩ
නැඟු­ණො­තින් එක
කඳුළු බිදු­වක්
එයද පිස­ලමි
රුවන් සුද­ස්සන

Comments