ජන්මියාට ඉතා වැදගත් නවාංශකය ගැන දැනගන්න | Page 2 | සිළුමිණ

ජන්මියාට ඉතා වැදගත් නවාංශකය ගැන දැනගන්න

1, 28, 37, 73, 82 යන නවාංශකවලින් ජන්මියාට සුබ පල

 

ජන්මියාගේ ඉගෙනීම, රැකියාව, විවාහය ගැන බැලීමේදී නවාංශකය වැදගත් ස්ථානයක් ගනී

නවාංශක 108 ක් රාශි චක්‍රයේ පවතී

නවාංශකය සඳු කේන්දරයේ සිටින ග්‍රහයන්ගේ බර කිරා බලන තරාදියක් බඳුයි

 

නවාංශකයක් යනු රාශියකින් නවයෙන් කොටසක් වේ. නවාංශකයකට 30 20l ක ප්‍රමාණයක් අයත් වේ. මේෂ රාශිය මේෂයෙන් ද වෘෂභ රාශිය මකරයෙන්ද මිථුන රාශිය තුලාවෙන්ද නවාංශක ආරම්භ වේ. නවාංශක 108ක් රාශි චක්‍රයේ පවතී.

මේෂ ලග්නයෙන් උපන් ජන්මියාට මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍ය, තුලා, වෘශ්චික, ධනු යන නවාංශකයන් හිමි වේ. වෘෂභ ලග්නයෙන් උපන් ජන්මියාට හිමි වන්නේ මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා යන නවාංශකයන් ය. මිථුන ලග්නයෙන් උපන් ජන්මියාට තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයන් හිමි වේ.

කටක ලග්නයෙන් උපන් ජන්මියාට හිමි වන්නේ කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන නවාංශකයන් වේ. සිංහ ලග්නයෙන් උපන් ජන්මියාට මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු යන නවාංශකයන් හිමි වේ. කන්‍යා ලග්නයෙන් උපන් ජන්මියාට මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා යන නවාංශක හිමි වේ.

තුලා ලග්නයෙන් උපන් ජන්මියාට හිමි වන්නේ තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයන්ය. වෘශ්චික ලග්නයෙන් උපන් ජන්මියාට කටක, සිංහ, කන්‍ය, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන නවාංශකයන් හිමි වේ. ධනු ලග්නයෙන් උපන් ජන්මියාට මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික ධනු යන නවාංශක හිමි වේ.

මකර ලග්නයෙන් උපන් ජන්මියාට හිමි වන්නේ මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා යන නවාංශකයන් වේ. කුම්භ ලග්නයෙන් උපන් ජන්මියාට තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයන් හිමි වේ. මීන ලග්නයෙන් උපන් ජන්මියාට කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, යන නවාංශකයන් හිමි වේ.

ජන්ම කේන්දරය මෙන්ම නවාංශකයකද ජන්මියාට ඉතා වැදගත් වේ. නවාංශකය කේන්දරයේ සිටින ග්‍රහයන්ගේ බර කිරා බලන තරාදියක් බඳුය. ඔරුවට කොල්ලෑවක් බඳුය.

ජන්ම කේන්දරයේ ග්‍රහයන් ඉතා යහපත් ලෙස සිටියද නවාංශක කේන්දරයේ එම ග්‍රහයන් සිටින ආකාරය අයහපත් වූයේනම් ජන්ම කේන්දරයේ ඇති යහපත්කම නැති කරයි. ඒ වාගේම ජන්ම කේන්දරයේ අයහපත් ලෙස ග්‍රහයන් සිටියදී නවාංශක කේන්දරයේ ග්‍රහයන් යහපත් ආකාරයට සිටීනම් ජන්ම නවාංශක කේන්දරයේ ග්‍රහයන් යහපත් ආකාරයට සිටීනම් ජන්ම කේන්දරයේ අයහපත්කම නැති කර යහපත් සුබ පල ඇති කරයි.

