
සිවිල් ඉංජිනේරු,
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය,
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ
ප්‍රධාන පර්යේෂක
ජනක ප්‍රියන්ත දයාරත්න
වාස්තු යන්නෙහි තේරුම වාසය යහපත් කර ගැනීම පිළිබඳ ශාස්ත්‍රයයි. ඒ අනුව වාසයෙන් (ජීවිතය ගෙවීමෙන්) වැඩිම කොටසක් අයත් වන්නේ නිෙවසෙහි වීම අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවත් වත්මන් දිවි පෙවෙත සකස් වී ඇති ආකාරය අනුව සමහර භවතුන්ගේ ජීවිත ගෙවෙනුයේ නිෙවසටත් වඩා විවිධ වෙනත් තැන්වල වීම සුලබ කරුණක්ව තිබේ.
යම් පුද්ගලයෙකු සිය ජීවිතයෙන් වැඩිම කොටසක් ගෙවා දමනුයේ සිය නිෙවසේ නොවන්නට පුළුවන. එවැනි අවස්ථාවකදී එකී පුද්ගලයාට තම නිෙවසටත් වඩා තමන් ජීවත්වන අනෙක් ස්ථානයේ බලපෑම භෞතිකව තදින් බලපාන්නට ඉඩ තිබේ. එවැනි තත්ත්ව යටතේ අප විසින් වාස්තු න්‍යායන් වඩාත් පුළුල් කර ගනිමින් භාවිතයට ගත යුතුව තිබේ.
ඒ අනුව කිසියම් වෘත්තිකයකු වැඩිම වේලාවක් නොවෙනස්ව ජීවත් වන්නේ කාර්යාලයේ හෝ කර්මාන්ත ආයතනයේ නම් විටෙක නිෙවසටත් වඩා ඒවායේ බලපෑමට මුහුණ දීමට සිදුවිය හැකියි. නිදසුනක් ලෙස ඊශානයේ තම වෘත්තියේ යෙදී සිටින පුද්ගලයා ජීවත් වනුයේ ස්ථාවර බලවත් ශක්තියක් නොමැති තැනක වීම නිසා නිවසේදීත් නිවට කීකරු ගති ලක්ෂණ බලවත් වීමට ඉඩ තිබේ. එවිට කොතරම් ආයතනික බලවත් නිලධාරියකු වුවත් ආයතනයේදී මෙන්ම නිෙවසේදීත් මෙකී දුර්වල පෞරුෂයක් හා සුවචභාවයෙන් යුතු පුද්ගල භාවයක් ගොඩනැඟීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. එවැනි අවස්ථාවකදී රැකියාවේදී තමන් කටයුතු කරන ස්ථානය දුර්වල නම් වෙනත් සියුම් වාස්තු උපක්‍රම භාවිතයෙන් තම පෞරුෂය හා නිෙවසේ කටයුතු වඩා යහපත් කර ගත හැකියි.
රියදුරු වෘත්තියේ යෙදෙන්නකු වැඩි කාලයක් සිය වාහනය ඇතුළතම ජීවත් වන්නේ නම් එවිට වාහනය ඇතුළත පවත්නා ශක්තිමය බලපෑම තමන්ගේ අනෙකුත් කාර්යනට වඩා වැඩි ප්‍රමාණයකින් වන බව වටහා ගැනීම අපහසු නොවේ.
ගොවිතැනේ නිරතුරු කටයුතු කරන්නකුට එකී පරිසරයේ බලපෑම උපරිම වශයෙන් ලැබෙන බව අමුතුවෙන් අපි පහදා දිය යුතුව තිබේ. එවිට ගොවිබිම සකසා ගත යුතු ආකාර පිළිබඳව (ශක්තිය ලෙස) වාස්තු න්‍යාය මත පිහිටා සලකා බැලීම විවිධ පැති මානයන්ගෙන් අප කාටත් වැදගත් වේ. මෙබඳු තත්ත්වයන් නොසලකා හැරීමෙන් තම ජීවිතය වඩ වඩාත් අසාර්ථක විය හැකි බව දත යුතු වේ.
