
මේෂ - පුණ්‍ය කටයුතුවලින් ඇරඹේ
සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය යහපත් ප්‍රතිඵල උදා කරයි. කරන කියන රැකියා, ව්‍යාපාර, ගෙදර දොර දියුණුව, දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන අතර ආර්ථිකය ශක්තිමත් වේ. සතියේ අවසාන දිනය රැවටීමකට හසුවීමට හෝ පාඩුවක්, කලකිරීමක් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
සුබ අංක - 8, 9, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා
වෘෂභ - වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ
සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය කනගාටුදායක පුවත් අසන්නට ලැබිය හැකිය. ඉන්පසු දින කීපය තම රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාර ලාභ ඉපයීම් සතුටුදායක ආකාරයෙන් සිදු කෙරෙයි. එතෙර යාම හෝ විදේශගතව සිටින අයගෙන් පල ප්‍රයෝජන ලැබේ. පුණ්‍ය කටයුතුවලට සහභාගිත්වය ඇතිවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කෙරේ.
සුබ අංක - 6, 8, සුබ වර්ණ - සුදු, රෝස, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
මිථුන - යහපත් සතියකි
සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. මේ සතිය ඔබට යහපත් වන්නේ කරගැනීමට නොහැකි තරම් වැඩ ගොඩ ගැසීමෙනි. ව්‍යාපාර කටයුත්තක, ස්වයං රැකියාවක නිරත වන අයට ලාභ ලැබීම්, අතමිට සරුවීම් පෙන්වයි. ඉවසීමකින් සංයමයකින් කටයුතු කරන්න. තම අවස්ථාවන් මඟහැර ගැනීම අවාසිදායකය. ගෙදර දොර දියුණුව පදිංචි ස්ථානයේ වැඩ කරගැනීමට හැකියාව
පවතී. ඒ අතර කනගාටුදායක පුවත් අසල්වැසි හා යහළුවන්ගේ අසන්නට ඉඩ තිබේ.
සුබ අංක - 5, 6, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා
කටක - සමාජයෙන් පැසසුම්
සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. අසනීප ගති හට ගැනීමට පුළුවන. ඒරාෂ්ටක අපලයක් පවතින බැවින් සුළු අනතුරු ඇතිවීමට ඉඩකඩ පවතී. කරන කියන සියලු දේ ගමන බිමන ප්‍රවේශමෙන්. ව්‍යාපාර ලාභ, සහෝදර උපකාර, සමාජ ගෞරවය පිළිගැනීම, උසස් හිත මිතුරන්ගේ ඇසුර ලැබේ. දරුවන්ගේ උසස් ජයග්‍රහණ ඉගෙනුම් සපලතාවන් දක්නට ලැබෙයි.
සුබ අංක - 7, 8, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා
සිංහ - ව්‍යාපාර ලාභ
සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. විවාහය, ප්‍රේමය, දරුපල, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සතුටුදායක පණිවිඩ ලැබිය හැකිය. පුණ්‍ය කටයුතුවලට ද හවුල් වේ. ව්‍යාපාර නවතාවකින් කරගෙන යාමට උනන්දු වේ. ඒවායින් ලාභ ප්‍රයෝජන ලැබෙන අතර ඇවිදිලි වැඩිවේ. අසල්වැසි හිතමිතුරු ඥාතීන් ආදීන්ගේ කනගාටුදායක අවස්ථාවන් අසන්නට ලැබේ. තමන්ට ද අසනීප ගති පෙන්වයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.
සුබ අංක - 4, 8, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
කන්‍යා - මිශ්‍ර පල ගෙන දෙයි
සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතයේ සතුට සැනසුම මාපිය දූදරු බැඳීම් වර්ධනය වන ආර්ථිකය ශක්තිමත් දින කීපයකි. ව්‍යාපාර, රැකියා කටයුතුවලින් සෑහීමකට පත්විය හැකි වාතාවරණයක් පවතී. ගෙදර දොර නවීකරණය පිරිසිදු කිරීම් වැනි දේට කාලය වැය වෙයි. අසනීප, අපල, සිත් රිදීම්, කලකිරීම් පෙන්වයි.
සුබ අංක - 7, 8, සුබ වර්ණය -කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා
තුලා -සහෝදරයන්ගේ උපකාර
සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සහෝදර උපකාර හිමිවන අතර එකට එකමුතුව පුණ්‍ය කටයුතුවල නිරත වීම් ආදිය සිදු වෙයි. තම සහජ දක්ෂතා දුවා දරුවන්ගේ හැකියාවන් ඉස්මතු වේ. දූදරු මාපිය සබඳතා තර වේ. පදිංචි ස්ථානයේ දියුණුව සලසා ගන්නටත් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත් උනන්දු වේ. රැකියා, ව්‍යාපාර නවතාවකින් නංවාලීමක් ගැන සිතයි.