නවාංශකයන් 108 ක් පවතී. එම නවාංශකයන්ගෙන් 1, 28, 37, 73, 82 යන නවාංශක ජන්මියාට ශුභ පල ලබා දේ. 46, 64, 100 යන නවාංශකයන් අශුභ පල ලබා දේ. මෙයින් වැඩිම අශුභ පල ලබා දෙන්නේ 64 වැනි නවාංශකය වේ.

ජන්මියාගේ ඉගෙනීම, රැකියාව, විවාහය ගැන බැලීමේදී නවාංශකය ඉතා වැදගත් ස්ථානයක් ගනී. ඉගෙනීම ගැන බැලීමේදී 37 වැනි නවාංශකය වැදගත් වේ. ඉගෙනීම ගැන බැලීමේදී ජන්ම කේන්දරයේ පස්වැන්නත් පස්වැන්නාධිපතිත්, අධ්‍යාපනය කාරක ග්‍රහයන් ගැනත් විමසිය යුතුය. ඒ වාගේම නවාංශකයේත් අධ්‍යාපන කාරක ග්‍රහයන්ගේ පිහිටීම විමසිය යුතුය.

ජන්ම කේන්දරයේ ශුභ වී නවාංශකයේ අශුභ පිහිටීමක් වෙතොත් ජන්මියාට ඉගෙනීමට අශුභ බලපෑම් ඇති කරයි. එමෙන්ම ජන්ම කේන්දරයේ අශුභ වී නවාංශකයේ ශුභ පිහිටීමක් වෙතොත් ජන්මියාගේ ඉගෙනීමට ශුභ තත්ත්වයක් ඇති කරයි. එමෙන්ම උසස් අධ්‍යාපනය, පෙර පින් ගැන බැලීමේදී 73 වැනි නවාංශකය ඉතා වැදගත් ය. මෙම ස්ථානවල ග්‍රහයන් පිහිටි ආකාරය අනුව ශුභ අශුභ තත්ත්වයන් උදා කරයි.

රැකියාව ගැන බැලීමේදී ජන්ම කේන්දරය මෙන්ම නවාංශක කේන්දරය ගැනද විමසිය යුතුය. ජන්ම කේන්දරයේ දහවැන්නත් දහවැන්නාධිපති සිටින රාශිය අනුවත් දහවැන්නාධිපති නවාංශකයේ සිටින ආකාරය අනුවත් ජන්මියාගේ රැකියාව තීරණය වේ.

එමෙන්ම නවාංශකය ඇසුරෙන් විවාහය පිළිබඳවද විග්‍රහ කෙරේ. නවාංශක කේන්දරයේ හත්වැන්න ශුභ ග්‍රහයෙකුට අයත් රාශියක් වී හත්වැන්නේ ශුභ ග්‍රහයෙකු සිටීනම් විවාහය යහපත් වේ. හත්වැන්නේ පාප ග්‍රහයන් සිටි විට හත්වැන්න පාප ග්‍රහයෙකුට අයත් රාශියක් වූ විට විවාහය සම්බන්ධ ප්‍රශ්න මතු වේ. විවාහය ගැන බැලීමේදීත් ජන්ම කේන්දරය මෙන්ම නවාංශක කේන්දරය ඉතා වැදගත් වේ.

ජන්මියාගේ ඉගෙනීම, රැකියාව, විවාහය දරුවන් පිළිබඳවද, පෙර පින පිළිබඳව ද මරණය සම්බන්ධවද බැලීමේදී ජන්ම කේන්දරය මෙන්ම නවාංශක කේන්දරයද ඉතා වැදගත්ය.

ජන්ම කේන්දරයේ ඇති අයහපත් පිහිටීම් නවාංශක කේන්දරය බැලීමේදී අයහපත් වීමට ද ජන්ම කේන්දරයේ ඇති අයහපත් පිහිටීම් නවාංශක කේන්දරය බැලීමේදී යහපත් වීමට හැකි වේ. එම නිසා ජන්ම කේන්දරය මෙන්ම නවාංශක කේන්දරය ද ඉතා වැදගත් වේ.

 

ජ්‍යොතිර්වේදිනී චතුරිකා දිල්හානි ගමආරිය

Comments