මෙබඳු තත්ත්වයන්හිදී සිදුවන දේ කවරක්දැයි නිවැරැදිව වටහා ගන්නකුට එයට පිළියම් හෝ විසඳුම් ලබා ගැනීම ද අපහසු නොවේ. එහිදී තමනට අවශ්‍ය වන පෞරුෂ ස්වභාවය පිළිබඳව මැනැවින් අවබෝධ කර ගැනීම මූලිකව කළ යුතු අතර ඉන් අනතුරුව එයට අවශ්‍ය වාස්තු පිළිවෙත් ගොඩනඟා ගත යුතු වේ.
අන්‍යයන් නොසලකන උඩඟු ලීලයෙන් තමන් ක්‍රියා කිරීමෙන් තම අසාර්ථකත්වය ළඟා වූයේ යැයි සිතන්නකු විසින් තම වෘත්තීය කටයුතුවලදී උතුරු, ඊශාන, නැඟෙනහිර දිශාවන්ගේ තුන් මසක්වත් ක්‍රියා කරන්නේ නම් තමනට පෙර අවැසි වූ සුවච ගුණය ගොඩනඟා ගත හැකියි.
බාහිර පුද්ගලයනට අනවශ්‍ය තරම් යට වන ස්වභාවයක් තමන්ගේ පවතී යැයි ද එකී නිවට ලක්ෂණ තමන්ගේ අයහපත පිණිස වේ යැයි සිතන්නකුට සිය රැකියා කටයුතුවලදී හැකිතාක් දකුණ, නිරිත, බස්නාහිර දිශා වැඩි වැඩියෙන් භාවිත කිරීම උචිත කරුණක් වේ.
ගමනට නොකැමැති ඉන්නා තැන පැය ගණන් රැඳී සිටින අලස බවක් තමන්ගේ පැවතීම නිසා තම ජීවිතය බරපතළ ලෙස අසාර්ථක වී ඇතැයි සිතන අයකු විසින් කළ යුත්තේ වෘත්තියේදී මාස තුනක් පමණ කාලයක් වයඹේ ගත කිරීමයි. එසේ වුවත් එහිදී වෘත්තියෙන් බැහැර වීමට තමනට යම් යම් සිදුවීම් විය හැකි බවද තරයේ අවබෝධ කරගෙන සිටිය යුතු වේ. එසේ නොවී වයඹේ සිටීමෙන් රැකියාව අහිමි වීමේ අනතුරක් හෝ රැකියාවේ තරුවක් ලැබීමේ ඉඩකඩක් ද ඇති බව වටහා ගත යුතුවේ.
මෙයට අමතරව වාහනවල වැඩි කාලයක් ගෙවීමෙන් ශරීරයේ පහළ කොටස්වල හානි ඇති විය හැකි අතර වායු සමීකරණය නිරන්තරයෙන් තදින් භාවිතයට ගනිමින් වාහනවලම ජීවිතය ගෙවන්නන්ගේ මෙකී රෝග තත්ත්ව වඩ වඩාත් උත්සන්න විය හැකියි.
මෙවැනි කරුණු කෙරෙහි තියුණු අවධානයක් සහිත වීමෙන් නිෙවස වාස්තු න්‍යායන් අනුව කෙතෙක් තනා තිබුණ ද, වෙනත් බොහෝ හේතුන් සිය අසාර්ථකත්වයට හේතු විය හැකි බව වටහා ගත යුතුව තිබේ. එවැනි අවස්ථාවලදී ඇති වන අහිතකර බලපෑම්වලින් මිදීම සඳහා "අයන ජනක මෙවලම්" හා "පිරමීඩ මෙවලම්" පහසුවෙන් භාවිතයට ගත හැකියි.