සුබ අංක 6, 8, සුබ වර්ණ -ක්‍රීම්, ළා රෝස, සුබ දවස් - බදාදා, සිකුරාදා
වෘශ්චික - රැකියාවේ දියුණුවක්
සඳු ගමන් ආරම්භ කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. ආර්ථිකය ශක්තිමත් වන උනන්දුවෙන් තම යුතුකම් වගකීම් ඉටුකර සතුටට පත්වන දින කීපයකි. සහෝදර සහ දෙමාපිය උපකාර හිමි වේ. දුවා දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය පෙන්නුම් කරයි. ආදර සබඳතා දරු පල සම්බන්ධ යහපත් තීන්දු තීරණවලට එළඹේ. ඒ පිළිබඳව වැඩියෙන් සිතන්නට පෙළඹේ. රැකියා අංශ දියුණු වේ.
සුබ අංක - 4, 8, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු - මිල මුදල් අතමිට ගැවසේ
සඳු ගමන් කරන්නේ ලග්න භාවය 2, 3, 4 වැන්න හරහාය. සාමාජීය කටයුතු සුබසාධන ක්‍රියාවලට ඇති සහභාගිත්වය වැඩි වේ. කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙකු සහ අභිමානයෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙයි. වැඩ කටයුතු සාර්ථක වෙයි. මිල මුදල් අතමිට ගැවසේ. ඔබගේ වචනයට අන්‍යයන් අවනත වන නීතිමය කටයුතුවලින් ජයග්‍රහණ ලබන තත්ත්වයක් ඇත. සහජ දක්ෂතාවලින් ඉපයීම් කරයි. පදිංචි ස්ථානයේ දියුණුවට අදාළ දේ කරමින් සාර්ථකත්වයට පත් වෙයි.
සුබ අංක - 8, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා, බදාදා
මකර - මිශ්‍ර පල සහිතයි
සඳු ගමන් කරන්නේ 12 වැන්න 1, 2, 3 හරහාය. ආරම්භය ගැටලු සහගත වේ. පාඩුවක් හෝ කලකිරීමක් ඇතිවිය හැක. විදෙස් ගමන් සපල වේ. අතමිට මිල මුදල් ගැවසෙන රැකියා සඳහා ඇවිදිලි වැඩි වන සතියකි. අන්‍යයන් හා බැඳීම් සුහදශීලී බව වර්ධනය කෙරෙයි. සහෝදර උපකාර හිමි වෙයි. සහජ දක්ෂතා ඔප් නැංවෙයි.
සුබ අංක - 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
කුම්භ - ලැබීම් සහිතයි
සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායක වේ. තම වැඩ කොටස් නොපිරිහෙළා කරගෙන යයි. ව්‍යාපාර, රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන හිමිවෙයි. යුක්තිය සාධාරණය ඉටු කරයි. ලැබීම් සහිතයි. ආර්ථිකය ශක්තිමත් සහ ගෘහ ජීවිතය ගැටලු නොමැතිව පවත්වාගෙන යා හැකි දහමට නැඹුරු කාලයකි. ඒරාෂ්ටකයක් පවතින බැවින් අපල අනතුරු අසනීප ද ඇති විය හැක.
සුබ අංක - 8, 9, සුබ වර්ණ - නිල්, රතු, සුබ දවස් -බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
මීන - දරුවන්ගේ අධ්‍යාපන සාර්ථකත්වය
සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියාවේදී ඇවිදිලි වැඩි වේ. එහෙත් ලාභ ලබයි. ලැබීම් සහිතයි. දරුවන්ගේ ඉගෙනුම් සාර්ථක වෙයි. හොඳ ගුරු භවතුන් මුණ ගැසේ. පොතපත ලැබෙයි. ගුණ යහපත් මිතුරු මිතුරියන් ලැබෙයි. සහකාර පාර්ශ්වයෙන් උදවු උපකාර හිමිකර දෙයි. ඇසුරු කරන කෙනෙක් නිසා සිත් රිදීම් කලකිරීම් ඇතිවිය හැක.
පාඩු ද සිදුවිය හැක. කල්පනාකාරී වන්න.
සුබ අංක - 8, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, සිකුරාදා