
මේෂ - ව්‍යාපාර දියුණුව
ඔබට මේ සතියේ ව්‍යාපාර අංශවල දියුණුවක් දක්නට ලැබෙන අතර වැඩිපුර සාමාජීය හැඳුනුම්කම් ඇති කෙරේ. අසනීප ගති, අපල අනතුරු මෙන්ම හිතවතුන් ඥාතීන්ගේ කනගාටුදායක අවස්ථාවලට සහභාගි වන්නට ද සිදුවේ. සිත් රිදීම්, කලකිරීම් ඇතිවිය හැකි බැවින් සමාජ ඇසුරේදී ප්‍රවේශම් සහගතව වචන පාවිච්චි කරන්න. පුණ්‍ය කටයුතුවලට ඇති සහභාගිත්වය ද පෙන්වයි. පුණ්‍ය කටයුතු සිදු කිරීම අපල අඩුවීමට බල පවත්වන කරුණක් බැවින් ඒවායේ නිරත වන්න.
සුබ අංක - 5, 7, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
වෘෂභ - දරුවන්ගේ ඉගෙනුම් සපල වේ
සඳු ගමන් කරන්නේ 5, 6 7, 8 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ඇතිවන සතියකි. විවාහය, දරුපල සම්බන්ධ කාරණාවලදී සතුටුදායක පණිවුඩ ලැබේ. ව්‍යාපාර සහ වෙනත් කටයුතුවලින් සහකාර පාර්ශ්වවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. අසනීප අපල තත්ත්වයන් ඇතිවිය හැක්කේ සඳු 6 - 8 ස්ථානවල ගමන් කිරීම හේතුවෙනි. කල්පනාවෙන් කටයුතු කරන්න. අවෙලාවේ ගමන්බිමන් යාමෙන් වැළකීමත් පමණ ඉක්මවා අන්‍යයන්ට උදවුපදවු කිරීමත් තමාට අවාසිසහගත වේ.
සුබ අංක 3, 7, සුබ වර්ණය - ක්‍රීම්, සුබ දවස් - බදාදා, සිකුරාදා, ඉරිදා
මිථුන - සුබ සතියකි
සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස මෙන්ම නිවසෙහි අලංකරණ කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් පෙන්වයි. ආදරණීය බැඳීම් ප්‍රේම සබඳතා ආදියේ ස්ථිරසාර බව තීන්දු තීරණ ගැනීම් සිදු වේ. ව්‍යාපාර දියුණුව සැලසේ. අසනීප අපල ඇති විය හැක්කේ සඳු 6 වැන්නේ ගමන් කරන බැවිනි. ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
අපල අවම කර ගැනීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක - 3, 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - සිකුරාදා, බදාදා
කටක - යහපත් සතියකි
සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. තම සහජ දක්ෂතා මත කරගෙන යන ව්‍යාපාර කර්මාන්තවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. මවුපස ඥාතීන්ගෙන් උදවු උපකාර හිමිවන අතර පදිංචි ස්ථානයේ සිය නිවහනෙහි කිසියම් වැඩ කොටසක් කරගැනීමට උනන්දුව ඇතිවේ. දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. සිත් රිදීම් කලකිරීම් වැනි දේට ඉඩ ඇත. අපල අවම වීමට දරුවෙකු ලැබෙන්න සිටින හෝ ලද අයෙකුට උපකාර කරන්න.
සුබ අංක - 2, 7, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා
සිංහ - අතමිට මිල මුදල් ගැවසේ
සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. අතමිට මිල මුදල් ගැවසෙන සහෝදර උපකාර ලැබෙන හා සහජ දක්ෂතාවලට ඉඩකඩ සැලසෙන සතියකි. පදිංචි ස්ථානයේ දියුණුවට වැඩ කටයුතු සලසා ගනී.
රැකියා, ව්‍යාපාර කටයුතු, දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සපල වේ. අපල, අසනීප පවතින බැවින් ශල්‍යකර්මයකට බඳුන් වූ
අයෙකුට හෝ අක්ෂි රෝගියෙකුට පිළිසරණක් වන්න.
සුබ අංක - 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, සිකුරාදා
කන්‍යා - බලාපොරොත්තු ඉටුවේ
සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න, තුන්වැන්න හා සිවුවැන්න මතිනි. උසස් සාමාජීය තත්ත්වයක් හිමිකර දෙන මේ සතියේ කරන කියන සෑම දෙයකම සාර්ථකත්වයක් දැකිය හැකිවේ. පදිංචි ස්ථානයේ අලුත්වැඩියා සහ වෙනත් දියුණුවට මාර්ග ඇති කෙරේ. දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවල ප්‍රගතියක් දැකිය හැකි අතර ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. අපල අවම වීමට කුඩා දරුවන් රැකබලා ගැනීමට සහයෝගයක් දෙන්න. ආදරය කරුණාව මෛත්‍රිය ඔවුනට දෙන්න.
