නිකිණි මාසය ඔබට කොහොම ද? | Page 2 | සිළුමිණ

නිකිණි මාසය ඔබට කොහොම ද?

 

 

මෙවර අගෝස්තු මාසය උතුම් වූ පසළොස්වක පොහොය දිනකින් ආරම්භ වීම අනුව මාසය පුරාවටම ඔබට පුණ්‍ය කටයුතුවලට දායක වීමේ අවස්ථා උදාකර දෙනු ඇත. දැවෙන තැවෙන සිත්වලට එය මාහැඟි ඔසුවක් වනු ඇත. සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ, ග්‍රහ යුද්ධ නැති එළඹෙන මාසය තුළ ග්‍රහ සිත්තම් කෙලෙසදැයි විමසීමේදී රවි කටක රාශිගතවත් සඳු මකරයේත් සිකුරු බුධ කුජ යන ග්‍රහයන් තිදෙනාම සිංහ රාශිගතවත් ශනි කුම්භ රාශියේත් ගුරු සහ රාහු මේෂ රාශියේත් කේතු තුලාවේත් ගෝචරව ඇති බැව් පෙනේ. එමෙන්ම අගෝස්තු 7 දින 10.59ට සිකුරු කටක රාශියටත් 17 වැනි දින 13.32ට රවි සිංහ රාශියටත් 18 දින 15.53ට කුජ කන්‍යා රාශියටත් ග්‍රහ මාරු තුනක්ද සිදු වේ.

ස්වභාවධර්මය විසින් පරිසරයේ විවිධ වෙනස්කම් ඇති කරන අතර ග්‍රහ තාරකාවන්ගේ සුබ අසුබ කිරණද අපගේ සිතට ගතට සුවය, සැනසුම, දුක, සන්තාපය පසක් කර දෙයි. ඒවායින් නොසැලී මධ්‍යස්ථව සිටීමට අපට හැකි නම් යහපත අයහපත මේ යැයි දැන හඳුනාගෙන කටයුතු කරන්නේ නම් ගැටලු නොමැත. ග්‍රහයන්ට වඩා මානුෂීය සිත්සතන් බලවත්ය. ඉතින් එළඹෙන අගෝස්තු මාසය තුළ ඔබ කෙසේ කටයුතු කළ යුතු ද විමසා බලමු.

 ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී - ශ්‍රියා ගනේගොඩ

 

Comments