
විදෙස්ගත වීමට හැකි යෝග ගණනාවක් ජ්‍යොතිෂයේ සඳහන්
රට යනවා නම් කේන්දරේ ඊට අදාළ ග්‍රහ යෝග තිබිය යුතුයි
යමකුගේ කේන්දරයේ ලග්නාධිපතියා 7 වැන්නේ නම් ඔහු හෝ ඇයගේ වාසය රටින් පිට
වර්තමාන ජන සමාජයේ මිනිසා දැඩි කාර්යබහුලත්වයකට පත්ව ඇත. ජීවත්වීම සඳහා ප්‍රබල අරගලයක නිරත වීමට මිනිසුන්ට සිදුවී ඇත. ඒ සඳහා කෙනෙක් රැකී රක්ෂා සඳහා විදේශගත වීමද දැකිය හැකිය. කෙනෙකුට තමන් උපන් මව්බිමේ කරනා රැකී රක්ෂාව ඉතා දියුණුවට පත්වන අතර තවත් කෙනෙකු මෙරටින් පිටවී විදේශයකදී කරන රැකියාව නිසා වඩාත් දියුණුවට පත්වීම දැකිය හැකිය. අධ්‍යාපනයට විනෝද ගමන් සඳහා හෝ වන්දනා ගමන් සඳහා ද කෙනෙකුට විදෙස්ගත වීමේ අවස්ථා උදාවේ. මේ ආකාරයට අද ලෝකයේ සැම රටකම මිනිසුන් විදෙස් සංචාරවල නිරත වෙති. එය රැකියා, අධ්‍යාපන, ගවේෂණ, විනෝද සංචාර, වෛද්‍ය ප්‍රතිකාර ලැබීම් ආදී බොහෝ කරුණු මුල් කරගෙන මෙලෙස විදෙස් සංචාර සිදු කරති.
කෙසේ නමුත් කුමන කරුණක් සඳහා කිසිවකු විදෙස්ගත වූවත් ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ විදෙස් සංචාර සිදු කිරීමට රුකුලක් දෙන ග්‍රහ යෝග අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඒ සඳහා විදෙස්ගත වීමේ ප්‍රධානම රාශිය 12 වැන්නයි. ඊට අමතරව කේන්දරයේ 07, 09, 10 යන ස්ථානයන් ද විදෙස්ගත වීමට බලපානු ඇත. 5 වැනි රාශිය හැර සෙසු සියලු රාශි විශ්ලේෂණය කළ යුතුය. කේන්දරයේ 1 වැන්න මාතෘ භූමිය පෙන්නුම් කරයි. පළමු වැන්නත් හත්වැන්නත් දසවැන්නෙන් තැන්පත් ග්‍රහ දෘෂ්ටිය අනුව බලන ග්‍රහ බලපෑම් අනුව යමකුට උපන් රටෙන් පිටව යා හැකිය.
මේ අතර තුන්වැනි රාශිය ද කෙටි ගමන් පෙන්වයි. 9 වැන්න පෙන්වන්නේ දීර්ඝ ගමන්ය. එම ස්ථානයේ මේෂ, කටක, තුලා, මකර රාශියක් වී විදෙස්ගතවීම සඳහා හිත යොමු කරවන මූලික අඩිතාලම වනු ඇත. වෘෂභ, කන්‍යා, මකර වැනි පෘථිවි රාශිය නම් පොළොව මත ගමන් කරන වාහනවලින් ද මිථුන, කන්‍යා, තුලා යන වායෝ රාශියක්නම් ගුවන් යානාවලින් ද වෘශ්චික සහ මීන නම් දියේ ගෙන යන නැව් බෝට්ටු මඟින් ද සංචාරයේ යෙදෙන බව කිව යුතුය. නමුත් අනෙක් බලපෑම් මත මේවා තරමක් වෙනස් විය හැකිය. ග්‍රහයන් අනුව රවි සඳු බුධ සහ සිකුරු චර ග්‍රහයෝ වෙති. ගුරු කුජ සහ ශනි තිර ග්‍රහයෝය.
යමෙකුගේ කේන්දරයේ ලග්නාධිපතියා 7 වැන්නේ තැන්පත්ව සිටීනම් ඔහු හෝ ඇයට මෙම ජන්ම භූමියෙන් පිටත දේශයක වාසය කිරීමට සිදුවෙයි. තවද චර රාශියක් ලග්නය වී හෝ ලග්නාධිපතියා චර රාශියක සිට වෙනත් චර රාශියක දෘෂ්ටියට හසුවීනම් ජන්මියා විදේශයක වාසය සලස්වනු ලබන ග්‍රහ බලයකි. ඉතා සාර්ථක විදෙස්ගත වීමක් සිදුවීමට ලග්නය චර රාශියක් වීමත් ලග්නාධිපතියා රවි, සඳු, බුධ හෝ සිකුරු යන චර රාශියක් වීමද අත්‍යවශ්‍යවේ. මෙවන් ප්රබලතම යෝගයක් නොතිබුණ ද විදේශගත වීමට හැකි වෙනත් යෝග තවත් බොහෝ ගණනක් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.