සුබ අංකය - 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
තුලා - විදෙස් ගමන් සපල වේ
සඳු ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි. ආරම්භය තරමක් ගැටලු ඇති කරයි. එහෙත් විදෙස් ගමන් සපල විය හැකිය. සාමාජීය පිළිගැනීම් වැඩිවේ. තැන්පත් ධනයක් ඇතිකර ගත හැකිය. පුණ්‍ය කටයුතුවලට සහභාගි වේ. රැකියා, ව්‍යාපාර,
ගෘහ ජීවිතය සාර්ථක කෙරේ. ප්‍රාථමික අංශවල දරුවන්ගේ ඉගෙනුම් දක්ෂතා වැඩි දියුණුවේ. අපල අවම වීමට වකුගඩු,
පිළිකා රෝගීනට උදවු උපකාර කරන්න.
සුබ අංක - 6, 7, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික - ලැබීම් පවතී
ආරම්භය සතුටුදායකය. දෙවැනි දින ගමන් බිමන් අධික වියදම් අධික බවක් පෙන්වයි. ඉන් පසුවද තදබල අයහපතක් නොවුණත් ලග්න භාවයේම සඳු නීචව සිටින බැවින් අපල අනතුරු යෙදෙන්නට හැකිය. එබැවින් කරන කියන සෑම කටයුත්තකදීම කල්පනාකාරී වන්න. විදෙස් ගමන් සපල විය හැකි වාතාවරණයක් පවතී. සඳු 11 වැනි භාවයේ සිට ගමන් ආරම්භ කරන බැවින් ලැබෙන්නට ඇති මුදලක් ලැබීමට වුවද හැකියාව පවතී. අපල අවම කර ගැනීමට අන්තරාය නිවාරණ පිරිත කියන්න.
සුබ අංක - 4,7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු - මිශ්‍ර පලදායකය
සඳු ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදුකෙරේ. පදිංචි ස්ථානයේ ගෙදර දොර දියුණුව ඇති කෙරෙන සතියකි. සමාජයේ උසස් උගත් නිලධාරීන් ඇසුරට පත්වන වාසනාවන්ත දින කීපයක් වුවත් ලැබීම් මෙන්ම අධික වියදම් යෙදෙන බවක්ද පෙන්නුම් කරයි. සෙම් රෝග, උණ රෝග පැවතිය හැකි බැවින් ආහාර, ජලය උණුසුම්ව ගන්න. බෝ වෘක්ෂයට සත්කාර කිරීමෙන් අපල අවම වේ.
සුබ අංක - 3, 5, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා, බදාදා, බ්‍රහස්පතින්දා
මකර - පුණ්‍ය කටයුතුවල නියැළේ
සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ඇරඹෙන සතිය ගෘහ ජීවිතය, රැකී රක්ෂා, ව්‍යාපාර දියුණුව මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ද ඇති කරයි. ගෙදර දොර වැඩකටයුතුවලදී ප්‍රවේශම්සහගත විය යුත්තේ වැටීම් තැළීම් පාදවලවේදනා ඇතිවිය හැකි බැවිනි. සතිය අවසාන දිනයේ ගැටලුසහගත බවක් වියදම් අධික බවක් ඇතිවීමට පුළුවන. අපල අවම කර ගැනීමට වචන පාලනය කර ගැනීමත්, භාවනාවක යෙදීමත්, පිරිත් ඇසීමත් සුදුසු වේ.
සුබ අංක - 7, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
කුම්භ - ආදායම් තත්ත්වය සුබ වේ
සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවත් අසන්නට ලැබේ. ඉන් පසුව අයහපත් නොවේ. දරුවන්ගේ ඉගෙනීම්, තම රැකියා, ව්‍යාපාර දියුණුව ලැබීම් පක්ෂය සුබ අතට හැරේ. ගෘහ ජීවිතය හොඳින් පවත්වාගත
හැකි අතර පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ඇති කරයි. අපල අවම වීමට ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන අයෙකුට
ආහාර වේලක් හෝ දෙන්න.
සුබ අංක - 7, 8, සුබ වර්ණය - නිල්, සුබ දවස් - බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
මීන - සුබ සතියකි
සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. මේ සතියේ ඔබට ව්‍යාපාරික අංශවල දියුණුවක් පෙන්වන අතර රැකියා සඳහා ඇවිදිලි වැඩි වේ. පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද කාලයක් වෙන් කිරීමට සිදුවනු ඇත. සහෝදර මාපිය ආදින්ගේ උදවු උපකාර ලබමින් ගෘහ ජීවිතයේ ගැටලු මගහරවා සාර්ථකත්වය ළංකර ගැනීමට උනන්දු වේ. අසනීප, අන්‍යයන්ගේ කනගාටුදායක අවස්ථා ද යෙදේ. අපල අවම වීමට බෝ පත්‍ර අහුලා දමා බෝධින් වහන්සේට පැන් කළ 7ක් දමන්න.
සුබ අංක - 7, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා