
අවශ්‍ය කාරණයට වුවමනා මන්ත්‍ර කර්මය නිසි ලෙස යොදාගත හොත් ප්‍රතිඵල නියතයි
යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්රයේදී ඇදුරකු විසින් දත යුතු මූලික කරුණු අතර 'අෂ්ට කර්මය' හෙවත් ' මන්ත්‍ර කර්ම අට' සුවිශේෂිය. මන්ද එකම මන්ත්‍ර වේදයකින් සෑම යන්ත්‍ර මන්ත්‍ර කටයුත්තක්ම සිදු කළ නොහැකි නිසාය. මේ බව නොදත්තොත් යන්ත්‍ර මන්ත්‍ර කිරීම ඉතා අපහසු බව මෙහි නිරත අයද දන්නා කරුණකි.
අෂ්ට කර්මය යනු :-
01. විද්වේශක 02. උච්ජාටන 03. මාරණු 04.ආකර්ෂණ 05. ස්තම්භක 06. මෝහණ 07. පේෂණු 08. වශ්‍ය (වසී) යන ඒවාය.
කර්ම අට පැහැදිලි කෙරෙන්නේ මෙසේය.
01. විද්වේශක යනු :- වෛර කරවා බිඳලීමෙහි සහ වෙනස් කිරීමේ මන්ත්‍ර විධි ක්‍රමයයි.
02. උච්ජාටන යනු :- ඒ ඒ පුද්ගලයන් හෝ යක්ෂ, ප්‍රේත, පිසාචාත්ම, කුම්භාණ්ඩයින් උන්හිටි තැන්වලින් පලවා හරින මන්ත්‍ර විදිය වේ.
03. මාරණු යනු :- සතුරන්ගේ හෝ ඕනම ප්‍රාණයක දිවි තොර කරලන මන්ත්‍ර විදිය වේ.
04. ආකර්ෂණ යනු :- මිනිසුන් දෙවියන් යකුන් දරුණු සතුන් වැනි හෝ දුර ඇති වස්තූන් තමා වෙත ඇද ගැනීමේ මන්ත්‍ර විදි වේ.
05. ස්තම්භක යනු :- ජීව අජීව යම්කිසි වස්තුවක පැවැත්ම ඒ අයුරින්ම පැවැත්මට ඉඩ නොදීමේ මන්ත්‍ර විදිය වේ.
06. මෝහණ යනු :- තම සිතට බසට අන්‍යයන් එකඟ කර තම මතයේම තබා ගැනීමේ මන්ත්‍ර විදිය වේ.
07. පේෂණු යනු :- ලෙඩ රෝග සුව වී සිය දොස දුරු කර ශාන්තිය උදා කර දෙන මන්ත්‍ර විදිය වේ.
08. වශ්‍ය (වසී):- නොයෙකුත් තරාතිරමේ අය හෝ තම සිතට ආසා කරන අය වසඟ කරගන්නා ඉනා මන්ත්‍ර විදිය වේ.
මේ ආකාරයට අවශ්‍ය දේට අවශ්‍ය මන්ත්‍ර කර්මය සොයා කටයුතු කිරීමෙන් නිසි ප්‍රතිඵල ලද හැකි අතර මෙම මන්ත්‍ර කාණ්ඩ උදෙසා කටයුතු කෙරෙන දිසාද ඇතිමුත් එය ඇදුරා නිසි ලෙස තෝරා ගන්නේ නම් ප්‍රතිඵල අනිවාර්ය වේ.
කර්ම අටට දිශා අට මෙසේය.
01. විද්වේශක කර්මය :- නිරිත දිශාව
02. උච්ඡාටන කර්මය :- වයඹ දිශාව
03. මාරණු කර්මය :- ගිනිකොන දිශාව
04. ආකර්ෂණ කර්මය :- උතුරු දිශාව
05. ස්තම්භක කර්මය :- නැඟෙනහිර දිශාව
06. මෝහණු කර්මය :- උතුරු දිශාව
07. පේෂණු කර්මය :- ඊසාන දිශාව
08. වශී කර්මය :- උතුර දිශාව
මේ ආකාරයට අදාළ කර්මය අදාළ දිශාව බලා කටයුතු කිරීමෙන් පැරණි අපේ මුතුන්මිත්තන් සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන ඇති අතර යකුන් බැඳ වැඩ ගෙන ද ඇති බව පැරණි පොතපතෙහි සඳහන් වන නමුත් කාලීනව මේ ක්‍රම එක් එක් මුද්‍රණයන් ඔස්සේ වෙනස්ව මුද්‍රණය වී පැවැත්ම ද මන්ත්‍ර ශාස්ත්රයේ සාර්ථක භාවය අඩු වීමට හේතු වී ඇත. අෂ්ට කර්මය හෙවත් මන්ත්‍ර විද්‍යාව යනු දීර්ඝ සටහනකි. මෙසේ සඳහන් කළේ සීයෙන් එකක් වැනි සුළු කොටසකි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.සී. ජයසිංහ