කේන්දරයේ 4 වැන්නාධිපතියා සුබ ස්ථානයක ගුරු සමඟ යෝගව හෝ ලග්නාධිපතියාගේ දෘෂ්ටියට හසුවී හෝ එම පිහිටීම සමඟ 2 වැන්න බලවත් වීම යම් ජන්ම පත්‍රයක දක්නට ලැබෙයිනම් එම ජන්මියා විදෙස්ගතව මුළු ජීවිත කාලයම ගත කරනු ලබයි. කුජ 4 වැන්නේ සිටි ජන්ම පත්‍ර හිමියා වෙනස් දේශයක වාසය කරයි. ගෘහ ජීවිතයේ මුල් කාලයේ ඉතා ප්‍රීතිමත්ය. 6 අධිපතියා 2 වැන්න හෝ 10 වැන්නේ සිටීමද විදෙස් ගමන් සඳහා හිතකර යෝගයකි.
චර ග්‍රහයන් වේගවත් වුවද තිර ග්‍රහයන්ගේ ගමන් මන්දගාමිය. ගමන් බිමන්වලට බලපාන්නේ චර ග්‍රහයෝය. නිතර විදේශගත වන ජන්මින්ගේ කේන්දර පරීක්ෂා කළ විට දැනගත හැකි වන්නේ ඔවුන්ගේ කේන්දරවල ගුරු බලවත් වීම හෝ ධනු ලග්න හිමියන් වීමයි. 6 අධිපති දෙවැන්නේ සිට 8 වැන්න දකින්න නම් හෝ රාහු 6, 8, 11, 12 ස්ථානයන්හි සිටින විට නිතර විදෙස් ගමන් යෙදීමට හේතුයි. 7 වැන්නේ රවි උච්චව සිටීමද ප්රබලව විදෙස්ගත යෝගයකි. තුලා ලග්නය වී රවි මේෂයේ බලවත්ව සිටීමද විදෙස් රැකියා සඳහා ප්‍රබල යෝගයක් වනු ඇත.
ලග්නාධිපතියා 7 වැන්නේ සිටීම එක් දිනකට හෝ විදෙස්ගත වීමට සිදුවන පිහිටීමකි. 3 වැනි භාවයද විදෙස්ගතවීම පෙන්නුම් කරයි. රාහු 3 වැන්නේ සිටීමද විදෙස්ගත වීමට මඟ පාදයි. තෙවැන්න කටකය හෝ මීන වී එහි සඳු සිටීමෙන් නියත වශයෙන් විදෙස් වන්දනා ගමන් සඳහා අවස්ථා හිමිවෙයි. රවි නීචවී අටවැන්නේ සිටීම ද අවිවේකී ගමන් සඳහා යොමු කරන පිහිටීමකි. ගුරු අටවැන්නේ පිහිටීමෙන් නිතර වන්දනා ගමන් යෙදවෙයි. ශනි 8 වැන්නේ නම් ඈත ගමන්වල යෙදීමට හැකිවෙයි. 9 වැන්නේ සිකුරු පිහිටීම ද වන්දනා ගමන් සඳහා සුභදායි වනු ඇත.
10 වැන්න යන ස්ථානයක සිටී නම් 1, 4, 7, 12 හෝ 5,9 යන ස්ථානයක සිටී නම් ප්‍රීතිමත් විෙද්ශ සංචාරයක නිරතවන බවත් 10 වැන්න අධිපති දුෂ්ට ස්ථානයක සිටි විට විදේශ ගමන් සඳහා අසුබ දේත් සිදුවන බව දැනගත යුතුය.
කේන්ද්‍රයේ 7 වැන්නාධිපති සිටින්නේ 12 වැන්නේ නම් එම ජන්මියා විවාහයෙන් පසු විදේශගත වේ. නැතිනම් තමාට ලැබෙන සහකරු හෝ සහකාරිය විදේශයක පදිංචි අයකු වීමට බොහෝ දුරට ඉඩ ඇත. කේන්දරයේ ග්‍රහ පිහිටීම් මෙන්ම නවාංශකයේ ග්‍රහ පිහිටීම් දෙසද අවධානය යොමු කිරීම තුළින් විදේශගත වීම පිළිබඳව සාර්ථක අදහසක් අපට ලබාගත හැකිවේ. ඉහත දැක්වූ ග්‍රහ බල තත්ත්ව සහ යෝග ඔබගේ කේන්දරයෙත් පිහිටා තිබේදැයි අවධානය යොමු කිරීම තුළින් ඔබටත් විදේශගත වීමේ වාසනාව උදාකර ගත හැකිය.
ජ්‍යොතිර්වේදී
බණ්ඩාරගම
සම්පත් එස්. කල්පගේ